.

.

Feb 29, 2016

අළුත් පක්ෂය වැඩ පටන් ගනී - New Party begins in Sri Lanka

 
  
මාතලන් පොඩි කාළේ ඉස්කෝළෙදි ගම කොහෙද ඇහුවාම කියන්න කැමති නැතිය. මොකෝ කෑළණිය කියා කිව්වාම පඩත්තල කොල්ලෝ මාතලන්ට කියන්නේ මැට්ටා කියලාය. ඒ කාළේ කැළණිය ප්‍රසිද්ධ වෙලා තිබුනේ මැටි වැඩවලටය. පස්සෙ කාළේ නම් ප්‍රසිද්ධ වූයේ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාගේ ආසනය කියලාය. ඊට පස්සේ ගාල්ලේ කියලා කිව්වම කියන්නේ, වැඩ බැරි එකෙක් කියලාය. කොහොම හරි ගම කොහෙද ඇහුවාම කැළණියේ කියා කියන්න පුළුවන් කාලයකුත් ආවේය.
 

Feb 26, 2016

රනිල් මහත්තයෝ, බලාගෙන ලොක්කා - Ranil, be careful ...!

 
 
එට්කාද මක්කාද කියා මොකක්ද ගිවිසුමක් හෙවත් කොල කෑල්ලක් අස්සන් කරනවාමයි කියා රනිල් ලොක්කා කියනවාය. තාම මේකේ සැකිල්ලවත් හදලා නැති උනත්, එජාපයේ නම් ඇට සැකිලිත් කුඩු වෙන්නම හතර අතේ කනවාය. ඒ ගැන කතා කතා කරන්නේ එජාපේ උන් විතරය. සමහර විට රනිල් ලොක්කා බලනවා ඇත්තේ මහින්ද අයියා දාපු පාට් දැම්මොත් වැඩේ හරි කියා වෙන්න ඇතිය. ඒත් මහින්ද මහත්තයා ඔහොම හත් පොලේ ගා ගත්තේ නැතිය. ඒවා කොරන්නේ සද්ද බද්ද නැතිවය. ඔහොම තග දාන්නේ නැතිය. අපේ හාන්දුරුවනේ කියා මහා නායක හාන්දුරුවන්ගේ පශ්චාත් පශ්චාත් භාගත් ග්‍රීස් නැතුවම ධාතු වලින් ස්නානය කොරලා දානවාය.
 

Feb 22, 2016

මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ - Tribute to Anton Jones

 
 
මාතලන්ට මතක ළමා කාලයේ ආරම්බය ගෙවෙන්නේ බයියන් රජකල යුගයකය. එකල රට පාලනය කලේ බයියන් පමණක් නොව මෙළෝ රහක් නැති සමාජවාදි කාරයෝය. මහින්ද යුගයේ වගේම සට්ටැඹි කලාකාරයෝ පිරිසක් අම්මට සිරි ලංකාවේ තිබුනු එකම හුලං විදුලි සේවය උන්ගේ බූදලයක් කරගෙන සිටියේය. උන් ප්‍රචාරය කලේ ජාතිකාභිමානී ගීත පමණි. උන් කැමති දේ අපිට බලෙන් දුන් අතර, අපට කැමති දෙයක් කිරීමේ නිදහස සම්පූර්ණයෙන් අහුරා තිබිනි. කොටින්ම බත් කෑම පවා තහනම් කර තිබිනි.
 

Feb 18, 2016

මහින්දාරාමයේ රතන සූත්‍රය - Chanting Rathana Suthra at Mahindarama

 

 
සිවුරට මුවා වී සැම ජඩ වැඩ                          කරති
මදා  වියෝ නීතියටත් තග                              දමති
උසා වියේ දහ අට සන්නිය                            නටති
බෙල්ලෙන් අල්ලලා දඟ ගේ තුල                    දමති

Feb 15, 2016

ගොම්මන්පිල විමල්, රැක ගත යුතු පුදා මල් - Gammanpila, Wimal, members of Yahapalana


දැන් උඹ කියන්නේ මේ ගම්මන්පිලයයි විමල් මැතිතුමයි මල් තියලා වඳින්න ඕන අය කියලා. තොගේ මොළේ කචල්ද? උඹමනේ මුන්ගේ පතුරු අරින්නේ හිටං.

හරි හරි එහෙම උනා තමයි. ඒ උනාට දැන් ඔය සිරි ලංකා නිදහස් පක්ෂේ වැටිලා තියෙන ආගාදෙට බැහැලා. ඒ ගැන ගැඹුරින් හදාරලා බැලුවාම, මලින් ඉතරක් නෙමෙයි, තෙලින් මලින් පිදුවත් අවුලක් නෑ.

ඒ කියන්නේ දැන් උඹට මේ සිරි ලංකා නිදහස් පස්සේ ගැනත් මාර කැක්කුමක් ඇවිල්ලද?

Feb 14, 2016

දෙරණට මාධ්‍යකරණය කියා දීම - Tachnical defending better than legacy


යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය.
 

Feb 12, 2016

වැලන්ටයින්, වැලා සහ ටාසන් (23+) - Valentine, Alex & Cougar


පිස්සු හැදෙන පස්ස නේද බං..?
.
වැලා.., කෑ ගහන්න එපා බං හරකා වගේ, මෙතනෙ වැදගත් මිනිස්සු ඉන්නේ. නිකං නෝන්ඩි වෙනවා..

වැදගත්ද නැද්ද මංදා..., හැම එකාම බලන්නේ ඒක දිහා.. මුං අඳුනන සුද්දියෙක් වෙන්න ඇති බං..
 
මාර ෆිගර් එක බං.. කොන්ඩෙත් මරූ... මූණත් ඒ වගේම ඇති... වරෙන්කෝ යන්න අර පැත්තට..
 

Feb 9, 2016

කිෂානි ජයසිංහ, සිරිසඟබෝ සහ ඉතිහාසය නැවත කියවීම - Kishani, Sirisangabo & History Repeats


 
කිසියම් කෙනෙකු එක රැයින් ජනප්‍රිය වීම වාසනාවම මිස වෙන කිසිවක් නොවේ. භාෂී මධුභාෂී මෙන්ම කිෂානීද එවන් වාසනා ගුණ ඇත්තෝය. ඔපෙරා ගැන මෙන්ම සොප්‍රානෝලා ගැන ලියන්න හිතාගෙන උන්නද ඒවා ලියන එක අපරාධයක්ය කියා මාතලන්ටම වැටහුන නිසා ඒ ගැන ලිවීම අතහැර දැම්මත්, දන්නෝ බුදුන්ගේ ගීය බොදු බැති ගීයක් ලෙස නම් කිරීම ගැන නම් නොලියා සිටිය නොහැකිය.
 

Feb 7, 2016

දන්නෝ බුදුන්ගේ දේශයේ වෛරය හා කුහකත්වය - Danno Budunge New Version, Class Theory & Sexual Trauma

Kishani Jayasinghe
ලාංකීය සමාජය යනු අමු ගොබ්බ ගෝත්‍රිකවාදය කර පින්නාගත් පසුගාමි ළිං මැඩි සමාජයක්ය යන්න මෑත කාළයේ සිඳු වූ සිඳුවීම් කීපයකින්ම මනාවට ඔප්පු වී හමාරය. ඕනෑම සමාජයක මෙවන් පිරිස් සිටිය හැකි වුවද, අති බහුතරය එවන් සමාජයක් වීම, මේ රටේ දියුණුවට ඇති ප්‍රධානම බාධාව බව නොකියා සිටිය නොහැකිය.

Feb 5, 2016

සීනිගම දෙවොල් දෙවියෝ අතුරුදන්... - Devol Deviyo Vanish...!!!


අද දින එකාබද්ධ විපක්ෂයේ, මළබද්දය වැළඳුණු විශාල පිරිසක්, එම රෝගය සුවකර ගැනීමේ, පරන වූත්, පවිත්තර වූත්, උතුම් අරමුනෙන් පොල් ගැසීම සඳහා සීනීගම දේවලයට පැමිණියද, දෙවොල් දෙවියෝ තම ආරක්ෂාව පතා ඊයේම මාරු වූ බව ආන්ඩුවේ බුද්ධි අංශවලට වාර්ථාවී ඇත.

Feb 2, 2016

සොරකම නීතීගත කරනු....!!! - Let’s legalise corruption !

 
 
මේ බොරුවට හෝ ඇත්තට, අළුතෙන් වියවස්ථාවක් ගේන්න හදනා කාලයක්ය. ඔය ගේන්න හදන වියවස්තාවට, හොරකන්, දුෂණ, වංචා, ලීගලයිස්ය කියලා කෑල්ලක් එල්ලුවා නම්, ව්‍යවස්ථාදායකයේ ඉන්නා උන්ට, ඒ කියන්නේ රට කරවන දේශපාලුවන්ට, රටේ ධනය හිතේ හැටියට මංකොල්ල කෑමට අවස්ථාවක් ලැබී, මේ අද තියෙනා කේස් එකක්වත් ඇති වන්නේ නැතිය.