.

.

Aug 31, 2014

18 වන සංශෝධනේ හිල හා මීළඟ ජනපති - There is a hole in a bucket Dear Laisa


කට්ටිය සාධාරණ සමාජ, පිවිතුරු හෙටක්, බටහිර කුමන්ත්‍රණ කරුවන්ගෙන් තොර රටක්, සිංහළ කළ ක්‍රමයට හැදූ මැළේ අච්චාරුවක්, අරකක් මේකක් උදා කරන්න යද්දි, ජනාධිපති ක්‍රමේ ඉදිරියටත් ගෙන යාම සඳහා ඡන්දයකට යන්න දින නියම කොරලාය. දැන් ඉතින් වෙන්නේ හැම එකාම බොරුවට එපා කියපු, ඒත්, හීනෙනුත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වගේ ඉන්න හිතාපු, ජනාධිපති ක්‍රමේ එයාගෙන ඩැහගන්නා ගේම් එකට සෙට් වෙන්නය. හැම එකාටම ඕන ජනාධිපති ක්‍රමේ නැති කරන්න නොව, මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නය. එහෙම ගියාම කේතුමති රාජ්ජේ පහළ වෙනවා කියා හැම එකාම හිතන්නේය.

Aug 28, 2014

ලංකාවේ දුප්පත්කමේ කප් එක ඌව පළාතටද? - Uva Province: The poorest of all?




- චානුක වත්තේගම

ඌව පළාත් සභා මැතිවරණය නියමිතව ඇත්තේ ලබන මාසයටය. ඒ නිසා ඌව පළාතේ දුප්පත්කම ගැන කතා කෙරෙන වීඩියෝ ක්ලිප් දෙක තුනක් මේ දවස් වල ඉන්ටර්නෙට්හි වෛරල් වීම කොහොමටවත් පුදුමයට කාරණාවක් නෙවෙයි. මේ හැම එකකම වාගේ 'සුපර් ස්ටාර්' ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයා සමන්ත විද්‍යාරත්නය. ඇත්තටම මගේ අවධානය මේ වාදවිෂයයට යොමු කිරීම ගැන විද්‍යාරත්නට මුලින්ම ස්තූතිවන්ත විය යුතුයි.

ෆේස්බුක්, අයිස් බකට් හා අනාගත පඩයක් - Ice Bucket, Facebook & Future Farting



2014 A.D. + 25 = 2039 A.D.
 
මට පඩයක් ගියා,
පලාතම දෙදරන්න..!
"ලැජ්ජාවෙ" ඉන්න බෑ,
සිඳු උනා ඇඹරෙන්න.
ගඳත් බෑ ඉවසන්න.

Aug 25, 2014

ජනාධිපති තුමා වැකේසොන් ගොහින් - President on Vacation




ජනාධිපතිතුමා, බැක් ටු බැක් ආපු හුටප්පර නිසා උන්නේ හිතේ අමාරුවෙන්ය. එහෙම වෙන්න පටන් ගත්තේ ටික කාළෙකට කලින් පටන්ය. බැටීලා, වාසුලා, තිස්සලා වගේ, දෙන දේ කාළා වෙන දේ බලාගෙන ඉන්න හාල්පාරුවෝ වාසනාවන් කියා හිතුනේ, විමලයලා, චම්පිකයලා පිස්සු කෙලින් කෙලිල්ල දැකලාය. පරණ වමේ වාහෙලා වගේ, මුන්ව කටේ බලෙන් කොන්ට්‍රෝල් කර ගන්න බැරි එක ගැන, අහන්නේ මොකාගෙන්ද කියා කල්පනා කර කර ඉන්න අතරේ, රතනයා පැහැබර හෙටක් හොයාන වඩින්න ගත්තාම, හිතේ අමාරුව තවත් වැඩි වෙලාම ගියේය. කැඩුම් බිඳුම් වලට වෙදකම් කොලාට, හිතේ අමාරුවට බේත් දෙන වෙදෙක් හොයා ගන්න බැරි රජ කම, කොස් කොටන්නද යකෝ කියා එතුමාට හිතුනේය.

Aug 22, 2014

වාරියපොළ සෙල්වා (23+) - Wariyapola Selva (13+)



සෙල්වා...
උඹ විහිළුවක් කළා තමයි,
එක් දරු පියෙකු වූවත්,
කොල්ලෙක් නේ උඹත්,
ඒත් උඹ දුප්පත්..!

Aug 21, 2014

ලංකාවේ අධ්‍යාපන අපාතයිඩය - How Sri Lanka practices Apartheid


- චානුක වත්තේගමයන්ගේ ළිපියකි....
 
'අපාතයිඩ්' යන අෆ්‍රිකාන් යෙදුම බොහෝ විට සිංහලයට පරිවර්තනය වන්නේ 'වර්ණ භේද වාදය' ලෙසිනි. මෙය වැරදිය. 'අපාතයිඩ්' හි වාච්‍යාර්ථය 'වෙන්ව විසීම' යන්නයි. එය වර්ණ භේදයක් ඇති හෝ නැති අවස්ථාවලට එකසේ භාවිතා කළ හැකිය. දකුණු අප්‍රිකාවේ එය භාවිතා වූයේ  පාලක සුද්දන් සුළුතරය හා බහුතර කල්ලන් වෙන්ව විසිය යුතුය යන, 1948 සිට 1994 දක්වා පවත්වා ගන්නා ලද රාජ්‍ය ප්‍රතිපත්තිය පිණිසය. 

Aug 19, 2014

මහේල, කිරිකැට් හා මහත්හොරු - Gentleman's Game, Cricket & Mahela



මේ ළඟදී රූපවාහිනි සකච්ඡාවකදි පට්ට ජෝක් එකක් දැක්කේය. සිද්දිය මෙසේය. ජෙප්පන්ගේ මහ ඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරතන ඌවේ දුප්පත් කමේ ප්‍රතිශතේ ගැන ගේම ඇද්දේය. විජිතමුණුයානම් කිව්වේ එහේ දුප්පත් උන් නැතෙයිය. ඉන්නේ බොහෝම පොහොසත් උන් කියලාය. ඔය, අර ශත, මේ ශත, ප්‍රතිශත ඕනා වෙන්නේ නැතිය. මොණරාගල, බුත්තල පැත්තේ ගියපු ඕන එකෙකුට එහේ ඉන්න බිලියනර්ස්ලා ඇස් දෙකෙන්ම බලා ගන්නට පුළුවන්ය. නැතත් ටැලිවිසොන් වලත් අපරාදේ කියන්නේ, වතුර බින්දුවක් නැති, හේන් කුඹුරු පාලු උන, බිලියනර්ස්ලා ඕසෙට පෙන්නනවාය.

Aug 13, 2014

වෛද්‍යවරියගේ මරණය, රූපවාහිණි හා වෛද්‍ය සභා - Dr. Kill Dr.



වෛද්‍යවරයෙක් විසින් වෛද්‍යවරියක් මරා දමලාය. වටින් පිටින් එන ආරන්චි කියන්නේ, දොස්තර නෝනා සුදු වෙන්න ඉන්ජැක්සොන් එකක් ගහන්න ගිහිල්ලා, ඒක විෂ වෙලා කියලාය. මේ රෝගයට මම දන්නා තරමින් තවමත් බෙහෙත් නම් සොයාගෙන නැත. ඒ කියන්නේ මට්ට ගොන් තකතීරූ මෝඩකමටය. වෛද්‍යවරියකට තව මොන ලස්සනක්ද? වෛද්‍යවරියක් කියන්නෙම කොච්චර ලස්සන දෙයක්ද? ඉතින් මේකෙන් පේන්නේ මොකක්ද? මම හැමදාම කියන, උගත් උනත් බුද්ධිය නැති කම නෙමේද?

Aug 12, 2014

සම්මාන උළෙලක් - Another Award Festival



ඕනෑම සම්මාන උළෙලක පොඩි පොඩි කේස් තියෙනවා. මෑතකදි පැවති බ්ලොග් සම්මාන උලෙළක් නම් මට පෙනුණේ, තවත් ඇස් ඇම් ඇස් තරඟයක් වගෙයි. ඒත් ඉතින් කාට හෝ සම්මානයක් දෙන එක ලොකු දෙයක් නේ. ඒත්...., සයිබර් අවුරුදු උලෙළේ සම්මාන ගැන, මට තියෙන්නේ ලොකු පැහැදීමක් බවත් මේ වෙලාවේ කියන්න ඕන.

මේ සම්මාන උලෙළේ ත්‍යාගයන් මගේ සිත් අරගත්තා. තවත් සිණ්ඩියකින් කරණ සම්මාන උලෙළක්. ඔබත් ඉදිරිපත් වෙලා බලන්න. මම මේක මෙතන පළ කරන්නේ, සම්මාන ගැන උනන්දුවක් නැති උණත්, සිහළ බ්ලොග් කලාවට ඉතා ආදරය කරන කෙනෙක්නිසා. මොකෝ ඔය හැම සම්මානයටම වඩා වටින්නේ ජනතා සම්මානය නිසා...

Aug 10, 2014

මාතලන් ආර්ථිකය. (සරදියෙල් ආර්ථිකය වෙනුවට) - Economy in Maathalan Style



මුලින්ම කීමට ඇත්තේ, නැවතත් ලැපට කෙලවී ඇති බවකි. පොඩි මෑන්ගේ බාරයේ පැවති එයට මේ ළෝකේ තිබෙන, නා නා ප්‍රකාර දේ ඇද බාගෙන, දැන් එය වයිරස්, බැක්ටීරියා, දිලීර පමණක් නොව, ජපන් ජබර වලින්ද පිරී ඇත. කිසිම දෙයක් කොටා ගැනීමට බැරිය. කොටා බානා විට, අර කලින් සඳහන් කළ වස් දොස් සිය්යල්ලෝම ඉස්කිරිම පුරා අරක් ගන්නවායා. එවිට, ඒවා නිපදවු පින්වතුන්ගේ අම්මාවරුන් මතක් කොට, ලැප නිවා දමනවාය. මක් නිසාද යත්, ලැප පොලොවේ ගැසුවොත් ඒ පාඩුවත් මටම නිසාය.

Aug 7, 2014

'ලැම්බෝගිනි ආර්ථිකය' සැබෑ ආර්ථිකයක් නොවන්නේ නම් ඒ ඇයි? - Is Lambogini economy not real?



"චානුක වත්තේගම", සයිබර් අවකාශයට, අළුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. නාලක ගුණවර්ධණ වගේම, සයිබර් අවකාශය ගැන දැණුවත්, එයට ආදරය කරන, ඒ වෙනුවෙන් යමක් කරන, විද්වතෙක්. මෑතකදි පැවති විද්වත් රැස්වීමක මුලසුන හොබවනු ලබන්නේ, පාඨළි චම්පික රණවක ඇමති තුමා. එම රැස්වීම පිළිබඳවම, අපේ "ඇල්කේමියාත්" පෝස්ට් එකක් ලියලා තිබුනා. පහත පළවෙන්නේ, "චානුකයන්" විසින්, ඒ පිළිබඳව ලියන ලද සම්පූර්ණ ළිපියයි. එය කිසුඳු සංස්කරණයකින් තොරව, ඒ ආකාරයෙන්ම  මෙහි පළකර ඇත.

සංවාදාත්මක කරුණු සඳහා, වත්තේගමයන් පිළිතුරු ලබා දෙනු ඇතයි අපු උදක්ම බලාපොරොත්තු වෙමු.

Aug 5, 2014

පිපාසයට, ජලය වෙනුවට වහල් සේවය.. - Drought & Slavery


මේ රට ගැන, දැන් නම් ඇත්තේ පුදුමාකාර දුකක්ය. සම හරකුට අනුන්ගේ දුක් වේදනවන් දැනෙන්නේ හෝ හැඟෙන්නේ නැත. අනෙක දුක යනු සාපේක්ෂ දෙයකි. කෙනෙකුගේ දුක තවත් කෙනකුගේ සැපක් වන්නේද ඒ නිසාය. වතුර කියන්නේ මිනිසුන්ට නැතිවම බැරි දෙයකි. ඒ බව දැනෙන්නේ වතුර නැති වූ විටය. මේ දුක, කැළණිය වරාගොඩ පාරේ, ජළ නල පද්දතිය එලන තෙක් අපිද අත් විඳ ඇත්තෙමු. ඒ වැසි නොලැඹෙන කාලයන්හීදීය.

Aug 4, 2014

පොදු අපේක්ෂකයෙක් සොයනා ගල් වැද්දෝ... - Common Candidate for better tomorrow ?


අද ලංකාවේ සිවිල් පොරවල් කතා බහ කරන, "පොදු අපේක්ෂකයෙක්ද, පොදු වැඩපිලිවලක්ද" කියන මාතෘකාව ගැන මාතලන් ලිව්වේ මැයි මාසේ. (අවශ්‍ය නම් මෙතනින් බලන්න.) ඒ, පොදු අපේක්ෂකයා ලෙස, "නිර්මාල්" ගේමූ කියලා, "පැරා" බ්ලොග් පෝස්ට් එකක් ලිවීම නිසා ඇති උන කතා බහේදී. මම නම් මුල ඉඳලම මේ හාමුදුරු කෙනෙක් ගෙන එන වැඩේට අකමැතියි. ඒ වගේම මම ඉන්න මතය තමයි, පොදු අපේක්ෂකයා ලෙස ගෙන එන්න ඕන, රනිල් වික්‍රමසිංහය කියන එක.

Aug 2, 2014

අනුරගේ කැබ් එක, අමු මිරිස් හා තවත්... - Fast & Furious, Green Chili, etc...

- By- Awantha Atigala -
ඉන්දික ගුණවර්ධනගේ, "හිතේ කෙටූ ටැටූ" පොත ගැන මුල්ම ඔත්තුව දුන්නේ, බ්ලොග් ලියන බස්සි. පස්සෙ පොත හොයා ගෙන කියෙව්වා. ඒකේ තියෙන කවි, පට්ටෙ හොඳම එක. ඒ මතකේ අලුත් කරෙත් බ්ලොග් ලියන "චෙෆාකී". (මේ දව්ස වල නම් ලියන්නේ නෑ වගේ) කාළා අම්බානක නිදි සම්මානයෙන් පුද ලද, සකළ කළා වල්ලභ මාතලන් විසින් ලියලා, පබ්ලිෂ් නොකරපු කවි, අනන්තයි අප්‍රමාණයි. ඒත් මම හිතුවා මීට පස්සෙ. හිතෙන එක, බුකියෙ කොටනවය කියලා. පස්සෙ එඩිට් කරනවා. දැන් ඒ වැඩේ නැගලා යනවා.

Aug 1, 2014

කරවල කිරි හොදි, අමිතාබ් බච්චන් සහ ඔරේන් ජන් බාලි- Orange Barley, Amithabh Bachchan & Dry Fish Curry


ඔරේන්ජන් බාලී කථා වස්තුව .

කලින් බෙදපු ඔරෙන්ජන් බාලී..

අද වෙලා තියෙන්නේ අසන්නන්ගේ ඉල්ලිම් ඉටු කරන්න. "බූරු බබා" ගෙනුයි, "බස්සි"ගෙනුයි බේරෙන්න බෑ ඔරේන්ජන් බාලි ඉල්ලලා. කෙල්ලෝ කොච්චර ආසද කියලා හිතා ගන්න පුළුවන්, අපේ නෝනලා මේකට අදත් ආදරේ කරන විදිය දැක්කාම. නෝනා මොකක්ද? අම්මට හොඳටෝම වයසයි. සීනිත් එකසිය ගානට. ඒත් ඔරෙන්ජන් බාර්ලි ගෙනාවොත් හොරෙන් බොනවා කියලා තාත්තා කිව්වා.