.

.

May 31, 2014

මල පැනපු ඊ මේල් නෝනා, පොඩි කුමාරිහාමි හා ආදරය - Is there anything called TRUE LOVE


"රාජ්" කිව්වා වගේ, රෝහිණි අක්කගේ කතන්දරේ කියන්න ඉස්සෙල්ලා, වෙන කෙහෙල්මලක් ගැන තමයි ලියන්න වෙන්නේ. ඒකට හේතුව, ඒ ලිවිල්ල ගැන අගේ කරන අතරෙම, නෝනා කෙනෙක්ට පොඩි ප්‍රශ්ණයක් මතු වෙලා තිබුනා. මේ නෝනා මගේ රසිකයෙක්. ප්‍රසිද්ධ නෝනා කෙනෙක් උනාට, කොමෙන්ට්ස් දාන්නේ නෑ, අගේ අඩුවෙයි කියලා වෙන්න ඇති.

May 29, 2014

රොකට් රෝහිණි, රොකට් සහ තිලාපියා - Rocket Rohini, Rokets & Thilapiya


මේ කතාව ලියන්න හිතාගෙන උන්නේ, අර අම්මට සිරි ලංකාවෙන්, රොකට් එකක් යවපු කාළේ. ඒ උනාට, ඒක එහෙම්මම අමතක වෙලා ගියා. ඒ රොකට් කතාව, දැන් හැමෝටම අමතකත් එක්ක. සද්දේ දාලා රොකට් එක ඇරියට මොකද, පාර්ලීමේන්තුවේදි මේ ළඟදි අහුවම කියලා තියෙන්නේ, එහෙම රොකට් එකක් ඇරියෙ නැතෙයි කියලා. එහෙමනම්, බලාගෙන ගියාම රොකට් එකක් නෙමෙයි ඇරලා තියෙන්නේ, තඩි නයෙක්. එක්කෝ සභානායක කෙප්ප කෙලිනවා. එක්කෝ නයි ටී ඇන් එක කෙප්ප කෙලිනවා.

May 28, 2014

මෝදී, මහින්ද හා තර්ටීන් ප්ලස් (13+) - Modi meets MR


ඇට්ටි හැලෙන මැජෝරටි එකකින් දිනපු නිසා, දිවුරුම් දීමේ උතසවේට එන්න කියලා, හිතවත් එකාටයි, විරුද්ධ එකාටයි, ඔක්කෝටම කෝල කරපු මෝදී, ජයලලිතාටත් කෝල් කලේය. ලලිතා මම මේ මෝදි කතා කරන්නේ කියා කිව්වාම, ලලිතා කිව්වේ, මොකක්ද අනේ ඔයා කල කැත වැඩේ, අපි ඔයාට අගේන්ස්ට් තමයි, ඒත් ඉතින් එහෙම කියලා මහින්දට ඉන්විටේෂන් දෙන එක වැරදියි නේ කියාය.

May 26, 2014

ඔබාමා, ඉසිප්‍රියා හා ආදරය.? - I love to stab you ?


මට මගේම නොවන, මගේම ආදරයක් තිබුනා....
ඉසෛප්‍රියා......,
ඇල්පිටිය බස් ඉස්ටෑන්ඩ් එකේ මරා දමා තිබුනා...


May 23, 2014

මෝදී, විගා සහ ආරාධනා - Future of our Foreign Policy


නයි ටී ඇන් එකයි, රූපවාහිනියයි කියන්නේ, මෝඩී අපේ එක්කෙනාට විතරක්ම එන්න කිව්වා වාගේය. වෙලා තියෙන්නේ එහෙම හුටප්පරයක් නෙමේය. සාෆ් කළාපේ ඔක්කෝම රටවල නායකයන්ට එන්නෙයි කියා, ඕපන් ඉන්විටේෂන් එකක් දීලා තියෙනවාය. එනවයි කියලා මෙහෙන් කොන්ෆෝම් කරලා, දැන් දඹදිව වන්දනාවේ යන්න නඩේ රැස් කොරනවාය.

May 15, 2014

බුදුන් සිව් වන වර ලක්දිවට වැඩම කිරීම - The Vesak Post



චන්න හිටියේ, ප්‍රොපෙසර් ආරියරත්න ඇතුගලගේ "මළසමයම" නාට්ටිය රීහසල් කරන ගමන්, මේවා ඉතින් රාජ සභාවේ පෙන්නන නාට්ටි නිසා, බොහෝම කැපවීමෙන් කරන්න ඕන දේවල්. කොටින්ම කියනවනම් රාජකාරි නොවෑ. මීට කලින් හදාපු "මහාසමයම" අතිසාර්ථකව දර්ශණ වාර දාහකට වඩා, මුළු රටේම පෙන්නුවා.

මහාසමයමේ වගේම, මළසමයමෙත් මේන් කැරක්ටර් එක ජැකා. හරියට ඒ කාලේ ගාමිණි පොන්සෙකා වගේ. මේකේ ජැකා කරන්නේ, මළයකාගේ කැරක්ටර් එක. ඒක කොහොමත් ජැකාට කඩු ගිලිනවා වගේ ලේසියි. මොකෝ සාමාන්‍ය ජීවීතයෙත් ජැකා මේ කැරක්ටරේ සාර්ථකව කරන නිසා.

May 13, 2014

රෝගය, විධායකය පමණමද? - Why only Executive Power?




හැම එකාම පොදු අපේක්ෂකයෙක් ඉල්ලුවාට, එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක, කවුරුත් කතාවෙන්නේ නෑ. ඒ කියන්නේ මේ සිස්ටම් එකම කිසි අවුලක් නෑ, පුද්ගලයා වෙනස් කරාම ඇති කියන එක. මේ විධායක ජනාධිපති ක්‍රමය කරුමයක්ය කියලා කියන්න තව වචන නාස්ති කරන්න ඕන නෑ නේ. ජනාධිපති මේන්ටේන් කරන්න, බජට් එකෙන් වෙන් කරන ගාන බැලුවාම හොඳටෝම ඇති. කෙනෙක් පෙන්වලා දුන්නේ, ඒක එංගලන්තේ මහ රැජිණිගේ බජට් එකටත් වඩා, පෝඩ්ඩක් වැඩියි කියලා. ප්‍රථිශතයක් හැටියට නෙමෙයි. මුදල්මය වටිනාකමෙන්. එතකොට හිතාගන්න පුළුවන් නේද ගානේ තරම.

May 11, 2014

පොදු අපේක්ෂකයෙක් කුමක් සදහාද...? - Common Candidate..! For What...?


තවමත් අවුරුදු උත්සවයේ සැඟවුනු අමුත්තා සොයා ගැනීමට හැකිවී නැත. දැන් දැන්, සම හරක් සංගක්කාරගේ පිටටද තට්ටුවක් දමා බලති. ඒ අතරේ, අද ආන්ඩුවේ ගැසට් පත්තරේ තියෙන්නේද (දිනමිණ.) මෙම මත්තුරුකාවමය. එහිදි ඒ පත්තරේ කට්ටිය ඇමරිකන් තානාපති නෝනාත් තරඟයට ඉදිරිපත් කර ඇත. ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය.

May 7, 2014

පොදු අපේක්ෂකයා කව්ද? - Common Candidate for Common People


මීළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂයෙක් හොයන එක, අර අවුරුදු උත්සවේ සැඟවුන අමුත්තා හොයනවා වගේ, හෙන ගේමක් වෙලා තියෙන්නේ. මේ ගැන පිට පිටම බ්ලොග් පෝස්ට් දෙකක් අපේ හිතවත් පැරකුම් සහෝදරයා ලියලා තිබුනා. පළවෙනි පෝස්ට් එකේදි එයා ටිකට් එකෙන් කීප දෙනෙකුටම තට්ටු කරනවා. ඒත් ජනප්‍රිය සෝභිත හාමුදුරුවෝ නම් කීයටවත් සැඟවුනු අමුත්තා වෙන්න බෑ කියලා තමයි පැරාගේ මතය.

May 4, 2014

දඹුලුගලේ...දඹුලුගලේ.. - Dambulla Cave Temple


දඹුලුගල කිව්වහම මතක් වෙන්නේ, දඹුල්ලේ තියෙන රන් ගිරි දඹුලු විහාරේ. ඒක අපි පොඩි කාළේ ගියපු විහාරෙ නෙමෙයි දැන්. නිකන් වෙනින් රටක පන්සලකට ගියා වගේ. පර්වතෙටත් වඩා විශාල සමාධි බුදු පිළිමයක් ඉස්සරහම තියෙන, පිට රට පන්සලක් වගේ විහාරයක්. දඹුල්ල ළෝකෙම පරසිද්ධ ගල මුදුනේ තියෙන ලෙන් විහාර පහ නිසා.

May 1, 2014

ජයග්‍රාහී මැයි රැළිය - May Day Fiesta

Cartoon by - Web Buwa (Ada Derana)

පිට උනෙමි උදෑසන,
මිටිය දෑකත්ත ගෙන,
රතු පාට බස් එකේ,
"කෝ දියන් මගේ ගාන..."
දැන්ම නොම ගතොත් හෙම,
ගහනවා මාටියා,
ඇමතියගේ ගෝලයා...