.

.

Sep 27, 2017

ඉරාජ්, විකී, රොහින්යා හා ලිබරල් වමක අවශ්‍යතාවය - Iraj, Vicky, Rohingya & place for left wing liberal




විකි අළුත් කසාදයක් බැන්දම, විකීව මරාගෙන කන්න ගියපු උන් දැන් ඉරාජ් මරාගෙන කන්න යනවා. ඉරාජ් කරලා තියෙන්නේ, අර කලින් විකීව මරාගෙන කන්න ගියපු උන් කියපු කතාව ටිකක් පරක්කු වෙලා කියන එක. කොහොමත් පරණ ඒවා අමුවෙන් ගැහුවාම ටිකක් තදින් වදිනවා. ඒ වගේම සෙමත් ඇවිස්සෙනවා. ගල් හැහුවට එහෙම අවුලක් නෑ. මම කිව්වේ අරක්කු ගැන. ඉතින් පරක්කු වෙලා අරක්කු වගේ වදින දෙයක් ගැහුවාම සමහර උන් හරක්කු වගේ කුලප්පු වෙනවා. අරක්කු ගඳයි කියලා සමහර උන් කියනවා නේ. ඒ බීපූ නැති උන්. බොන එකාට අරක්කු රහයි. ආයේත් කියනවා. මම මේ කිව්වේ අරක්කු ගැන.

Sep 15, 2017

ජනාධිපති තාත්තා - My President Father



බෝලයක් බස්සා වාහනෙට දාගත්තු අරුන්දිකයාට මඩු වල්ගෙන් නෙලන්න පටන් ගත්ත ගමන්, අරුන්දිකයා ඇහුවේ, මේකද ඔබ තුමාගේ ප්‍රජාත්තන්තරවාදේ කියලාය. මේ යකෝ මගේ ප්‍රජාතන්තර වාදයක් නෙමෙයි මේ තමයි චන්ද්‍රිකා මැඩම්ගේ ප්‍රජාතන්තරවාදේ කියා කියපු ජනාධිපති තුමා කිව්වේ, කෝටී 25 ක්ම නැතිව ගාන ගැන කතා කරගන්න තිබ්බ වෙලාවේ, තමුසේ මැඩම් එක්ක හැප්පෙන්න ගියානේ දැන් ඉතින් මගේ ප්‍රජාතන්තරවාදෙන වැඩක් නෑ, තමුසේ වෙන මොකක් හෝ කර ගන්නවා හිටන් කියාය. කෝටි 25 ක් දුන්නා නම් මේ කිසි අවුලක් වෙන්නේ නෑ නේ සෑර් කියාපු අරුන්දිකයාට ජනාධිපති තුමා කිව්වේ, තමුසෙ මේ මඟුලක් කතා කරනවා, පේනවනේ ගණු දෙණු කරන්න ගිහිල්ලා රනිල්ලා නාන නෑම, ඕවා කරන්න ගිහින් අන්තීමට, අගමැති කොමිසමක් දාලා තමයි වැඩේ නවතින්නේ කියලාය.

Sep 11, 2017

ෆොන්සේකා මරාගෙන කන දේශපාලන වසලයෝ - Let's make BBQ from Fonseka




ගේම පටන් ගත්තේ අමු පාවාදීමකින්ය. එකෙකුටවත් ඒකේ වගක් අත්තේ නැතිය. ලතින් ඇමරිකානු රටවල් කීපයක තානාපතිකන් දැරූ ජගත් ජයසූරිය, එහෙන් පැනලා ආවායින් පස්සේ පොර විරුද්ධව නඩුවක් වැටෙන්නේය. ආන්ඩුව මුලින්ම සොයා බැලිය යුත්තේ. මේ මහා රණවිරුවා එහෙන් පැන ඒමත්, උන්නැහේට නඩු වැටීමත් එකට සිඳුවන්නේ කේසෙදෝ කියාය. එල් ටී ටී යට සල්ලි දුන්න මහින්දලාට, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පීලා, තමන් මරන්න ආ ජොන්ස්ටන්ලා ළඟ තියාගෙන ඉන්නා මහින්දලාට, ඕවා සිම්පල් ගේම්ය.

Sep 10, 2017

ලලිත් හා අනූෂ හා උගෙ අම්මාගේ නීතිය - Pray for Real Justice





දෙන්නගේ සිල් රෙදි කේස් එක ගැන මක්කත්ම ලියන්න නැත්තේ ඇයි කියලා බෝ දෙනෙක් අහනවාය. බුකියේ කෙටි සටහනක් තබා මා කියූවේ, මේ තීන්දුව පිළිබඳව මෙන්ම, මේ දෙදෙනා ගැනද මාතලන් අවංකවම කනගාටු වෙනවා කියලාය. මා මේ ප්‍රශ්ණය දෙස බලන්නේ ලලිත් හා අනූෂගේ සපත්තුවට බැහැලාය. 

සාහිත්ත මාසෙට පොත් - Book Fair 2017




මාතලන් වන මා විසින් ආරම්බ කරණ ළද "සාහිත්ත මාසෙට පොත්" දැන් නැගලා යන ටොපික් එකක්ය. සතුට නම්, බොහෝ නිර්මාණ, මාතල්න්ටත් වඩා ඉදිරියෙන් ඉන්නා එකය. සාහිත්ත මාසයටත් පෙර සමහරෙක් ඒවා ඉදිරිපත් කර තිබිනි. බන්ඩාරණායක සම්මන්ත්‍රණ සාලාවේ පැවැත්වෙන පුක් ප්‍රදර්ශණයේදී මේ පොත් මිළ දී ගැනීමට අමතක නොකරන්න..