.

.

Jul 8, 2017

මරු කියවන යහපාලන රෝගීයා - End of the Road



ඩෙංගූ මදුරුවා විනාශ කිරීම සඳහා මල් පැණි බොන මදුරුවෙක් ඉන්නවා කියා මුලින්ම සොයා ගත්තේ ගායන හා රංගන ශිල්පි දීපාල් සිල්වාය. අද ඔහුගේ ඒ ඔත්තුව අනුව යමින්, තම පර්යේෂණ මඟින් ලොවට බොහෝ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දුන් අම්මට සිරි ලංකාවේ වයිජ්ජ පර්යේසොන් ආයතනය මල් පැනි බොන මදුරුවන් හා මැදිරියන් සංසර්ගයේ යෝදනවාය. මේ මගින් ඩෙංගි මදුරුවාට කෙසේ වෙතත් මැදිරියට නම් කෙල වෙන බව සහතිකය. එවිට ඔය රෝගීන් පිරිච්චි ඉස්පිටිතාලවල පොටෝ ෂෙයාර් කොරනා උන්ගේ පුක බිම ඇනෙනවාය.

මේ මල් පැණි බොන මදුරුවා වගේ එකෙක්, එතෙක් පැවති යම පාලනය වෙනස් කිරීම සඳහා සෝභිත හිමි හා සිවිල් පොරවල් එක්ව කළ පර්යේසොනයකින් සොයාගෙන ආවේය. හේ යහපාලනය නම් විය. ඌගේ මුක්කිය පරමාර්තය වූයේ අර යම පාලනයේ උන්ට කෙලවනා එකය. උන්ට කෙලවීම කෙසේ වෙතත් උන් තවමත් රජුන් ලෙස වැජඹෙනාතරේ, කෙලවන්නට ආ උන්ට කෙලෙවෙන්නට යන බවක් නම් සියල්ලන්ටම පෙනෙනවාය.

සමාන්නියෙන් අපේ පලාත්වල ඇඳට වැටෙනා රෝගීන්, මරණය කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මාරයා හා ඇමරිකන් බයිලා ගහනවාය. ඒවාට අපේ පැත්තේ උන් කියන්නේ මරු කියවනවා කියලාය. මේ ආන්ඩුවේද මහ එකාගේ සිට හැම එකාම අද කොරන්නේ මරු කියවනා එකය. චන්ද්යක් තිබ්බොත් බඩු බනිස් බව දන්නා නිසා කිසි දිනෙක චන්දයක් නම් තබන්නේ නැති බවත් විශ්වාශය. මම ඌට බය නෑ ඩෝ කීවාට සියල්ලෝම කියන්නේ කෑ ගහන එකා ගේම දෙන්න යන එකාට ගූ බයයි කියලාය. 

රනිල් තම අවසාන "ටෙස්ට්" ඉනිම ක්‍රීඩා කරමින් සිටිනාතර, සිරිසේන රෙඩි වෙන්න 2004 චන්ද්‍රිකා රනිල්ට දීපූ ගේම දෙන්නය. ආයු කාළයෙන් අවුරුදු දෙකහමාරක් ගියායින් පසුව විධායක බලේ අත් හරිනවායැයි කියූ මහා වීරයා, අද හැම ලබ්බම බදා ගන්නේ ඒ නිසාය. විධායකය අහෝසි කිරීමට එරෙහිව එන පඬු පාන්කඩයගේ කකුල් ළඟ වැටි උන් කියනා හැම දේම පිලි ගන්නේ, ජනවරම දුන් උන්ගේ පුකට පයින් ගහලාය. මහ එකාගේ සිට පහළ මට්ටම දක්වා හැම එකාම පට්ට ෆේල්ය. රජය සම්පූර්ණයෙන්ම අකර්මන්නය.

රාජපක්ෂලාට දඬුවම් නොදෙනවා නම්, එහෙව් උන්ට කරන්නට තිබුනේ ගෙදර යන්නෙයි කියනා එකය. මුලින්ම කළ යුතුව තිබුනේ ඝෝඨා අත් අඩංගුවට නොගන්නා බවට වහසි බස් දෙඩූ, ඇවන් ගාඩ් උන් සමඟ හනිමූන් යන ඩීල්දාසය එලවා දැමීමය. ඒත් ඩීල් දාස අද ඉන්නේ එජාපයේ නොවේ. ඔහු සිටින්නේද ජනාධිපතිගේ ඔඩොක්කුවේය. අනෙක් අවස්ථාව කුණු වී ඕජස් ගලමින් තිබූ පොලීසිය එකම ජෝක් එකක් කරනා පොලොස්පතියා යෑස් සෑර් යෑස් සෑර් ත්‍රී බෑග් පූල් සෑර් ගගා නීතීය හා සාමය පිළිබඳ ඇමති සාගල ඉදිටියේ නීතීයේ පුක නැති වෙන්නම් නවපු අවස්ථාවේය. නීතිය නමා පට්ට කොමඩියක් රටටම පෙන්නපු වෙලාවේය. කොන්දක් පන තියෙනා නායකයෙක් නම්, රාජපක්ෂලාට කෙලවීමට අවංක චේතනාවක් ඇත්නම් දෙන්නාගේම පුකට පයින් ගසා එලවන්නේ ඒ අවස්ථාවේය.

දැන් ජනතාවට හා ලෝකයට ඇති ප්‍රශ්ණය නම් රාජපක්ෂවරුන් හා ඩීල් දාන්නේ දෙන්නාගෙන් මොකාදැයි කියනා එකය. මාතලන්ට නම් සිතෙන්නේ මුන් සියල්ලෝම එකට එක්ව ජනතාවට පුල් මාවලස් ඇඩ්වෙන්චර්ස් සෝ එකක් පෙන්නනවා කියලාය. කෙසේ හෝ අද වන තෙක් ආපු එකඳු ආයෝජකයෙක්ද නැත්තේය. 

රාජපක්ෂවරුන්, ආන්ඩුවට හා රජයට එරෙහිව සියල්ල්නම් පෙල ගස්වා අවසානය. අවුරුදු දෙකහාමාරකට පසු ජනතාවට සියල්ල අමතකය. මහින්දට එහෙයි එහෙයි කියා මහින්ද ළඟ වැඳ වැටුනු හාන්දුරුවරු, අද ආන්ඩුවට එරෙහිව ධර්ම සංඝායනා තබන්නේ ආන්ඩුවේ නපුංසක බව නිසාමය. එදා ෆොන්සේකාට එරෙහිව හඬ නගා සත්හියක්ග්‍රහ තියන්න ගිය උන්, හූම්.. සද්දයක් නැතිව අකුලාගෙන ගඳකිලිවලට රිංගාගෙන සාමදානයේ සැතපීගෙන උන්නේ කොන්දක් ඇති නායකයෙක් උන් නිසාය.

විශබීජයක් නසන්නට පැමිනි ප්‍රතිදේහ අද විශබීජයේ ගොඳුරක් බවට පත් වී අවසානය. ඊයේ වන විට ආදායම් බදු දේපාර්තමේන්තුවද වැඩ වරනා තත්වයට පත්ව ඇත්තේය. රට කරවන නායකයන් දෙදෙනා එකෙක්වත් මායිම් කරන්නේ නැතිය. අද රට පාලනය කරන්නේ පාදිලිවරුන් හා කහකඩ පාන්කඩයන්ය. ඇත්තම කතා කොරනවානම් අම්මට සිරි ලංකාව වතිකානුවට පසු ලෝකයේ බිහි වූ දෙවන ආගමික රාජ්ජයය. (ඉරානයේ තත්වය මීට වෙනස්ය.) ඒ පසු පස සිටිනා බලවේගය කව්ද යන්න මේ හාල්පාරු ආන්ඩුවේ උන්ට නොතේරුනාට ,මොළය කඳුලක් ඇති හැම එකාටම තේරෙනවාය.

දැන් මරු විකලෙන් වහසි බස් දොඩා ඇති ඵලක් නැතිය. ජනාධිපති ලේඛමා එලෙව්වා වගේ ඩීල් කාරයන් සියල්ලම එලවා දමා මොකෙක් හෝ එකෙක් පාලනය අතට ගත යුතුය. නැතිනම් සිඳු වන්නේ යහපාලන කීටයන් දෙදෙනා සංසර්ගයේ යෙදෙනාතරේ. යම පාලන කීටයා දෙදෙනාගෙම ගුද මාර්ග සංසර්ගයේ යෙදුනු බවට පුවත් පත් වල මහා පත හෙඩිම් වැටීම පමණමය.

ආන්ඩුව දැන් හදන්නේ මුක්කිය පරමාර්තේ පැත්තක තබා ජනමාද්දිය මර්ධනයකට සැරසීමටය. ආන්ඩුවට මේ තරම් විවේචන එල්ල වන්නේ, ආන්ඩුවේ ඇති වැරදි නිසා මිස වෙන හේතුවක් නිසා නෙමේය. යහපාලනය කෙසේ වෙතත් නැවත් මර්ධනකාරි භීෂණ යුගයකට රට ගමන් කරමින් තිබෙන්නේය. අමාත්තියන්ස ඇතුලටම ඇවිත් කෙලලා යන්නේය. 

ආන්ඩුව රත් වූ තැටියක් මත බෝම්බ කරේ එල්ලාගෙන ඩිස්කෝ ඩාන්ස් දමමින් ඉන්නේය. ඒ මඳිවාට මරු විකලෙන් දොඩවන්නේය.. තැටියේ රස්නයට බෝම්බ පිපිරෙන්නට ඔන්න මෙන්නය..  

යහපාලන ආන්ඩුවට,
බුදු සරණයි...!!!!
ආමේන්..!!!

53 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. palayan huththo dan bayila gahanne natuwa. Meka thope mongal anduwane.

    ReplyDelete
  3. ඩෙංගු මදුරුවන් මර්දනයට ශාකභක්ෂක මදුරුවෙකු හදුන්වා දීමට පර්යේෂණ සිදු කළ කණ්ඩායමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් පුද්ගලයින්ගෙන් බාධා එල්ල වී තිබෙනවා.

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙවැනි බාධාකිරිම් හේතුවෙන් පර්යේෂණ කණ්ඩායම කළකිරීමට පත්ව ඇති බවයි.

    තමන්ට බාධා එල්ල කරන නිලධාරින් පිළිබඳව ද පර්යේෂණ සිදු කළ කණ්ඩායමේ සාමාජිකයන් නෙත් නිව්ස් වෙත කරුණු හෙළිදරවු කර සිටියා

    ReplyDelete
    Replies
    1. බොහෝ විට වෙන්න පුළුවන්.. මේක ඒ තරම් කාළකන්නි රටක්

      කිරි වලින් රට ස්වයංපෝෂිත කරනවාය කියන කාළකන්නි... ඔස්ට්‍රේලියා නිව්සලන්ඩ් විසිට් දාලා උන් එක්ක ඩීල් දාගෙන අවිත් කිරි ටික ගඟේ අරින කාළකන්නි රටක් මේක.. මන්දපෝෂණය ගැන අඬනවා ඊට පස්සේ...

      Delete
  4. මදුරුවන් එළවීම කිසිදු ආණ්ඩුවකට හෝ පක්ෂයකට සිදුකළ නොහැකි අතර එය සිදුකල යුත්තේ සාමාන්‍ය මහජනතාවයි තම නිවස මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් එය සිදුකළ හැකිය. එයට ආණ්ඩුවට බනීමෙන් පලක් නොවේ ඔබේ ලිපියේ සඳහන් දෙවැනි කරුණ වෙන ආණ්ඩුව මහජනයා ගොනාට ඇන්දවීම නම් සැලකිය යුතු තත්වයකි. විධායක ජනාධිපති අසීමිත බලතල ඇති ධූරයක් වන අතර එය කිසිදු ලෙස අනම්‍ය තනතුරකි. එහෙත් සෙනෙට් මණ්ඩලයට වගකියන ඇමරිකාවේ ජනාධිපතිවරයාද තමන්ට හිතූ පාලන රටාවක් ගෙනයන බව වර්තමානයේ දක්නට ලැබේ. එනම් වසර 22 ක් පවතී ධවල මන්දිර සම්ප්‍රධායන්ද මේ වනවිට බිඳ වට්ටවා ඇත. තත්වය එසේ නම් අපේ රටේ විධායකය ගැන කුමන කතාද ? උමා ඔය නැවත්වීම වැනි කටයුතු වලදී එය සෘජු බලපෑමක් එල්ල කළේය එසේ නොති නම් උමා ඔයේ කඳුළු කතාව නිමවෙන්නේ ඌව පළාතටම ජලය නොමැති වීමෙනි. කෙසේ වෙතත් දීර්ඝ සංවාදයක් ඇරඹිය හැකි මාතෘකාවකයට මෙසේ කෙටි පිළිතුරු සැපයීම ප්‍රමාණවත් නොවන තරම්ය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. @ විචාරක දියණිය.....

      ඔබ මේ සාකච්ඡාව නිවැරදි දිසාවකට තල්ලු කර දැමීමට ගන්නා උත්සාහය අගය කරමි. මූලික කරුනු දෙකක් පිලිබඳ මගේ අවධානය යොමු කරමි.

      1) ට්‍රම්ප් සාධකය:

      මගේ සිතීම අනුව නම්, මේ මොහොතේ ට්‍රම්ප් දේශපාලනය යනු වන් ඕෆ් තත්වයකි. මේ පවතින තත්වය තුල ට්‍රම්ප් යුහුසුලුවන්නේ සුදු ඇමරිකානු ජාතිකත්වයට ලොලිපොප් එකක් නැත්නම් චුවින්ගම් එකක් දී, බහුතර ඇමරිකානු මානසිකත්වය, නාසි මානසිකත්වයකට කොටුකර තබා ඔහුගේ පොට්ට චාන්ස් වසර කිහිපය ගෙවා දැමීමටය. මේ තුලින් මතුවිය හැකි ජන අර්බුද සහ ලෝක අර්බුද පිලිබඳ නිවැවර්දි තක්සේරුවකට එලඹීමට තව කල් ගත්වනු ඇතැයි මම විශ්වාස කරමි.

      2) මදුරු උවදුර..

      ජනතාව වගවියයුතු එක් ප්‍රතිශතයක් ඇත. පාලකයාගේ අකර්මන්‍යතාවය සහ පුරවැසියාගේ නොසැලිකිලිමත්භාවය එක් තාරාදියක දමා බැලුවහොත්, මම එහි වැඩි වරද පටවන්නේ පාලකයාට සහ ඔවුන්ගේ අවිචාරවත් ගොන් පාට් පව් වලටය. ඔබ නාගරික පුරවැසියා සහ අර්ධ නාගරික පුරවැසියා සහ ග්‍රාමිය පුරවැසියා යන කොටස් මේ කුණු උවදුරේදීවත් නිවැරදිව ස්තානගත කරගතහොත්, කවුද වැරදි හෝ කවුරු නිවැරදිද යන්න වටහා ගත හැකි ප්‍රායෝගික ගැටලු රාශියක් හඳුනා ගනු ඇතැයි මම විශ්වාස කරමි.

      ඉදිරි පරම්පරාවේ අදහස් ප්‍රකාශ කරන්නියක් ලෙස, ඔබ වැනි අයගේ අදහස් මතුවටත් මෙලෙසින්ම පවත්වා ගෙන යනමෙන් මම ඉල්ලා සිටිමි. ඔබ "විචාරක දියණිය" ලෙස ඔබටම වූ අනන්‍යතාවයකින් හෙබි ප්‍රොෆයිල් එකකින් අදහස් ඉදිරිපත් කරන්නට පටන්ගත හොත්, ඔබගේ අදහස් වඩා ස්වාධීනව සමාජ ගතවනු ඇතැයි මට සිතේ. ඉදිරි මත දැක්වීම් සඳහා ඔබට එය වඩ වඩාත් ස්වාධීනත්වයක් හිමි කරදේ. ඔබ විචාගේ දියණිය බව සැබෑය. නමුත් ඔබ ඔබම ලෙස දැකීම වැඩිහිටි මිනිසෙකු වන මාගේ ප්‍රාර්තනාවයි. වරදවා වටහා නොගනු ඇතැයි සිතමි. මෙය ඔබගේ අනන්‍යතාවය පවත්වා ගෙන යෑමට දිරි දීමක් පමනි. ස්තූතියි.

      උමා ඔය සංවාදය තව දුරටත් සමස්ත සමාජයම තුල කතිකාවක් විය යුතුවේ යැයි මම සිතමි.

      Delete
    2. උමා ඔයයි...නෙළුම් යායයි .....සයිටමයයි ...තුනම එක වගේ.....බහු විනාශකාරී.....පටන්ගත්ත අයම විරුද්ධ වෙනවා.

      Delete
    3. බෙවන් කොමෙන්ට්ස් හේතුවෙන් තමා බ්ලොග් වල ජීව ගුණය රඳා පවතින්නේ..

      පළවෙනි තර්කය මම කොහෙත්ම පිලිගන්නේ නෑ.. ඩෙංගු මර්ධනය තනිකර ආන්ඩුවේ වැඩක්. එක එකාට ඕන විදියට පුද්ගල සාධක මත පාලනයක් ගෙන යන්න බැරි නිසා තමයි ගල් යුගයේ පවා නායකයෙක් කියන එකෙක් ඉන්නේ. අද එය වඩා ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ඡන්දයක් තුලින් පාලකයින් බිහි කරනා තැනට ඇවිත්. උන් තමයි නීතී සම්පාදනය කරන්නේ සියල්ල කළමණාකරනය කරන්නේ. මේ කාළකන්නි රටේ ඒක රටට ඔරොත්තු නොදෙන තරම් ප්‍රමාණයක්. මිනිස්සු උන් පත් කරනවා මදිවට ජීවත් කරවන වගකීමත් දරනවා. රජය කියන්නේ පාළකයින් පමණක් නෙමෙයි නිළධාරින් සිට කාර්යාල කාර්ය සහායක දක්වා පැතිරුන සංවිධානයක්. අඩු ගානේ උන් ටිකවත් හරියට පාලනය කර ගන්න බැරි උන් කොහෙද රටක් පාලනය කරන්නේ. ඩෙංගු මැඩලන්නේ.. ත්ද බල නීතී රීතී ගෙනවිත් හෝ එය කළ යුතුමයි.. දැන් මෙය අධි වසංගත තත්වයක්... දිනකට මිය යන ප්‍රමාණය සඟවන තරමට වැඩේ දුර දිග ගිහින්..

      ට්‍රම්ප් ගැන කතා කරන්න වෙන්නේ අනාගතයේදී. කෙසේ හෝ ට්‍රම්ප් ජය ගන්නා බවත් මාතලන් කිව්වා.. ඒ වගේම එතෙක් මෙතෙක් ඉතිහාසයේ අසාර්ථකම ජනපති ලෙස ඔහු අතීතයට එක් වේවී.

      Delete
    4. විචාරක දියණියත්, අරූත් දැකීමට ලැබීම සතුටක්.
      /*විධායක ජනාධිපති අසීමිත බලතල ඇති ධූරයක් වන අතර එය කිසිදු ලෙස අනම්‍ය තනතුරකි. */

      මෙය එතරම්ම නිවැරදි මතයක් නෙවෙයි. එය ශක්තිමත් තනතුරක් බව සැබෑය. හැබැයි එය තනතුර දරන පුද්ගලයාගේ දේශපාලන පෞරුෂය මතත්, දෙවන පෙළ (අගමැති හා ප්‍රබල කැබිනට් ධූර ) නායකයින්ගේ දේශපාලන පෞරුෂය මතත් වෙනස් වන දෙයකි.

      හොඳම උදාහරණය ආර්. ප්‍රේමදාසය. ඔහු අගමැති තනතුරට ව්‍යවථාවෙන් ලැබන සීමිත බලතල පරයමින් ශක්තිමත් දේශපාලන චරිතයක් ගොඩනගා ගැනීමට සමත්විය. ඒ ජේ.ආර් වැනි ඉතා ශක්තිමත් දේශපාලන පෞරුෂයක් ඉදිරියේ ය.

      රනිලට නිසි දේශපාලන දැක්මක් හෝ දේශපාලන පෞරුෂයක් තිබුනේ නම්, සිරිසේන ජනාධිපතිවරයාගේ විකාර හැසිරීම පාලනය කරගැනීමට බොහෝ ඉඩ තිබුනි.

      Delete
    5. විචාරක දියණිය,
      //මදුරුවන් එළවීම කිසිදු ආණ්ඩුවකට හෝ පක්ෂයකට සිදුකළ නොහැකි අතර එය සිදුකල යුත්තේ සාමාන්‍ය මහජනතාවයි//

      එතකොට නගරයේ කාණු සුද්ද නොකිරීමෙන් වතුර එකතුවීමෙන් මදුරුවෝ බෝවෙන එකට වරද මහජනතාවද ? ඔබේ නිවසේ ටින් එකක් තුල කියටන් කීපදෙනෙකු සිටින බදුනට දඩ ගහන ප්‍රතිපත්තියක් තිබුනත් පාරේ කාණුවේ මදුරු කීටයන් ලක්ෂගනනක් සිටියත් කිසිවෙක් දඩුවම් විදපු බවක් සදහන් වෙන්නේ නෑ.

      මහජනතාවට පුලුවන්ද නගරසබාවේ කානු සුද්ද කරන්න ? මම සිටින ප්‍රදේශයේ සියලු කානු සිරවී ඇති අතර වතුර ප්‍රධාන මාර්ගයේ සිට මගේ වත්ත සෝදාපාලු කරමින් ගලායයි, දැන් මේ වැහි වතුර මගේ වත්තේ ඉතුරු වී කීටයන් හටගත්තොත් මම දඩ ගෙවිය යුතු ද ?

      Delete
  5. 2020 දී මාතලන් ෙතා්රාගන්නා විකල්පය කවුද?

    ReplyDelete
    Replies
    1. ///2020 දී මාතලන් ෙතා්රාගන්නා විකල්පය කවුද?///

      අර්ජුන් ඇලෝසියස් :D

      Delete
    2. ඌ. ඇම්. පී. තමයි. මගේ ලේවල තියෙන එකනේ

      මීට ගොංතලං

      Delete
    3. සමහර විට අස්ගිරි මහ නා හිමි වෙන්නත් පුළුවන්...

      Delete
  6. දැන් එතකොට අපිද බං මේ ලබ්බ තෝරගත්තේ හිටපු එකා හොඳ නැහැ කියලා

    ReplyDelete
    Replies
    1. අපි තමයි තෝර ගත්තේ... මහින්ද තෝරා ගත්තෙත් අපි... මහින්ද එලෙව්වෙත් අපි... එහෙම කියලා අපි කාගෙවත් වහල්ලු නෙමෙයි... තෝරා ගත්තා වගේ එලවා දමන්නත් බලය තියෙන්නේ අපිට.. මධ්‍යස්තව ඉන්න උන්ට... එහෙම නැතිව වහල්ලුන්ට හෝ ගෝත්‍රිකයන්ට නෙමෙයි...

      Delete
    2. තෝර ගනිං එලෝපං. එලෝපං තෝරගනිං. යකෝ ප්‍රායෝගික වෙයන්. වැඩක් කරපු එකාව එලෙව්වා. වැඩක් කොරන්න බැහැ කියලා ඔප්පු වෙලා තිබිච්ච එකාව තෝරගත්තා. ඉල්ලං කෑවා. අනිත් උන්ටත් කැව්වා. උඹේ නිවහල් කම හොඳයි %$#*&

      Delete
    3. බොලා වගේ යහපාලන මී හරක් මේ රටට කරපු හානිය උඹේ ඔය ගොං කතාවලින් නැති වෙනවද? උඹේ නිර්ගෝත්‍රික සහ නිවහල් උලව්වෙන් වෙච්ච හොඳේ මොකක්ද කියපන්. මහ ලොකුවට කියන්නේ අනාගතය පේනවා කියලා. මස් කඩේට ගෙනියන හරකට පෙනිච්ච අනාගතය උඹලට පේන්නෙ නැහැ.

      Delete
    4. උන් හිටියා නම් අද රටම උන්ගේ.... ඒ පාරත් දින්නා නම් එන්නේ හිට්ලර් වගේ පිස්සෙක්... උන්ට වඩා මුන් දාහකින් හොඳයි...

      Delete
    5. palayan ban boru nokiya.... hari haman nayakayek thora ganna bari umba kohomada ban anawaki kiyanne?

      Delete
    6. හිටපු එකාගේ සාර්ථක වැඩ දැන් ඌම විවේචනය කරන්නේ... ඌ රට කෑවා... මූ නම් චන්ද්‍රිකා වගේ මක්කත්ම කරන්නේ නෑ... ඒක වඩා හොඳයි...

      Delete
  7. ///////විමල් කැටිපෙආරච්චි කම්පිතව පැවසූ පරිදිම "ජීවිතේ කියලා අපි මේ දුවන්නෙ විහිළුවක් පස්සෙන් නෙවෙයිද ?"//////////////////////

    මාතා......මම ඊයේ පෙරේදා ඩෝප් එකක් දාලා මලක් ගහලා නින්දට ගියා....ටෞකන හීනයක් දැක්කනේ බං. ඕං අහගනින් හිටගෙන...

    මංගල මීඩියා මිනිස්ටර් වුනා....ෆර්ඩිනැන්ඩස් මංගලගේ මොකාද වුනා. මරු බං. අර සත්හඬේ කැටපේ ආරච්චි....ඔව් ඔව් පොර තමයි..හිරු එකේ ...සුදේ වලා, රං..ගනලා එක්ක සලකුන කරේ. පොරව නයිටී.එන් එකේ ලොක්කෙක් කරානේ. මරු ආතල් ඕයි. පොර හිරුගෙන් චුත වෙලා, හිරු-නිකා වෙල නයිටියට ගියා. මරු පෑන්ටිය ඕයි. හිටහන්කෝ ඉතුරු ටික කියන්න. මං හිතන් උන්නෙ සත්හඬේ පීප්පි දුමාර නයිටියට චුත වෙයි කියලා. කමක් නෑ කැටෙ හොල්ලගෙන විමල් ගියානේ.

    මචං ...අර කොබ් වෙබ් එකේ එඩිඩර් කෙනෙක් ඉන්නේ මුවන් නෙලු කියලා, පොර පොඩි අයිටම් එකක් ලියලා, අනේ අර හදිසියේ අප අතරින් වියෝවු ප්‍රභාත් වීරරත්න ගැන. මම ඒක කියෙව්ව්ව. පව් බං ඒ හාදයා. මාව වරදවා හිතන්න එපා. කැටේ එක්ක හෙට නයිටියේ වැඩට යන්න ඉඳලා තියෙන්නේ. ප්‍රභාත් පව්. මම ඔහුට ගරු කරමි. හැබැයි මෙහෙමයි වැඩවෙන්නේ.

    මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් වෙබ්-චන්දිම විතානච්චි- නෙළුම්යාය- අජිත් ධර්මා- රුවන් නෙලු- විමල් කැටපෙ ආර්ච්චි- හිරු නාලිකාව-සත්හඬ- දීප්ති කුමාර- මේක තව කොහේ කොහේ හරි ලින්ක්ස් තියෙනවද මන්දා.

    මාතා උඹට එහෙම පුරුක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ... අටමලා, කමියලා, අජිත් ධර්මලා ටොෆිද, බුල්ටොද කියලා හිතා ගන්නවත් බැහැ. මට දාඩීය දාල ඇහැරුනා.

    මචෝ මාතා මම ඔය හීනෙට බය වුනේ මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල. උඹට හීන පේන්නේ නැද්ද බං...

    ප්‍රභාත් වීරරත්න මාධ්‍ය සොයුරාට මතු භවයක හෝ මේ සත්‍ය දැනේවා...ප්‍රභාත්ගේ අකුරෙන් මලු පුරවාගත් උන් ,උගේ දරු පවුලට පිහිටක් කරපල්ලා. තොපිට ජය. මාතා... හීනයක් දැක්කොත් මටත් කියපන්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක ලියන්නෙත් නැති එකේ කොහෙ කොහෙ හරි මේ වගේ කමෙන්ට්ස් වත් දානවනම් කියන්න,අපිටත් ගිහින් කියවන්න

      Delete
    2. ඇත්තටම අද බලයෙන් ගිලිහිලා ඉන්නා රජ නඩයටත් මේ වගේම මාර නඩයක් සහ මේ වගේම අං එක්ක ජරාව ගිලපු සෙට් එකක් ඉලෙක්ට්‍රොනික්, ප්‍රින්ටින්, බ්ලොග් ඇතුළු සෝශල් මීඩියා එක අස්සේ ඉන්නවා. උන් සහ මුන් කරන්නේ එකම වැඩේ. වමාරගන්න හැටි සෝදිසියෙන් බලන් ඉන්න. සමහරු දෑකැති ගිලලා. සමහරු අලි, පුටු, අත්, එක්ක බුලත් විටට කොටලා කාලා. ජනතාව පඩික්කම් වෙලා.

      Delete
    3. මට පේන්නේ ඊට වඩා අති දරුණු හීන... අනික මම හිතන්නේ මට අනාගතය පෙනෙනවා... ඒකයි මම ඕකුන්ගෙන් අයින් වෙලා ඉන්නේ...

      ඔය හැම එකාම අපිට බයයි... ඒක මම අත්දුටු දෙයක්

      නිදහසේ සිටීම මෙන්ම සිතීම හිතට මෙන්ම ගතටත් මාර නිදහසක්...

      Delete
    4. අරුන පෙරේරා - අජිත් ධර්ම හීනෙනුත් පෙනෙනවද ? රුවන් නෙළුව නම් ඊයේ පෙරේද හම්බ වුණා. නිකම් පිස්සු නැතිව ඉඳපන් බන්. අර කමිය උඹට ඇත්ත කිව්වේ, ඒකෙන උඹ දාල ගියේ බ්ලොගේ නේද? මංගල සමරවීර කියන එකා මම දැකල තියෙනෙන් ෆොටෝ වල විතරයි.

      Delete
    5. //මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් වෙබ්-චන්දිම විතානච්චි- නෙළුම්යාය- අජිත් ධර්මා- රුවන් නෙලු- විමල් කැටපෙ ආර්ච්චි- හිරු නාලිකාව-සත්හඬ- දීප්ති කුමාර-// මගේ නම තියන නිසා මේ අරුණ පෙරේරාට පොඩි මතක් කර දීමක් කරන්න යන්නේ. අර කමිය කරපු එකමයි. ඔන් අර සරසා දොස්තර මහත්තය වගේ අරුණ පෙරේරාත් හොයා ගත්ත චන්දිම විතාන අරච්චිට ඉන්ටර්පෝල් වරෙන්තුවක් තියනවා කියල. ඉතින් මතක ඇති අජිත් කියල එකෙකුට ඕක ගැන කෝල් කරලා කියනව අරුණ පෙරේරා . ඉතින් ඒ අජිත් කියන එකා නෙළුම් යාය යි අරකයි මේකයි ඔක්කොම් අත ඇරලා පැත්තකට වෙනවා. එතකොට ඉතින් මාතලන් ඇතුළු කිහිප දෙනෙකුට විතරයි සම්මාන දීල තිබ්බෙත්. ලොකු ගැම්මකුත් නැහැ. වැඩේ ක්ලෝස්. හැබැයි ඉතින් අර කමිය කිව්වා වගේ - ලංකානිව්ස්වෙබ් එකේ හන්දියක් ගැන කොලමක් යනවා. මෙන්න ඒ කොලම ගැන කොළඹ ගමය ලියපුදේ.
      චූ ගියේ හන්දියේ ඊට පස්සේ අජිත් ධර්ම කියන එකා කල්පනා කරනවා මොකද යකෝ මූ මට එපා කියල මූ එතන ලියන්න යන්නේ කියල. පස්සේ ටිකක් හොයල බලන කොට චන්දිම විතානාරච්චි (ඔන්නොහෙ වැඩක් නැහැ ) . කෝල් එකක් චන්දිමයට දීල කියනවා හරි දෙවෙනි පාරටත් බ්ලොග් සම්මාන උළෙල කරමු කියල. ඉතින් පොතේ හැටියට මෙතැන අවංක මෝඩයෝ තුන්දෙනෙක් ඉන්නවා. අජිත් , කමිය සහ ඉයන් කියල. හැබැයි මේ අවංක මෝඩයෝ තුන්දෙනාම ආඩම්බර වන දෙයක් තියනවා බ්ලොග් සම්මාන තුනක් කලා කොහොම හරි. සම්මාන ගත්ත වුන් ගේ නිරහංකාර සාඩම්බරය සතුට අපි දැක්කා. අපිට ඒ ඇති. ඔය අරහේ මෙහෙ ලින්ක් අරව මේවා. ඕව බයිලා හලෝ. මංගල සමරවීර තමයි ඒ දවස් වල දීප්තිට මාතොට සඟරාව කරන්න දෙන්නේ. ඕක තමා සම්බන්ධ කම. රුවන් නෙලූ ඇතුළු ඔය ඔක්කොම පරණ ජවිපෙ සහෝදරවරු නේ.

      Delete
    6. // මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් වෙබ්-චන්දිම විතානච්චි- නෙළුම්යාය- අජිත් ධර්මා- //


      ජීවත් වෙන්න, සල්ලි හොයන්න මිනිස්සු කියලා කියාගන්නවුන් කරන් දේවල්.... ඊය හලෝ!

      Delete
    7. නැචුව නැචුව සරසා තුමෝ. හරියට හරි. පත්තර මාෆියාව පත්තර මාෆියාව , අර දුමි සල්ලි ගෙවන්නේ නැහැ කියල පත්තරේ වැඩ කරන වුන්ට පඩි නැහැ කියන කතා , අල..ගෙවන්නේ නැහැ පඩි නැහැ කතා හෙම අමු බොරු. මම නම් උදේ ට වැඩට ගිහිල්ල හවසට ගෙදර එන එකත් නිකන් ආසාවට කරන්නේ. පත්තර වලින් හම්බ වෙනවනේ නහුතෙට. හේ හේ මේ කොමෙන්ටුව ලියන්නෙත් වැඩ කරන ගමන්. නිකන් නේ ඉන්නේ. හේ හේ :)

      Delete
    8. මෙන්න මේකේ තියෙන විධිහට හෙටානිද්දට රුවන් නෙළුවා ඇතුලට යයි වගේ.
      http://sinhala.lankanewsweb.net/news/item/9673-2017-07-10-07-56-25

      Delete
  8. වියරු ඒකාදිපතියා නාට්‍ය ඉවර වුනා ඉවරයි කීවට මතුසම්බන්ධයි ද දන්නෑ. කොඳු නැති අමනයෝ දැන් විකාශනය වෙනව . මොනව උනත් අපි නාට්‍ය බලනව

    ReplyDelete
    Replies
    1. මේක නාට්ටියක් නෙමෙයි... කෝලමක්...

      අපේ ආච්චි නම් මේවට කීවේ විගඩන් කියලා හිටන්

      Delete
    2. ..../////අපේ ආච්චි නම් මේවට කීවේ විගඩන් කියලා හිටන්////////

      විගඩං නෙමේ බං මේවා ජහුටා...... සෙට් එකක් දෙබස් කියනවා..අනිත් සෙට් එක රඟනවා. දෙබස් කියන එවුන්ට වැරදුනොත් රඟන එවුන්ට හිකෙනවා. උඹ ජහුටා බලලා ඇතිනේ. ජහුටා අපේ සංස්කෘතික අංගයක්. ඒකට අපි ගරු කරනවා. නමුත් මේ පාන්ඩුවෝ ජහුටා අවුරුදු හැත්තෑවක් තිස්සේ නටනවා.

      Delete
  9. දැන් මේ 'යහපාලනය' හරියට අර ගස් දෙබලේ හිරවෙච්ච හිවලා වගේ. ..හාවො විතරක් නොවෙයි, හුනෝ, කැරපොත්තෝ වගේම ඔහේ ඇදී ඇදී ඉන්න ගඩවිල්ලොත් ඇවිත් පිටිපස්සට කෙලිනවා.

    ඔය සෙල්ලම මුලින්ම පටන්ගත්තේ මිනී සංගමේ (GMOA) සත්තු ටික. ඊටපස්සේ අන්තරේ මී හරක් හා කහකඩයෝ ගේමට සෙට් වුනා.

    හිවලත් මීක් කියන්නේ නැතුව පස්ස දීගෙන ආතල් මූඩ් එකේ ඉන්න නිසා වට පිටාවේ විතරක් නොවෙයි හතර වටේම ඉන්න අතපය කැඩිච්ච එව්වො පවා පෝලිමේ ඇවිත් හිවලට ගේම දෙනවා.

    මේකෙදි, දීගෙන ඉන්න එකාට කොහොම වෙතත් කෙලින එකාටත් වඩා ආතල් එකක් තියෙනවනේ, පැත්තක ඉඳන් කෙළවන එකාටයි.

    ReplyDelete
    Replies
    1. මේහ හිවලට ගේම දීමක් නෙමෙයි.... අර ගස් දෙබලේ හිර උන කොටියට හිවලා දීපූ ගේම..

      වෙලාවක උන්නැහේ පත්තරෙන් දකී හෙඩ් ලයින් එකේ වේලෙන්නත් කලින් පත්තරේ වැටුනාම...

      Delete
    2. ඔව් මචෝ, ඔරිජිනල් ඉස්ටෝරියෙ නම් දෙබලේ හිරවුනේ කොටිය තමයි...

      එත්, මේ ඉලව් 'යහපාලානේ' හා ඒක කොරවන ලාංතරස් මොංගල් ඩබලට වඩා කොටියා රෙස්පොට් පොරක් නිසයි, කොටියා වෙනුවට හිවලව දෙබලේ හිරකොරේ.

      එත් මචං, හිවලගෙත් මුන්ට වඩා පොඩි ඉන්ටලිජන්ට් ගතියක් තියෙන නිසා ඌව මේ සීන් එකට අරගෙන, උගේ ටිංකිරි ගෑවෙන්න ඉඩ ඇරිය එක ගැනත් හිතට පොඩි මෙව්වා එකක් තියෙනවා.

      Delete
  10. Oh my god! what mad post this you pu Matalan frend. I very sad about you now do things. Dengu is disees. Dengu there past garment periad also. Mahinda cant do any things to this that periad too. Garment do all things to stop dengu all time. Yahapalane not bad it run forwerd too. No chans to mahinda theef agane. Please no blame to prasident Mithri. Priministar also good man. He do all things to take the new constiution.
    Garment now try all to give anser to gabege crisis. All cant do one time very fast. There going some time to come resals. So please write carefull no huryup wrong talk. Who tel any things garment do all things to dengu destoy. The hony suk mosqito solusion the most goodest solusion. This garment no change ever too.

    ReplyDelete
    Replies
    1. very true... this id not a Government
      this is a closed Garment...

      Delete
    2. suck my dick

      Delete
  11. මාතේ,

    දැන් වෙන දේවල් බලපුහම මේ ආණ්ඩුව කරලා තියන හොරකම් කොච්චර වැඩිද කියල කියනවනම් හොරකම් කරපු ආණ්ඩුවම තමන්ට දඩුවම් දෙන්න තරම් තත්වයකට පැමිණිලා තියනවා මොකද දැන් සියලු දෙනා ට ප්‍රත්‍යක්ෂ ලෙස තේරිලා ඉවරයි මහබැංකු හොරකම. හැබැයි උබට කියන්න දෙයක් තියනවා මහින්දට තවම එකම දුෂණ චෝදනාවක් පුද්ගලිකව කිසිම අධිකරණයක එල්ල වෙලා නෑ (ඔහුගේ පවුලේ අයට චෝදනා එල්ල වීම වෙනම කතාවක් ) මෙනිසා කෙනෙකුට කියන්න පුළුවන් අධිවේගී මාර්ගවලින් ශත පහක් හොරකම් කලේ නෑ කියල, උබට මතකද පාටලී චම්පක රණවක (ඔව් අර කොල්ලව හප්පලා තමන්ගේ රියදුරුව අල්ලලා දීල පසුව CCTV දර්ශන පුදුම සහගත ලෙස මැකීගිය, සීන් එකට අදාළ ලොක්ක ) කිව්වා තාක්ෂණික විගණනයකින් ඕව සොයන බව, ඈ යකෝ කෝ ඒ තාක්ෂණික මෙව්වා ඒක ?

    ReplyDelete
    Replies
    1. ලංකා

      මට පේන්නේ හොරු අල්ලන්න ආපු සෙට් එක හොරුන්ට කලින් කූරූ ගනින්න යයි වගේ...

      මහින්ද ආවොත් හෙම මුන්ගේ ඇට වලින් එල්ලන්නේ..

      Delete
    2. මාතා,

      මයිත්‍රී ලොක්කගේ වලිගෙ ගිනිඅරගෙන වගේ තමයි දැන් කතාව, මම අහගෙන ලොක්ක කියනවා රජයේ සේවකයන්ට අවදානමක් ගන්න ඕනේ කියල, නැත්නම් වැඩක් නෑලු, මට මේක කියනකොට මතක් උනේ දොස්තර නිලංග සමරසින්හව , ඔහු කුඩු ගෙන්වන ප්‍රදාන අයගේ නම් කියනවා කිව්වා විතරයි ඔහුගේ ආරක්ෂාව ඉවත් කළා හැබැයි අගමැති කිව්වා ඔහුව ඉවත්කර නැති බව හැබැයි වෙන කෙනක් පත්කරලා තිබුන, ඔහුට තානාපති කර්යාල වල සහය ගන්න උනා ජිවිතේ බේරගන්න අන්තිමේදී අද ඔහු ඉන්නේ කොහෙද කියල දන්නේ නෑ.

      මේ වගේ සෙවල වැඩවලින් මයිත්‍රී කියන්නේ නිකන් කයිවාරු කාරයෙක් විතරයි.

      Delete
  12. ඩෙංගු වගේ ලෙඩ රෝග රට පුරා පැතිරෙන එකෙන් තමුන්ගේ මල්ල පුරවාගන්න ලොකු ලොක්කෝ සෑහෙන්න අපේ රටේ ඉන්නවා මාතලන්.. උන් මාර හැපී ඩෙංගු වගේ ලෙඩ ඔලුව උස්සනවට.. මොකද එව්වා පස්සේ එන ඩොලර් කුට්ටි වලා රස එයාල දන්නවා.. ඒ නිසා ඔව්ව මිනිස්සු විසින් පාලනය කරගත්තොත් ඇරෙන්න ඉහලින් නම් පාලනය වෙන එකක් නැහැ.

    යහපාලන ආණ්ඩුව තවදුරටත් විකට්ටුවේ රැඳී ඉන්නේ ලංකාවේ දේශපාලන වේදිකාවේ වෙනත් විකල්පයක් තවම හොයාගන්න නැති නිසයි. ජනතාව ජවිපෙට අවස්තාවක් දිය යුතුයි කියන මතයේ හිටියත් සයිටම් ප්‍රශනය ඇතුලේ ජවිපේ භූමිකාව සහ අනුර කුමාරගේ බිරිඳගේ පුත්‍රයාගේ විස්තර හෙළිවීම නිසා ජවිපෙ තමුන්ට කන්න තිබ්බ පාන් කෑල්ලේ වැලි දාගත්ත කියලයි මගේ අදහස.. ඔන්න මාතලන් අර ඔයාගේ ජනප්‍රියම දේසපාලන චරිතේ විකල්පයක් විදිහට රට පාලනයට සුදුසුයි කියල මාව හිනස්සලා මරන්න නම් එපා...

    ReplyDelete
    Replies
    1. ජෙප්පන් ගැන තිබූ බලාපොරොත්තු නම් අහවරයි... උන්ට විකල්ප නෑ.. ගල් යුගයේ ජීවත් වෙන්නේ... එහෙම බැලුවම ඊළඟ වතාවටත් මේ කැඳ හැලියම හොඳා වගේ...

      Delete
  13. මතකද මන්ද අර යාලුඑවෙක් අපට කිව්වේ රනිල් ඉන්නේ අවුරුදු දෙකයි කියල. දැන් දෙකට වැඩියෙන් පොඩ්ඩක් ගිහින්. ඉතිහාසයේ කුණු බක්කියට යන්න කලින් මොනවා හරි කරන්න කියල අත හැරලා යයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එය කරන ලබ්බක්... රනිල්ට බෑ.. එච්චරයි... ඉතා සරළයි...

      Delete
  14. මහින්දල ආයෙත් එයි කියල යංතං හරි හිතන කෙනෙක්,උන්ට විරුද්දව කිසිම දෙයක් කරන්නෙ නැහැ.මොකද තමුන්ට සලකන අයට සලකන්නත් විරුද්ද වෙන අයව එලොව යවන්නත් මහින්දලට ටොයිස් වැඩ.මේ වැඩෙන් වුනේ යහ පාලනේට කඩේ ගිය උන් අසරන වුන එක විතරයි.මුලදිම මහින්දලාට කරන්න ඕන දේ කරල සුද්ද කරගත්ත නම් මයිත්ත්‍රීලට මෙහෙම වැනි වැනි ඉන්න වෙන්නෙ නැහැ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න