.

.

Dec 16, 2017

ෆේස්බුක් කවිය, ඛයියාම් සහ ගොබ්බයෝ... - Facebook Poetry, Omar Kayyam And & Baila




යියාම් නෙමෙයි බං

උදේ 9.00 ට 
අරිනකන් බාරෙක
බලා ඉන්නවා සුන්දරම්
68 අටයි උගෙ 
වයස යන්තම්
මලයි කසියයි
ඉස්තරම්

ආදරේ හොයන් ගිය 
රේවතී මරළා
එල්ලිලා මළ
සේගරන්

නැන්දා අපගේ මළේ හැදිලා
සිරෝසිස්
වෙජි ටේරියන්

එන්න කිව්වම
13 හරි
යන්න වේ
බුදු දහම බන්

මැරුණ උන් ඇවිදිනා
රටකදි
මළත් උඹලා
පනපිටින්

වනලා වනලා
කැඩුනොතින් මිස
වෙන්නේ නෑ
බලු නැටි කෙලින්

(ගොබ්බයෝ ඉන්න රටක ජීවත් වෙනවට වඩා හොඳයි බං, මයිග්‍රේට් වෙන එක..)

Dec 12, 2017

පොඩි එකාගෙ ලියුම (ලොකොමොටිව් ඩැයිවර්ගේ) - Essay about my father (Locomotive Driver)




අපේ තාත්තා ලව් කොරනා කාළේ, අපේ අම්මාගේ අම්මා හෙවත්, අපේ ආච්චි, තාත්තාට කියා තිබෙන්නේ තොට ගෑණූ දෙනවට වඩා හොඳයි යකෝ, මේ කෙලීත් එක්ක රේල්ලුවට පැනලා මැරෙණා එකය කියලාය. අම්මාද ලව් කරන කාළේ තාත්තාට කියා ඇත්තේ, අපේ ආදරේ රේල් පීලී දෙකක් වාගේ කවදාවත් එකතු වෙන දෙයක් නොවේ වස්තුවේ කියලාය. ඒ උනාට තාත්තා කියා තියෙන්නේ, ඉට්ටේසොන් මාස්ටර්ලාට ටැබ්ලට් දෙන්නෙත් තාත්තා නිසා, ආච්චිට ටැබ්ලට් එක දීලා ඔහෙත් එක්ක නයිට් මේල් එකේ බදුල්ලේ හනිමූන් යන එක යනවාමයි කියලාය. අපේ තාත්තා ලොකෝමේටිව් ඩැයිවර කෙනෙක්ය. ඒ කියන්නේ කොච්චි රියදුරෙක්ය.

Dec 7, 2017

ධර්‍මද්වීපය දූෂිත රාජ්‍යයක් ලෙස නම් කිරීම හෙලා දකිමූ - Fuck U America




ලොව උතුම්ම ආගමික නිකාය වන, "නිර්මල ශ්‍රී ලාංකීය තේරවාදී බුදු දහමින්" තෙත්වූත්, උතුම් වූ දළදා හාන්දුරුවන්ගේ පිහිටෙන් හා රැකවරනයෙන් බැබලෙන්නා වූත් , අවුරුදු 2500 ක අති ප්‍රෞඩ කිසිවකිට දෙවන නොවන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් උරුම වූත්, අම්මට සිරි ලංකාව මේ ඊයේ පෙරේදා බිහිවූ ඇමරිකාව වැනි, තුප්පහි කැරපොතු හිගන සුද්දන් වෙසෙනා දෙකයි පනහේ රටක් විසින්, ලොව දූෂිත රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස නම් කිරීම අප විසින් හෙලා දැකිය යුතු අතර,

Dec 1, 2017

ඝෝඨා, ප්‍රජාතන්තරවාදය සහ නිර්මාල් දේවසිරි - Who will be the next President





නිර්මාල්ට මම කැමති, පොරගේ වෙනස් වෙන ගතියට
එක තැන ඉන්න උන් පොල් ලෙලි වගේ පල් වෙනවා
ගඳ ගහනවා,
ලංකාවේ වමට වෙලා තියෙන්නේ ඒක.
නිර්මාල් එහෙම නෑ
නිර්මාල් කියනවා "බොහෝ විට" 2020 ඝෝඨා එයි කියලා