.

.

Jul 28, 2015

හැලපයාගේ ගෙදර තිබූ අටමාගේ පාටිය, පෝටෙලෝ හා ආනා පුංචිහේවා - Atamaa's Party at Helapaya's Place, Portello & Ana Punchihewa



අටමා කියන්නේ මාතලන් වාගේම බොග දානා එකෙක්ය. ඌ, මාගේ ආත්ම ගානක් පස්සෙන් එන ජන්මාන්තර වෛරක්කාරයෙක්ය. ඒත් ඉතින් මක්කදෝ කරුමයට සේරිවානිජයයි කච්චපුටයයි එක පාරේ සේල්ස් යනවා වාගේ, අපි දෙන්නත් මේ බොග් මාවතේ, වලි, කසිලි බිසිලි මැද අපේ ගමන යනවාය.

Jul 25, 2015

මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... - Mahinda's Balls and No ball Story



බොග දාන හිතවතුන් කියන්නේ කුජීත දේසපාලනේ ගැන ලියන්න එපා කියලාය. ඒත් මාතලන් කියවන වැඩි පිරිස කියන්නේ, කලටිපොල්ම කඩන්නය කියලාය. උදේ හවා කලටිපොල් ඕසෙට කඩපු මාතලන්ටත් ඒවා නොලියා ඉන්න කොට ඇටේ කසනවා වගේ දැනනවාය. ඒ නිසා මේ පෝස්ට් එකේ දෙගොල්ලොම සැනසෙන ඒවා තියෙනවාය.

Jul 17, 2015

බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය - Rrunaway brides, moonlight & Mana's new release



ගොඩක් උන් කියනවා වාගේ, දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක අබ ඇටයක් සයිස් මොළ ගෙඩියටත් සහනයක්ය. මේ තරම් නස්කූනී දේශපාලනයක් අම්මට සිරි ලංකාවේ අම්මා මුත්තා කාළේවත් නොතිබෙන්නට ඇතිය. කම්බ හොරුන්ට හා මහ බැංකු හොරුන්ට දෙනවාට වඩා, මාතලන්ගේ ප්‍රියතම චරිතයක් වන ලාල් කාන්තයාට මනාපේ දෙන්නට මාතලන් හිත හදාගෙන අවසානය. මොකෝ මොන වේසිගේ පුතා ආවත් මේ රටට හෙන හත මිස, කිසි සෙතක් නම් නැති නිසාය.

Jul 6, 2015

දරුණු අනතුරකින් පසු මෛත්‍රීපාලගේ කොඳු නාරටිය ඉවත් කෙරේ.. - Maithree Undergoes Spine Removal Surgery after U Turn Tragedy


පසුගිය රජයේ දත් දොස්තරලා හා කොන්දොස්තරලා විසින් සිඳුකරන ලද සැත්කමකින් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා දරුණු අතුරු ආබාධයකට ලක්ව ඇති බව වාර්ථාවේ. ඔහු මෙසේ අතුරු ආබාධයකට ලක්ව ඇත්තේ කොඳු නාරටිය ඉවත් කිරීමේ සැත්කමකින් අනතුරවයි.

Jul 3, 2015

මහින්දාගමනය හෙවත්, ඔබාමා ලංකාවේදී චීනාට පැරදීම - Xi Jin Pin Defeat Obama in Sri Lanka



යහ පාලනයක් ඇති කිරීමට පත් කල ඔලමොට්ටල නායකයකු නිසා, මෙතෙක් පැවති මිලෙඡ්ච්ම හා කෘර මැතිවරණ සටණ දැක බලා ගැනීමට අපේ ජහ මනයාට වාසනාව පෑදිලාය. පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ඕවර් මැච් හා විස්සයි විස්සේ මැච් සැට් එක කැන්සොල් කොලත් අවුලක් නැතිය, ඩී වී උපුල්ලා, රත්තරන්ලා, මහින්දානන්දලා, සොයිසලා, ජොනීලා, දයාසොරිලා ගොබ්බ අලියන්ට එලවා එලවා ගහනවා බලා ආතල් එකේ හොඳම එකෙන් ගන්න පින් ලැබෙනවාය.

Jul 1, 2015

ජනපති මහින්ද, අගමැති සිරිසේන කථා වස්තුව.. The Story behind President MR & PM Siraa



දිනය - 2014 - 11 - 19
ඉස්තානය - අරලිය ගහ මන්දිරය..

මහින්ද මහත්තයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ඩිනර් පාටියකි. සුපුරුදු පරිදි දියවන්නාවේ පිස්සන් කොටුවේ, කුඩු කාරයෝද, එතනෝල්කාරයෝද, බුකි කාරයෝද, රේප් කේස් කාරයෝද, බාර් කාරයෝද, ගංජා කාරයෝද, වමේ හිඟන්නෝද, රිලවුන්ද, අරුන්ද මුන්ද, කොටින්ම කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා ඔක්කෝම හාල්පාරුවෝ පිරී සිටිති.