.

.

Mar 31, 2015

ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Police

 
පෝස්ට් එක දිග වැඩි මාගලකි.. අවසානය දක්වා ඉවසීමෙන් කියවන්න..

අම්මට සිරි ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය. හිටපු පොලිස් පති කුඩු කාරයෝ එක්ක පට්ට ආතල් ගත්තා කියන්නෙත් පොලෝසියමය. එයාල බොහෝ වෙලාවට කරන්නේ එයාලාගේ රාජකාරිය වෙන නීති විරෝධි දේවල් අල්ලන එක වෙනුවට එයාලා ඒ ගේම් වෙල නිරත් වෙන එකය. දැන් අපිට සිඳු වෙලා තියෙන්නේ එයාලාව තව කාට හෝ අල්ලා දෙන එකය. කරුමේ කියන්නේ අල්ලලා දෙන්න එකෙක් නැති වීමය.

Mar 29, 2015

වැලි රාජුගේ මරණයට රජය වග කිව යුතුය (23+) - Government is responsible for the death of Priyantha Siriseana


ම්මට සිරි ලංකාවේ ආතල්ප්‍රිය ජනතාව මේ දවස්වල ආතල් ගන්නේ මරණයක් නිසාය. බුකියේ, මරණවලටත් ලයික් දාන රටේ, මරණෙකින් ආතල් ගන්නා එකත් මහ දෙයක් නෙමේය. මට පුදුමේ අයිස්චර්යේ උන්, පාර පුරා කිරිබත් උයා දන්සල් නොදුන්න එකටය. මොකෝ ප්‍රේමදාස උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගිය වේලෙත්, පිරිබාහරන් උන්නැහේ නන්දිකඩාල් වලින් නිවන් දැකපු වේලෙත්, එහෙම ආතල් ගත්ත උන් නිසාය. පිරිබාහරන් නිවන් ගිය වෙලාවේ කිරිබත් කාපු උන්, ඊට පස්සේ පරිප්පු කන කොට නම් කිව්වේ, මැරෙන්න ඕනා උන් ජීවත් වෙද්දි, මළේ ඕනම එකා කියලාය.

නෙළුම් යාය, අජියලා සහ හුජ්ජා බර - Nelum Yaaya, 3 Ajiths & Peeing


මාතලන් සිතාගෙන හිටියේ "නෙළුම් යාය සම්මාන උළෙල" මග හරින්නය. (උළෙල මගහරිනා මෙන්ද, සහභාගි වන මෙන්ද අවවාද අනුසාසනා කළ හිතවතුන්ද බොහෝය.) තෑග්ග ඉවාන්ට ගන්නය කියා පස්සෙ වෙලාවක උගෙන් ඉල්ලා ගන්නය. ඒත් වැඩේ ඕගනයිස් කළ අජියා එවනා ඊ මේල් දැක්කාම මාතලන්ගේ බොක්ක උණු උනේය. හදවත ඇන්කර් බටර් වගේ දියවෙලා ගියේය. ඒංගලන්තේ ඉඳලා ඇවිත් බ්ලොග ලියනා උන් වෙනුවෙන්ම කරනා මේ වැඩේ මග ඇරීම කිසි සේත්ම කළ නොහැක්කක් බව තෙරුන නිසාම ඌට මම එන බව කොන්ෆෝම් කලෙමි.

Mar 27, 2015

හොරු 25 කට ඇබෑර්තු ඇත.. - Is the national list serving its purpose?

බුකියේ එකෙක්ගේ පට්ට නිර්මාණයකි..
පේ රටේ දේශපාළණයේ යථාර්තය පැහැදිලිව දැක ගත හැකි සිඳූවීමක් ඊයේ පෙරේද හික්කඩුවේදී සිඳු උනේය. ඒ "රජ්ජම" ප්‍රාදෙශීයේ චෙයාර් මෑන්ස්ට, මුන කට කුඩු වෙන්නම පිස්ටොල් එකකින් ගේම් එක දීමය. පොර එතනම ඔන්දස්පොට් වී නිර්වානයට ගියේය. හොයාගෙන ගියාම පොරත් නොම්මර එක ගේම් නමයක් දහයක් දීපු පාතාලේ සුපිරි බඩුවක්ය. පොරට ගේම දීපු ලසීද ලැසීද කියන එකා හොයා ගන්නත් නැතිය. යහ පාළණයක් තුල සිඳුවන මේ සීන් වලිනද මනාව පෙනෙන්නේ, වත්මන් දේශපාළණයේ සැබෑ මුහුණුවරයි.

Mar 25, 2015

මාස්ටර් සෑර්... නිව් වර්සොන්.. - Master Sir..., New Version


මැදමුලනේ, ගමේ උන්ගෙන් බේරිලා ඉන්න බැරි නිසාත්, කාල්ටන් එකේ, කතරගම යන කාළකන්නින්ගේන් බේරිලා ඉන්න බැරි නිසාත්, සසර කළකිරි සිටින මහින්ද මහත්තයා, මේ කුණු සසර කතරින් එතෙර වීම සඳහා, මහ රහතුන් වැඩ වෙසෙන නාරාහේන්පිට අභයාරාමයේ භාවනානූයෝගීව සිටීමට තීරණය කළද, දැන් එතෙනටත්, ප්‍රාදේශීය වල මිනීමරුවෝ, කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, බඩු කාරයෝ කඩා පැන, එතුමාගේ උතුම් වූ ඒ ප්‍රාර්ථනාවට බාධා කරනවෝය.

Mar 23, 2015

චන්ද්‍රිකා හෙළුවෙන් යැවීම... - Naked Thief



මෙගා ෆෝන් එකකුත් කරේ දාගෙන හිරගෙවල් ගානෙයි, පන්සල් ගානෙයි, එක එකාගේ ගෙවල් ගානෙයි කරක් ගහන මහ සජ්ජුරුවන්ගේ සීන් කෝන් නිව්ස් වලින් දැකපු රනිල් උන්නෑහේ, ෆුල් අප්සෙට් එකේ නිදා ගන්න ගියේ මැතිවරණේ රිසාල්ස් එන දවසෙත් කන පැලෙන්න නිදාගෙන හිටපු පුරුද්ද නිසාමය. ඒත් නිදා ගන්න කලින් මෛත්‍රිට කිව්වේ, අනේ ඩලා මාව පොඩ්ඩක් උදෙම නැගිට්ටන්න මොකෝ මෛත්‍රිට උදෙම කෝල් එකක් ගන්න ඕනෙයි කියලාය.

Mar 22, 2015

අජරාමර විධායකය - Immortal Executive Powers


යහ පාළණේ නැගලාම යනවාය. වැඩේ පටන් ගත්තේ ඇක්සැකටිව් ප්‍රොසිඩන්සි ක්‍රොමේට කෙළලා අරිනවා කියලාය. දැන් කියන්නේ සන්සෝධනයක්ද මක්කදෝ මළ හත්තිලවක් ගේනවා කියලාය. ඒකට කියන්නේ 19 වැඩි සංසෝධනේ කියාලාය. අපේ රටේ හැම එකාම කියන්නේ 9 නපුරුය කියාලාය. එක්කෝ අර 13 න් වැනි තට්ටුවයි, 13 නේ කාමරෙයි නැති හෝටල් වගේ, එක්කෝ මේක 18 A කියලා ගේන්න ඕනාය. එහෙම නැත්නම් ආන්ඩු ක්‍රම විවස්ථාව ගැන මළ පොතේ දෙයක් නොදන්න උන් පාර්ලිමේන්තුවෙත් ඉන්න රටක, 19 පැත්තකින් තියලා 20 වැනි සන්සෝධනේ කියලා ගේන්න ඕනාය.

Mar 21, 2015

ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදීම හෙළා දකිමු... - Field Marshals of Sri Lanka


ජෙනරල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාරෂල් ධූරයෙන් පිදීම පිළිබඳව සම හරක් විරුද්ධ වී ඇත. මාතලන්ද ඒ පිරිස සමඟ එක්වන අතර, සරත් ෆොන්සේකා කළ ලබ්බක් නැති බව මාතලන්ගේද මතයයි. ජෙනරාල් ඒ ධූරයෙන් පුදන්නේ නම්, යුද්ධය වෙනුවෙන් අති විශාල මෙහෙයක් කළ, පහත් සඳහන් රණවිරුවන්ද එම ධූරයෙන් පුදා, යුක්තිය ඉටුකර මුක්තිය රැක ගන්නා මෙන්, ජනපති සිරිසේන වෙත මෙයින් නියෝග කර සිටිමි.

Mar 19, 2015

අනේ හුකේ නන්නානේ - Ali Baba and 131 Thieves



2012 පටන් ගත්ත කොම්පැනිය 2013 දීද අද කලාක් මෙන්ම බැඳුම්කර මිලදීගැනීමක් මේ ආකාරයෙන්ම සිඳු කර ඇත. පට්ට සීන් එක කියන්නේ එදා මේ සීන් එක කරලා තියෙන්නේ කම්බ හොරෙක් වන අජිත් නෙවාඩ් කබර රාලගේ නංගිත් මේ කොම්පැනියේ ලොක්කෙක් නිසාය. අද ගේම දෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා නිසාය.


Mar 18, 2015

බොම්බයි මුටයි.. (23+) - Cotton Candy


හැම එකාම පැරණි රසාංගයි, "අපි වවමු... රට නඟමු..." වැඩ සටහන ගැනයි ලියන කොට, පොලිට්‍රික්ස් ලිවිල්ල පැත්තකට දමා, එයින් එකක් ලියාගෙන ඉන්න හිතෙනවාය. හැම එකාම කියන්නා වාගෙ කලටි පොල් මළදානෙත් දැන් අරහං වෙන තරමටම එපා වෙලාය. ඒ ආන්ඩුව ගැන කලකිරිලාම නොවේ. අවුරුදු 20 ක් හොරා කාපු උන්ගේ බයිලා අහගෙන ඉන්න බැරි හින්දාමය. කොහොමින් කොහොම හරි නොස්ටැල්ජියා කේස් එකක් කාළෙකින් ලිව්වේ නැති නිසාත්, කලින් කිව්වා වගෙ හැම එකාම වාගේ පැරණි රසාංග දෙන නිසාත්, ඒ කාළේ නොව, අදත් මාතලන්ගේ ප්‍රියතම කෑමක් ගැන ලියලා දාන්න ඕනෙයි කියලා හිතුනාය.

Mar 16, 2015

කිරි වෙහෙර වඳින කවි.. - Hommage to Kiri Vehera


කිරි ටික වගේ දිව රෑ බැබ ලෙන                            වෙහෙර
අද නම් එකම කිල්ලකි කතරේ                             වෙහෙර
පල් හොරු ඇවිත් ඉඳ ගෙන පාමුල                        වෙහෙර
පාලම් කොකුන් රැනක් වඳිනවා                            වෙහෙර

Mar 15, 2015

මේ විප්ලවයකට කාළයයි...! - Time for Revolution...!

 
සාමාන්නියන් ජොබක් සෙට් උනාම ඒක පර්මනන්ට් ජොබ් එකක් වෙන්නේ, ප්‍රොබෙසොන් කාළේ බොසාලා සැටිස් උනොත් විතරය. ඒ වගේම ඕන තැනක ප්‍රොබේසොන් ඉන්න එකෙක් ඉන්නේ බය බිරන් තට්ටු වෙලාය. ඒ පර්මනන්ට් කරයිදෝ නොකරයිදෝ කියලාය. එහෙම ඉන්න කාළේ හොරකම් කොරන්න හිතන්නේ වත් නැතිය. එයිට පස්සේ පර්මනන්ට් උනත් ඇල්පෙනෙත්තක්, ඒ පෝ පේපොර් එකක් උස්සන්නෙත් කාළයක් ගියාට පස්සේය. පෑනේන් කොල කෑල්ලෙන් පටන් ගන්නා හොරකම වැට් බදු වංචා දක්වා දිග්ගැස්සෙන්නේ එහෙමය. සත පහක් අතේ නැති මදාවි කොල්ලෙක් ආසියාවේ නොම්මර එකේ කෝටිපතියෙක් වන්නේත් එහෙමය. ඒ ජාතියේ දරුවන්ගේ අප්පොච්චී, ජනතාවගේ කැමැත්තෙන් රටේ සජ්ජුරුවෝ වීමේ පින පල දීලාය.

Mar 10, 2015

එජාපයද අශූචී කන්දකි.... - UNP also in the same Boat..


මාතලන්ගේ අසල්වැසි බහුතරය කැපුවත් කොළ පාට උන්ය. උන් මේ දවස්වල කියන පට්ට ජෝක් එකක් තියෙනවාය. උන් කියන්නේ අලි පාටියේ උන් හොරුන් හොයන්නේ ගේම් දෙන්න නොව, මාට්ටු වෙන්නේ නැතිව හොරකම් කරන්නේ කොහොමද කියලා, හොරුන්ගෙන් ඉගෙන ගන්නය කියලාය. උන් කියනා ආකාරයට අල්විස් කොමිසමේ, රහස් පොලීසියේ, "අපරාධ මූලස්ථානේ" සාක්කි දෙන උන්ගෙන්, යූ ඇන් පි කාරයෝ හොරකම් කරනා හැටි ඉගෙන ගන්නවාය. ඒ අනාගතේ හොරකම් කරන්නටය.

Mar 9, 2015

එලෙව්වේ.., "මහින්ද" පමණක්ම නොවේ.... - Rejected Politicians & Parties


මහින්ද මහත්තයාට ගෙදර යන්න වෙයි කියලා, මහින්ද මහත්තයා ඉතරක් නොව, නිමල් සිරිපාලලාත් හිතුවේ නැතිය. අරලිය ගහ මන්දිර, ජනපති මන්දිර, රැනොවේසොන් කරලා මාළිගා බවට පත් කලාට, මැදමුලනයි කාල්ටන් එකටයි, ඒ ට්‍රීට්මන්ට්ස් දීලා නැත්තේ, පරලෝකාප්‍රාප්ත වන්නට හිතාගෙන උන්නේත්, අරලිය ගහ මන්දිරේ සැපසේ වාසේ කරනා අතරතුරේ නිසාමය. 18 වන විවස්ථාව ගෙනාවේ, ආයේ කාල්ටොන් වල එළි බහින්න නෙමේය. නැත්නම් කාල්ටර්න් කක්කුස්සියටත්, LCD TV, AC, ඉතරක් නොව Free Wi Fi හිටන් සප්ලයි කොරනවාය.

Mar 6, 2015

සර්ව ජන ඡන්ද බළය අහෝසි කරණු...!!! - Why we need the Right to Vote....?

 

ර්ව ජන ඡන්ද බලය කියන්නේ ප්‍රජාතන්තරවාදයේ තියෙනා, ජය මනයාට හිමිව ඇති, අති උතුම්ම බලයයි. ජනතාවට පාර්ලිමන්ට් ජෝක්ස් පෙන්නන්න බැරි නිසා. දන්න කියන කුඩු කාරයෙක්, බඩු කාරයෙක්, මිනීමරුවෙක්, රේප් කාරයෙක්, කම්බ හොරෙක් හරි, උන්ටත් අන්ත, මහා ආචාර්යය, ආචාර්යය, උගත්ය, බුද්ධිමත්ය කියනා, නොම්මර එකේ හරකෙක් දියවන්නාවේ මොන්ටිසෝරියට යවන්නේ අපේ ගොන් කම ප්‍රදර්සොනේ කරන්නය.

Mar 3, 2015

මව් බිම අනතුරේ... බේර ගන්න වරෝ.....!!! - New version of Racism


පසු සටහන කලියෙන් - ජනපති ප්‍රමුඛ ආන්ඩුව, ජාතිවාදය තුරන් කිරීමේ අගය කළ යුතු තරමේ ක්‍රියාදාමයක නිමග්නව සිටියදි. සිවුරු දරාගත් පඩත්තල බාසා වෙල්ලෝ පිරිසක්, දළදා මාළිගාවේ ඇතුලටම වැද, මඟුල් මඩුවේ සහ මාළිගාවේ සෑම තැනකම තිබු ජාතික කොඩි බිම දමා, "සිංහළේ කොඩිය" එසවීමේ නින්දා සහගත ක්‍රියාවක නිර විය. 

මාළිගාව අසල ඇති මගා මාර්‍ගය විවෘත කිරීමට ඉඩ නොදෙන මහා නා යකා, මේ සිඳුවීම ගැන දෙසන්නේ මොනවාද? සිවුරක් දරාගෙන විත් දළදා වහන්සේ ඔසවා ගෙන ගියත් පොලීසිය නිහඬ විය යුතුද? සිවුරු ගලවා දමා, මේ පඩත්තලයින්නේ පස්චාත්භාග වලට බුලට් වැඩම්ම විය යුතු කාළය පැමිණ ඇත. මුන් දෙවදත් පරපුරේ උන් මිස, ගෞතම බුද්ධ පරපුරේ උන් නම් නොවේ....

Mar 2, 2015

කොළඹ වාසිටියේ පෙම්බරී - Love at Reid Avenue



රීඩ් මාවතේ ට්‍රැෆික් එකේ දුටු, කැම්පස් බංකුවක හුදෙකලාව කල්පනාවක නිමග්නව උන් පියකරු දියණිය..