.

.

Jul 5, 2017

වසන්ත සිරි වටගොඩ හා කුකූ - Cockoo & Wasantha


"වසන්ත සිරි වටගොඩ", අම්මට සිරි ලංකාවේ කවියට ආදරේ කරන උන්ට වසන්ත සිරි කියන්නේ නුහුරු නමක් නෙමෙයි. වෘත්තියෙන් ලෝයර් මහත්තෙක්, ඌ, උගේ කවි සිතත් අරගෙන සෙයිලමට එනවා. ඒත් ටික කලකින් සෙයිලම ගැනයි කඳවුරු ගැනයි කළකිරිලා ආයෙත් ගම්පොජ්ජ වෙච්චි අනුරාජපුරේට සැපත් වෙනවා. කවියෙක් කියන්නේ සුන්දර මනුස්සයෙක්. ඒ නිසා උගේ අදහස් අළුත්ම ආකාරයකින් බුකියෙන් එනවා.. මාතලන් ඒවට කියන්නේ "කුකූ කවි" කියලා.

 ඌ දැන් පයුරු පාසානම් පවත්වන්නේ "කුකූ"ත් එක්ක. පොරගේ තනි නොතනියට ඉන්නේ කුකූ. ඉතින් ඌ කියන්න තියෙන හැම දෙයක් මේ කුකූ හෙවත් ආදරණීය කුක්කට තමා කියන්නේ. ඒවා එනවා බුකියට. මාතලන් මේ සොඳුරු මනුස්සයා තාම හමුවෙලා නෑ. දවසක හමුවෙන්නම ඕනා. ඒත් මාතලන් වගේම ඔහේට උන්නැහේව බුකියෙන් හම්බ වෙන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් ගියාම..

<<වසන්ත සිරි වටගොඩ>>

මේ වසන්ත අද තැබූ සුන්දර සටහනක්.. ඌ කවියෙක් නිසා කියන්න ඕන මහා දිග කතාවක් කෙටියෙන් පෙලගස්සනවා.. කවියෝ කියන්නේ එහෙම බලගතු බලයක් තියෙන සෙට් එකක්.. 

කුකූ..අපිත් එකයි මේ ආන්ඩුවෙයි පාන්ඩුවෙයි ඉන්න එවුනුත් එකයි..

අපි සෙට් එකම අර සර්පයාගේ නවල් එකේ කියනවා වගේ ලබ්බේ තොවිලයක් නට නටා ලබ්බකිං තව ලබ්බකට යනවා මිසක ලබ්බෙං එලියට එන්ඩ හදන්නෙම නෑ...


මහ බැංකු කේස් එක ආවා නැටුවා තොවිලයක්..ඒක ගානට විසදලා නට නටාම ඊ ලග ලබ්බට ආවා..


නාමල් ලා බැසිල්ලා වීරවංශලා කුක්කෝ වගේ අල්ලලා කූඩු කලා..කේස් එක පුල් සොල් කලා වගේ හොද අඩව්වක් අල්ලලා නානසාරභිවන්දනාවට නෙලලා ගං වතුර බීතිකා දෙකකටත් හොද තොවිලයක් මීතොටමුල්ල කුනුකන්ද මූදට වීසි කරලා සයිටම් දහයක් දොලහකුත් හදලා තියලා උමා ඔය දිහාට ආවේ බඩ පිනුම් ගහගෙන ඔක්කම කස්තිරං අල්ලගෙන...

දැං ඊලග තොවිලේ නටන්ඩ ලබ්බක් හොයා ගෙන මහනායකලා හොයාන යනවා...


ලබ්බකිං ලබ්බකට අපි හැම දාමත් නට නටා යනවා මිසක මේ තොවිලේ ඉවර කරන්ඩ එකෙකුටවත් වගේ වගක් නෑ...


කවුරු හරි ඔය ජාතියන්තර සංවිධානෙකිං අපි ප්‍රශ්න විසදන විසදිල්ල දැකලා වැඩි දුර උපදෙස් ගන්ඩ කතා කලොත් කියහං මං අගහරු ලෝකෙට ගියා කියලා - 

මෙහේ තියන ප්‍රශ්න මදි වෙලා එහේ තියෙන ප්‍රශ්න විසදන්ඩ...

මේ තා එකක්

මං වැරදිලා හරි ලංකාවේ ජනාධිපති වුනොත් මං මාසෙං මේ රට හදන්නේ...

01. අස්ගිරියේ මල්වත්තේ ඉන්න උන්නාන්සෙලාට විධායක නෙවෙන ( නාම මාත්‍ර ) ජනාධිපති කම දෙන්නං කියලා එයාලට අයිති සූටි සූටි ඉඩං ටික අරං සෙනිකව විකුනලා දානවා..

02. කැබිනට් එකට ගන්නේ අඩුම 10 යි කියලා එක එකා ගෙං කෝටි පහ ගානේ එකතු කර ගන්නවා..

03.විපක්ෂ නායකකම හරි තියාන නා ගන් නැතුව ඉදපාං කියලා මහින්දයා බය කරලා ඌ නැති නාස්ති වෙන විදියට උගෙයි, බැසිල්ගෙයි,නාමල්ගෙයි ගෝඨාගෙයි තියෙන සකල සේසතම මගේ නමට ලියා ගන්නවා..

04. අගමැති කම දෙන්නං කියලා රනිගවත් බය කරලා මෑන්ගෙනුත් කීයක් හරි කඩා ගන්නවා...ඉල්ලන ගාන දුන් නැත්තං පුකට පයිං දෙකක් දීලා අපේ "Pandula Nayana Bandara" මලයා අගමැති කරනවා..

05.ඉන්ඩියන් ප්‍රයි මිනිස්ටර්ට කෝල් එකක් දීලා ලංකාව ඉන්දියාවේ 25 වෙනි ප්‍රාන්තය විදියට ඉන්දියාවට පවරලා දෙනවා...

06. ඔස්ට්‍රේලියන් ප්‍රසිඩන්ට කෝල් එකක් දීලා මායි කුකුයි එහේ තියෙන අක්කර 50 ක විතර ඉඩං කෑල්ලක් අරං එහෙට ගිහිං ඇපල් වත්තක් අරං 
උඩ පැලක් ඒම ගහ ගෙන පොඩි පහේ පැපොල්වගාවක් දාගෙන ඔස්ට්‍රෙලියාවටම පැපොල් විකුනනවා..


07. ඔතනිං අක්කරේක විතර හරක් පාම් එකක් පටං ගන්නවා..ඒ හරහා ලංකාවට කුක්කු පිටි එවනවා.. ඇපල් එවනවා..පැපොල් එවනවා.. බැරිම වුනොත් පුන්නක්කු ටිකක් හරි එවනවා...

සුන්දර කවියත් තාම ඉන්නවා... මේ දැන් ඌ උණු උණුවේම දැන් දාපු කවියක්...


අම්මා..

තටු සලා එතෙර වනු බැරි
බිදුනු තටු පිරිමදින්නට ඇති...
කූඩුවේ කොනම හංගා
දරු පැටව් රකින්නට ඇති..
කිචී බිචී වත්ම නොකියා
නිදන්නට බල කරන්නැති..
සා දුකින් එවුන් හඩතැයි
වමාරා කවන්නැති..

සද එලිය නවත්තා
කූඩුවේ සිදුරු වහන්නැති..
වැහෙන් නැති සිදුරු ලග 
අත් තටු සිද දමා
ඒවයෙන් වහන්නැති..

සද එලිය ගගක් වී
අයාලේ ගලන්නැති..
ප්‍රේමයෙන් උජ්ජලිත
කවියො කවි ලියන්නැති..


එකම තැන ගල් ගැසී
නුඹ දෙසම බලා උන්
පෑල දිග අහස් කුස 
රතු පැහැති හද පලුව
නුඹට නොපෙනෙන්න ඇති...


උඩ්න් පල්ලින් පෙනුන තාරකා
පිපිරි පිපිරී බිමට වැටෙනකොට
ඇතැම් විට කූඩුවෙන් බිමට පැන 
දුවන්නට සිතෙන්නැති..


යා යුතු මගක් නොදැන 
ඔහෙම ලැග ඉන්න ඇති..
ගොර බිරම් හඩ පපා
සර්පයා එන්න ඇති..
නුඹෙ එකම සිහිනයත් 
උෘ රැගෙන යන්ට ඇති...

- x -

27 comments:

  1. තෑන් යූ මාතලන්..!

    ReplyDelete
    Replies
    1. කුකූට කීව්වැයි.. ගනන් ගන්න එපා මචෝ... මේවා අපේ යුතුකම්

      Delete
    2. සිහින ක්ෂණිකව බොඳ කරන්න සමාජයට පුළුවන්

      Delete
    3. ඒවාට බිය විය යුතු නෑ..

      එහෙම උනා නම් අද මාතලන් කෙනෙකුත් නෑ

      Delete
    4. හොඳ ලස්සනයි මචෝ.

      Delete
    5. ලස්සන මනුස්සයෙක් අජියෝ

      Delete
  2. මාතලන්ගෙ පොටෝ කෑල්ලක් ඉල්ලලා නෝනා කෙනෙක් ඩෙඟා නටනව දැක්කා බුකියෙ :D

    ReplyDelete
    Replies
    1. කාලෙකට ඉස්සර නළුවෙක් කියලා හිතාගෙන එකෙක් හිටියා තිස්ස විජේසුන්දර කියලා අන්නැ ඌගෙ පොටෝ එකක් හොයලා දියන් ඒකිට මොකද ඔක්කොම වැඩ එකා වගේ හින්දා

      Delete
    2. බලහන් බන් වයසට ගිහිල්ලත් බේරිල්ලක් නෑ නේ..

      මම කල්පනා කලේ පොටෝ නොදා කෙලින්ම නෝනා හම්බ වෙන්නම යන්න...

      Delete
  3. ,ජයවේවා ...

    ReplyDelete
  4. කුකූගෙ පින්තූරයක්?

    ReplyDelete
    Replies
    1. කුකූගේ බලු පූට්ටූ පොටෝ එකක් තියේ..

      දෙන්නෙයි...?

      Delete
  5. ස්තුතියි ඔබට බෙහෙවින්ම .....

    ReplyDelete
  6. කුකූ වගේ ආදරනීය බල්ලෙක් එක්ක සංවාදය ගොඩ නැගීමම, වසන්ත කෙරූ හොඳ දෙයක්. ඒ ආදරනීය කුකූට හිතෙනවා ඇති බල්ලන්ට ලියන්න බැරිවෙච්ච එක ලොකු දෙයක් කියලා. නැත්නම් කුකූ මිනිස්සුන්ට ලියන්නත් පටන් ගනියි. වසන්ත.....කුකූටම කියපන් සහ ලියපන්. මිනිස්සුන්ට ලියලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ අයියෙ අර අවුල් වන්නට පෙර සීරීස් එක අමතක ද? ඒක ලියල යන දේවාලෙක යන්නයි තියෙන්නෙ. ඕං ආයේ නොකීවැයි කියන්නෙහෙම නෑ හරිය?

      Delete
    2. මේ මචෝ උඹ අපි වගේ මහ් පොලොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු...

      ආතල් බුවා දැක්කේ නෑ කාලෙකින්...

      Delete
  7. මුන්ට කියනවට වඩා හොඳයි තමයි, 'කුකු' ට කියන එක.

    ReplyDelete
    Replies
    1. බල්ලොත් අප්ෂෙට් යනවා මුන්ගේ වැඩ දැක්කාම

      Delete
  8. වටගොඩ එල කොල්ලෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. වගෙයි නෙමෙයි... එහෙම්මම තමයි...

      සුබ මංගලම් කිව්වා උඹට....

      Delete
  9. මගේ ප්‍රන්තේ එකෙක්නෙ

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා... උඹේ ගිනි පිඹපිය කතාවේ පොරක් තමා

      Delete
  10. හමුවිම සතුටක් ....කියවිම නිවනක්.....ඔබ ලියනඑක වදනක්.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න