.

.

Jan 31, 2018

දේශපාලන සත්තු හා මහත්වරු - Gentlemen of the Political Jungle




මොන ප්‍රශ්න තිබ්බත් කන්න දුන්න අත හපා කන්න එපා කියා කතාවක් තියෙනවාය. නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියා එකකුත් තියෙනවාය. බොරු කිව්වොත් අවීචී මහා නරකාදියේදි කට ලෝදිය වත්කරනවා කියා අපේ ආච්චි අම්මා කියා තියෙනවාය. ඒ නිසා මාතලන්, පත පච ඇද බාන්නට අදටත් පොඩි බයක් තියෙනවාය. පොඩි පොඩි ඒවා ඇදලා අරින්නේ, අපායට ගියත් පොඩි ඩ්‍රින්ක්ස් එකක් ඕනා නිසාය. මොකෝ ආපායේදීවත් අමද්‍යප සංගමේ සාමාජිකයෙක් වනවාට වඩා, බාර් ඇසෝසේසන් එකේ මැම්බර් කෙනෙක් වෙන එක වඩා හොඳෙයි කියා, මාතලන් ආච්චි අම්මාටත් කියලා තියෙනවාය.  

ඕවා අදාල වන්නේ සුවාදීන සිවිල් පොරවල් වන අපි වගේ අයට ඉතරය. දේශපාලකයන් හෙවත් කලටිපෝල්ලාට ඔය මනස්ගාත එකක්කත් අදාල වන්නේ නැතිය. ඕනම පුරස්නෙකට පාර්ලිමේන්තුවේ උනත් "අදාල නොවේ" කියලා කිව්වාම්, ප්‍රශ්ණය ඉදිරිපත් කරපු එකාට වෙන්නේ කටයි පුකයි දෙකම වහගෙන, නන්න පෝල් වෙලා ඉන්නටය. ඒ නිසා උන් නැගපු ඉනිමගවල්වලට පයින් ගහලා නවතින්නේ නැතිව, ඉනිමඟ කුඩු පට්ටම් කරලා දානවාය, කන්න දුන්න අත හපා කෑම කෙසේ වෙතත්, අඩුම ගානේ අත ඉතරක් හරි කපලා දානවාය. අරින්න පුළුවන් හැම පචේම, පුකට දැනෙන්නෙත් නැතිව බඩ බුරුලට යනවා වාගේ, ඇඟට පතට නොදැනි ඔහේ ඇද බාලා දානවාය. 

අම්මට සිරි ලංකාවේ පවතින සියළුම පක්ෂවලට එය අදාල වනාතරේ, සිරිසේන උන්නැහේ (ජනාධිපති තුමා කියා කියන්න එපා කීවේය) කියන්නාක් මෙන්, දේශපාලන සත්වයන් මෙන්ම කතාවෙන් බහෙන් හා හැසිරීමෙන් හෝ මහත්මා ගති පෙන්වන දේශපාලුවන් පිරිසක්ද අපට සිටිනා බව ඔවුනට ගෞරවයක් වශයෙන් සඳහන් කල යුතුමය. ජෙප්පන්ගේ අති බහුතරයද, එජාපයේ දැනෙනා පිරිසක්ද එසේ සිටිනා බව කිව යුතුමය. 

ඡන්දයක් නොතබා, 2020 තෙක් ඇදගෙන යාමට තැත්කල නිර්පක්ෂික අපේක්ෂයා පුක බිම ඇනගෙන තිබෙන්නේ, ගමේ පුංචි චන්දය නොතබා සිටිය නොහැකි තැනට පත්වූවායින් පස්සේය. එකට දීග කන එකාට කෙලින්න, සිරස නම් ජඩමාද්දියවේදි කල්ලිය හා කේවට්ටයන් සමඟ එක්ව මුල පටන්ම කළේ රනිල් වික්‍රමසිංහට පුක නැතිවෙන්නම ගසනා උන්ට අමතරව, ඊට සිරිසේන විසින් මේ සඳහා යොදා ගන්නේ මහ මැතිරනයෙන් සිරි ලංකා නිදහස් පක්ෂයේ උන් පුකට පයින් ගසා ගෙදර එලවීමෙන් පසු, ජාතික ලැයිස්තුවෙන් පත් කර ගත් පිංගුත්තර කාලකන්නින් පිරිසය. 

මාතලන්ලා මේ දේ එජාපයේ හිතවත් උන්ට ඒ කාළේ පටන්ම කීවද, උන් එකෙක්වත් මේවා පයිසෙකටවත් ගනන් ගත්තේ නැතිය. ඒ කාළේම අද වාගේ රිටන් එක දුන්නා නම්, කැබිනට් මීටින් වලින් නොව ජනාධිපතිකමෙන්ම නැගිටලා යන්නටද ඉඩ තිබුනේය. එහෙත් රනිල්ගේ මහත්මා කමම ඊට හරස් විය. කැබිනට් මීටිමෙන් නැගිට රෙන්න ගිය පසුද, රනිල් මද කිපුණු අලින්ට කීවේ ජනාධිපති තුමාට ගහන්න එපා කියලාය. ඒ රනිල්ගෙ මහත්මාකමය. හික්මුනු කමය. නිවිච්ච කමය. හැදිච්ච කමය.

ඒ දේශපාලන මහත්මයකුගේ හා දේශපාලන සත්වයකුගේ වෙනසය. මේ චන්දයෙන් සිරිසේන පාර්ෂවය ඉල්ලාගෙන න බව ඉතාම පැහැදිලිය. අහන අහන එකා කියන්නේ චන්දේ දෙන්නේ පොහොට්ටුවටෙයි කියලාය. ඒ ඇර ජෙප්පන්ට සහය දක්වන පිරිසේද යම් වැඩි වීමක් පෙනෙනවාය. ඒ කෙසේ වුවද එජාපයේ ඡන්ද නොවරදවාම එජාපයට ලැබෙනා නිසා එජාපයේ ජය ඉස්තීරය. 

තම බලය රැක ගැනීම සඳහා බල තන්හාවෙන් පෙලෙනා මේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා, තමන් හා එකට දීග කන රනිල්ලාට ගැසුවේ, බැඳුම්කර සිද්දිය ඉදිරියට දමා ගෙනය. ඇත්තටම ඕන වෙලා තිබුනේ රනිල්ලා එලවා දමා, මහින්ද සමඟ හෝ දිගටම බලය පවත්වාගෙන යන්නය. එහෙත් නොසිතු පරිදි ජනෙල් ගැට්ටේ එල්ලෙන්ට සිඳු වූ මහරජ්ජුරුවන්ට, සිරිසේන උන්නැහේට වඩා කළගුණ මතක ඇති බව පෙනෙන්නේ,. 2015 ජනවාරි 9 වනදා රනිල් ඔහුට දුන් පොරොන්දුව අදටත් රනිල් ඉටු කරමින් තිබෙනා නිසා විය හැකිය. ඇත්තටම මහින්දට ගහන්න සිරිසේනට උවමනා වුවද, එය කරන්නට තැත් කලේ රනිල් හරහාය. ඒ තමන් හොඳ මිනිහා වීමටය. නොම්මර එකේ ගල් ආඳෙක් වන රනිල් මේවාට අහු උනේ නැතිය. 

එකාධිපති ව්‍යවස්ථාව විසිකර දමා, නැවත් පාර්ලිමේන්තු ක්‍රමයකට රට පවත්වාගෙන යාමට පොරොන්දු දී පැමිණි මේ සරළ මිනිසා, අද මහින්දටත් එහා ගිය අමු ඒකාධිපතියකු බව පෙන්වා දෙන්නේ තම කතා තුලින්මය. 

මුලින්ම කිව්වේ රනිල් එලවා දමා පිරිසිඳු ආන්ඩුවක් හදනවා කියලාය. නරි රැලක් ඉදිරියෙන් යනවාට වඩා සිංහයන් පිරිසකගේ පසු පසින් යාමක් ගැන කීවද, එයා ළඟ ඉන්නේත් නොම්මර එකේ කම්බා හොරු බව දන්නෝ දන්නවාය. සුසිල්, ෆව්සි, නිමල්, ඩිලාන්, එස් බී කියන්නේ නොම්මර එකේ කම්බා හොරුන්. මුන්ට සිංහයෝ කියා කියනවා නම්, ඒ සිංහයෝ ඇවිල්ලා, පෙරහරේ සිංහයාට ඇඳලා යන සිංහයෝ පිරිසක් වෙන්න ඕනාය. 

එයැයිට එයැයිගේ රෙද්ද අස්සේ තියෙනා ජරාව පේන්නේ නැතිය. එජාපය ආර්ථිකය කෑ බව කියන්නේ එජාපය විසින් ගෙනා සියළුම අය වැය යෝජනා කුණු කූඩයයට දැමු පුදගලයාමය. කෙසේ හෝ පොර ටෝක් දීගෙන ගේමට බැස්සත්, අද හුළං ගිය ටයර් එකක් බවට පත් වෙලා, රනිල්ගේ බැක් එකත් නැතිව, මහින්දගේ බැක් එකත් නැතිව, දේශපාලන අනාතයෙක් බවට පත් වෙලා අවසානය. දැන් වෙලා තියෙන්නේ එයගේ සිංහයන් එක්ක රිලා නැටුම් නටන්නටය.

උන්නැහේගේ කතා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඉතාම හොඳ යෝජනා වන බවද නොකියාම නොහැකිය. එහෙත් මේ සරළ මිනිසා තව දුරටත් කිසිම ලෙසකින් විශ්වාස කළ හැකි පුදගලයකු නොවේ. ඔහු ජනතාවට දුන් පොරොන්දු කිසිවක්ම ඉටු කර නොමැති අතර. අධිකරණයට පොලීසියට හමුදාවට හා සෑම තැනකටම ඇඟිල්ල ගසමින් සියල්ල කනපිට හරවලා අවසානය.

අවංඅකව තම රාජකාරිය ඉටු කළ දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහ බ්‍රයිබරි කොමිසමෙන් එලවා දැමුවේ අර පච සිංහයන්ට කෙලෙ වෙන්න ගිය නිසාය. ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, තජුඩින්ලා අදත් මැතිවරණ කාලේට වේදිකාවල බයිට් එකක් බවට පත් වෙලා තියෙන්නේ, මේ අවංක නායකයාගේ කෙරුවාවන් නිසාය. "හොර අලි සාධු" ඇපෑල් නොකරවත් එලිය එන්නේත්, නාවික හමුදාවේ මිනීමරුවන් ඇප පිට ගෙදර යන්නේත්, ඝෝඨා අත් අඩංගුවට පත් නොවන්නේත්,  මේ අවංක සරළ මිනිසාගේ දෙපිට කාට්ටු වැඩ නිසාවෙන්මය. ඉදින් එවන් මිනිසෙක් තා දුරටත් විශ්වාස කරන්නේ කෙසේද?

මෙවන් කිසි ලෙසකින්වත් විශාවස කළ නොහැකි, එක වචනයක් නැති කෙනෙකුන් හා තා දුරටත් හවුල් ආන්ඩු කරන්න යනවා එහෙම කරන්න යන උන්ට එක්කෝ මොළේ අමාරුවක් තිබෙන්නට ඕනාය එහෙම නැත්නම් කොන්දක් නැති අමු හාල්පාරුවන් පිරිසක් වෙන්න ඕනාය. එජාපයට මේ රටට අවංකව යමක් කිරීමේ චේතනවාක් ඇත්නම් ඡන්දයෙන් පසු කළ යුත්තේ අමු ගෝත්‍රික මහ රජා සහ එයිටත් අන්ත සිරි ලංකා කාරයන් එලවා දමා අළුත් පිරිසක් සමඟ නව ආන්ඩුවක් බිහි කිරීම පමණි. 

එසේ නොමැති නම් ජනතාවට සිඳු වන්නේ මෙලෝ දෙයක් නොකරපු පිරිසකගේ වැල් බයිලා 2019 අවසානයේත් අහන්නට වීම පමණමය.

59 comments:

  1. මාතලන්ට නොපෙනුනාට තවත් කීප පොලකටම මුල අමතක වෙලාය. සමහර මුල් වලටත් අග අමතක වෙලාය.

    ReplyDelete
    Replies
    1. ඒ මක්කැයි කියලා කිව්වා නම් තමා මලේ වටිනාකම..

      Delete
  2. Replies
    1. අම්මපා... ඒ කෑල්ල අමතක උනා මචෝ...

      Delete
    2. හැබෑට මාරයා තුමා කෝ....?

      Delete
  3. ජෙප්පන්ගේ අති බහුතරය, ග්‍රෑන්ඩ් මදර්ගේ ක්ලෝත් එක,
    උන්ටත් බලය ලැබුනොත් අවුරුදු දෙක තුනක් යනකොට උඹට තේරේවි කොකාගේ සුද.
    ඕකුන් මුලින්ම ආවේ සැප වාහන එපා මරුති වගේ රථ තමයි උන් පාවිච්චි කරන්නේ කියල. මරුති වගේ රථ!. එකෙක්වත් අඩුමගානේ ආසාවට මරුතියක් ගත්තද? අනික ඇත්තටම මන්ත්‍රී රාජකාරිය කරනවනං ඔය මරුති උලව් වල දිව්වොත් උන්ට මාසෙන් බාගයක් ඉන්න වෙන්නේ ඇඳක් උඩ. ඒ කියන්නේ උන් කියන්නේ කිසි ප්‍රයෝගික දැනුමක් ඇතුව නෙවේ, අනිත් කලටිපෝල්ලා වගේ ඔහේ කටට එන එක. රෑට රෑට කළුවරේ හැංගිලා ඇවිල්ල මිනිස්සු මරන්න නං බොහොම දස්සයි.
    කෝ අර වැව් දාහ. අඩුම ගානේ මුන්ට දාහට ගණන් කරන්නවත් පුලුවන්ද?.

    ReplyDelete
    Replies
    1. ඒ නිසානේ මචෝ ගම විතරක් දෙමු කියලා කියන්නේ...

      Delete
  4. මට ඕනේ මුන් හැමඑකාම කෙල ගන්නවා බලන්න.ඒකට හිටංනුත් ඉන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ආතල් එකක් තියෙනවා තමයි හිටන්

      Delete
  5. Good one machang, will people understand this situation and teach a lesson to Mr Sirisena and lost gang of (un)real SLFP? What will happen to real SLFP from here?

    ReplyDelete
    Replies
    1. දැන්ම කියන්න අමාරුයි... කොහොමත් සිරි ලංකා එකට ගේම දෙන්න උන්නේ විමල් වීරවංශ.. (විමල්ගේ පොත කියවවන්න) ඌට බැරි උනදේ සිරිසේන කරනවා...

      Delete
  6. Replies
    1. 2020 ත් එජාපයේ අපේක්ෂයා සිරිසේනමද ඉයන් මහත්තයෝ....

      Delete
    2. චන්ද 30 ක් පැරදුනු පොන්න රනිල් දැම්මොත් 2020 ත් සුං, 2015 දිනුවෙත් සිරිසේන මහත්තයට පිං සිද්ද වෙන්ඩ. මංත්‍රී වරු 150ක් හිටපු අගමැතියව ගෙදර යවල 43 ක් හිටපු රනිල්ට අගමැති කම අරං දීපු එකටම රනිල් උගේ ඇට 2ක ලෙව්වත් මදි

      එහෙම බලපුවම කල ගුන අමතක වෙල තියෙන්නෙ රනිල්ට මිසක් මෛත්‍රීට නෙවෙයි

      Delete
  7. අනේ ට්‍රම්ප් අයියේ අපිව ආක්‍රමනය කොරපන්කෝ

    ReplyDelete
    Replies
    1. එඩ්වඩ් නම් එනවලු සොපියත් එක්ක... උන්නැහේටවත් කියමු බලන්න...

      Delete
  8. මේ මොන විලාපයක්ද බං...
    ඔය යකා කන්න දුන්න අත හපා කාල ඒක උඩට මළපහ කරන්නත් පුළුවන් පුතයෙක් බව අපිනම් තේරුම් ගත්තේ බුවා "ඔබ රජෙක්"ය කිය කියා ප්‍රශස්ති ගායනා කරගෙන ඉඳල ආප්පෙකුත් ගිලළා එක පාර unp එකේ ජාමේ බේරන්න පොද්දා බවට පත්වෙච්ච දවසේමයි...

    /// එජාපයට මේ රටට අවංකව යමක් කිරීමේ චේතනවාක් ඇත්නම් ඡන්දයෙන් පසු කළ යුත්තේ අමු ගෝත්‍රික මහ රජා සහ එයිටත් අන්ත සිරි ලංකා කාරයන් එලවා දමා අළුත් පිරිසක් සමඟ නව ආන්ඩුවක් බිහි කිරීම පමණි. ///

    උඹ "අමු ගෝත්‍රික මහරජා" කියල කිව්වේ අපේ ලොක්කටද, එහෙමත් නැත්තන් උඹල එකතුවෙලා ගෙනල්ල දැන් හිටෝ පස් ගහන්න හදන පොළවෙන් මතු වෙච්ච සරළ බුවාටද...

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා මගේ රන් කඳ.. ඒ මහත්තයට මක්කත් කියනවැයි මාතලන්.. උන්නැහේ අපි කියපු දේවල් ඇහුවා නම් එයැයිට ඔහොම වෙන්නේ නෑ...

      Delete
  9. රනිල් ගේ මොන මහත්මා කමක්ද ? කපටිකම වැරදුනාම බබා වෙන්න හදනවා.
    කපටි කම වැඩි. එද්ම්මොන්ඩ් ලොක්කා ඩඩ්ලි ළඟ ඉඳගෙන ඩඩ්ලිට කට්ට ගැහුවා
    පරම්පරාවෙන් එන එකක් ඔය කපටිකම.
    රනිල් කියන්නේ පිස්සු හුකන්නෙක්. මොන හුයන්නකට ඉපදුනාද මන්දා .. නිකම් ලැබුන දේ වත් කර ගන්න බැ .

    මේ අවුරුද්දේ මම කියපු අනාවැකිය හරි නේද
    උඹට වැඩ වැඩී .

    රනිල් ගූ නාන විදියට උබට සුද්ද කරන්න බැ

    ReplyDelete
    Replies
    1. ඒකට උඹ ඉන්නවනේ... උඹ කිව්වේ හෝදලා දෙන්නම් කියලා...

      Delete
  10. චන්දෙ කාලෙ සහ චන්දෙන් පස්සෙ කාලෙ වෙනස් කාලයන් දෙකකි.

    බාගයක් සිප් කරමින් එටර්ටේන් වෙන්න හොඳයි මේ කාලේ කතා ඇසීම

    ReplyDelete
    Replies
    1. යූ ඇන් පී කාරයෝ සිරිසේනගේ හාල්පරුවොත් එක්කම් ඉදිරි අවුරුදු දෙක ගියොත් මේ ටිකම තමයි... එහෙම නැතිව රනිල්ට 2020 දිනන්න ඕන නම්... මේ අවුරුදු දෙකේ එයාගේ මැක්සිමම් දෙන්න වෙනවා... නැත්නම් ඉතින් විශ්‍රාම යන එක වඩා සුදුසුයි

      Delete
  11. //ඒ රනිල්ගෙ මහත්මාකමය. හික්මුනු කමය. නිවිච්ච කමය. හැදිච්ච කමය.//

    අම්මට හුඩු මාතා මේවා තියාගෙනද ඒ උත්තමයෝ අර බැදුම්කර වංචාවට සම්බන්ද උනේ, අද වෙනවිට යසන්ත කෝදාගොඩ සහ දප්පුල ලිවේර අයින් කරලා නිකන් ලපයි සිපයි ට නඩුව බාරදීලා තියෙන්නේ ඔය හික්මුණු කම නිසා වෙන්න ඕනේ.

    //ඒ කෙසේ වුවද එජාපයේ ඡන්ද නොවරදවාම එජාපයට ලැබෙනා නිසා එජාපයේ ජය ඉස්තීරය.//
    අපේ ගෙදරත් එහෙම එජාප නොවරදවාම චන්දෙ දුන්න ගෙයෙක් තමයි ලොක්ක නමුත් මේ පාර වෙනස් වෙනවා.

    //ඕන වෙලා තිබුනේ රනිල්ලා එලවා දමා, මහින්ද සමඟ හෝ දිගටම බලය පවත්වාගෙන යන්නය.//

    මාතා ටිකක් කල්පනා කරපන් මචෝ මහින්දට අගමැතිකම යනවා කියන්නේ සිරිසේනට බඩුම තමයි කියල උන්ද දන්නේ නැද්ද ?

    //ඇත්තටම මහින්දට ගහන්න සිරිසේනට උවමනා වුවද, එය කරන්නට තැත් කලේ රනිල් හරහාය. ඒ තමන් හොඳ මිනිහා වීමටය. නොම්මර එකේ ගල් ආඳෙක් වන රනිල් මේවාට අහු උනේ නැතිය. //

    මේක නම් 100% ම ඇත්ත මේ නිසා නමයි මහින්ද රනිල්ට වැඩිය ගහන්නේ නැත්තේ, මේක මහින්ද දන්නේ නෑ කියලද උබ කියන්නේ, මේක දන්නවනම් මයිත්‍රී ට මහින්ද ට බලය කාන්දු කලොත් මයිත්‍රී ට මොනවද වෙන්නේ ?

    //අවංඅකව තම රාජකාරිය ඉටු කළ දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහ බ්‍රයිබරි කොමිසමෙන් එලවා දැමුවේ අර පච සිංහයන්ට කෙලෙ වෙන්න ගිය නිසාය. //

    මේකත් 100% ම ඇත්ත උබට මතකද නිලංග සමරසිංහට උන දේ ? අද උන්ද කොහෙද ?

    //ඡන්දයෙන් පසු කළ යුත්තේ අමු ගෝත්‍රික මහ රජා සහ එයිටත් අන්ත සිරි ලංකා කාරයන් එලවා දමා අළුත් පිරිසක් සමඟ නව ආන්ඩුවක් බිහි කිරීම පමණි. //

    මාතා මේ අලුත් පිරිස අර නෙලුම් කුලුනින් පනින බුද්ධිමතුන්ද ? ඕකුන් ට යම් බලයක් ආවනම් උන් කරන්නේ හැම දෙම කඩාකප්පල් කරන එකෙයි උබට මතක නැද්ද උන්ට කියපු තව නමක් තමයි "කඩාකප්පල් කාරීන් " කියන එක.

    මගේ ලොජික් එකට උබ තවම උත්තර දීල නෑ.

    මම කිව්වේ මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ජනාධිපතිට දැඩි පීඩනයක් එල්ල කරන්න කියල.

    ජනාධිපතිට පීඩනයක් ලැබෙන්න ගත්තම වෙන්නේ වෙනමුකුත් නෙමෙයි ඔහු ලකුනුදාගන්න රනිල්ගේ සියලු දුෂණ හෙළිකරනවා මෙනිසා රටට යම් හෝ වැඩක් වෙනවා.

    එහෙම නොවුනොත් ජෙප්පෝ ටික ඕය වැව් 10000 හැදුව වගේ මොකවත් නොකර සද්ද නැතුව ඉදි කරන ඕනෙම හොද වැඩක් අවුල් කරයි, රටේ රැකියා ඇතිකිරීමට කිසිම වැඩක් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එකෙක් නෑ. උබට ඕක දැනගන්න ඔච්චර ලොකු බලයක් ඕකුන්ට දෙන්න ඕනේ නෑ ටිකක් මෙරටේ ජෙප්පොන්ගේ බලය තියන විශ්ව විද්‍යාල වලට ගිහින් බලපන්, ළමයින්ට ඉංග්‍රීසියෙන් කාතාකරන්න තහනම් පුස්තකාලයකට යන්න තහනම් පාරේ කැට හොල්ලන්න හොදයි.

    ReplyDelete
    Replies
    1. කැම්පස් වල ජෙප්පන්ට බලයක් නෑ... දැන් සියල්ල කරන්නේ පෙරටුගාමින්....

      Delete
    2. @ Lankika Sithuwili

      // අපේ රටේ ඉන්නෙ දේශපාලනික වහල්ලු.//

      ඒත් රටේ ජනගහනයෙන් 98% ම වහල්ලු වෙන්ඩ බෑ නේද? JVP කියන්නේ වසර 50 පැරනි පක්ෂයක්. ජනතාවට බනින් නැතිව හොයලා බලපන් JVP එකට ජන්දේ දෙන 2% කැරැට්ටුව. එතකොට බොට තේරෙයි හැබෑ වහල්ලු ඉන්නේ කොහෙද කියලා

      89- ජන්දෙ දාන උන් මරපිය - එහෙමයි නායක සහොදරයා,

      94 - චන්ද්‍රිකාට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      2005 - මහින්දට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      2010- පොන්සේකට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      2015- මය්ත්‍රීට දීපිය - එහෙමයි නායක සහොදරයා,

      නායකය කියන කියන පදේට නටන JVP වහල්ලු....!

      //කැම්පස් වල ජෙප්පන්ට බලයක් නෑ... දැන් සියල්ල කරන්නේ පෙරටුගාමින්....//

      මට නම් මෙය පිළිගැනීමට අසීරු, තර්කානුකූල නොවන හතර බීරි කතාවකි. ඒ සමගම, මේ පෙරටුගාමින්න්ට කෙරෙන චෝදනාව මිස, එය සැකයකින් තොරව ඔප්පු කෙරෙන සාක්‍ෂි සහිත කිසිම ලියවිල්ලක් මා නම් මෙතෙක් දැක නැත.

      Delete
    3. විශ්ව විද්‍යාලවලින් තම දේශපාලනය ඉවත් නොකරන තාක් කල් මන් ජේ වී පියට ඡන්දය නොදෙමි. තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින්නේද එම මතේමය. ජෙප්පන් හැරුණු කොට පෙරටුගාමීන් යැයි කියා ගන්න අපතයින් පිරිසක්ද විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මොළ දූෂණය කරමින් සිටී.

      Delete
  12. මරා ආපහු කැප්ටන් කරමු. සිරා ප්‍රයිමිනිස්ටර් කරමු. රනිල්ට ඉකනොමිය (බැසිල්ගේ ප්ලේස් එක) දෙමු. ජෙප්පන්ට ගම දෙමු. ගෝටාට ඩිෆෙන්ස් එක දෙමු. සුසිල්, නිමල්, ඩිලාන් ඇතුළු අත් හොරුත් රවී, තිලක්, මලික් ඇතුළු අලි හොරුත් බැසිල්, විමල්, ජොනියා ඇතුළු පොහොට්ටු හොරුත් බෝගම්බර යවමු. ඊට පස්සේ සැනසෙමු. හා...ද?

    ReplyDelete
    Replies
    1. ඔතනින් එකයි වෙන්න තියෙන්නේ... මහින්ද ආන්ඩුවට එකතු වෙන එක ඉතරයි... අනික් ඔක්කොම දැන් එක ආන්ඩුවේ....

      Delete
  13. ඔය කියන විදිහට මාතෙ මට හිතෙන්නෙත් මේ ගොවිපාල හලල රනිල් තනියම අලියගෙ ආණ්ඩුවක් හදන එක හරි කියල. නැත්නං මේ ගොවිපාල කියන විදිහට ඒ හුතුමා ආර්ථිකයත් ඒ හුතුමා ලඟට ගත්තොත් හරියට ටික්ක තුමා ඔය අම්මටහුඩු ලංකාවේ ආර්ථික ඇමති තුමා උනොත් වගේ තියෙයි හිටං.

    සිරාවටම රනිල්ට ඔය ගොවිපාල නැතුව එහෙම එකක් කරන්ට පුලුවන්ද බං ?

    ReplyDelete
    Replies
    1. මේ රටේ යම්කිසි සංවර්ධනයක් උනාද, ඒ එජාප රජයන් යටතේ පමණයි... සිරි ලංකා කාරෙයෙක් විදියට රටට දෙයක් කළේ මහින්ද මහත්තයා ඉතරයි... සිරාලා ඇවිල්ලා නොම්මර එකේ බයිලා කාරයෝ.. අපි නෙමෙයි කියන්නේ... නිමල් සිරිපාලලත් දැන් ඒක කියනවා...

      Delete
  14. වැල් බයිලා 2019 අවසානයේත් අහන්නට වීම පමණමය/////
    . අපිට ඉතින් උඹ කියන වැල් බයිලා එවයි. උන් කියන වැල් බයිලා එවයි අතර කිසිවෙනක් නැ 2019 අවසානය නොවෙයි සදාකල් අහගෙන ඉන්න වෙන්නේ

    ReplyDelete
  15. හැම චන්දයක් ආසන්නයේම එක එක එකා ගැළපෙන වෙස් නැටුම් වලට මාරුවෙයි...ඒ උන්ගේ චන්ද පඩංගුව වැඩි කරගන්නටය. ඔය ආතල් දෙන්නෙ ගැලරියට පමණි.මටනම් රනිල්ගෙ කිසිම මහත්මා ගතියක් පේන්න නෑ. රනිල් කියන්නෙ පිස්සෙක් අමුම අමු පිස්සෙක්,එලොවටත් නෑ මෙලොවටත් නෑ. රනිල් සහ මෛත්‍රී යන දෙන්නම එකම බෝට්ටුවට දාල ගල් ගහන්න ඕනෙ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. හපොයි... පව් බං උන් දෙන්නා

      Delete
  16. ආප්පයක් වත් කමුද හිටන්..?

    ReplyDelete
    Replies
    1. බිත්තර නැතිව දෙකක් දාන්න හිටන්...

      Delete
  17. As long as JVP is there, Universities in Sri Lanka will never prosper. No ordinary person will vote for JVP as long as they stop disrupting university education; From the inception, JVP is a curse to this country. Can any one say any good thing done by JVP other than killing important citizens in the country and destroying public properties and University education? But unfortunately there are some idits who cant understand the truth.

    ReplyDelete
  18. පිස්සුද බන්.... අපේ සිරිසේනතුමා පරද්දන්න...??? UNP නෙමෙයි මුළු ඉන්දියාවම ආවත් එතුමා පරද්දන්න කාටවත් බැහැ බන්.. බලපන්කො මේ දවස් වල එකපාරට අගහරු ලොවෙන් පාත් වුනා වගේ ස්ටේජ් වල සද්දේ දදා පට්ට කෙබර පච කෙල කෙල කඩුව වනන රග...

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. Uba itin mona hari kurutu gaanna kiwama mage kata kahanawa.... ammapa ai ban uba UNP Ranil ehema ochchara sudda karanne :3

    ReplyDelete
  21. Uba itin mona hari kurutu gaanna kiwama mage kata kahanawa.... ammapa ai ban uba UNP Ranil ehema ochchara sudda karanne :3

    ReplyDelete
    Replies
    1. ගෙදර කක්කුස්සියක් නැද්ද..., මෙතන් රුන්නේ දාලා හිටන්...

      Delete
    2. Ekata sorry network awulak ban... ubalge lokka free wifi denna tiya tibba wifi ekatat kwliyane TAX wadi karala

      Delete
    3. Ekata sorry network awulak ban... ubalge lokka free wifi denna tiya tibba wifi ekatat kwliyane TAX wadi karala

      Delete
  22. ඕවා අමතක කරලා හිත හදාගෙන දැම්ම 2020 ට පොද්දෙක් හොයමුද? නැත්නම් අපරාදේ අපේ ඡන්දේ.. :/

    ReplyDelete
    Replies
    1. තා පොද්දෙක්.... තුඃ නෙද්දකින්...

      Delete
    2. මාතලන් ලොක්කා මොකෝ මැකුවේ අපිගාව ස්ක්‍රීන් සොට් තියනවා ඔයත් හරියට

      මරාගේ මන්දිරෙන් සිරා ආප්ප කාලා පැන්නා වගේ වැඩක් කලේ ලෝටස් අජියා නම් උත්තර දුන්නා කොටු පැනපු මැදපලුව කල්‍යනේ ගෙන්උත්තරේ ගන්න තමයි මේකේ දැම්මේ
      ලොක්කට අවුල්ද නැතිනම් එකල හවුලේ ආප්ප කැවද

      AnonymousFebruary 2, 2018 at 5:05 AM
      සමාවෙයන් මාතලන් ලොක්කා ලෝටස් අජියට / කල්‍යාණ ප්‍රශ්නයක් අහනවට

      නෙලුම් යාය ලිකෙලි උළෙල
      එතකොට කවදා හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක. ලංකාවේ තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන් ලු මීළඟ සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව ෆේස්බුක් ආදී සමාජ ජාලා හා වෙනත් වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා බලනවලු...............

      අඩෝ ලෝටස් අජියා/ කල්‍යාණ කොලේවහලා ගහන්න වගේ හදන්නේ මේපාර. යුරෝපියන් සමර් වැකේෂන් එකට එන්න එයාර් මයිල් සෙට්කරගන්න නේද මේ වැඩ සෙට් කරගන්නේ
      ඔය වගේ බජිට් පෙන්වන්න බැරි බැදුන්කොරේ වගේ රියලිටි ෂෝ එකක් වගේ ගේමක් යන නිසානේ

      ලෝටස් අජියෝ Your comment will be visible after approval. ඇයි මේකත් ලන්ඩන්වල්
      ඉන්ට්පොල් රෙඩ් නෝටිස් කාරයට කියලා හරි LNW එකේ සංස්කාරක මඩුල්ලෙන් අවසර අරගෙනද පල කරන්නේ

      මේවට ඩයස් ප්ලේස් එකේ එවුන් කියන්නේ "පඩ ෂෝ ඩො" කියලා

      ඕනනම් නොදා ඉන්න අවුලක් නැ ඔයාගේ ලොන්ත පොල් පඩ ෂෝ අපි අවුරුදු කීපයක් බැලුවා චුයින්ගන් හප හප වැඩක් නැ. නිව් ඔලිම්පියා එකේ සෙක්ස් නැති ඉන්ග්ලිෂ් ෂෝ එකක් බැලුවා වගේ හුජ්ජ කෝල්ලන්ට හොඳයි ඒවා

      Delete
  23. "ජෙප්පන්ගේ අති බහුතරයද, එජාපයේ දැනෙනා පිරිසක්ද එසේ සිටිනා බව කිව යුතුමය." අපේ කුහකයො ගොඩක්,තේරුම් ගන්නෙම නැත්තෙ මේ දේ තමයි.

    ReplyDelete
  24. ඊළඟ ජනපතිවරණය ලබන 2019 නොවැම්බර් 08 සිට දෙසැම්බර් 08 දක්වා අතර කාලයේදී......

    ReplyDelete
  25. දේශපාලනයේදී සත්තු හා මහත්වරු එකතුව කරන්නේ නීති නැති ක්‍රීඩාවක් .

    ReplyDelete
  26. මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

    ReplyDelete
  27. @ Gadfly the SmallestFebruary 8, 2018 at 6:03 AM මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න