.

.

May 31, 2016

G7 - ඔබට සතුටුයිද දැන්...? - G7 - Are you happy now....?


දියුණු ශිෂ්ඨාචාරයන් අතරේ ගෝත්‍රිකයින් හඳුනා ගැනීම කෙතරම් පහසුද...?
අපේ නංගා, අම්මට සිරි ලංකාවට නිවාඩුවකට එන්නේ දානමය පිංකමකුත් සෙට් කරගෙනය. මාතලන් කොච්චර කිව්වත් ඒයාලා දානේ දෙන්නේ අපේ පන්සලටමය. (ඇත්තටම, ඒ පන්සලට දාන දෙන්න උවමනාවක් නැත.) ඉතින් කඳ බඩ මහත හාන්දුරු උන්නාන්සෙලා දානෙට වැඩ, හොඳට අඹරා, නංගා පිරිනමන තෑගී බෝගද (පිරිකර),  මුදල්ද, ඥාතීන් පිරිනමනා ඉතා වටිනා තෑගී භෝගද රැගෙන, අපිට මෙන්ම, අපේ නමින් මිය පරළොව ගිය සියළුම ඥාති මිත්‍රාන්දීන්ටත්, කිසි දින දැක නැති දෙවියන්ටත් පින් පමුනුවා, අවසානයේ ඒ උතුම් වූ නිවන් මග පුළුවන්නම් පල කියා පන්සලට වඩිනවාය. (වඩිනවා කිව්වාට ගිහින් ඩ්‍රොප් කරන්නට ඕනෑය.) ළොක්කා නම් එයාගේ බැන්ස් එකේ වඩිනවාය.))

May 27, 2016

ඇගේ ඇස අග, මා(තලන්)ගේ ඇසින් (අතිශයින් වැඩි හිටියන්ට පමණයි.) - Yeh... Let her Cry - Handagama


ඇගේ ඇස අග ගැන හෝ ගාලා විචාර යනවා. හඳයා "වඳින" සෙට් එකක් ඉන්නවා වගේම, හඳයා සෝ එකක් හැදුවාම, "වදින" සෙට් එකකුත් ඉන්නවා. අපි නම් ඉතින් ඔය දෙකටම නැතිව, හඳයා කොපියක් තියා මොකක් හැදුවත් ගිහින් බලනවා. ඒක හඳයගෙ ටැලන්ට් එක. මොකෝ, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ සෝ වල වගේම, හඳයත් අපිට සැක්ස් කෑල්ලක් පෙන්නන නිසා. හැබයි ඉතින්, ඉන්ටර්නෑට් එකේ සැක්ස් බලපු උන්ට මේ සැක්ස් කෑලී දැක්කාම වෙන්නේ, සිද්ධාර්ථ කුමාරයාට උනා වගේ, ගිහි ගේ කළකිරෙන එක විතරයි.

May 24, 2016

චන්ඩින්ට පිළිම නෙලනා රටේ, "චන්ඩියා" තම්බියකු වූ කළ - When Race Becomes Real



නැගෙනහිර මහ ඇමතියා නේවී එකේ ලොක්කෙකුට චන්ඩි පාට් එකක් දාලා කියා දකුණේ චන්ඩි ඔක්කෝම කුල්මත් වෙලාය. ඕක හින්ගල එකෙක් හරි, බයියෙක් හරි කරා නම් කියන්නේ වෙනත් කතාවක්ය. එහෙනම් ඉතින් නේවී ලොක්කාගේ අම්මා අප්පා ඉඳලා හමාරය. එහෙම වෙන්නේ, මේක බයියන්ගේ රට නිසාය. ඒ කියන්නේ මහා ජාතිය අමු බයියන්ය. ලංකාවේ අම්මලා, පොඩි උන් පොඩි කාලේ සිටම බයියලා කරන්නේ, "බයිය බබෝ... බයියා..." කියලාය. ඉතින් ටොයියෙක් උනත්, මේ වගේ සීන් එකකදි, අර උපන් ගෙයි බයි බව ඉස්මතු වෙනවාය. 

May 22, 2016

කොළඹ ගංවතුර, ආපදා කළමනාකරණය හා ගරානාව - Colombo Floods, Disster Management & Govt. Fund



ලංකාවම ගං වතුරෙන් යට විය. හැමෝම දැක්කේ කොළඹ පමණක්මය. සුපුරුදු පරිදි ආන්ඩුව ගං වතුරේද නෑවේය. බුදු පිළිම නිරාවරණ, ධාතු ප්‍රදර්ශණ, ආළෝක පූජා, තොරණ විවෘත කිරීම් සියල්ලෙන්ම පසුව ගං වතුරෙන් ආපදාවට පත් පිරිස් බැලීමට රටේ නායකයාට සිහිවන්නට ඇත්තේ පත්තරයක් බලන්න්ට ඉස්පාසුවක් නොමැති නිසා වෙන්ටැතිය. ඒ ගැන එතුමාට දොස් කීම වැරදිය. හැම දේම එතුමාට කිරීමට නොහැකි හේතුවෙන්,  ආපදා කළමණාකරනය සඳහා ඇමති කෙනෙක් පත් කොරලා වෙනම අමාත්තියන්සයක් පිහුටුවා තියෙන්නේ ඒ වෙනුවෙන්ය.

May 17, 2016

එයාර් ලංකා පමණක් නොව, සියළු සුදු අලි, ප්‍රතිව්‍යූහගත කළ යුතුය. - Restructuring of Air Lanka


අපි කරපු පාඩුව..., මේන් මෙච්චරයි...
මේ ගොබ්බ ආන්ඩුව කොයි තරම් පීචන්ද කියනවා නම්, ටැලිවොසොන් එකේ යන කුකුළන් කෙටවීමේ වැඩ සටහන් වලදි හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේද, රට විනාශ කල කම්බා හොරුය. උන් එසේ අසන්නේ නිකමට නොවේ. ඒ මගින් කියනා අනෙක් පනිවිඩය නම්, උඹලා අල්ලයි අපේ නැට්ට කියනා පණිවිඩයය. ඒ සියළුම නිළධාරින් මුන් සල්ලි වලට බාලා අහවරය. එජාපයේ හිටපු නීතීපතිවරු හා මහා ප්‍රාඥ්ඥයෝ බාපු උන්ට, නිළධාරි බානා එක නිකං කජු කනවා වගේ ගේම්ය. රට කාපු මහ එකා උන්ගේ මගුල් කන්නත් එනවාය. අන්තීමට උන් ඔක්කෝම එක කුලයේය.

May 16, 2016

බුකියෙන් (වත්පොතින්) නිවන් යමි - Facebook & Nibbana



තිලෝගුරු බෝසතුන්,
සසර සැරි සැරූ මෙන්,
නිබඳ සැරි සරමි මම,
යමි බුකියෙ උඩ පහළ....

ඒ අමා බෝ සතුන්,
සසර කළකිරුණු මෙන්,
කළකිරුණි මා සිතද.
සතර පෙර නිමිති දැක....

ෂෙයාර් කර පිය, කියා වද දෙන
ලයික් හිඟනා, සල් වන - ලෙඩුන්

මහා වංශය, පෙරලමින් එය,
අනුස් මරණා - මහල්ලන්

එළොවටත් නැති, මෙළොවටත් නැති,
ප්‍රාණයන් හිමි - මළකඳන්

අමතකව ඇත, දෙසූ බුදු බණ
ලේම ඉල්ලති - පැවිද්දන්

තන්හාද, රති රඟා පරදා,
බවුන් වඩමින් ඇසටු රුක් මුල,
සැනසුනා හිමියනේ,
නිවනින්....

කෙලෙස් දුරු කොට,
නිවන් යමි මම.
නිබඳවම,
බුකි ගත වෙමින්...

-x-

May 14, 2016

උගන්ඩා යන්න තිබ්බේ මෛත්‍රි මැතිදුන්ය - Uganda is better than London


අපි මෛත්‍රිලා ගේනවා වාගේම. මුසෙවෙනිලා බෞතීස්ම කරන්නේ බටහිර රාජ්‍යයන්ය. මෛත්‍රීත් දිනෙක මුසෙවෙනිලා නොවෙයි කියා කිව හැක්කේ කාටද...?

- මාතලන් -

බැසිල් අත් අඩංගුවට ගත්තා කියා නිව්ස් එක ආපු ගමන් මාතලන් බුකියේ ඉස්ටේටස් එකක් දැම්මේ මෙසේ කියමිනි.

//එංගලන්තෙ සමුළුව අමතලා ඉවර උන ගමන් බැසිල් ආයේ එළියට.

සමුළුවේදි මොකෙක් හරි ඇහුවොත් දූෂණ අක්‍රමකිතා වලට එරෙහිව මොකාද යකෝ ගත්තේ කියලා ඇහුවොත් කියන්න එකෙක් ඉන්න එපාය.

මොකෝ සජින් වාස් ඇතුලේ දාන්නය.//

May 13, 2016

හිටං කවි - අංක 1 - Hitan Poetry No. 1.



පස් වැනි වතාවෙත් කොහොමද මූ දින්නේ
ටියුෂන් අරන් ගේමට සෙට් වෙන්න හිටං

සමරන්නට ආවම මම කම් පාලා
අහක බලන් ඉන්නේ ඇයි ඉම් පාලා


වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
"මැදමුලනම" වලිගය නැති ගොනා වැනී


-x-


May 9, 2016

ඩෙනිම, උප සංස්කෘතිය හා බ්ලුක් - Inferiority Complex in Unversities & Blooks




විස්ස විජ්ජාල යනු සඟිස්කෘතියකි,
නවක වදය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

May 5, 2016

කෞමාර කාමය හා රථ ගාය (බාලාපරාධිකාරි ආන්ඩූ) - Mad Max & Govt. with Pedophilia


 
මාතලන්ගේ පවුලේ උන් සෙට් වී වෙසක් මාසෙට පොඩි පින්කමක් කොරනවාය. ප්‍රධානත්වය දරන ධානපති විශාකා නැන්දා උපාසිකාව කිව්වේ, මේ සැරේ ඒ සල්ලි ටික කැන්සර් හොස්පිටල් එකේ, ඉස්කෑන් යනතරේ ගන්න පූජා කරමු කියාය. වාසනාවකට මෙන් මාතලන්ගේ සහායට අප පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සේනාවෝද, මහින්දට පෙම් කරනා බවලත් උපාසිකාවෝද වූ බැවින්, යාන්තම ඒ වැඩේ නවත්වා, පුරුදු පින්කමම කිරීමට අවසානයේ සියල්ලෝ එකඟ වූහ.

May 4, 2016

මහින්දගේ ආරක්ෂාව බෙංගමුවේ නාලකට - Nalaka to protect MR

From - Facebook
සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් හා අමරපුර බලකායේ මේජර් ජෙනරාල් දවුල්දෙන ඥානිස්සර, අභයාරාම බලකායේ හා හෙදසේවා අනුකංඩයේ මේජර් ජෙනරාල් මුරුත්තෙට්ටුවේ ආනන්ද හා රාවණා බලකායේ බ්‍රෙගේඩියර් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හමුදා නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ජාතික ආරක්ෂක කමිටුවේ හදිසි රැස්විමේදි, හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ උතුමානන්ගේ ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් බේංගමුවේ නාලක වෙත පැවරීමට තීරණය කර ඇත.

May 3, 2016

තක්කඩි, ගොන්තඩි හා FCID - The Story of Turtle & Rabbit Race



ටුවර් එකක් ඉවර වෙලා ගෙදර ආවම, ගෙට ගොඩ වෙන්න කලින් මාතලන් ගොඩ වෙන්නේ, ෆාරුක් නානාගේ කඩයටය. ඒ ඩන්හිල් එකක් හා යාරේ තේ එකක් ගහන්නටය. යාරේ ටිං කිරි තේ එකක රස ෆයිව් ඉස්ටාර් හොටෙල් තේ එකකවත් නැති බව මට වරක් කිව්වේ, ඉතාලියේ නම්බර් වන් චෙෆ් කෙනෙක්ය. ඒ ආතල් එක ගන්න අතරේ, පාරේ ඉන්න එකෙක්ගෙන් මා(තලන්) ඇහුවේ "හොර සුනිල්" හුඟ දවසකින් දැක්කේ නැත්තේ මොකෝ කියලාය. ඌ ආයෙත් පොලෝසියෙන් කුදලාගෙන ගොස් තිබිනි. ඒ වෙන කාගේදෝ ගෙදරක තිබු ප්ලාස්ටික් පුටුවක්, පාරේ අරගෙන ගිය නිසාය.