.

.

Jul 1, 2017

ජනාධිපති කොයි පැත්තෙද..? - Which party are you..?




කුලියාපිටියෙන් ගත්ත බ්‍රෑන්ඩ් නිව් පුස්සගන් පැසාට් එක,  චම්පික සහෝදරයා අළුතෙන් හදාපු සුපර් ලක්සිරි එපාට්මන්ට් එකේ පාකින් එකේ දාල, ගෙට ගොඩ උනේ මර බයෙන්... මොකෝ යහපාලනේට චන්දේ දුන්නා කියලා කනක් ඇහිලා ඉන්න නෑ හාමිනාගෙන්.. සිරිසේන මහත්තයට වගේම තමා මාතලන්ටත්..


කුණු ප්‍රශ්ණෙට කනු කුණු ගානවා.. ඩෙංගු මදුරුවා ආතල් එකේ කීන් කීන් ගාගෙන යනකොට, අපි අම්බානක බැනුම් අහනවා.. හරියට ඩෙංගු මදුරුවා යහපාලනෙන් හදලා වගේ.. ඔය ඩෙංගු මදුරුවෝ බෝ කරන්නේ, පාරේ කුණු දාන්නේ, මහින්ද මහත්තයා කියලා කිව්වට, අපේ හාමිනා නෙමෙයි  විස්වාසෙට ගන්නේ..

කොයින් කොහොම හරි රනිල් ළකුණ චුයින් ගන් එකක් හප හප බ්‍රේස්ලට් එක මැද මැද ඉන්න කොට ඕන් එකෙක් දිරට තඩි බානවා..

හාමිනේ ඕන් යාන්තන් කුණු කුණු ඇවිල්ලද කොහෙද...

කුණු කුණු කවද්ද ඕයි දොරට පතබෑවේ.., ඔය ඔයි ගින්නනෝ හරි ජේසූ ජීවමානයි හරි වෙන්ටෑ..


අම්මපා..., ඉන්නකෝ බලන්න.... කියාපු මාතලන් කොලේ දොරේ ඇස් හිලෙන් බලන එක..

අම්මට හුඩු ට්‍රැක් බොටන් එකක් ගහපු හාදයෙක්..., ටිකක් සිරිසේන උන්නැහේ වගේ... බ්ලොග් එකෙන් අනන් මනන් කියනවට බඩු බනිස් වගේ.. ඒත් ඉතින් යහපාලනේ තා වෙනකන් එහෙම සීන් නෑනේ කියලා තමන්ටම කියාගත් මාතලන්, ඕන මළහත්තිලව්වක් කියලා හිටන් ඇරියා දොර..

මාතලන් කුණු තියෙනවද....?

තියෙනවා ජනාධිපතු තුමා...?


බෙදලද තියෙන්නේ...?


ඔව් ඔව් පිඟන් වලට බෙදලා... මේ කන්න ලෑස්ති වෙලා උන්නේ.. බෙලෙක් පිඟනකට දාල ඔබ තුමාටත් ටිකක් දෙත හැකි මනාප නම්..


මාතලන් කුණු කනවද...?


කන්නේ නැතිව කුණු එක්ක හැමිනෙන්නද ජනාධිපති තුමා.. ඉස්සර කුණු ගෙනියන්න ආපු එකා එන්නේ නෑ... මේ ළඟදි පාරේ කුණු දාලා පොලිසියෙන් අල්ලන් ගිහින් හොඳ වෙලාවට හාමිනේ මහින්ද මහත්තයට කියලා එලියට ගත්තේ..


අර මක්කටෙයි මහින්දට කිව්වේ..? මට කීවා නම් අහකයි නේ හිටන්..


එහෙනම් ඉතින් උසාවියත් ගඳ ගස්සලා තමයි නවතින්න වෙන්නේ


අර මොකෝ මාතේ...?


ඇයි ඉතින් නඩු භාන්ඩ උසාවී දාන්නත් එපාය


හරි...., කන්න ඕන නෑ කුණු ටික දෙන්නකෝ.... කියාපු ජනාධිපති තුමා, ගේ ඇතුලට ඇවිත් ඉඳගත්තේ නැතෑ...

හාමිනා ගස්සගෙන ඇතුලට ගියා

අර මොකෝ මාතේ හාමිනා ගස්සගෙන ගියේ..?

මම හිතන්නේ බෙලෙක් කෝප්පෙකට තේ එකක් හදන්න වෙන්ටෑ


බලන්න ඉතින් ජනාධිපතු තුමාටම එන්න උනා නේ කුණු ටික අදින්නත්..., ඔබ තුමාගේ අර පිංගුත්තරයෝ මක්කෙයි කොරන්නේ..?


උන් ගැන කතා කොරලා වැඩක් නෑ මාතේ.. උනුත් දැන් ක්‍රිකට් මැච් එකක් පැරදුනත් මටයි බනින්නේ.. මිනිස්සුන්ට එපා වෙලා එලෙව්ව කාළකන්නි මම රෙද්ද අස්සේ දාගත්තා නේ මාතේ..


එහෙම කිව්වම අම්මපා මාතලන්ට දුක හිතුනා ආයිබන්ඩ

දැන් ඉතින් ඔබ තුමා රනිල්ගේ පැත්තෙද, ඕකුන්ගේ පැත්තෙද...?


රනිල් එක්ක ඉන්න කොට රනිල්ගේ පැත්තේ, අරුන් එක්ක ඉන්න කොට උන්ගේ පැත්තේ


එතකොට සයිටම් කේස් එකේ..., ඔබ තුමා කොයි පැත්තෙද...?


රාජිත එක්ක ඉන්න කොට උගෙ පැත්තේ, ගොම සංගමේ එක්ක ඉන්න කොට උන්ගේ පැත්තේ


එතකොට අර සවුක්ක අමාත්තියන්සෙට සාකඡ්චාවකට ආපු අහිංසක දරුවෝ...?


දරුවෝ එක්ක ඉන්න කොට මම එයාලගේ පැත්තේ, පොලීසියත් එක්ක ඉන්න කොට එයාලැයි පැත්තේ


එතකොට ඔබ තුමා මීතොටමුල්ල පැත්තෙද...? එහෙම නැත්නම් මුතුරාජවෙල දෑලතුර පැත්තෙද...?


මම පොලොන්නරුව පැත්තේ නේ මාතේ


අම්මපා නේන්නම්... ඉතින් ජනාධිපති තුමා අර පොලොන්නරුවේ වතුර පිරිච්ච වලට දන්න පුළුවන් නේ කුණු ටික..


පොලොන්නරුවේ කොහෙද මාතේ වතුර වලවල්...?

ඇයි අර පරාක්‍රම සමුද්දරේ කියලා තියෙන්නේ පත් වතුර වලක්.. ඕක පිරෙව්වා නම් අහකනෙ.. එතකොට ඉතිහාසෙත් නම් ලියවෙයි.. මේ ගොබ්බ රජවරු මදුරුවෝ බෝ කරන්න හදාපු වලවල්, අපේ ජනාධිපති තුමා වහලා දැම්මය කියලා හිටන්..


අම්මපා හොන්ද යෝජනාවක් මාතේ, මම පරිසරවේදියොත් එක්ක කතා කොරලා හිටන් බලන්න්ම්



එතකොට අර අළුත් විවස්තාව මක්කද බඩකඩුත්තුව...?

ඒකට පක්ෂ උන් එක්ක ඉන්න කොට උන්ගේ පැත්තේ..., විරුද්ධ උන් එක්ක ඉන්න කොට උන්ගේ පැත්තේ...

අර ආගමික අන්තවාදින්..?


රිෂාට් එක්ක ඉන්න කොට රිෂාඩ් නානගේ පැත්තේ, අති පූජ්ජ නානසාර, අති පූච්ච ඉත්තෑවා, අති පූජ්ජ බෙංගමුවේ ආලවක, අති පූජ්ජ ඇල්ලේ වට එක්කලා ඉන්න කොට, උන්ගේ පැත්තේ

උමා ඔය ගැන අහන්න ඕන නෑ නේ...? ඔබතුමා ඉන්නේ වින්දිතයන්ගේ පැත්තේ නේ...?

ඔව් ඔව් වින්දිතයෝ එක්ක ඉන්න කොට උන්ගේ පැත්තේ, කන්ට්‍රැක්ටර්ස්ලත් එක්ක ඉන්න කොට උන්ගේ පැත්තේ


අනේ ජනාධිපතු තුමා තරහා ගන්න එපා ඇහුවට...


අපෝ නෑ මාතේ.. මම මල පොලොන්නරුවේ තියලා හිටන් කොළඹ ආපු හාදයා නේ... 


මට කියන්න පුළුවන්ද ඔබ තුමා කතා කරන්නේ මොන පැත්තෙන්ද කියලා..


44 comments:

  1. යක්ෂයෝ.මේක තව එක පාරක් කියෝලා ඔය අල් අකුරු අරව මේවාට ක්ලීන් පාරක් දාලා රීපබ්ලිශ් කොරහන්..නැත්තං පොලොන්නරුවේ බුවා පව් හිටං...!!!

    ReplyDelete
    Replies
    1. හින්ගල ඉස්පෙලින් මිස්ටේක්... ඩෝන්ට් වොරි... බට් වැර් වැරි ෂොරි හොඳේ...

      Delete
  2. අන්තිම පුරස්නෙට ජනාධිපති තුමා එක පාරටම උත්තර නොදී ටිකක් වෙලා කල්පනා කොර කොර ඉඳලා මෙන්න මෙහෙම කිව්වා හිටං " මාතෙත් මාර පොරස්ණයක්නේ ඇහුවේ ඉඳලා ඉඳලා , අම්මට සිරි ලංකාවේ ජහමනයා එක්ක කතා කොරන කොට පස්ස පැත්තෙන්, පිට රට්ටුත් එක්ක කතා කොරන කොට ඇත්ත කටින්. නැත්තන් මේකේ උන්ගෙන් බේරෙන්ඩ බෑනොවැ ". එහෙම කියලා කුණු මල්ලත් අරගෙන යන්ඩ හැරුනාම ජනාධිපතු තුමා දඩස් ගාලා දොරේ හැප්පෙන සද්දෙට මං උඩ ගිහිල්ලා ඇහැරුණා .

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පිරට උන්ට කතා කරන්නෙත් අර පැත්තෙන්ම තමා...

      Delete
  3. මාතෘකාව දැක්ක ගමන් හිතුනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කාටත් හිතෙන දේ මාතලන් ලිව්වා... එච්චරයි

      Delete
  4. Mokata mona pettata herunath maha janayaata nam passa petta hroola ethi bava penee.

    ReplyDelete
    Replies
    1. ජනතාවට පුක පෙන්නලා ගොඩක් කල්... බලයට ගෙනාපු ඔක්කෝම අමතා කරලා ඒ යකාට විරුද්ධව වැඩ කරපු එන්න ජිල් බෝල ගහනවා...

      Delete
  5. ඔය ඉස්සරහ පස්ස මාරු වෙච්චි සිද්දියක් ලඟදී මමත් ඇහුවා.....ඕක ඉතිං බ්ලොගයෙත් මං ලිව්වා ඕං......මාත් රස වින්දා.... (මොකෝ උඩ ගියේ) මං කිව්වේ මාතෙගේ ලිපියේ රස වින්දා කියලයි....

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් හැම එකාගෙම මතය නේ බං... මම හිතන්නේ ජයන්ති සිරිසේන නෝනටත් ඇති මේ සිතිවිල්ලම

      Delete
  6. මාතෘකාව දැක්ක ගමන් හිතට ආපු අදහස තමයි
    හැම පැත්තෙම වගේ
    කියලා...

    කියවාගෙන යද්දී ඒකම නෙව දාලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතලන් කවදත් උන්නෙත්, ඉන්නෙත් බහුතර ජන මතය එක්ක...

      Delete
  7. මාතේ,

    මේ බලපන් https://www.youtube.com/watch?v=OeKPoxNGeD4

    "විගණන පනත සිරවූයේ කොතනද ? "

    මෙක දිනෙන් දින කල් දමන්නේ ගරු රනිල් විකුණන සිංහ තුමා, බැරිවෙලාවකවත් මේ බලතල ක්‍රියාත්මක උනොත් අර්ජුන මගෙන්ද්‍රන්ගේ බෑනාගේ කොම්පෙනේයත් විගණනය කරන්න ලැබෙන නිසා දවස ගානේ සංසෝදන ගෙන එමෙන් මේක කල්දානවා.

    දැන් ඔය ස්වාදීන සිවිල් සංවිදාන වලට පුළුවන් මුලිකවම මේ පනත ක්‍රියාත්මක කරන්න උද්ගෝෂණය කරන්න.

    ReplyDelete
    Replies
    1. මහින්දලා හීන් නූලෙන් දීපූ ගේම්, මුන්ට දෙන්න බෑ.. එක පාරම බිජු ගොඩම බදාගන්න ගිහින් හත් පොලේ ගාගෙන ඉන්නේ.. බැඳුම්කර ගේමම ඇති රනිල් හිරේ යවන්න...

      Delete
    2. බැඳුම්කර ගේම හරියට ගැහුවොත් ඕක වංචාවක් කියපු උන් තමයි අපහාස කළා කියලා ඇතුළට යන්නේ. මොකද කවුරුත් ඕකේ පාඩුව හරියට ගණනය කරන්න දන්නෙ නෑ.

      Delete
  8. සිරිසේන කට- පුක මාරු කර ගත්තේ,ජනාධිපති කමට වඩා පක්ෂ නායක කමක් ලොකුයි කියලා ඔළුවට දාගත්ත මොහෝතේ ඉදලා.

    ReplyDelete
  9. කඩේ වසා දමා අලුත් කඩයක් දාලා, කඩේ යන එවුන් වරෙල්ලා .....පසුව සෙල් දමනු ලැබේ [2020 දී පමණ]

    ReplyDelete
    Replies
    1. එකෙකාට කඩේ යන ගොබ්බ වහළුන් සිතම්නේ අනෙකාද එසේ විය යුතුය කියාය.

      Delete
  10. උබටත් හිතෙන් දේවල්
    ලියවිල්ල් එල ද බ්‍රා අයියන්ඩි

    ReplyDelete
  11. හොඳ වෙලාවට මෙව්වා පත්තරේ යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ෂේප්....

      Delete
    2. පත්තරේ ගියොත් මිනිස්සු ඇත්ත දැන ගන්නවනේ මෙන්ඩෝ

      Delete
  12. මේ වහන්සෙ, ළඟ ඉන්න එකාගෙ පැත්තටදෙපැත්ත මාරුකරල කතා කරන්න එක හේතුවක් තියනවා.

    ඒ තමයි කිසිම ප්‍රශ්නයක් ගැන, මෙලෝසම්ම අදහසක් නැතිකමටයි.

    තවත් විධියකට කීවොත් රාජ්‍ය නායකයෙකුට තිබිය යුතු, රාජ්‍ය පාලනය ගැන 'පැහැදිලි දැක්මක්' හෝ පැහැදිලි ප්‍රතිපත්තියක්, මේ පක්ෂ නායක ග්‍රාමසේවක තුමාට නැතිකමයි.

    ඒ නිසාම දැන් මේ රට හරියට, තොටළඟ රා තැබෑරුම වගේ.

    ඕන සක්කිලියෙකුට රා පොඩ්ඩක් බීල හරි, නොබී හරි තමන්ට හිතෙන ඕනම පජාති වැඩක් කරන්න පුලුවන්, ඕන කුණුහරපයක් හෝ ඕන අජුත බයිලයක් මහ හයියෙන් කියන්නත් පුලුවන්.

    එත්, කවුරුවත් එපා කියන්නෙත් නෑ. කවුරුවත් ඇහුම්කන් දෙන්නෙත් නෑ. කවුරුවත් ගණන් ගන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙලෝ රහක් නැති
      ගොන් ආතල් පමණක් ඇති
      ගොබ්බ ආන්ඩුවක්

      Delete
  13. හෆොයි "අපට" වෙච්ච දේ හිටන්

    ReplyDelete
    Replies
    1. ඔහේලට වෙච්චි දේ ගැන නම් අපිටත් දුකයි... පන්සල් ගානේ ගාටන ගෑටිල්ල දැක්කාම තනි ඇහැට ඇඬෙන්නේ...

      Delete
  14. අපි දැන් මොකද බං මාතේ කොරන්නේ?

    ReplyDelete
    Replies
    1. මක්කත් නෑ බං... මාතලන් වගේ ඉඳ හිට බොගක් දාලා තියෙන දෙයක් කොටා බාලා චූ කරලා නිදා ගන්න එක ඇරෙන්ට...

      Delete
  15. හෙළුව පෙන්වලා හරි සුද්දෝ ගෙන්න ගම්මු, නැතිනම් මේ බිස්නස් එකත් හබක් නේද මාතලන්

    ReplyDelete
    Replies
    1. ඩෙංගූ තමයි පෙන්නන්න වෙන්නේ...

      Delete
  16. අම්මපා මාතලන් ගුරුතුමා නියම විග්‍රහය. මේ වගේ ආර්ටිකල්වල සැර පොඩ්ඩක් බාල කරලා පත්තරේකට වගේ ලිව්වොත් මොකද. පත්තරෙත් එලටම නැගලා යයි.

    ReplyDelete
    Replies
    1. පත්තරේකට යන්න ගියා... උන් අපිව ගන්න බයයි බං

      Delete
  17. Mr Mathalan White van eka ewannada? Nathnam oyama van eka evagana USA walata migrate wenawada?

    Meeta Kapila Henda****rana
    CC Sarath Fon**ka (Army commander)

    ReplyDelete
    Replies
    1. මක්කා කොලත් සිරිසේන උන්නෑහේට අපි තාමත් මනාප එකයි බං

      Delete
  18. අපරාදේ දැන් අර ප්‍රේමදාසගේ කාලේ තිබුණ විකල්ප පත්තර එහෙම නැත්තේ. දැන් මාධ්‍ය නිදහස උපරිමට තියෙන එකේ ගෙඩි පිටින්ම මේක දාන්න තිබුනා ජහ මනයගේ හිත සුව පිණිස හිටං!

    ReplyDelete
    Replies
    1. ඒ තැන අරගෙන තියෙන්නේ බුකිය...

      Delete
  19. මාතලන් අයියේ හිටන් මොන වැඩ කලත් මහින්ද මහත්තයා කරපු වැඩ කරන් නෑ යහපාලන ආණ්ඩුව ගන්දගස්සන්නේ අර චන්දෙන් එන්ඩ බැරුව යටින් ආව ගේම් කාරයෝ හිදි ඕකුන් සිරිසේන මහත්තයගෙන් කාලා මහින්දට කඩේ යනවා මළ පෙරේත ඇම්බැට්ටයෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ නගේ... මක්කා කලත් තිබුන යම පාලනයට වඩා මේක දාහකින් හොඳයි

      Delete
  20. මුලින් හිතන් හිටියේ පැත්ත මාරුවෙලා කියල. ඇත්තටම් පැත්තක් නැහැනේ මාතලන් මෙයාට . දෙපත්තෙම කට්ටිය ඉන්නවා, ඉඳල හිටලා ජවිපෙත් සපෝර්ට්

    ReplyDelete
    Replies
    1. බඩු දෙක තුනකට එක පාර ලව් කොරන කොට එහෙම තම්යි අජ්ජෝ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න