.

.

Oct 13, 2016

යහපාලනේ අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.. - Yapalana Funeral will be notified later



ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්‍රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ.

මෙවන් පොට්ට චෑන්ස් වලින් රජා පත් වූ අවස්ථා කීපයක් අපේ ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේද ඇත්තේය. ඒ, ඩී බී විජේතුංග හා සුභ නම් දොරටුපාලයාගේ පාලන සමයන් වලය. ඇත්තෙන්ම වත්මනෙහි අම්මට සිරි ලංකාවේ දේවල් සිඳුවන ආකරය කිසි අඩුවක් නැතිව සමාන කල හැක්කේ, සුබ සහ යස සමයමටම මිස වෙන කිසිවකට නම් නොවේ. ඒ කතාවේ මෙන්, වත්මන් පාලකයාද, බලයෙන් පහවූ පාලකයද, පෙනුමෙනුත් එක සමාන බව ඔප්පු වී අවසානය.

මහින්ද මහත්තයාද සුද්දන්ගේ රටවලදි සුද්දන්ට ආතල් දුන්නේය. මෙහේ ඇවිල්ලා ගැලරියට ආතල් දුන්නේය. මෙයා කරන්නෙත් ඒකමය. මහින්ද මහත්තයාට මුල අමතක උනේය. මෙයාටත් වෙලා තියෙන්නේ ඒකමය. මහින්ද මහත්තයා දරුවන්ට පිස්සු කෙලින්න දුන්නේය. මෙයා කරන්නේත් ඒකමය. දැන් එයා රජ පුටුවේ තියපු පිරිස එයාගේ හතුරන්ය. මම කාටවත් බයත් නෑ "මම කාටවත් වග කියන්නෙත් නෑ.." කියන්නේ ඒ නිසාය. මේකට කියන්නේ මාන්නය කියාය. මාන්නය ඉහට ගහපු පසු යථාර්තයවත්, සාධාරණත්වයත්, නීතියවත් පේන්නේ නැතිය. හිතන්නේ සියල්ල දත් කියලාය.

සියල්ල තම සිතුම් පැතුම් වලට අනුව පමණක්ම සිඳු විය යුතුය. නීතිය එයයි.

මාතලන් නම් මුල සිටම කීවේ, මුන්නැහේ කෙලින්නේ අමු පිස්සුමය කියලාය. ගහන්නේ වැල් බයිලා කියලාය. මුන්නැහේට තබා රනිල්ටවත් කිසිම විෂන් එකක් තියා මිෂන් එකක්වත් තිබුනේ නැතිය. දැන් ඇත්තේත් නැතිය. රටේ ජනතාව මෙන්ම බලාගෙන ඉන්නේ, මොකෙක් හෝ ඇවිත් ගොඩ දමාවී කියලාය. එතකන් තියෙන ටික හොරා කනවාය. මේ සම්මුති ආන්ඩුවත් අමු පිස්සුවක්ම බවත් මාතලන් කීවේය. අපේ මිනිස්සු හවුලේ කැඳත් එපාය කියන්නේ නිකන් නෙමේය. එමෙන්ම සම්මුති ආන්ඩුව පිහිටුවීමෙන් පසු රනිල් ආයෙත් ඉල්ලගෙන කනවාමයි කියලා මාතලන් ඉර හඳ කියනවා වාගෙම අනාවැකියකුත් කීවේය.

රනිල්ට තිබුනේ කුමන හෝ පක්ෂයක තමන් හා එකතු වීමට කැමති පිරිසක් සමඟ එකතුවී මැති ඇමති කම් 30 පමණ දී, ජනතාව ඉල්ලු පාලන ක්‍රමයක් ලබා දීමය. එහෙත් දෙපිරිසම කලේ එය නොවේ. එයින් සිඳු වූයේ අය වැයෙහි ගෙනා ඉතා හොඳ යෝජනා පවා වැඩවසම් රෙදි බැනියම් කරුවන් හමුවේ අකුලා ගන්නට සිඳු වූ එකය. සිරිසේන මුල සිටම ආන්ඩුවට අන්චි ඇද්දේය. බස්නාහිර මහ ඇමතියාද, මහින්ද අමරවීරද, ඩිලාන් පෙරේරාද යොදා ආන්ඩුව පටන් ගත් දිනයේ සිටම කලේ ඒ දෙයය. කොටින්ම මහින්ද සමඟ එකතුව එජාපය එලවන බව පවා කීවේය. සෝමරත්න දිසානායකගෙන පටන් ගෙන දුමින්ද ඇර අනික් කුඩු කාරයන් සියළු දෙනාද, සෙල්ලම් පිස්තෝල කාරයෝද, රටම ගඳ ගස්සන කීරිති වර්ණකුලසූරියලාද, පට්ට ජාතිවාදින් වන ගාමිණි සුමණසෙකරලාද රෙද්ද අස්සේ දාගන්නේ කිසිඳු හිරිකිතයක් නැතිවය. සිරිසේන එසේ කලද, රනිල් තමන්ගේ මහත්මා කම ප්‍රදර්ශ්ණය කොරන්නට ගියේය.

සිරිසේන කියන්නේ මහින්ද කල සියළු දේ අනුමත කරමින් ඒ ක්‍රමය තුල ඉතා යහතින් වැජඹුන පුද්ගලයෙක් මිස වෙන කිසිවකු නොවේ. ඔහු සිහිණ දැක්කා නම් දකින්නට ඇත්තේ තවත් ගාන්ධි කෙනෙකු හෝ නෙල්සන් මැන්ඩේලා කෙනෙකුන් වීමටවත්, තවත් ලී ක්වාන් යූ කෙනෙකුන් හෝ මහතීර මොහොමඩ් කෙනෙකුන් වීමටවත් නොවේ. කවදා හෝ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකුන් වීමට පමණි. මහින්ද ළඟ උන් සියළුම පිරිස, එනම්, දේශපාලුවන් හා නිළධාරින් පමණක් නොව ඔහුට හිතවත් ජඩමාද්දියවේදින් මෙන්ම වෛද්‍ය සංගමය පවා පතන්නේ ඒ කුණු වූ ගඳ ගසනා කාළකන්නි මජර වැඩවසම් පාලන ක්‍රමය මිස වෙන කිසිවක් නොවේ.

මෛත්‍රිගේ කතාවේ අන්තර්ගතය වෙන කිසිවක් නොවේ. ඔහුට අවශ්‍ය යහපාලනයක් නැතිය. ඔහුට අවශ්‍ය වන්නේ චීෆ් ජස්ටිස් එලෙව්වා වාගේ ක්‍රමයක්ය. ඒය මොකා කලද අනුමත කල හැකි දෙයක් නොවේ. අමුම අමු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයකි. මිනිමැරුම් චෝදනාවන්ට අත් අඩංගුවේ සිටිනා නිළධාරින් මාස ගනන් එසේ සිටීම ඔහුට ගැටළුවක් වන්නේත්. නීතී කරයුතු පමා වීම ගැටළුවක් වන්නේත් ඒ නිසාය. ඔහුට අනුව ඒවා පොලිටිකල් ගේම්ය. එසේ නම් රටේ රාජ්‍ය නායකයා විදියට ඔහු කල යුත්තේ කුමක්ද? නීතී ගරුක ජනතාව එදා සිට ඉල්ලන විශේෂ අධිකරණයක් ඒ වෙනුවෙන් පිහිටුවා නීතීමය ක්‍රියාදාමයම් කඩිනම් කිරීම නොවේද. එසේ නොමැතිව හොරුන්ට ආතල් දීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද?  මෙම ආයතන වල නිළධාරින්ට ඔහු දෙන පනිවිඩය කුමක්ද? 

අනෙක් කරුණ නම් සියල්ල ඔහුට පැවසිය යුතුය යන්නයි. මේ දේවල් කියන්නේ රෙදි ඇඳගෙනද? මේ විධායක බලතල අත අරිනවා කී අතිගරු කෑලී පවා එපා කී බෙලෙක් පිඟානේ කෑ සරළ පුද්ගලයාද? එසේ නොමැති නම් සර්ව බළධාරි දෙවියන් වහන්සේද? නීතියට ඇඟිලි ගසන්නට ඔහුට ඇති අයිතිය කුමක්ද? එසේ නම් මහින්දම උන්නා නම් අහවරයි නේද? එතනින් මාරු වෙලා ආවේ මේ විගඩම් නටන්නටද? කියන්නටද?

අනෙක් කරුන නම්, ඔහුගේ නායකත්වය කිසිවකු පිලි නොගැනීම හා තමන් වටා සිටිනා කිසිවකුත් විශ්වාසවන්ත නොමැති වීමත්. රාජ්‍ය නායකයකුට නොතිබිය යුතු හීනමානයත්ය. ඔහුට පමණක් නොව ඔහුගේ පුත්‍ර රත්නයටද තිබෙන්නේ එයයි. අපරාදේ කියන්නේ කුමන චෝදනවන් තිබුනත්, පොෂ් පරිසරයක ජීවත්වූ මහින්ද මහත්තයාගේ දරුවන් කිසි දිනෙක මෙවන් තුඡ්ච හැසිරීම් වල යෙදුනේ නැතිය. එයට හේතුව මේ සමාජය ඔවුනට ආගන්තුක දෙයක් නොවනා එකය. එහෙත්, සිරිසේනලාගේ, ඇස් බීලාගේ, මර්වියාගේ උන් කෙලින්නේ, බන්ඩා ලන්ඩන් ගියා වගේ පිස්සුම මිස වෙන මක්කත් නෙමේය.

මෑතක පැවැත්වෙන සම්පාකාර චන්ද වලින් ජනපති පාර්ෂවය අම්බානක කමින් සිටි. තමන් සමඟ ඉන්න උන් පතන්නේද මහින්ද මහත්තයා අඩුම තරමේ අගමැති කමටවත් ගෙනත් ආයේ හොරා කන්නටය. උන් ගතින් මෙතන උන්නද, සිතින් සිටින්නේ මහින්ද සමඟය. දැන් දැන් විදේශවලින් ආරාධනා ලැබෙන්නේ ජනපතිට නොව අගමැතිටය. ඔහුට තිබෙන දේශපාලන කරිෂ්මාව හා පිලිගැනීම කිසිසේත් තමන් නොමැති බවත් ඉතා පැහැදිලිය. අනික රනිල්ට පිස්සු කෙලින්න දරුවන් ඇත්තේත් නැතිය. පක්ෂයේ ඉන්නා තෙවරක් පෙරන ලද සුපිරි හරක් නාම්බෝ මෙන්ම වන් ෂොට්ලා වන් ත්‍රාඩයෝ පවා හොඳින් බැරි නම් නරකින් හරි කොන්ට්‍රෝල් කර ගැනීමටත් ඔහු දන්නවාය. එහෙත් සිරිසේන යනු රාජ්‍ය නායකයා වූවද, දේශපාලන වශයෙන් කිසිවකුත් නැති අනාතයෙක්ය.

එවන් කෙනෙකුගෙන් මෙවන් ප්‍රකාෂයන් හා හැසීරිම් ඉදිරිපත් වීම මහා පුදුම දෙයක් නොවන්නේ ඒ නිසාය. ඔහු කියන්නේ අමු වැල් බයිලාය. ඝෝඨාභය හා නාවික හමුදාපතිවරුන් තිදෙනා, එයා කියනා විදියට උසාවි දක්කාගෙන ආවේ සැප්තැම්බර් 30 වනදාය. මෙයා තායිලන්තේ යන්නේ ඔක්තෝබර් 7 වෙනිදාය. ඔය දින ටිකට පත්තර 7 ක් වත් කියවන්නට ඇතිය. මේවා දැනගත්තේ අදයි කියන්නේ අමූලික බොරුය. ඝෝඨා උසාවි එන්නේත්, FCID එකට එන්නේත් අද ඊයේ නෙමේය. ජනාධිපති කොමිසොමට ගෙන්වා පුටුවක් වත් නොදි පැය ගනන් ප්‍රශ්ණ කරන්නේ අද ඊයේ නෙමේය. ඝෝඨාගේ ඇවන්ගාඩ් එක බලෙන් අරගෙන නාවික හමුදාවට දුන්නේ රනිල් නෙමේය. එල්ලෙන්න වැලක් නැති නිසා, දැන් බලන්නේ ජනතා ප්‍රසාදයක් ඇති එකාගේ ඇඟේ හෝ එල්ලි ගොඩ එන්නය. මහින්ද හා ඒ දේ කොරන්නට බැරිය. මහින්දට බයය. එහෙත් ඝෝඨාගේ ගැලවුම් කරුවා වී, ඝෝඨාභයගෙන් ගොඩ එන්නට හැකිය. එමඟින් කුරුල්ලෝ රෑනක්ම දඩයම් කර ගත හැකි බව දේශපාලනය දන්නා ඕනෑම ගොනෙකුට තේරෙනවාය. 

ඩඩ්ලිගේ මඟුල් ගෙදර ගෝඨා එන්නේත්, රනිල් අසලින් ඝෝඨා ඉන්දවන්නේත්, ඝෝඨාගේ පාස්පෝට් එක ඔහුට ලැබෙන්නේත්, වත්මන් ආරක්ෂක ලේඛම් සමගම ඝෝඨා චීනයේ ආරක්ෂක සමුළුවට යන්නේත් ඒ නිසාය. ඇත්තටම ඝෝඨාභය වන් කෙනෙකුන් නැවත එනවා නම් රටට යහපත්ය. මක් නිසාද යත්, රනිල්ටත් කිසිවක්ම කළ නොහැකි බව දෙවන වරටත් සාර්ථකව ඔප්පු කොට ඇති නිසාය. කොටින්ම රනිල්ට කෙලින උන් ඉන්නේ තමන් ළඟමය කියා වත් ඔහු දන්නේ නැතිය. රනිල්ට උනෙත්, සජිත්ලා, නවින්ලා, දයාසිරිලාට තැන දෙනවාට වඩා, කොහේවත් සිට ආ කිරිඇල්ලලාට, ඩීල්දාසලාට තැන දීමය.

මම ඇමතිකමේ ඉන්නා තෙක් ඝෝඨාට මක්කත් වෙන්නේ නෑ කියපු එකා අධිකරණයටම දැම්මේ කුමන අදහසකින්ද කියන්න නම් අපි දන්නේ නැතිය. රනිල් නා ගත්තේ එතනින්ය. අනෙක, මහ බැංකුවේ මහා දවල් මහා මංකොල්ලය වූ බැඳුම්කර වංචාකරුවන් රකින්නට යාමය. වැදගත් මිනිසුන් වන මාරපනලා මේවා දාලා ගියාට සැමදා ඩීල් වලින් ජීවත් වූ ගල් ආඳන් වන ඩීල්දාසලා ඕවා දාලා යන්නේ නැතිය. 

යහපාලනය කියන්නේ මහා බොරුවක් බව මාතලන් කියන්නේ යහපාලනේ පටන් ගත් දවසේ පටන්මය. මාතලන් බලාගෙන උන්නේ රනිල් ඉල්ලාගෙන කන්නේ කවදාද කියලා පමණය. මාතලන්ට තිබුන කනගාටුව නම් ඒ දිනය මෙතරම් ප්‍රමාද වීම මිස වෙන දෙයලුත් නොවේය. දැන් ඉතින් කොරන්න දෙයක් ඇත්තේ නැතිය. එකම පිහිට තානාපති කාර්යාල ටික පමණය. එක්කෝ අකුලාගෙන යා යුතුය. එහෙම නැත්නම් ස්වාධීන කොමිසන් අල්ලස් හා දුෂන කොමිසන් සියල්ලම අකුලා දමා, හොරුත් සමඟ හෙළුවෙන් නටනා එකය. 

ජනාධිපති තුමාත් කාටත් වග කියන්නේ නැති උනාට. හොරුන්ට ආතල් දීමේ වගකීමෙන් එතුමාට කිසි දිනෙක් ගැලවීමටත් නොහැකි බවත්, තමා පත් කල ජනතාවට සරම උස්සා පුක පෙන්නා, අනෙක් පාර්ෂවය හා එකතුවී ඉල්ලාගෙන කෑ එකම නායකයා  බවත් ලියා තබා, යහපාලනයේ මළගම සියල්ලන්ටම දන්වා සිටිනවාය. අවමංගල කටයුතු පසුව දැනුම් දෙණු ලැබේ.

106 comments:

  1. හ්ම්ම්ම්... සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය.. නොපමාව ඔබේ මාර්ගය ඔබම තෝරා ගන්න..

    ReplyDelete
    Replies
    1. මොන මොන නැතත් හරියටම හරියන පින්තුරේ අපේ අපේ අනුර කුමාර මහත්තයාත් ! සර්ව සම්පුර්ණ නඩයම ඉන්නවා !

      Delete
    2. ඔය පින්තුරයට අපේ කිර්ති ගොය්යය්, බහුය්, සමනුය්, මහාචාර්යතුමය්, හිටියනම් මරේමරු!

      Delete
    3. ඕක එන්නේ සියළු සඟිස්කාර ධර්මයෝ කියලා නේද...?

      Delete
  2. මාතලන්ට අමතකවුනාද තවත් පොට්ට චාන්ස් වැදිච්ච කෙනෙක් ඉන්නවා කියලා එයා තමයි විජයානන්ද දහනායක.

    ReplyDelete
    Replies
    1. ඒ යකා දමලා ගහලා යන්න ගියා නේ...

      Delete
  3. // ඇත්තටම ඝෝඨාභය වන් කෙනෙකුන් නැවත එනවා නම් රටට යහපත්ය. මක් නිසාද යත්, රනිල්ටත් කිසිවක්ම කළ නොහැකි බව දෙවන වරටත් සාර්ථකව ඔප්පු කොට ඇති නිසාය. //

    හහ් හහ් හා බුවාහ්!

    ReplyDelete
  4. මගේ යාලුවෙක් යහපාලනේ මළගමට ගිහින් මළා

    ReplyDelete
    Replies
    1. හිටන්ද දන්නෙ නෑ මලේ...

      Delete
  5. ආයිසෙ මාතලන්, දිස් ඊස් ගුඩ්.

    ReplyDelete
  6. සියල්ලටම කලින් යහපාලනයක් තිබුනේදය් විස්තර කලොත් මොකෝ

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කිරීමට පෙර ලිපිය සම්පූර්ණයෙන් කියවන්න

      Delete
  7. හැමදාම කියනව වගේ UNP ආණ්ඩුවක් පත්කරගන්න තිබ්බ වෙලාවෙ මේ රූකඩයෙක් ගෙනාපු එක තමයි හෙනේ. අපේ රටට අමුතුවෙන් කෙලවෙන්ඩ දෙයක් නොතිබ්බ එකේ දෙකෙන් එකක් වෙන්ඩ රනිල්ට ජනාධිපතිකමට ඉල්ලන්ඩ තිබ්බෙ,

    ReplyDelete
    Replies
    1. යූඑන්පී ආණ්ඩුවක් පත් කොරගන්න තිබ්බේ හීනෙන් තමයි. බලගතු රාජපක්ෂ දූශිත කල්ලිය එලවාගන්න පුළුවන් වුණේ සෝභිත හිමි විසින් අරඹා පසුව පාඨලී චම්පික ගේ ප්‍රධාන කථිකත්වය යටතේ ජවිපෙ, වාමාංශික කුඩා පක්ෂ ටී.එන්.ඒ මුස්ලිම් පක්ෂ ඇතුළු සියල්ලන්ගේම සහය ඇතුව පොදු අපේක්ෂකයෙක් ලෙස තරඟ කිරීමෙන්. මේ හරහා රටේ බහුතර මැදහත් සබුද්ධික ජනකොටස් වල ඡන්දය දිනාගත හැකිවුණා. රනිල් වැනි දූශිත තම පක්ෂයතුල පවා ඒකාධිපති වියරු ස්වභාවයෙන් හැසිරුනු අදක්ෂ පුද්ගලයෙකු ඉල්ලුවානම් අන්ධ භක්තික එජාප බැතිමතුන්ගේ සහ ඇතැම් ගෝත්‍රවාදී ආදි රාජකීයන් ස්වල්පයක ඡන්ද හැරුණු විට අති බහුතර මැදහත් ජනතාවගේ විස්වාසය හිමි නොවනු නිසැකයි. 2017 අගොස්තු මැතිවරණයේදී පූර්ණ රාජ්‍ය බලය සමග විධායක ජනපතිගේ පූර්ණ සහයද සමගින් ඡන්දෙන් පැරදී කුජීත ලෙස කිචවී තව මෛත්‍රීපාලගේ යටිකූට්ටු කුමන්ත්‍රණකාරී වැඩවලින් අතිශයින්ම දුර්වල කර දමනු ලැබූ අසංවිධානාත්මක රාජපක්ෂ කල්ලියවත් පරදා ආසන 113 ක්වත් ගතනොහැකි වූ රනිල් වැනි අන්ත අසාර්ථක චරිතයක් ජනාධිපතිකමට ඉල්ලලා තනිවම ආණ්ඩු පිහිටුවීම යනු එක්කෝ අතිදුර්ලභ පිනා චාන්ස් එකකින් වෙන එකකි. නැත්නම් හුදෙක්ම දවල් හීනයක් පමණි.

      Delete
    2. //2017 අගොස්තු// ??

      It should be corrected as 2015 August isn't it?

      Delete
    3. රනිල් ඉල්ලුවා නම් දිනන්නේ නෑ... අගමැති කමේ ඉන්නවත් පින නැති එකේ... තා මොන කතාද....

      Delete
  8. Analysis is good however, without Sirisena UNP had no chance, even if UNP drop Sirisana in next election UNP will go back to Ranil Sajith infighting days. Not only Sirisena is surrounded by big thieves, Ranil has his own set of thieves as well including the BIG one A Mahendern and Ravi K and CJ Weliamuna etc. Good luck to Yahapalana.

    ReplyDelete
    Replies
    1. CJ Weliamuna or JC Weliamuna???

      SriLankan Airlines Chairman Dias Claims that Weliamuna’s Rs 35 Million Report Has Zero Value regarding the corruptions made by highly corrupted Rajapakse Regime.

      SriLankan Airlines Chairman Ajith Dias has condemned the ‘Weliamuna Report’ saying there was no financial misappropriations found as stated in the final findings made against the former Chairman Nishantha Wickramasinghe, CEO Kapila Chandrasena and thirteen others.

      Chairman Dias Speaking to the Sunday Times had also gone on to clear the names of cabin crew member Chathurika J. Muhandiram, the airline’s New York representative Dilan Ariyawansa, senior cabin crew member Senanaya Senanayaka, Head of Human Resources Pradeepa Kekulawala, Head of Security Piyadi Chandrawansa, Head of Finance Yasantha Dissanayake and Chief Operations Officer Druvi Perera among others against whom serious allegations were made in the report.

      This means that even Udayanga Weeratunga, Sri Lanka’s former Ambassador to Russia who was accused earlier of influencing the airline’s operations as the General Sales Agent is also cleared.

      Chairman Dias had confirmed that four current directors of the national carrier were appointed to scrutinize the ‘Weliamuna Report‘ and that they had found no financial misappropriation as highlighted in the final report which was submitted by Lawyer J.C. Weliamuna and his team.

      The entire exercise carried out by Lawyer J.C.Weliamuna and his team took place over a six week period between February and March of last year, where scores of staff were requested to fearlessly come forward and spill the beans. An internal staff memo was issued by the national carrier assuring them protection for doing so.

      Lawyer J.C.Weliamuna confessed that he was paid Rs 35 million rupees in total for his work. He however did not provide a breakdown for the fees thathe obtained.

      Dismissing the ‘Weliamuna Report’, Chairman Dias had then gone on to say that the final report was based on what people who were interviewed had stated.

      ” This is misuse of public funds. When there is a government body like Criminal Investigation Department and lawyers available who are attached to the Attorney Generals’ Department to investigate such acts, the Minister arbitrarily appointed a lawyer who supported Yahapalanaya and was ultimately rewarded Rs 3.5 million. This alone is a misusing of public funds. J.C.Weliamuna should be ashamed to point fingers at others with himself being the Chairman of Transparency International. Lawyer J.C. Weliamuna should have the decency and moral ethics to refund the monies in full especially after providing such a dud report,” a former judge told Colombo Telegraph.

      Lawyer J.C.Weliamuna was appointed by the then Minister for Aviation, Ports and Shipping Arjuna Ranatunga to conduct the investigations.

      Delete
    2. ස්තූතියි... එච්චර දුර අනාවැකියක් දැන්ම කියන්න බෑ... නමුත් එක දෙයක් පැහැදිලියි... මේ වගේ වාතාවරනයක ආයෝජකයෝ එන්නේ නෑ.. රට දරුණු ආර්ථික අහේනියකට යයි... ඒ වගෙම මෛත්‍රි මහින්ද එකතු වෙලා රනිල් එලෙව්වත් පුදුම වෙන්න එපා.. මොකෝ මෛත්‍රිට හුරු ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ගෝත්‍රික වැඩවසම් එකාධිපති ක්‍රමය.. එයා කෑ ගහලා අඬන්නේ ඒකයි..

      Delete
  9. ගස් නැති රටේ තුත්තිරි ගස්, ගස් කොලාට, ඒවායේ රෝස මල් පිපෙන්නේ නැතිය. ඒවායෙ පිපෙන්නේ තුත්තිරි මල් විතරමය.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම තුත්තිරි ගස්ම තමයි...

      Delete
  10. ඔහෙලට මෙහෙම දෙයක් වෙලා කියලවත් දැනිලා නැහැ නේද?

    http://www.dailymirror.lk/article/Perpetual-Treasuries-month-profit-exceeds-Rs-bn-leaked-CB-report-117433.html?fbrefresh=refresh


    Perpetual Treasuries Limited (PTL), the controversial primary dealer connected to the family of former Central Bank Governor Arjuna Mahendran, has recorded a mammoth after-tax profit exceeding Rs.10 billion within a period of 14 months, according to a draft report by the Central Bank, which was leaked to the public domain by a whistleblower within the bank.

    ReplyDelete
    Replies
    1. හිටපු මහ බංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම මහ බැංකුව සමඟ සිදු කළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරික්‍ෂණයක් සිදු කිරීමට එවැනි සමාගම් පිළිබඳ පරික්‍ෂණ සිදුකරන මහ බැංකුවේ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා. එම දෙපාර්තමේන්තුව විසින් ඉහත පරීක්‍ෂණය සිදුකර වාර්තාවක් නිකුත්කර තිබෙනවා. එම වාර්තාව මෙතෙක් මුදල් මණ්ඩලයට (Monetary Board) සලකා බැලීම සහ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකර, එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නිලධාරියකු තමන්ගේ ලාච්චුවේ ඇතුළේ තබා ගෙන සිටිනවා. වාර්තාව පසකස් කර ඇත්තේ 2016 සැප්තැම්බර් වලදීයි.

      ‘Perpetual Treasaries Limited – Find slip of the On-site Examination’ නමින් හඳුන්වා ඇති එම පරීක්‍ෂණ වාර්තාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම අත්සන් කළ යුතු එම මහ බැංකු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 04 දෙනෙකු සිටිනවා. ඒ අතරින් මෙම වාර්තාවේ සඳහන් DG (SM) යන තනතුරු නාමය දරන නිලධාරියා තමයි මේ වාර්තාව ලාච්චුවේ දමා ගෙන සිටින්නේ. මේ වාර්තාව මගින් ඉතාමත් නිවැරදි කරුණු පෙන්වා දී තිබෙනවා, ‘මහ බැංකු හොරකම කොහොමද සිදු වුණේ?’ කියලා.

      මේ බැඳුම්කර ගනුදෙනුවලින් පසුව පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවි ගීය වසර තුළ බිලියන 05කටත් වැඩි ශුද්ධ ලාභයක් උපයා තිබෙනවා. ඊට පෙර වසරවල එම සමාගමේ ලාභය මිලියන දෙක තුනක්. සේවකයන් 20ක් පමණයි සිටින්නේ. මේ කුඩා සමාගම ලංකාවේ විශාලතම දුරකථන සමාගම වූ ඩයලොග් සමාගමටත් වඩා වැඩි ලාභයක් මෙවර උපයාගෙන තිබෙනවා. මේ ලාභය මේ රටේ සියලුම බැංකු ලබා ඇති ලාභයටත් වඩා වැඩි ලාභයක්.

      Delete
    2. Sa Rasa & Ano,

      මේක අර්ජුන මහේන්ද්‍රන්ගේ තනි කොල්ලයක් නොවෙයි. මේක එකතු වෙලා කරලු කොල්ලයක්. මේ අයුතු ලාභයෙන් ‘පුහුල් හොරා’ කරෙන් දැනෙන්නේ නැද්ද?’ මේ පරික්‍ෂණ වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙන ‘මෙම ගනුදෙනුවේ වැරුද්ද, එම දෝෂ නිවැරදි කිරීමට ගත යුතු පියවර’ ආදිය; ඒ වාර්තාව හංගලා. එය ඉහළට යවන්නේ නැහැ.

      ඒ නිසා කාරණාව ඉතා පැහැදිලියි. කෝප් වාර්තාවත් බාලගිරි දෝෂය වගේ ‘අද නොවෙයි හෙට’ කියලා කල් යමින් තිබෙනවා. අර්ජුන ඇලෝෂියස් ළඟදී හෙලිකොප්ටරයක් මිලදී ගත්තා. (බොහෝදුරට මේ බැඳුම්කර වංචාවෙන් කොල්ල කාපු මුදල් වලින් විය හැකියි). එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5ක්. ඒත් කටේ පිට්ටු හිරවෙච්චි ලප වාහේ නොහොත් රතු අලි පැටියා ‘මේ සල්ලි එයා හොරා කාපු සල්ලිද? කියලා අහන්නේ නැහැ.

      දැන් මේ හොරාකපු සල්ලිවලින් පත්තරයකුත් පටන් ගන්න හදනවා. මුද්‍රණ යන්ත්‍ර එහෙම රටින් ගෙනවිල්ලා සවිකර අවසන්. අපි අර්ජුන ඇලෝෂියස්ට සහ එතුමාගේ දේශපාලන නායකයන්ට යෝජනා කරනවා ඒ පත්තරේ නම දාන්න ‘බැඳුම්කරේ’ කියලා. ඒ බැඳුම්කර වංචාවෙන් ‘මාටියා ගහපු’ මුදලින් කොටසක් යොදවලා තමයි මේ පත්තරය පටන් ගන්නේ. රනිල් වික්‍රමසිංහගේ නැති ප්‍රතිරූපය ගොඩනංවන්නයි මේ පත්තරය පටන් ගන්නේ. අපි මේ රටේ පත්තර පාඨකයන්ටත් කියනවා ‘ඔය පත්තරය අච්චු ගහලා එන දවසට ඒකට අතවත් තියන්න හපාෟ’ කියලා. දැන් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා, ‘මේ ආණ්ඩුව ඇලෝෂියස් ලවා හොරකම් කරගත් මුදල් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට සහ තමන්ගේ සුඛ විහරණයට යොදා ගන්න බව. මේවට FCID, CID නැහැ. අර අල්ලස් කොමිසමේ ඉන්න ‘ලලනාව’ නැහැ. ඒ අයගේ සංවේදී ඉන්ද්‍රියන් මේ කෙරෙහි යොමු වන්නේ නැහැ. මේක ආණ්ඩුවක් මහ දවල් කළ ලොකුම සොරකම.

      පුහුල් හොරු දැනුණේ කරෙන් නමුත් බැඳුම්කර හොරකම පෙනෙනවා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ලැබූ අධික ලාභයෙන්.

      Delete
    3. මගෙන්ද ඇහුවේ...?

      Delete
  11. උබ සෝමරත්න රුපවාහිනියේ පත්කළ දවසෙම ටක්කෙටම කිව්ව එක වෙලා ඉවරයි. මම මේ දේවල් වෙනවම කියල දැනගෙන සති ගානක්. වැඩක් නෑ බන්. මුන් ඔක්කොම එකම කුන්බාණ්ඩ ගොඩක්.

    තුක් නොදකින් කියනව ඇරෙන්ට වෙන මොනා කියන්ටද?

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ අනාවැකි යතාර්තයන් වීමේ සම්භාවිතාව බොහෝ වැඩිය..

      සත්‍ය ශ්‍රී මාතලන් බාබා

      Delete
  12. මේ ගෝත්‍රික රටේ මොන ආණ්ඩුව ආවත් වැඩක් නෑ. අලුත් පරපුර, පුරවැසි බලය වගේ කොන්ද පන තියන සංවිධාන ටිකක් හරි තියන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අනේ තොපිලගේ ඔය මහ ලොකු අලුත් පරපුරයි, පුරවැසි බලයයි, සාදාරණ සමජෙයි අල්ලල පු**** ගහ ගනින්..... මුන් තමයි ලෝකෙ නැති බොරු කියල මේ හාල්පාරුවෝ බලයට ගෙනාවේ.... මුන්ට වැඩිය බැනුම් අහන්නෙ මුන් වගේ මුසලයෝ බිහිකරපු මුන්ගේ අහිංසක අම්මල.... කාලකන්ණි.............

      Delete
    2. හික්..හික්...කවුද බන් ඔය අලුත් පරපුර, පුරවැසි බලයන් වල ඉන්නේ? පුටු ටික පුරවන්න කට්ටිය විතරනේ.. ඔය NGO නඩ ඔය සංවිධාන බිහිකළේ සාධාරණ සමාජයක් ගේන්නද?නැහැ බන් මාධ්‍යවලින් ලැබෙන ආවරණය ප්‍රයෝජනයට අරන් මහින්දව එලව ගෙන තමන්ට වාසි ආණ්ඩුවක් පත්කොර ගන්න.

      Delete
    3. අනේ බූරුවො එහෙනන් උන් මොකද දැන් තියන ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නෙ. උඹල වගේ ගොඩේ බය්යොන්ට තේරෙන්නෙ නෑ ඒව.

      Delete
    4. කොන්ද කෙලින් තියෙන සිවිල් පොරවල් හා කලාකරුවන් පිරිසක් සිටීම ගැන ආඩම්බරයි...

      Delete
  13. “දැක්මක් නැති වැඩපිලිවෙල නපුරු සිහිනයකි. නිසි වැඩපිලිවෙලක් නැති දැක්ම දවල් හීනයකි“ ජපන් කියමනකි.
    දැන් අපිට සිදුව ඇත්තේ දවල් සිහින සහ නපුරු සිහින බලමින් සිටීමටය. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ සිහිනය හැර මේ අයට නිසි දැක්මක් හෝ වැඩපිලිවෙලක් නොමැතිවීමේ ප්‍රතිවිපාකය දැන් රටට ගෙවීමට සිදුව ඇත.

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් අළුත් දෙයක් නෙමෙයි නේ... 56 ඉඳලම තියෙන්නේ මේ කරුමය තමයි....

      Delete
  14. දැං ඉතින් වෙන කුමක් කරන්නද? හිටං

    ReplyDelete
    Replies
    1. // දැං ඉතින් වෙන කුමක් කරන්නද? හිටං //

      මාජ්ජවේදියෙක් විදියට ඔහෙට වෙච්චිදේට මක් කොරන්නද කියලා අත හෝදා ගන්න බැහැ හිටන්....

      සොරිසේනට විරුද්දව මක්කා හරි කොරලා රනිල් තුමාව විදායක ජනාදිපති කොරන කරමයක් කල්පනාකර ගත්තොත් හොඳයි හිටන්!

      Delete
    2. මේ දේවල් වලින් පෙනී යන්නෙ 2020දි මෙතුමාට යන එන මන් නැති වන අතර රනිල් නිතරගයෙන් ජනාදිපති වන බවයි. රනිල් යනු බුද්දිමත් කපටියෙක්. බුද්දිමතෙක් කපටියෙක් උනාම ටිකක් බරපතලයි. 2020දි UNP එක මෛත්‍රීව අතාරිනව​.

      Delete
    3. රනිල්ට ඕනෑ කෝහෝමහරි මීලග ජනාධිපති වෙන්න, ජනාධිපති කිව්වානෙ එයා ආයි තරග කරන් නෑ කියලා. මට නන් හිතෙනවා රනිල් ට ජනාධිපති වෙන්න බෑ කියල.

      Delete
    4. දැන් ඔය කරන්න ඕන දේ කරන්නේ... ගලේ පහරපු බළලා වගේ අනිත් සෙට් එක... ඒත් සිරාගේ පොරවල් දෙන්නේ මම පෝස්ට් එකේ කියපු කතන්දරයමයි.. ඩිලාන් පෙරේරා සහ බස්නාහිර මහ ඇමතියාගේ ප්‍රකාෂ දැක්කා නේ...

      Delete
  15. අපි හිතුවේ නැහැ ඔහොම කරයි කියලා ඈ.

    ReplyDelete
    Replies
    1. මම නම් පළවෙනි දවසෙම කිව්වා...

      Delete
  16. අප්සෙට් එකේ ඉන්න අයටයි තපුල්ලන අයටයි කියන්න තියෙන්නේ එක හීනෙන් එළිවෙන්නේ නැති බවයි.

    ReplyDelete
    Replies
    1. බලය සද්කාලික නැහැ ඉයන්. බොරුවෙන් වංචාවෙන් පොරොන්දු වලින් මඩ වලින් ආණ්ඩු ගන්න පුළුවන්..එත් ඒවායින් ආණ්ඩු ගෙනියන්න බැහැ. පේන සොහොන් ලකුණු වල හැටියට ලගදීම මේ ජඩ පාලනේට සුදු කොඩි දාන්න පුළුවන් වේවි. එදාට ඉයන්ලගේ ගෙදරත් එකක් දාන්නම්.

      Delete
    2. තියෙන ලොකුම කේස් එක තමයි මේ යහපාලත හොර හැත්ත එලවලා පත්කරගන්න හොඳ නායකයෙක් සහ හොඳ ටීම් එකක් නැති එක. ඒකයි මුන්ගෙ ගොන්පාට් බලබල ඉන්න වෙලා තියෙන්නෙ. මරාගෙ හොර හැත්තට හපන් දැන් මුන්. නොදෝමකින්.

      Delete
    3. ඒක ඇත්ත ඉයන්. හෙට වෙනකොට ඔය කියපු ඔක්කොම අපේ ජනධිපතිතුමාට අමතක වෙලා තියෙයි. කවුද කඩප්පුලියෙක් පත්තරේ දාල තිබ්බලු ත්‍රිවිධ හමුදාවේ නායකයා ජනධිපතියි කියල. ඒක දැකලා එතුමට මළ පැන්නලු 'යකෝ ත්‍රිවිධ හමුදවේ නායකයා මම නම් මගෙන් අහන්නේ නැතුව කොහොමද මුංව උසාවි ගෙනිච්චේ කියලා.." හෙට පත්තරේ වෙන මොකක් හරි හිට් වෙන නිවුස් එකක් ගියහම ඔය ඔක්කොම අවුල් සමනය වෙයි.

      Delete
    4. @ Ano..2.17....

      //////තියෙන ලොකුම කේස් එක තමයි මේ යහපාලත හොර හැත්ත එලවලා පත්කරගන්න හොඳ නායකයෙක් සහ හොඳ ටීම් එකක් නැති එක. ඒකයි මුන්ගෙ ගොන්පාට් බලබල ඉන්න වෙලා තියෙන්නෙ. මරාගෙ හොර හැත්තට හපන් දැන් මුන්. නොදෝමකින්/////////////////

      ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සහතික ඇත්ත. තව කාලෙකට මේ ටින්කිරි, මේ හැන්දෙන්ම තමයි කන්න වෙන්නේ. මැරෙන වයස ලංවෙන, රටෙනුත් පිට ඉන්න මං වගේ එවුන්ට නම් ගානක් නැහැ. ඒත් අපේ රටට යන කල ගැන දුකයි.

      Delete
    5. //පේන සොහොන් ලකුණු වල හැටියට ලගදීම මේ ජඩ පාලනේට සුදු කොඩි දාන්න පුළුවන් වේවි. එදාට ඉයන්ලගේ ගෙදරත් එකක් දාන්නම්.//
      මේ නිව්ස් එකේ රස්නෙ තියෙනකන් ඔබතුආල සන්තෝස වෙන එක හොඳයි. මොකද කාලෙකින්නෙ සූප්පු කරන්න දෙයක් හම්බුවුනේ. ඕන රටක වගේම මේ රටේ දේශපාලනයෙත් මේවගේ පොඩි කුණාටු එනවා. ඒවා බොහොමයක් චූන් වෙන්න බලන් ඉන්න අය චූන් කරන්න කරන ඒවා මිසක් ඒවායින් වෙන දේශපාලන තීන්දු නැහැ. 2003 වගේ නෙමෙයි පාර්ලිමේන්තුව විසුරවන්නත් ජනාධිපතිට අවුරුදු 4 1/2 ක් යනකන් ඉන්න ඕන. ජනාධිපති සහ අගමැති අතර පොඩි බල අරගල තිබ්බට ඔබ තුමන්ලා බලාගෙන ඉන්න විදිහෙ ඒවා ආණ්ඩුව කඩාගෙන රාජපක්ශල බලයට පත්කෙරෙනට් තත්වෙට යන්න නම් තව අවුරුදු 3-4 ක් වත් යයි.

      Delete
    6. හැමදාම කිව්වා වගේ මොන මගුල් යහපාලනද අපිට බොස්, ලංකාවේ ප්‍රමාණාත්මක අඩු වැඩි වීම් විතරයි. අපි කැමති ඒවා ටිකක් වැඩි වෙලා අකමැති ඒවා ටිකක් අඩුවුනොත් දේසපාලනයේ බැලන්ස් ෂීට් එක හොඳයි නැත්නම් නරකයි.

      Delete
    7. සැයු. බලන එක්කෙනාගෙ සිතුම් පැතුම් අනුවත් හොඳ නරක වෙනස් වෙනවා. සමහරුන්ට අසීමිත නිදහස ඕනෙ, සමහරු රජෙකුට වඳින්න ආසයි, සමහරු රැවටෙන්න ආසයි, සමහරු ජාති ආගම්වාදෙට කැමතියි, සමහරු ජාත්‍යන්තරවාදෙට කැමතියි.
      දැන් මං කිව්වොත් මෙයා අරයට හෝ අරය මෙයාට වැඩිය පොඩ්ඩක් හොඳයි කියල සමහරු රෙද්ද උස්සගෙන එයි ඒ කොහොමද කියලා. ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ මිනිස්සු වෙනස් කියලා

      Delete
    8. අරුණ පෙරේරා සමග එකඟයි. දූශිත රාජපක්ෂ කල්ලිය ගෙනගිය අශීලාචාර පාලන ක්‍රමය කෙරෙහි කලකිරුණු අපවැනි මැදහත් බොහෝදෙනෙකු පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නේ ඉතාම සාධාරණ බලාපොරොත්තු කිහිපයක් වෙනුවෙනි. එනම් රාජපක්ෂ පාලනයේ පැවති දූශිත අශීලාචාර ක්‍රියාවන් මනා පාලනයකින් යුතුව නියාමනය වීමට වඩා විනිවිදභාවයක් සහ පිළිගතහැකි ස්වාධීන සහ වඩා සාධාරණ පාලනතන්ත්‍රයක් වෙනුවෙනි. නමුත් මෙම "යහපාලන" නමින් ආ කාලකණ්ණි රැල බොරු මාධ්‍ය සංදර්ශන පෙන්වමින් ඉතාම පැහැදිලි ලෙස රට ගෙනයන්නේ තිබුණටත් වඩා අන්තගාමී විනාශයක් දෙසටය. ඉතාම ඉක්මණින් මෙම තත්ත්වයෙන් රට මුදවාගත නොහැකිනම් විශාල විනාශයක් අත ළඟය.

      Delete
    9. ////ඉතාම සාධාරණ බලාපොරොත්තු කිහිපයක් වෙනුවෙනි. එනම් රාජපක්ෂ පාලනයේ පැවති දූශිත අශීලාචාර ක්‍රියාවන් මනා පාලනයකින් යුතුව නියාමනය වීමට වඩා විනිවිදභාවයක් සහ පිළිගතහැකි ස්වාධීන සහ වඩා සාධාරණ පාලනතන්ත්‍රයක් වෙනුවෙනි. ////////////

      ++++++++++++++++++++++

      Delete
    10. //////තියෙන ලොකුම කේස් එක තමයි මේ යහපාලත හොර හැත්ත එලවලා පත්කරගන්න හොඳ නායකයෙක් සහ හොඳ ටීම් එකක් නැති එක. ඒකයි මුන්ගෙ ගොන්පාට් බලබල ඉන්න වෙලා තියෙන්නෙ. මරාගෙ හොර හැත්තට හපන් දැන් මුන්. නොදෝමකින්/////////////////
      සහතික ඇත්ත බන්. හිලරි ක්ලින්ටන්ල, ඩේවිඩ් කැමරන්ල වගේ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් අගයන නායකයො ලංකාවෙ බිහිවෙන්නෙ නෑ. ලංකාවෙ ගෝත්‍රික ජානවලට එහෙම නායකයො බිහි කරන්නත් බෑ. උතුරෙ මිනිස්සු අමු අමුවෙ මරනකොට දකුණෙ ඉන්න උන් සපෝට් කර කර ඒවට උල්පන්දම් දීපු රටක එහෙම නායකයෙක් බිහිවෙයි කියල හිතන්න බෑ.

      Delete
    11. රටක නායකයෝ පැත්තකට දාපන්. යුසී එකට ප්‍රාදේශීය සභාවකට චෙයාර්මන්ලා කරලා යවන එවුන් බලපන්. එළකිරි කොච්චර හොඳවුනත් ටින්කිරිම ඉල්ලන්නේ අපේම එවුන්නේ. ඔය ගොන් ප්‍රකාශයෙන් කුල්මත් වෙලා ඉන්න එවුන්ගේ පැටිකිරිය ගත්තාම පේනවානේ ඒවා ටින්කිරිද, එළකිරිද කියලා. මෙලෝ රහක් නැහැ.

      Delete
    12. හීනෙල් එලිවීම කෙසේ වෙතත් රනිල්ලටයි ඉයන්ලටයි හෙට අනිද්දා වෙන කොට හීනෙන් ශුක්‍ර මෝචනය වෙන එක නම් බුදු ෂුවර්...

      Delete
  17. පිම්පි රනිල් ගෝතයාද මමත් රජෙක් තමායි යකෝ කියමින් දඟර නැටුම් පටන් ගැනීමද එක හේතුවකි. මෙය ඔබ මා පැතු දෙය නොවෙයි. නමුත් සජිත් ප්‍රේමදාස පැතු පැතු දෙයයි .

    ReplyDelete
  18. ඔන්න මට පේනවා බැසිල් මහත්තය තමන්ගේ දෙවන ඉනිම ගොඩ නැගීම සදහා පිටියට බැසීමට ආවරණ පළදිනවා . ඔව් මෙවර එතුමා හෙල්මටයක්වත් නැතුව පන්දුවට පහර දීමට සරෙසෙන බවක් තමා දක්නට ලැබෙනුයේ. පළමු ඉනිමේ රස කර ගත් ලකුණු වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් මෙඅර ඔහු ලබා ගන්නා බවට කිසිදු සැකයක් නැ .

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල කරගත්තේ පුදුම පිනක් මේ වැලේ වැල් නැති රාජපක්ශ බයියන්ට පොඩි ආතල් එකක් ගන්න චාන්ස් එක දීල

      Delete
    2. පළමු ඉනිමේ 'රැස් කරගත්' මල්වානෙ ඉඩමත් එපා කියලලු දෙවන ඉනිමේ 'රැස් කරන්න' එන්නේ නේද?

      Delete
    3. ඉයන් තුමෝ. මේ බ්ලොග් දේශපාලනේ වගේම පිටත් මම ගෞරව කරන 5 දෙනෙක් ඉන්නව.
      01. මාතෙ
      02. අටම
      03. නෙලුම් අජිත්
      04. ඉයන්
      05. අරුණ (අරූ) අයිය.

      **ඇයි යකෝ සා රස තුමා (උබ 06)

      අපේ ඔක්කොගෙම අදහස් වෙනස්..

      ඒත් ඉයන් තුමෝ.. කමින් කලර් ඊස් නොට් ගුඩ්...

      පසුවට පසු තැවිලි නොවෙන්ට. වෙන්ට ඕනි දේ වෙලා ඉවරය.. 🙊🙉🙈

      Delete
    4. //**ඇයි යකෝ සා රස තුමා (උබ 06) //

      එල පොරක් වන ටිලාන් ආතල් අයියට ජය වේවා!

      Delete
    5. එල පොරක් වන ටිලාන් ආතල් අයියට ජය වේවා! x 2

      sarasa කියන එකකට එකඟ වුනාමද කොහෙද. හේ හේ

      Delete
    6. ටිලාන්......හොරු සහ බොරු රජකරන ලෝකේ ගරු පොරවල් ගැන වැඩියෙන් හිතන්න එපා..ගරු කියන්නේ මරු වචනයක්. ඔය ගරුලා තමයි දවසක මරුලා වෙන්නෙත්. සීරියස් ගන්න එපා,පේනවනේ වෙන වැඩ.

      Delete
    7. ටිලාන් ආතල් අයියා ස ර ස තුමා ව පොඩ්ඩක් අප් කොරනකොට අරූ සීය ඇවිත් හීන්බබා සීයගේ පාට් එක දානවා....

      ඔහොම හොඳද අරූ සීයේ... පොඩ්ඩක් අපටත් සින්හල වෙබ් අවකාසෙ පොරවල් වෙන්න ඉන්ඩදෙන්නකෝ හිටන්!

      Delete
    8. හොක් හොක් ඕවා අපේ අප්පුච්චාගේ වැඩ සරසයෝ....අර අප්පොච්චි නෙමේ හොඳේ.

      Delete
    9. හපෝ සදාතර පිංවතුනි. මම කිසි දෙයක් සීරියස් ගන්නේ නැත. අවුරුදු 20ක් පරණ සෙටිපිකට් එකක් ගැන නන්දොඩවන බ්ලොග් එකේ සිංහල කිං කියන පඩ ෂෝ මානසික රෝගීන් අතර නිහතමානී උබ සම මට පොරවල්ය. එවැනි සීනියර් සිටිසන් පොරවල්ට මම සදා රෙස්පෙක්ට් කොරනවාය හිටං.

      👊🏽

      Delete
    10. බැසිල් මුකුත්ම කරගෙන නෑ නේ බැලුවාම... ඉඩම් කඩම් පවා එයාගේ නෙමේය කියන්නේ... (ඇත්තටම උන්ගේ සල්ලි නෙමෙයි නේ.)

      Delete
  19. ඕකට තියෙන්නේ දෙපැත්තෙන්ම මොලේ තියන අය දේශපාලනේට එන එක. දැන් සරසා, චෙෆාකි , ලොකු පුතා වගේ අය ඒකාබද්ධ විපක්ෂේ පාලනේ අල්ලන්න ඕනේ. විරවංශ වගේ අය අයින් කරලා. මුතු හෙට්ටිගම කිරිඇල්ල, ජෝන් වගේ අය වෙනුවට මතලන්ලා ඉයන්ලා එන්න ඕනේ. එතකොට වත් මොකක් හරි කර ගන්න පුළුවන්. ජවිපෙටත් මොකක් හරි කෑල්ල ක් දුන්න නම් හරි. උපාධිධාරියෝ ඉන්නවයි කියනවනේ ගොඩක්.

    ReplyDelete
    Replies
    1. // මොලේ තියන අය දේශපාලනේට එන එක. දැන් සරසා, චෙෆාකි , ලොකු පුතා වගේ අය ඒකාබද්ධ විපක්ෂේ පාලනේ අල්ලන්න ඕනේ. //

      ස ර ස තුමා ට මොලයක් කියලා දෙයක් තියේ නම් මහින්ද මහත්තයටයි එකාබද්ද විපක්සෙටයි මෙච්චර කඩේ යයිද හිටන්?

      Delete
    2. උපාධියක් තියෙන එක රටපාලනය කරන්න සුදුසු කමක් වෙනවද ආයුබෝන්? කඩදාසි කොලවලට ඔච්චර නැවෙන්න එපා....

      Delete
    3. ඉයන්ට ඩිග්‍රියක් තිබුනට මම මේ ඊයේ පෙරෙදා සල්ලි දීලා ගත්ත ඩිග්‍රිය ගැලපෙයිද දන්නේ නෑ...

      Delete
  20. තක්‌සේරු වටිනාකම අඩුවෙන් දක්‌වමින් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන අටසියයකට (800 ක) අධික සංඛ්‍යාවකට අදාළ පරීක්‍ෂණ අත්හිටුවන ලෙසට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කළ නියෝගයක්‌ නිසා රේගු නිලධාරීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

    මෙම පරීක්‍ෂණ අත්හිටුවීම නිසා රේගු බදු වශයෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි හාරසීයක මුදලක්‌ අහිමි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. ආර්. පී. විඡේකෝන් මහතා පැවසුවේය.

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය පසුගිය 21 වැනිදා රේගු අධ්‍යක්‍ෂ පී. ආර්. අතුකෝරළ මහතා විසින් සියලුම රේගු නිලධාරීන් වෙත ලිතව දැනුම් දී ඇත.

    රේගු අධ්‍යක්‍ෂවරයා මෙම නියෝගය දී තිබෙන්නේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් 2015 පෙබරවාරි 10 දා නිකුත් කළ 1901/03 දරන ගැසට්‌ නිවේදනය ද උල්ලංඝනය කරමින් බව විඡේකෝන් මහතා පැවසීය.

    මිල තක්‌සේරු කිරීම සඳහා රේගුවේ රඳවාගෙන පරීක්‍ෂණ පවත්වන වාහන අටසියයට අධික සංඛ්‍යාවට බෙන්ස්‌, අවුඩි, බී. එම්. ඩබ්ලිව්, රේන්ඡ රෝවර් වැනි වාහන අයත් බව ද හෙතෙම කීය. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය නිසා මෙම වාහනවල නියම තක්‌සේරු වටිනාකම ගණනය කර ඊට අදාළ රේගු බදු අයකර ගැනීමේ පරීක්‍ෂණ අකර්මණ්‍ය වී ඇතැයි කී විඡේකෝන් මහතා, අදාළ ගැසට්‌ නියෝගයට අනුව රේගු නිලධාරීන්ට මෙම වාහනවල නෛතික මිල වටිනාකම තීරණය කිරීමේ බලය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

    ReplyDelete
  21. චුවිංගම්..
    ජයවේවා..!!

    ReplyDelete
  22. අඩි හයක් වැළලෙයි කියලා හිතපු හාදයෙක්, වළ උඩ ඉඳන් රෝස් පාන් කනවා. මේක ඩීලංකාව. ඩීල්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වල උඩ ඉඳන් නෙමේ ඇට දෙක උඩ ඉඳන්. දතට තියලා වාටිය හපනකොට ඇට දෙකට ඇඬෙනවා.

      Delete
    2. තනි ඇටේට කඳුළු එනවා කියන්නේ මේවට තමයි... මට හිනා වෙන්න තැනක් නෑ බං....

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මේ, මේ, ඔය කවුරුවත් අපේ වලි රාජුට (දහම් බේබිට) හෙම මුකුත් කියන්නේ නෑ, හරිය.

    ReplyDelete
    Replies
    1. එයාට මක්කත් කියන්නෙ හේතුවක් නෑ නේ...

      Delete
  25. මාතලන් , උඩුවා හෙම ඉතා ඉක්මනින් කළ කිරෙනවනේ. ටිකක් තාර්කිකව බැලුවොත් මෛත්‍රී ට බනින්න පුලුවන්ද ඔය කිව්වා කතාවට ? ඔය අල්ලස් කොමිසමෙන් නඩු දානවා පවුසිට. පොරගේ කාර් එක නැති වෙච්ඡ වෙලේ වෙන කාර් එකක් පවිච්හි කලාට. විමල් විරවංශ ගේ අයියටත් එහෙම දෙකට. දැන් ඔයිට වැඩිය ලොකු කේස් නැත්ද? තියනවනේ. ඒවා බේරාගෙන යන ඩිල් එකක් තියනවා වගේ. මට පෙන්නේ මෛත්‍රී ටිකක් ඔරුව හෙල්ලුවා කියල රනිල්ටත් හෙලවෙන්න එක්කම. ජනධිපති වුනත් මිනිහෙක් නේ බං.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉමුකෝ.... අපි කලබල වෙන්නේ රට වෙනුවෙන් මිසක් අපේ දේකට නෙමෙයි නේ.. මුන් ඔක්කොම රට හදන්නේ නෑ, උන් හැදෙනවා.. මුන් මේ කියන්නේ මගේ උන්ට හොරා කන්න දියව් කියන එක නේ.. දෙගොල්ලම

      Delete
  26. මෛත්‍රී ෆව්සිගේ කාර් එකෙන් රනිල්ගේ ඔරුව හොල්ලන්න හදනවා නම්. අර්ජුන්ගේ බොන්ඩ් එකෙන් මුලු ඔරුවම පෙරලන්න පුලුවන්නේ. මේවා අසික්කිත ඩීල්. වැරැද්ද වැරැද්දක් හැටියට දකින්න බැරි එකත් ඩීල් එකක්. මේ කවුරුත් සුදු නැහැ. ජනතාව නොමග යන එක තමයි වෙන්නේ. පාර්ටි පොලිටික්ස් විතරක් නෙමේ පර්සනල් ඇජෙන්ඩාස් පවා මේ ඇතුලේ තියෙනවා. ඒවා දන්නේ ඌයි, මූයි විතරයි. අපි හූයි, හූයි කියනවා විතරයි. ජඩ පාලනයෙන් පසු යහ පාලනය...මෙතනින් පස්සේ යහජඩ පාලනයද?

    ReplyDelete
    Replies
    1. සදා සොත්තී භවන්තුතේ....

      Delete
    2. රාජා භවතු ධම්මිනෝ කියන්න ගන්න හරක් නේ බං... තව මොනාද...?

      Delete
  27. //මෛත්‍රී ෆව්සිගේ කාර් එකෙන් රනිල්ගේ ඔරුව හොල්ලන්න හදනවා නම්. අර්ජුන්ගේ බොන්ඩ් එකෙන් මුලු ඔරුවම පෙරලන්න පුලුවන්නේ// ඒක තමයි ප්‍රශ්නේ අර්ජුන් ගේ ප්‍රශ්නේ තියාගෙන ෆව්සි ගේ කර ප්‍රශ්නේ ඇදල ගත්ත එක. ෆව්සි ඉන්නේ මයිත්‍රී එක්ක නිසා එතන ගැටුමක් අනිවාර්යයෙන්ම එනවා.

    ReplyDelete
    Replies
    1. උන් ගැටෙනවා.. රට හැමනෙනවා.. ජනතාවට හුළං

      Delete
  28. අර ක්ලබ් එකේ මැනේජර් ජනාධිපති කොරනු! නැත්තං අපි උපවාසේ (බිස්කට් කකා)

    ReplyDelete
    Replies
    1. අර එයාම ගහගත්ත එක්කෙනාද... පව් අනේ එයා...

      Delete
  29. Replies
    1. අයියෝ සිරිසේන කියලා එකක් මම ඒ කාලෙම ලිව්වා...

      Delete
    2. http://maathalan.blogspot.com/2015/01/sirisena-having-bath.html

      Delete
  30. හිට්ලර් ගියා චැප්ලින් ආවා ලංකාවට ඇඩ්රස් නෑ.
    කොහොමෙයි සට්ටම්බි උන්නැහේ ෆිලුම් එක විකුණන්නත් එක්කම දුන්නු ඇඩ් එක? ඇඩ්රස් නෑ නේ :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත..

      හිට්ලර් ගියා චැප්ලින් ආවා..

      කොහොම හරි අපේ ජීවීත කාලය තුලත් හිට්ලර්ලා, කුං කැකිල්ලේලා බලාගන්න පින් කරලා තිබුනා..

      Delete
  31. පාංශ කුලේ දෙන්න වඩම්මන්නේ මොන පන්සලෙන්ද ? නාගවිහාරයේන්මද ?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.... අභයාරාමෙන්... අභයාරාමෙන්...

      Delete
  32. // නමුත් මුන් ඔක්කෝටම අමතකව ගිය මාතලන්ට පමණක් මතක තිබු දෙය වූයේ, නම මෛත්‍රී වූවද, මෛත්‍රීපාල සිරිසේන යනු ලංකාවේ විධායක ජනාධිපති කියනා එකය. කිසිවකුත් නොසිතූ පරිදි ගේම පටන් ගන්නේ පාද යාත්‍රා ඕගනයිස් කරපු ශ්‍රී ලංකා එකේ සීනියර් උන් පිරිසකට පුකට පයින් ගසා එලවා, උන්ගේම ගෝලයන්ට ආසන සංවිධායක කම් දිස්ත්‍රික් නායකකම් දීමෙන්ය. ඉන් පස්සේ අන්දුන් කුන්දුන් වෙලා, පිස්සු පීකූදු වෙලා, මස්තබාල්දු වෙලාම යන්නේ, මාතර දුන්න ප්‍රජාචන්ච්‍ර විරෝධි ටෝක්ස් එකෙන්ය. දැන් ඉතිරි උන් කරන්නේ, පුකට පයින් ගසා එලවන්නට පෙර ගරු නම්බු ඇතිව ඉල්ලා අස්වීමය. එහෙම අස් උන දෙන්නා නිසා සමහර විට ශ්‍රීලනීපය නැති භංගස්ථාන වෙලා යන්නත් ඉඩ තියෙනවාය. //
    2016.08.21

    // ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්‍රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ. //
    2016.10.13

    // ඇත්තටම මෛත්‍රිපාල මහත්තයාට තියෙන්නේ ඔය පක්ෂේ පිහිටුවා ගන්න දෙන්නේ නෑ කියනා එක නෙමේය. පුළුවන් නම් පිහිටුවලා, දිනලා පෙන්නන්නෙයි කියලාය. ඔය ප්‍රාදේශීය සභාවල කෑ ගහන්නේත් ප්‍රාදේශීය කම්බා හොරුය, ගමේ අය උන්ගේ කැරැක්ටරේ හොඳට දන්නවාය. උන් වැජඹුනේ මහින්දගේ බැසිල්ගේ කටු කාලාය. හොරා කෑමේ යාන්ත්‍රනයේ කෙලවර උනේ ඔතනය. ඒ නිසා ඔය කාළකන්නි කොල පිච්චුවාට, ගමේ උන් බලාගෙන ඉන්නේ චෑන්ස් එකක් හම්බ උනොත්, ඕකුන් පණ පිටින් පුච්චන්නය. //
    2016.08.21

    // මෑතක පැවැත්වෙන සම්පාකාර චන්ද වලින් ජනපති පාර්ෂවය අම්බානක කමින් සිටි. තමන් සමඟ ඉන්න උන් පතන්නේද මහින්ද මහත්තයා අඩුම තරමේ අගමැති කමටවත් ගෙනත් ආයේ හොරා කන්නටය. උන් ගතින් මෙතන උන්නද, සිතින් සිටින්නේ මහින්ද සමඟය. දැන් දැන් විදේශවලින් ආරාධනා ලැබෙන්නේ ජනපතිට නොව අගමැතිටය. ඔහුට තිබෙන දේශපාලන කරිෂ්මාව හා පිලිගැනීම කිසිසේත් තමන් නොමැති බවත් ඉතා පැහැදිලිය. අනික රනිල්ට පිස්සු කෙලින්න දරුවන් ඇත්තේත් නැතිය. පක්ෂයේ ඉන්නා තෙවරක් පෙරන ලද සුපිරි හරක් නාම්බෝ මෙන්ම වන් ෂොට්ලා වන් ත්‍රාඩයෝ පවා හොඳින් බැරි නම් නරකින් හරි කොන්ට්‍රෝල් කර ගැනීමටත් ඔහු දන්නවාය. එහෙත් සිරිසේන යනු රාජ්‍ය නායකයා වූවද, දේශපාලන වශයෙන් කිසිවකුත් නැති අනාතයෙක්ය. //
    2016.10.13

    //මහින්ද ෆැන්ටසිය කුඩු කර දැම්මාට අපේ ගෞරවය කිසි ලෝස් එකක් නැතිව මෛත්‍රි මහතාට දෙනවා හිටංය. ඔය කියන විදියටම ප්‍රජාතන්ත්‍රවාදි වෙනවා නම්, අයිසිස් කාරයෝ මෙහේ ඇවිල්ලා පක්ෂයක් පිහිටුවන්න හැදුවොත් ඒකටත් අවසර දෙන්න වෙනවාය. ඇල් ටී ටී එක පක්ෂයක් ලෙස පිලිගන්නෙයි කිව්වොත් ඒකත් පිලිගන්න වෙනවාය. ප්‍රජාතන්ත්‍රවාදේ අපට දැන්ම ඕනා නැතිය. ඉස්සෙල්ලා රට හැදිය යුතුය.//
    2016.08.21

    //මෛත්‍රිගේ කතාවේ අන්තර්ගතය වෙන කිසිවක් නොවේ. ඔහුට අවශ්‍ය යහපාලනයක් නැතිය. ඔහුට අවශ්‍ය වන්නේ චීෆ් ජස්ටිස් එලෙව්වා වාගේ ක්‍රමයක්ය. ඒය මොකා කලද අනුමත කල හැකි දෙයක් නොවේ. අමුම අමු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයකි. //
    2016.10.13

    ReplyDelete
    Replies
    1. මාතලන් තේරුම් ගැනීම හරකුන්ට කළ නොහැක... මෙහි කිසිම පරස්පර අදහසක් ඇත්තේ නැත..

      Delete
  33. "වැදගත් මිනිසුන් වන මාරපනලා" මේක විහිළුවට නේද කිව්වෙ?

    ReplyDelete
  34. මාතලන් සහෝ...පාටලී රටේ නායකත්වයට හොද නැද්ද ....මට නම් හිතෙන්නේ එයාට විතරය් ආන්ඩුවෙ ඉන්න උන් ගෙන් විශන් එකක් වත් තියෙන්නෙ රට ගැන...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න