.

.

Jul 1, 2015

ජනපති මහින්ද, අගමැති සිරිසේන කථා වස්තුව.. The Story behind President MR & PM Siraa



දිනය - 2014 - 11 - 19
ඉස්තානය - අරලිය ගහ මන්දිරය..

මහින්ද මහත්තයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ඩිනර් පාටියකි. සුපුරුදු පරිදි දියවන්නාවේ පිස්සන් කොටුවේ, කුඩු කාරයෝද, එතනෝල්කාරයෝද, බුකි කාරයෝද, රේප් කේස් කාරයෝද, බාර් කාරයෝද, ගංජා කාරයෝද, වමේ හිඟන්නෝද, රිලවුන්ද, අරුන්ද මුන්ද, කොටින්ම කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා ඔක්කෝම හාල්පාරුවෝ පිරී සිටිති.

අනික් හාල්පාරුවන්ගෙන් අම්බානක අමාරුවෙන් ෂෙප් උන් ජනාධිපති තුමා සිරා වෙත පැමිණෙයි.

සිරා පොඩ්ඩක් එනවකෝ මට තමුසෙත් එක්ක පොඩි කතාවක් තියෙනවා. තමුසෙ මොනවද කන්නේ.

හැමදාම පරිප්පුම කාලා එපා වෙලා සෑර්. ආප්පයක් කන්න කියලා බැලුවේ..

එහෙනම් කන මළදානෙකුත් පිඟානකට දාගෙන තමුසෙ එනවකෝ පැත්තකට..

හරි සෑර් මම බිත්තර ආප්ප දෙකකුත් දාගෙන සං ගාලා එන්නම් හිටන්..

අනෙක් හාල්පාරුවෝද ජනාධිපති තුමා පස්සෙන් වැටෙයි, දනින් වැටෙයි, බිම පෙරලෙයි..

හරි හරි ඕයි වඳින්න පුළුවන් පස්සේ, තමුසෙලා අම්මට හැමිනෙන්නේ නැතිව පැත්ත්තකට වෙනවැයි.. මට මේ සිරා එක්ක පොඩි ඩිස්කසොන් එකක් තියෙනවා..

මොකද සෑර් මේ කවදාවත් නැතිව. ඇපොයිමන්ට් එකක් ඉල්ලුවත් ගන්න බැරි වෙලාවේ..

හරි හරි අයිසේ තමුසෙ දන්නවා නේ මට අට අනූවක් වැඩ තියෙනවය කියලා, කී දෙනෙකුට කියලා ඇපොයිමන්ට් දෙන්නෙයි ඕයි..

ඇත්ත සෑර් ඇත්ත ඇත්ත

තමුසෙට අරුන් සෙට් එක කතා කරනවා නේද..?

මොන සෙට් එකද සෑර්...?

උඹ බබා... නිකං පලයන් බං යන්න.. අර පොදු අපේක්ෂකයෙක් හොයන සෙට් එක..

මොන පිස්සුද සර්.. අපි යනවද සර් දාලා හිටන්..

යන්න වෙනවා ඕයි... යන්න වෙනවා...

පිස්සුද සර්.. සර් දාලා අපි කොහේ යන්නෙයි හිටන්..

සිරා... මෙහෙමයි රජෝ කේස් එක.. සුමනයා කිව්වා මට කෙලවෙන්නයි යන්නේ,,, ඒ නිසා මොකක් හරි ගේමක් ගහන්නය කියලා...

මොන සුමනයද සර්..?

කේන්දර සුමනේ බං.. කේන්දර සුමනේ..

හුටා ඌ මොකක්ද සෑර් කිව්වේ හිටං..?

ඒ යකා කියන්නේ මට අවුරුද්දක් ඉතර අපලයිලු... ඉතින් එතකන් රුසියාවේ පුටින් වගේ, ෂුවර් එකෙකුට බලේ දීලා, ආයේ ෂේප් එකේ පොරක් වගේ සීන් එකට එන්නෙයිලු..

ඉතින් සෑර් මට කතාකොලේ....., උපදේසයක් හෙම ගන්ට වෙන්ඩෑ.... ඇයි සර් ඔය අසූ හාරදාහක් ඉතර ඉන්න උපදේසකයෝ ඉන්නේ....

උන් දන්න රෙද්දෙ උපදෙස්... උන්ගේ පවුල් අවුල් උනාමත් උපදෙස් ගන්නේ මගෙන් බං... ඔය සුමනයා කිව්වා නේ පුලන්නොන්ට දෙන්නය කියලා...

මට තේරුණා සෑර්...., මට තේරුනා.... දැන් සෑර් මගෙන් අහන්නේ... සෑර්ද, ගෝඨාභය සෑර්ද, නාමල් සෑර්ද හොඳයි කියලා හිටන්...?

පිස්සුද යකෝ...., රාජපක්ෂලා එකෙක් ෂුවර් නෑ.. උඹ එදා ඉඳන් අනේ අපොයි නොකියා කඩේ යන එකා නේ..

ඒක ඇත්ත සෑර්... අපිටත් එහෙම්මමැයි...

මම ගේමට දාන්න යන්නේ ඔහේව..

මේ මාව.. බම්බුව තමයි... මම කොහොමද සෑර් කන්න දුන්න අත හපාකන්නේ හිටන්..?

ඔව් යකෝ සුමනේ කිව්වෙත් උඹලු නියම බඩුව..

ඇත්ත සෑර්...., මැඩමුත් කතා කලා....., ඉතින් සෑර් මොකා ආවත්, කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා නම් මේ පාරත් ගොඩනේ..

උඹට තේරෙන්නේ නෑ සිරා... මම පරදින්න ඕන.. ඒත් අරුන්ගේ පොද්දෙකුට පැරදුනොත්, මට ආයේ බලේ ගන්න බෑ සුමනයා කිව්වත්.., ඒ නිසා තමයි උඹව දාන්නේ මචං

සිරගේ උගුරේ බිත්තර ආප්ප කෑල්ලක් හිරවේ...

පොඩ්ඩක් හිටහන් මචං මම පිට අතගාන්න.. අම්මට හුඩු කඳුළුත් ඇවිල්ලා..

මට ඇඬෙනවා සෑර්...

අඬන්න ඕන නෑ මචං... මේක මේ විදියට උනේ නැත්නම් මටයි අඬන්න වෙන්නේ..

ඉතින් සෑර් රනිල් ඉල්ලුවත් පරදිනවනේ...

පිස්සුද බං දැන් තියෙන සිටුවේසොන් එකට පොල් පිත්තක් ඉල්ලුවත් දිනනවා.. ඒත් දිනන එකා මගේ එකෙක් වෙන්න ඕන.. ඔබාමා කියන්නේත් එහෙමයි..

මොකා ඔබාමා.. ? පිස්සු කෙලින්න එපා මචං... ෂොරි ෂොරි සෑර්..

ඔව් යකෝ...., ඔබාමා කියන්නෙත් මේ ළෝකෙට ඔබාමලා දෙන්නෙක් ඕන නෑ කියලා.. මෝදිත් කිව්වා ඇමරිකන් කාරයන්ට වඩා රනිල් ෂුවර් නෑ කියලා.. ඒ නිසා උන් ඔක්කෝම උඹට සප් එක දෙයි හොඳෙයි.. අනික මචෝ,,,, උන් මට අදින ගේම් වලින් බේරෙන්න තියෙන එකම සිස්ටම් එකත් ඒකයි..

එතකොට සෑර් මම දින්නා කියමු .. එතකොට කැබිනට් එක..?

උඹත් එක්ක යන්න තව හාල්පාරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් එනවා.. උඹ ආපු ගමන් උන්ටයි රනිල්ගේ සෙට් එකටයි පෝස්ට් දෙනවා..

එතකොට අපේ උන් සෑර්...?

උන්ට ටික කාළෙකට නොකා ඉන්න කියනවා...

ඒත් සෑර් ජනාධිපති කමට කෙලෙ වෙනවනේ මම ආවෝත්.. අරුන් කියන්නේ ජනපති ක්‍රමේ නැති කරනවයි කියලනේ හිටන්...

පිස්සුද බං....,  ඕක අයින් කොරනවැයි මොළේ කළඳක් ඇති එකෙක්..., ඕක අයින් කරනවට එකෙක් කැමති නෑ මචං.. ඔය මොකක් හරි බොරුවක් දාහන්.. මම අර පිස්සු විතාරනට කියලා, ජයම්පතියා සෙට් කරන්නම් ඌ දෙයි නියම ගේමක්..

ඒත් සෑර් ඒ කැබිනට් එක ජනප්‍රිය උනොත්..? 

එහෙම වෙන්නේ නැති ගේමකුත් සෙට් කරලා තියෙන්නේ බං.. උඹ කියහන් දවස් 100 න් රට හදනවැයි කියලා..

දවස් සීයෙන්..? දවස් සීයෙන් කොහොමද් සෑර්...., අපි අවුරුදු ගානක් හම්බ කරපුවා අරුන් හම්බ කොරන්නේ..?

උඹ පඬියා නොවි මං කියන එක කොරහන්කෝ..

හරි සෑර්.. හරි, හරි,...... එතකොට සෑර් පැරදිලා මැදමුලනට යනවා.. 

ආ.... ඔය තේරෙන්නේ ගොනාට වගේ.. එහෙම නිකං යන්නේ නෑ බං.. මම කුමන්ත්‍රණයක් කොරනවා.. 
එතකොට උඹට මාක්ස් එනවා.. 

ඉතින් සෑර් කොහොමද ආයෙත් ගේමට එන්නේ..

මම මචං උඹට පක්ෂේ සභාපති කමත් දෙනවා..

ඒක අරයා ඉල්ලයිද දන්නේ නෑ..

එයැයිට දෙන්න ඕන නෑ බං.. දෙනවා කියලා ගොනාට අන්දහන්.. පව් නේ බං.. කාගේ උනත් බන්ඩගේ දරුවෙක් නේ..

හරි පක්ෂේ සභාපති කම දීලා හිටන්..

එහෙම දීලා...., පක්ෂේ උන්ට කියලා උඹට ගේම අදිනවා..

උඹ කියනවා, මම උඹව මරන්න එනවය කියලා... මම කියනවා, උඹ මාව මරන්න එනවැයි කියලා.. උඹ උඹේ හරක් ටික දක්කහන්.. මම මගේ හරක් ටික දක්කන්නම්..

එතකොට සෑර්, බැසිල් සෑර්...

ඌව කොහොම හරි කපලා දාහන්.., ඇතුලට දැම්මත් කමක් නෑ.. උඹලට ඉතරක් නෙමෙයි බං...., මටත් හෙන වනයක් වෙලා තියෙන්නේ..., මැඩම්ට පෙන්නන්නත් බෑ.. බේබිලට පෙන්නන්නත් බෑ...

ඉතින් සර් බලේට එන්නේ...?

දවස් 100 ඇතුලේ, අවුරුදු ගානක් පරිප්පු කාපු උන්, ආපු ගමන් ගේම් දෙනවා.. අපි ඒවට අංචි අදිනවා.. උඹ උන්ට බැක් කරනවා.. 

එතකොට උඹයි අරුනුයි නෝන්ඩි වෙනවා.. මම දිගටම ගේම අදිනවා.. උඹ කොටියට රට දෙනවා කියනවා. හොරු රකිනවා කියනවා.. මේකද යහ පාලනේ කියනවා..

ඉතින් සෑර් දවස් 100 න් ඡන්දෙට යනවා හිටන්..

පිස්සුද යකෝ... දවස් 100න් බැරි නිසා, දෙසීයක් විතර නාන්න දෙනවා.. ඔබාමලා, එළිසබෙත්ලා, මෝඩිලා ඔක්කෝම පුක පෙන්නනවා.. චිනට කියනවා සතයක් දෙන්න එපා කියලා..

ඉතින් සෑර් ඉතින් ඉතින්..?

ඕන් ඊට පස්සේ අම්මගේ රෙද්ද ලිහනවා...

කාගේ අම්මගෙද සෑර්.. ?

අම්මගේ රෙද්ද නෙමෙයි බං.. පාර්ලිමේන්තුව...

විසුරුවලා හිටන්...?

බැසිල්ට නොමිනේසොන් නැතෙයිය කියනවා... ඒ වෙනුවට ඝෝඨට දෙනවා..

ඉතින් සෑර් මේ සැරේ ඝෝඨා අරින්න ගත්තොත්...?

එහෙම ආවොත් එයාට ජිනීවා නඩුවට යන්නෙයි කියලා, ඔබාට කියනවා ඇමරිකාවට ගන්නෙය කියලා..

මාර පොරක්නෙ සෑර්... ඇනේ සෑර් ඔය මොළේ අපිට තිබුනා නම්..

එක තිබුනේ නෑති එක හොඳයි.. එහෙනම් ඩඩ්ලියා ළෝකේ ළොකුම කෝටිපතියා වෙනවා... උඹ කියනවා මහින්ද නැතිව පක්ෂෙට දිනන්න බෑ... ඒ නිසා මහින්දට කැම්පේන් එක දෙනවා කියලා...

ඉතින් සෑර් මම නේ සභාපති..?

ඒකනේ ගොනෝ කිව්වේ අරකිට හෙම දෙන්න එපාය කියලා..

හරි හරි ඊට පස්සේ සෑර් අගමැති වෙනවා.. එහෙම වෙලා මට දෝෂාභියෝගේ ගේනවා.. මම ඒකෙන් පරදිනවා.. අනේ සෑර්...,, ඊට පස්සේ මම ගෙදර යන්න වෙනවනේ හිටන්.. මට වෙන්නේ වැලි රාජු වගේ වැලි අදින්නද එතකොට... නැත්නම් සම්පෙට යන්නද....?

පිස්සුද යකෝ...., ඊට පස්සේ මම උඹට ලිස්ට් එකෙන් අරගෙන අගමැති කරනවා..

අනේ සෑර් මට පුදුම ආසාවක් තිබ්බේ සෑර් රටේ අගමැති වෙන්න.. එහෙනම් ෂුවර් නේද සෑර්... සිරා නේ...

සිරා.... සිරා.... මගේ බුදු සිරෝ.... ෆුල් සිරා..... යකෝ මහින්ද කවදාවත් කරනවයි කියපු දෙයක් නොකර ඉඳලා තියෙනවද.. මම ජනපති.... උඹ අගමැති..

ඇනේ තැන්කිව් සෑර්...!!!

එහෙනම් සෑර් මම හෙටම අරුන් එක්ක සෙට් වෙනවා...

අතුරලියේ රත්න විසින් රචිත, වීරවංශයෙන් උපුටා ගන්නා ලදුව, ගවේසොනසීලී මාද්දිය වේදී මාතලන් විසින් ලියා පල කරන ලදි....

60 comments:

  1. සිරා පවු නේද? මාතලනුත් දැන් හැටට හැටේ සිරා ට නෙලනවා...

    ගොන් සිලිසේන අද තනියම වෙල මැද්දේ


    මීට ෆේක් ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. 1600/= කැලි වල මර ලතෝනිය

      Delete
    2. @ Sarasa

      //සිරා පවු නේද? මාතලනුත් දැන් හැටට හැටේ සිරා ට නෙලනවා...

      ගොන් සිලිසේන අද තනියම වෙල මැද්දේ//

      ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඵක තමයි බන්.
      මේ ලෝකේ 100%ක් හරි මිනිස්සු නෑ නේ.තමුන්ගේ නායකයා උනත් වෑරදි දෙයක් කරනවානම් ඵක විවේචනය කරන්න ඔන.ඔනම පක්ශයක් හරිපාරේ යන්නේ ඵතකොට.
      මොන කුප්ප වෑඩේ කලත් ඵලකිරි මහරජ කිව්ව තොපි වගේ වදුරෝ නිසා තමා මහින්දයට කෙලවුනේ.

      Delete
    3. //මොන කුප්ප වෑඩේ කලත් ඵලකිරි මහරජ කිව්ව තොපි වගේ වදුරෝ නිසා තමා මහින්දයට කෙලවුනේ.//

      කතාවේ හැටියට නම් මහින්ද මහත්තයා ට කෙලවී නැත...

      එතුමා ගොන් සිලිසේන ඉදිරියට දමා කුඩා විවේකයක් නරඹන්නන්ට ලබා දුන්නා පමනි...

      ඇනො හාදයාට ට ටැපලයිස් වී ඇති බව පෙනේ...

      මීට ඇත්ත ම ඇත්ත ස ර ස තුමා

      Delete
    4. ගොනෙක්ද හරකෙක්ද කියලා තෝර ගන්න බැරිව ඉන්නේ...

      Delete
    5. //ගොනෙක්ද හරකෙක්ද කියලා තෝර ගන්න බැරිව ඉන්නේ...//

      ++++++++++++++++

      Delete
    6. //ගොනෙක්ද හරකෙක්ද කියලා තෝර ගන්න බැරිව ඉන්නේ...//

      ++++++++++++++++

      Delete
  2. *****************************************************

    මාතලං ටිංකිරි
    ජොකියෙකි රනිල්ගේ මඩකරි
    දවසේ වියදම කරගන්න සරි
    මඩම ගහයි නොකියා බැරි

    **************************************************

    ReplyDelete
  3. This writer says something about central bank plundering? Arjuna Mahendran clearly said that it was Ranil and Ravi who ordered him to act according to what he is asked to do! Your Yahapalanaya pen never writes this fact!

    ReplyDelete
    Replies
    1. And must add to that.Ar. mahendran after that incident has gone to singapore to saying take medicine to his eye trouble. But he has bought 11 briefcases with him. How pity these innocent guys. All are thieves. Some are naked some r semi naked. What a story.

      Delete
    2. මේ යහපාලනෙන් ගොඩගියෙ විල්පත්තුවට වැඩේ දීපු බදුරුදීන් සූකරයට විතරයි.

      Delete
    3. You gotta be f** kidding dude...do you even know how security bonds and public offerings are traded?just talking bullshit. Clearly was insider information leaking and conflict of interest but this is the first time in many years that trading was done publicly.

      And who the fuck would take sri lankan currency in bfief cases to another country? The only place that would accept sl rupee in singapore would be the mustafa money changer,also dont think they would do any thing over 1000$.

      Delete
    4. 1st Ano is a new comer to Maathalan

      Delete
  4. මාතෝ..ආතාරින්නෙපා නෙලාපිය සිරාටත්...

    --------------
    කවුරු රචානා කලත් මොකෙන් උපුටාගත්තත් ඇත්ත වගේම ලියලා තියෙනවා..

    වගේ නෙමෙයි ඒකම ද මන්දා...

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු ලියන්නේ බොහෝම අඩුවෙන්

      Delete
  5. අසල්වැසි ඉන්දියාවට රටට ආදරය කරන දුෂණ වංචාවන්ගෙන් තොර දේශපාලන නායකයන් නැතත් යම්කිසි වැඩපිළිවෙලක් දර්ශනයක් සහිත දේශපාලකයන් පිරිසක් වෙති.මොන වංචා දුෂණ මගඩි මැද්දේ වුව ඉන්දියාව දියුණු වන්නේ ඒ නිසාය.අපිට අඩු ගානේ එහෙම උන් ටිකක් වත් නැත.මේ වන විට එය හොඳින් ඔප්පු වී හමාරය.සිරාගේ සිට මහින්ද දක්වාත් රනිල් ගේ සිට අනුර කුමාර දක්වාත් එම සතාමය.විමල්ලා චම්පික රාජිතලා ගැන තව කවර කතාද ?මුං ඔක්කොම දේශපාලන ඩීල් මගින් තම බඩගෝස්තරය ගැට ගසා ගැනීම හැර වෙන කිසිදු සැලසුමක් නැති දේශපාලන හිකනළුන්ය.ඉදිරි චන්දය යනු මුංගේ තවත් එක 'යටිං ඩීල් උඩිං බණ' සංදර්ශනයක් පමණි.සැරසෙන්න තවත් ආතල් ගැනුමකට.වියදම ඔබේ පොකට්ටුවෙන්!

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව දියුණු ‍වන්නෙ ඉන්දියාවේ දේශප්රේමීන් සිටිනා බැවිනි. යහපාලනය/දූශණය/වංචාව කියා ඉන්දියාව පාව‍ාදෙන්නට ඉන්දියානුවෝ නොසිතති. රට/ජාතිය පාවාදෙන රනිල් වැන්නන් ඉන්දියානු දේශපාලනේ පවා නැත්තෙ ඒ නිසාය.

      Delete
    2. දර්ශණයක් තිබ්බා නම් මේ තම් දරුණු විදියට නාවිය....

      Delete
  6. මාතලන් රියල් කසුට්ටෙක්නෙ බං.මල් දාපු අතින් ගල් ගහන්නෙ ඌ නෙවෙයි වයෙ.
    දින සීයෙන් යහපාලනෙ ඇනගද්දී
    ඇදගෙන තවත් සීයක් ගූගොඩ වෙච්චී
    එනවලු ඕං හොරකං කල අප්පච්චී
    අගමැති වෙන එකා මටනං නැත නිච්චී....
    මේක අර ලියුංගල(letter pashana) හාදයා බාගෙට පබැඳපු එකක්යැ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් තේරුම් නොගත් මී හරකෙක්

      Delete
  7. යහපාලනෙන් හරියට වැඩක්වුනේ විල්පත්තුවට මරු කැඳවූ සූකර බදුරුදීන්ට සහ මහබැංකුවට වැඩදුන් මහේන්දරඅන් මහතාට පමනි

    ReplyDelete
    Replies
    1. සහතික කොරන ලද පෙරාපු සත්‍යය

      Delete
  8. සුබ සහ යස නාඩගමේ අලුත්ම වර්සෝන් එකයි
    සිරා මරා කෝලමකට ඉස්ටෙජ් එකත් ......සරියි
    පිං අගමැතිකම කෙලවී රනිල් සජිත් කෙලගනියි
    වටේ ඉන්න ජහමනයට සිරා විරිදු කවි .....කියයි

    ReplyDelete
    Replies
    1. එක ඉවර උනේ හිස ගැස්මෙන්. මේක ඉවර වෙන්නේ ඇට දෙකත් නැතිව..

      Delete
  9. වැරි වැල් ස්කිරිප්ටඩ්!

    ReplyDelete
  10. උඹ කියනවා, මම උඹව මරන්න එනවය කියලා... මම කියනවා, උඹ මාව මරන්න එනවැයි කියලා.. උඹ උඹේ හරක් ටික දක්කහන්.. මම මගේ හරක් ටික දක්කන්නම්..the best one...

    ReplyDelete
  11. අයිසෙ මාතලන්, දිස් ඊස් වෙරි ගුඩ්

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අයිසෙ මහත්තයා

      Delete
  12. එල එකක් මාතලන්. සිරා පරිකල්පනය සහ ඇක්සලන්ට් රයිටින්!!!

    ReplyDelete
    Replies
    1. තාමත් ඒවා තියෙන එකත් ළොකු දෙයක් නේ.. ටැන්කූ අනේ...

      Delete
  13. අපි (සේරම මිනිස්සු) අසරණ වෙලා වගෙයි බුදුහාමුදුරුවනේ

    ReplyDelete
    Replies
    1. බුදු හාන්දුරුවෝ මක් කොරන්නද බං, සෝභිත හාන්දුරුවෝ කරපු දේකට...

      Delete
  14. ඇත්ත කියහන් අයියන්ඩි මේ සතර කන් මන්ත්‍රනය උඔ හොරෙන් අහගෙන හිටියා නේද?
    එල ද බ්‍රා එකට ලියලා..
    ඇත්තටම මෙහෙම වුනා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. නැහ්නන් කොහොමෙයි පනේ, පන පුහිටුවා වගේ ලියන්නේ...

      Delete
  15. හිහි මේ වෙන වැඩ වලහැටියට මේම වත් වෙන්ට බැරිද සිතෙයි. හිහි

    ReplyDelete
    Replies
    1. වෙන්න බැරි නෙමෙයි. වෙලා ඉවරයි...

      Delete
  16. පුකෙන් හිනායන ගොන්පාට්.. ඔහොම කුමන්ත්‍රන තිබුනෙ නෑ... සිරිසේන මෝඩකමට ස්‍රිලනිප නායකය වෙන්න ගිහින් ඇනගත්ත...
    ආයෙත් මරා එන්නෙ නෑ.. මොන පක්ෂෙන් ආවත් නාවත් අගෝ.18 එජාප අන්ඩුවක් හැදෙනව.. එච්චරයි...

    ReplyDelete
  17. සීරු මරා හා මාර සිරා.. ලුක්ස් ලයික් මැචින් වෙල් විත් වට් ඊස් ගොයින්ග් ඔන්.. හැක්.

    ReplyDelete
    Replies
    1. සෑම් තින් හැපන්ඩ් උනා නේ බං

      Delete
  18. අඩේ...එහෙම වුනා වෙන්නත් පුළුවං...එහෙම වෙන්නත් පුළුවං....
    උඹත් නිකං කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා වගේනෙ බං...
    මොනා උනත් කස්ටියකට කාලයාත්‍රා කරංටම වෙනවා මේ පාර...
    (වෙරි බුසී මචෝ... ලබන සතියෙ ටං ටං ගාංට ට්‍රයි කොරමු)

    ReplyDelete
  19. කවුද දන්නේ ඉතින් සිරාවටම යටින් ගියේ මෙහෙම ගේම් එකක්ද කියලා හිටං..

    ReplyDelete
  20. මාත් මෙහෙම එකක් ලිව්වා බන්. කාලෙකට කලින්.
    http://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post_0.html

    ReplyDelete
    Replies
    1. හිස්ටරි රිපීට්ද මක්කද කියලා මළ හත්තිලව්වක් තියෙනෙවනේ අජියෝ...

      Delete
  21. //පව් නේ බං.. කාගේ උනත් බන්ඩගේ දරුවෙක් නේ..//

    ReplyDelete
  22. අන්න දැනෙන්න ලියපු දේශපාලන ලිපියක් ........... මාතා මැලේසියා ඇවිත් ගියා ..... කිව්වෙත් නැ අපිට

    ReplyDelete
    Replies
    1. මැලේසියන් රඹුටන් නම් කනවා මේ ටිකේ රත්නපුරේ ඉඳගෙන

      Delete
  23. After all the Yahapalana bull shit , Mahinda will be allowed to contest through SLFP. The biggest fraud of the century my Mr. Sirisena.. May be Maathalan's short story is true.
    Had some hope about the country when MR was sent home , was even considering on coming back to SL...
    Not any more...

    ReplyDelete
  24. Every thing happening in MY3 and RW s way. All set for a National Government, Dheishapaalana nannaththaara become fake abbagaarha Sandhaanaya and now Sira Goyiyaa is given reasons to form a NG without any hesitation.This is a must for Sira Goyiyaa to survive from anticipated vishvaasa banga yoejanaas and the rest from MR faction.

    ඔක්කොම වෙන්නේ මෛත්‍රීගේ හොඳටය. අබ්බගාත සන්ධානය වෙනම තරඟ කිරීම මෛත්‍රීටත් යූ එන් පියටත් කියලවත් කරගන්න බැරි වැඩකි. දැන් ජාතික ආණ්ඩුවක් හැදීමට මෛත්‍රීට ඕනතරම් හේතු තිබේ. මෛත්‍රීගේ පැවැත්මට තරජනයක් විය හැකි විශ්වාස බන්ග යෝජනා ආදිය නවත්වාගන්නට හැක්කේ මෙලෙසය. මෛත්‍රීගේ පැවැත්ම යහපාලනයකට අත්‍ය්වශය.

    ReplyDelete
    Replies
    1. යහපාලනය කෙසේ වෙතත් යම පාලනයන් නොඅඩුවම ලැබේවී

      Delete
  25. ඊයේ සිකුරාදා අභයාරාමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිකුත් කරපු නිවේදනයට අනුව යි, ඒකට මෛත්‍රීගේ නිශ්ශබ්දතාවයේ හැටියටයි මාතා මේ ලියලා තියෙන සීන් එක ඇත්තට ම සිද්ධ වුණු එකක් හැටියට තමයි සලකන්න වෙන්නේ.

    එක්සලන්ට් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කිව්වා!

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩක් ටැන්කූ කිව්වා...

      Delete
  26. කරුමේ කියන්නේ අයිසේ මාතලන්..... මේ සිරා ගොයියා හිතා ගෙන ඉන්නේ රටේ ජනාධිපති තවම මහින්ද කියලා නේ....

    ReplyDelete
  27. පට්ටයි මචන්

    ReplyDelete
  28. මං කිව්වා දෙන්නගෙ පැලෑනක් තමා කියල ඒ දවස්වලම :p

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න