.

.

Feb 28, 2015

ජනපති සිරිසේන මයා. වෙත ආදරයෙන් - To Mr. President with Love



සෙත් වේවා...!!!

ගරු ජනාධිපති තුමා වෙත,

ඔබගේ සැපදුක් කෙසේද? මාතලන් නම් කවදත් ඉන්නේ, ආතල් එකේය. ඔබ තුමාත් සැපෙන් ඉන්න බව මුහුණෙන් පෙනුනත්, ඉන්නේ දත් තිස් දෙකක් මැද්දේ ඉන්නා දිව වගේ කියා, සිරි ලංකා නිදහස් පක්ෂෙන් එන නිව්ස් වලින් පේනවාය. ඔබතුමාට උපදෙස් දෙන්න අපි දන්නා තරමින්, ඕනෑ තරම් කස්ටිය ඉන්නවාය. මේ බ්ලොග් පඩංගුවක් ලියාගෙන ඉන්නා හාල් පාරුවෙක්ගෙ උපදෙස්, පයිසයක් වටින්නේ නැති වෙන්නත් පුළුවන්ය. එහෙත් අපි ඉන්නේ ජනතාව සමගය, ඒ ජනතාවත් බොහෝ සමාජ පන්තීන් නියෝජනය කරනා පිරිසකි.


Feb 26, 2015

සුනාමී, හාමිනේගේ බුදු රැස් හා සමන්තභද්‍ර හාන්දුරුවෝ - Tsunami, Buddhist Monks & Miracles


අපේ රටේ බහුතරය හින්ගල බෞද්ධයෝය. එයින් අති බහුතරය, මරි මෝඩ හරක්ය. උන් ඈස්චර්යයන්ට මාර මනාපය. මහා විපතක උනත් ආතල් එකක් ගන්න පුළුවන් නම්, උන්ට අර මහා විපතත් පට්ටම ආතල් එකක්ය. සුනාමියෙන් ජීවිත 50,000 ක් පමණ මව් බිමට අහිමි විය. ළොවම කම්පා වූ මහා ස්වාභාවික විපතක්ය. සමහර මාධ්‍යයන් කීවේ මෑත ඉතිහාසයේ ළෝකයේ සිඳු වූ දරුණුම ස්වාභාවික විපත මෙයයි කියාය.

Feb 25, 2015

"පස්සේ කිරීම" නොහොත් - "Ass" Charya


රූප පෙට්ටියේ, මහසෝනයි මෝහිණියි හැමිනෙන වෙලාවට විකාශනය වෙන, දේශපාළන බඩකඩුත්තුවලට එන ආන්ඩුවේ මැති අමතිවරු සබන් නැතුව නාගෙන යන්නේ, පසුගිය ආන්ඩුවේ හොරුන් වංචාකරයන්ට එදිරිව ගන්න වැඩ වලට වෙන්නේ මොකක්ද සත්තරනේ... කියලා ඇහුවාමය. එයාලා කටපාඩම් කරගෙන විත් දෙසා වදාරන උත්තර ටිකක් ඒ කාළේ ඉඳන්ම අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අඩංගු කර තියෙනවාය.

Feb 23, 2015

ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු...!!! - Is justice equal for all...?


හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, "කොළඹ ගමයා" ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු, ලාංකිය දේශපාළණයේද, ජරාජීර්ණ වූ පොලීසියෙද, තුප්පහි නීතියේද නිරුවත පෙන්වීමටය. යහ පාළණ ලෙසද, ආශ්චර්යයන් ලෙසද, එක එක ක්‍රමයට එන සෙප්පඩ විජ්ජාවන් තුල තිබෙනා, මජර කාළකන්නි ක්‍රමය පෙන්වා දීමටය.

Feb 22, 2015

මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් පාඩම. - Lesson to The Group of No Balls



මාතලන්ලා ජනවාරි නම (9) වෙනිදා ඉඳන්ම ලිව්වේ, අමාරුවෙන් හදාගත් ආන්ඩුව, කෙසේ හෝ බෙරා ගන්නටය. අප ලියන භාෂාව හා ආමන්ත්‍රණ බොහෝ අයට ප්‍රශ්ණයක්ව තිබුනේය. අප එදා කිව්වේ, මදාවියන් හා රස්තියාදුකාරයන් රජ කල මදාවී රටක, වැදගත් විදියට ලියන්න තව කාළයක් ගතවනු ඇති බවය.

මදාවියන්ට කතා කල යුත්තේ මදාවී භාෂාවෙන්ය. කෙසේ හෝ අප එදා කියූ දේ, අද මෛත්‍රිපාල ලොක්කාට මෙන්ම, රනිල් ලොක්කාටත් අවබෝධ වී තිබීම, සතුටට කරුණක්ය. ඊයේ මෛත්‍රී ලොක්කා පොලොන්නරුවේදීද, රනිල් ලොක්කා කුරුණෑගලදීද කල කතා තුලින්, මදාවියන් හා වැඩ කල යුතු ආකාරය මැනවින් වටහාගෙන තිබෙන බව පෙනී යනවාය.

Feb 21, 2015

මීළඟ ආන්ඩුවේ සංයුතිය - Combination of the next parlaiment


මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ කවදාද කියා, තවම අනාවැකි කියන්නට බැරිය. රනිල් විකුම්සිහ නම් කියනුයේ, දින 100 න් පස්සේ මහ මැතිවරණයට යනවා කියලාය. ඒ උනාට එයා ගාව ඉන්න ජෝන් බාස්ලා නිසා, ඊට කලින් ඉල්ලගෙන වළඳන්නත් ඉඩ තියෙනවාය. ජීවිත පරදුවට තබා සිරිසේන ලොක්කා දඹදිව වන්දනාවේ, තිරුපති වන්දනාවේ යවන්න සම්මාදම් වූ පිරිස නම් කියන්නේ, 2016 වෙනකන් මේ පාර්ලිමේන්තුවට ආයුෂ තියෙන නිසා ඒ වන තෙක් ඉන්න එක හොඳයි කියලාය.

Feb 19, 2015

නුගේගොඩ සොමිය හා මහින්දාගමනය - Nugegoda meeting & Return of MR


නුගේගොඩ සොමිය පට්ට ටොපික් එකක් වී ඇත. මේ ගැන එක එකා, එක එක පැත්තෙන් බලනවාය. මාතලන් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා, බොහෝ දෙනෙක් විමසා සිටිනවාය. නුගේගොඩ සොමිය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ ලියා ඇත. සොමියට පට්ට සෙනඟක් ආවේය. ඒය බොරුවක් කියා කාටවත් කිව නොහැක. ඒ ආවේ රැලිය ඕගනයිස් කල දේශපාළණ අනාතයන් වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂ නම්, මාධ්‍ය විසින් ගොඩ නැගූ "බොල් පිලිමය" වෙනුවෙන්ය.

Feb 18, 2015

නාමල් උඩුගම සැත්කම සඳහා... - Namal Udugama's Operation...

 
මාතලන් මේ දින ටිකේ උන්නේ අනුරාජපුරේ නිසා, කොළඹ ආවේ ඉඳලා හිටලාය. ඒ විශේෂ අවශ්‍යතාවයක් සඳහාම පමණි. ඒ ඇර අනුරාජපුරෙන් පිට වූයේ, මුලින් "චෙෆාකි" නම් සොඳුරු බ්ලොග් කරුවා හමුවීම වෙනුවෙනි. ඊට පස්සේ ආවේ, අප කාගෙත් හිතවත්, "පත්තර මල්ලිගේ" කුප්‍රසිද්ධ පාටිය වෙනුවෙනි. ඒ සොඳුරු දින දෙකම ජීවීතයේ කිසිදා අමතක නොවන සොඳුරු මතක සටහන්මය. මේ දින ටිකේ පෞද්ගලික වෘත්තිය අරගලයක නිරත වෙමින් සිටින නිසා, ඉන්නේද කොළඹය.

Feb 15, 2015

කුඩ්ඩන්ට බය පොලිස් දෙපාර්තමේන්තුව - Cops & Drug Dealers


වෙලේ සුදාගේ අම්මා..., වෙලේ සුදා බබා කාළේ, නලවපු ගීතය, එකෙක් බුකියේ ලියලා තිබුනාය.. "රස කර ගී ගයන "වෙලේ."... සැනසෙන්න නැලවෙන්න "සුදෝ"..." ඒ ගීතයය. මුන් නම් පට්ට ටැලන්ට් බුවාලාය.

මේ ආන්ඩුවේ හොරු ඇල්ලිම, අපි පොඩි කාළේ හොරා පොලිස් කොලා වාගේය. ඔන්න කට්ටියක් හොරු වෙනවාය. කට්ටියක් පොලිස් වෙනවාය. පොලිස් කාරයෝ උණ බට තුවක්කුවේ දාපු තෙත පත්තර කොල බුලට් වලින්, හොරුන්ට වෙඩි තියනවාය. සමහර උන් ගාව සෙල්ලම් පිස්තෝලත් තිබුනේය. ඒවාට දාන වෙඩි බෙහෙත් රොල් වගේකුත් තිබුනේය. රෝල ඉවර උනා කියා වෙඩි තැබිල්ල නතර වන්නේත් නැතිය. ඊට පස්සේ කටින් වෙඩි තියනවාය.

Feb 12, 2015

Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)


හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට්  වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. උන් හැමදාම ගොඩය.

Feb 11, 2015

යාපනය තියෙන්නේ, ට්‍රිප් යාමටටවත්, විග්නේෂ්වරන්ලාට ආතල් ගැනීමටවත් නොවේ.. - South is more Racist than the North


ආන්ඩුවේ සීන් ගැන, සම හරක් සිරිසේන ලොක්කාට ඡන්දේ දුන් ඉන්නේ හොල්මන්ද බේරේ පොල් කොල වෙලාය. මේ ආන්ඩුවට චන්දේ නොදුන්න සම හරක් ඉන්නේ, යකෝ අපි ඡන්දේ දුන්නේ මෙහෙම එකෙකුටද යකෝ කියලාය. මහින්ද මිය ගියහොත් මිනීය එම්බාම් කර පුටුවේ හිඳුවා අභිෂේක කොට, අම්මට සිරි ලංකාව තුල වැඩවසම් යුගය නැවත් ඉස්තාපිත කොරන්නට වලි කන අම්බරුවන් හිතන්නේ, අවුරුදු විස්සක් හෙවත් දවස් 7300 ක් තුල නිනාශ කරපු ආර්ථිකේ, දවස් 30 න් ආසියාවේ ඈස්චයිර්ය බවට හරවන්න පුළුවන් කියලාය.

Feb 10, 2015

හිටපු ජනපති සමඟ සාකඡ්චාවක්... An Interview with Former President


කතරගම දෙයියෝ වඳින්න වන්දනාවේ යන උන්ට කුෂ්ඨරාජගල දෙවියොයි, දෙවිනුවර විශ්ණු දෙයියොයි වැන්දයින් පස්සේ, කතරගමට යනකන් වඳින්න දෙයියෙක් උන්නේ නැති නිසා, උන්නේ පුල් අප්සැට් එකේය. දෙවිනුවර ඉඳලා කතරගමට සෑහෙන දුර නිසා, අතරමගත් තව දෙයියෙක් වත් උන්නා නම් කියන එක, බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් නොවුනද, දේව ධර්මය අදහන උන්ගේ එකම ප්‍රාර්ථනාව විය. "යහපත් චේතනා.. ගෙනදේ වාසනා.." කියන්නැහේ, ජාති හිතෛශීන්ගේ පෙර පිනට හෝ වාසනාවට දැන් ඒ අතර මැද්දෙත් බ්‍රෑන්ඩ් නිව් දෙවියෙක් ඉන්නවාය.

Feb 8, 2015

ඉල්ලගෙන කෑම්, කුමන්ත්‍රණ, අලි සහ හරක් (23+) - Asking and Eating (13+)

 
ඒ කාලේ "සව්දන් ජෙමා" කියා ෂෝ එකක් ආවේය. මේන් කැරැක්ටරේට උන්නේ "ලයනල් දැරණියගල"ය. "සව්දම් ජෙමා" කන්නේ මාර කෑමක්ය. ඒ කෑම දැක්කාම අප්පිරිය හිතෙනවාය. සුද්දෙක් එහෙම දැක්කා නම් හිතන්නේ, මෙළෝ වශයෙන් උපන් මළ පෙරේතයෝ කියලාය. පෙරේත ළෝකයත්, දිවිය ළෝකයත්, ඔක්කෝම ළෝකත් තියෙන්නේ මේ ළෝකයේම කියා මාතලන් කියන්නේ ඒ නිසාය.

Feb 5, 2015

යහ පාළණයද..? යම පාළණයද..? - Good Governance and Bad Governance

 
අප්පච්චි මලා කිව්වාට අප්පච්චි මැරිලා නැතිය. ආසියාවේ ආස්චැර්ය වැහි වැහැලා දොරේ ගලා ගිය මේ රටේ, මළ උන් අවදීවම පුදුම උපදවන කාරණයක් නොවිය යුත්තේය. සමහර විට, මහා මුනි, විජිතමුනි කිව්වා වාගේ, ඇත්තටම මැරෙන්නත් ඇතිය. ඒත් මේ රටේ උන් මළවුන්ගෙන වැඩ ගන්නා හැටිද හොඳින් දනි. මළ ගිය ප්‍රානින් ගෙන්වා දෙන තැන්ද, මළගිය ප්‍රානින්ගෙන් අනවින කොඩිවින කරනා තැන් මෙන්ම, මළ ගිය ප්‍රානියා ගෙනවා කතා බහේ යෙදෙන තැන්ද, මළවුන් බැඳගෙන වැඩ ගන්නා උන්ගෙන්ද, අම්මට සිරි ලංකාවේ කිසිම අඩුවක් නැතිය.

Feb 4, 2015

සිරිකොත අලි අනාතාගාරයක් වෙයිද..? - Destiny of Baby Elephant


දේශපාළණය තුල අවංකත්වය සොයන්නට යෑම හරියට ප්‍රොස්ටිටුයිට් කෙනෙක්ගේ වර්ජිනිටි එක හොයන්න යනවා වාගේ පිස්සුම පිස්සු වැඩක්ය. මේ අවංකත්වය ප්‍රශ්ණ කළ යුතු කාලයක්ය. මාතලන්ගේ අදහස නම් , කිසිම අවස්ථාවකදි අම්මා තාත්තා උනත් ට්‍රස්ට් නොකල යුතු බවය. සෑම දේ පිළිබඳවම සැකයෙන් බැලීම ඉතාමත් හොඳය. ට්‍රස්ට් කිරීමෙන් වන අවාසිය නම්, බලාපොරොත්තුව බිඳ වැටුනු විට ඇතිවන කම්පාවයි. මිනිසුන් සිය දිවි නසාගන්නේ, බලාපොරොත්තු සුන්වූ විටයි. සිංහාසනයේ උන් රජවරු, ජනෙල් පොල්ලේ එල්ලෙන්නේ, එල්ලෙන්නට වැලේ වැල් නැති උන විටයි.

Feb 1, 2015

සන්නස්ගල, සන්නස් හා අලි හොරු - Donations, Promotions & Corruptions


අගවිනිසොරු සිද්දිය, මීට වඩා මහත්මා ලැවල් එකෙන් බේරා ගන්නට තිබුනා යැයි මාතලන් අදටත් හිතන්නේය. එයින් ආන්ඩුව කෙරේ, අපුලක් ඇති වූ පිරිස බොහෝය. එවන් ක්‍රියා අනුමත කරනුයේ හදවතින්ම යහපාළණයක් පතන්නවුන් නොව, අරූ කළා නම් වැරදියි, අපි කරා නම් හරි කියනා පිරිස පමණය. පඩ ෂෝ එසේම පවති. රට පාළණය කිරීම කෙසේ වෙතත්, බට්ටෝ පත්තු කිරීම්, මල් මාලා දැමීම්, රථ පෙලපාලි, බැකප් වෙහිකල් පිරිවරා ගත් ඇමතිවරු, නියෝජ්‍ය උන්, රටපුරා පිළිගැනීම් උත්සව පවත්වති. 

ජෙම්ස් පැකර්, පුල් චාටර් - James Packer Crown Pulls



අඬන්නෙපා ජේම්ස් පැක          ර්
උනා නේද ෆුල් චාට                 ර්
යාපකෝට නැතේ පව              ර්
තනියෙන් ගහපන් පෝක         ර්