.

.

Aug 31, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! - by Dr. Bodhini Samaratunga






වෛද්‍ය බෝධිනී සමරතුංග

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත සිහියට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.

අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.

එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය(යුද්ධය ඉවර නිසා) මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.

Aug 26, 2017

කාවඩි බයිලා - New Version





නිහාල් නෙල්සන්ගේ, "කාවඩි බයිලා" තාලයට බැති සිතින් ගයා වයා සැනසෙන්න..

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැදලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

පච්ච පාට මොණර කොලේ පඬුරු තියාලා
පුදන්න එන ගොබ්බ හරක් එලියට දමලා
හතර වටේ ගේට්ටුවල ඉබ්බො දමාලා
ඉතින් දෝශභංග වෙන්න නෙලමු යතුර සොයාලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

කතරගමේ පුද වරුනේ උඹට කියාලා
මම හතර පදෙන් ගොතන්නේ මේ කාවඩි බයිලා
හතර වටින් ඇවිල්ලා පින් පඬුරු දමාලා
කපුවෝ, නිළමේ ගොඩ දාපිය මෝඩයෝ වීලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්

බස්නායක නිළමෙට නෙලලා...

Aug 23, 2017

අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal


Cartoon by Susil (Web Buwa)

සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා කියන්නේ ඉතින් ඒ යකා සංසාරයටම ගොඩ යන කේස් එකක්ය. 

Aug 16, 2017

ඇ(හැ)ට දෙක හිරිවැටීම - Balls of Fury


Cartoon by Awantha Artigala

සාමාන්නියෙන් ඕනම දේක ග්‍රේස් පීරියඩ් එකක් කියා දෙයක් ඇත. අවුරුදු පහක් වැනි කාළයකට බලය ඉල්ලනා උන්, බලයට පැමිණිය පසු කරන්නේ මක්කාද යන්න කල් තියා ප්ලෑන් කොරගෙන ඉන්න ඕනාය. කරුමය කියන්නේ ලංකාවෙ රජකමට පත් වූයේ රජකම ලෑබේ යැයි කියා හීනයකින්වත් නොසිතු උන්නැහේ කෙනෙකුටය. එහෙම කෙනෙකුට විෂන් මිෂන් තියා, මොන මළදානයක්කත් තියෙන්නට බැරිය. පන පිටින් දිවිය ලෝකයේ යන එකාටද, පන පිටින් අපායෙ යන එකාටද සිද්ද වෙන්නේ එකම් සැන්තෑසියක්ය. කරකවලා අත ඇරීමක්ය. නන්න පෝල් වීමක්ය. හරියට සුනාමිය ආවා වගේය. ආවේ සුනාමියක් කියා දැන ගත්තේද, වෙන රටවල උන් කියනා විටය.

Aug 10, 2017

රවී නීච(කිච) වීම ඔබට කෙසේද..? - Predictions after Ravi's Resignation




රනිල් වික්‍රමසිංහට

හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, පින් ඇමතිවරුන්ට බලු කපුටු දානයක් හෝ වාහන පූජාවක් කිරීම හොඳ බව පෙනේ. 2020 දක්වා මාරක අපල පවතිනා බැවින්, තිරුපති වැඳගැනීම යහපත් බව පෙනේ. මන්ද දේශිය දෙවියන්ගෙ බැල්ම ඉතා අඩු බැවිනි. 

Aug 6, 2017

චීනා නැවත පැමිණීම රටේ වාසනාවකි - I - Welcome China - I




චීනා නැවත් පැමිණීම ලෙස මෙය හැඳින් වූයේ, මරි මෝඩ යහපාලන හිවළුන්, මහින්ද ගෙන ආ චීනුන් එලවා දැමූ අතර, රටේ වාසනාවකට කෙසේ හෝ ඔවුන් නැවත පැමිණ ඇති හෙයිනි. (එමෙන්ම ඈත අතිතයේ සිටම චීනය හා ලංකාව අතර සබඳතා ඇති බවට ඉතිහාසයේ කරුණු ඕනෑ තරම් ඇති අතර ෆා හියන් ගේ සටහන් හා යාපහුවේ නිර්මාණයන් ඒවාට ඇති උදාහරණයන්ය. කොහොමත් චීනයටත් වඩා අම්මට සිරි ලංකාවේ චයිනීස් රෙස්ටුරන්ට් තිබීමම ඒම සබඳතාවය ගැන ඇති අගනා උදාහරණයන්ය.) මෙය තරමක් දීර්ඝව සාකච්ඡා කළ යුතු මාත්තුරුකාවක් බැවින්, ඔබේ අදහස් සමඟ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි.. මේ එහි පළමු කොටසයි