.

.

Feb 26, 2014

ජනාධිපති තුමා විදුලි පුටුවට යාම - President Sits on Electric Chair

 
බස්නාහිරයි, දකුණෙයි, පලා බබාලා තෝරාගන්න, ඡන්ද කොමසාරිස් තුමා ඡන්දයක් කැඳවලාය, එයාගේ හැටි එහෙමය, ප්‍රජාචන්ච්‍රවාදේ රැක ගන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න එතුමාට, නියමිත කාළය එනකන් ඉන්න වත් ඉස්පාසුවක් ඇත්තේම නැතිය. අනික හැමදාම ඡන්ද තිබ්බේ නැත්නම් එයාව මිනිස්සුන්ට අමතක වෙන්නත් පුළුවන්ය. ඒ නිසා එයා කල් පිරෙන්නත් කලින්, පලා බබාලා, පාර්ලිමේන්තු, ප්‍රදේශිය බබාලා විසුරුවන්න කියා ගැසට් එක ගහන ආන්ඩුවේ අච්චු කන්තෝරුවට කියනවාය. එතනින් ගැසට් එක ගහපු ගමන් එයා කැමති දිනේක ඡන්දේ තියලා, ටික දවසකට පොරක් වෙනවාය.

Feb 23, 2014

විනාඩි තුනෙන් හොරු ඇල්ලීම - Police and Thieves


ජනාධිපති තුමා, සතර කෝරලේ මාලිගාවේ සිංහාසනේට වෙලා, දැයට කිරුළත් හිසේ දමාගෙන, සත්තරන් බෝලේ මිරික මිරිකා, වන්දිබට්ට්යන් එක්ක සාඛච්ඡා කොලේ, අද හවසට තියෙනා ඕපනින් ගැනය. එහෙම කතා කොර කොර ඉන්නා අතරේ, එකෙක් කිව්වේ, "සෑර්... ආන් අර මීගමුව අලි පාටියේ, රොල්ස් රොයිස්ද මොකෙක්ද කියලා එකෙක්, හෙන රොබරියක් දීලා මාට්ටු වෙලා...." කියලාය.

Feb 21, 2014

ෆේස්බුක් මිනීමරුවා, ජඩමාධ්‍යවේදින් හා ගල් වැද්දෝ - - Facebook & Cannibal Media


සර් ජෝන් කොතලාවල එකේ බල්ලා බැඳ දමන්නට මහ ඇමතියාටත් නොකැකි වූවාට, ළමා රක්ෂණ අධිකාරියෙන් ඌව අල්ලා කූඩූ කලේය. ඉන් පස්සෙ ඇප ලැබී ආයෙත් පාසලට ආවත්, පාසලෙන් තාවකාලිකව හෝ ඉවත් කර තැබීම, මේ රටේ නීතීය හා යුක්තිය ගරු කරනා පුදගලයන්ට කරනා ලද උපහාරයක්ය.

Feb 19, 2014

හරක් මස්, හරක්, චීවර හා චීන අඩී - Beef and Bulls


සුපියල් පන්දාහක බඩු ගත්තාම, සුපියල් පහේ සිලි සිලි බෑග් එක පිරෙන්නෙත් නෑ කියා, කරූ කියලා තියෙනවාය. ඒකට හරියන්නේ අපේ ඕල්වේස් ෆනී, ජොනී ඇමතිතුමා පෝර උරේක 5000 ක බඩු දාගෙන ඇවිල්ලා පෙන්නනවාය. ඒ බඩු අතරේ බීෆ්, චිකන්, ෆිෂ් එහෙම තිබුනාද කියා නම්, හරියට දැක්කේ නැතිය. ඒ කෙසේ වෙතත්, බීෆ් කන්න එපෝ කියා, චීවරධාරියෝ සැට් එකක් පිටකොටුවේ ඉට්ටේසොන් එක ඉස්සරහා ගිනි තියාගෙන බා බේ කිව් එකක් දාන්න සැට් වෙනවාය.

Feb 18, 2014

ජිනීවා............. වා..... වා..... - Wow... Geneva


ජිනීවා කියන්නේ, ඕන් ඔය බටහිර කුමන්ත්‍රොන කරුවන්ගේ රාජ්ජයක, කැපිටොල් එකක්ය. ඒ උනාට අම්මට සිරි ලංකාවට නම්, ජිනීවා කියන්නේ, "නත්තල්" වගේ සීන් එකක්ය. සම හරක් නම් කියන්නේ, සක්කිලි පඩි ගත්ත දවස වගේ කියලාය. බලාගෙන ගියාම කතාව ඇත්තය. අපේ උන්ට, කිරි පිටි නැතත්, වී වලට සහතික මිලක් නැතත්, වැස්ස නැතිව හෙට අනිද්දාට ලයිට් විතරක් නොවෙයි බොන්න නැතිව හාමතේ මලත්, අපේ උන්ට වගේ වගක් ඇත්තේ නැතිය.

Feb 11, 2014

වෙනුෂා ඉමන්දි මරාදැමූ පින් ගොනා එළවනු... - Sack the Sex Maniac Immediately


ෆේස් බුක් හුටපටයක් හේතුවෙන්, ගෙල වැලලාගෙන මිය ගිය දැරිය පිළිබඳ ,බ්ලොග් ලියන කීප දෙනෙක්ම ලියලා තිබුනත්, ඉතාම විචක්ශණශීලීව ඒම ප්‍රශ්ණය පිළිබඳ බුද්ධිමත් දැක්මකින්, ඉදිරිපත් කරපු ලිපිය ලියලා තියෙන්නේ, මම හිතපු විදියට වෛද්‍යවරියක්. ඒ "අනිත් කොන" කියන බ්ලොග් අඩවියේ, ඒ ළිපිය, මම හිතන්නේ ලංකාවේ සියළුම දෙනා කියවිය යුතු ළිපියක්. විශේෂයෙන් අධ්‍යාපනය කා විනාශ කර දමන කාළකන්නි ඇමතිවරුන් හා නිළධාරින්. (ඒ ළිපිය මෙතනින් කියවන්න.)

බොගේ පින්තූර ඇලවීම...


අති සාර්ථකව පැවැත්වෙන..

මහාචාර්ය මාතලන්ගේ බ්ලොග් පන්තියේ

පස්වන පාඩම

එන්න කියවන්න ජයගන්න බොග දාන්න

දැන් පැම්පස් සින්ඩියේ..

මෙතනින් ගොඩවන්න >>>

Feb 9, 2014

සුනිල් පෙරේරාගේ දුව, මධුමාධව හා ජයලාල් රෝහණ - Dirty Artists


නිලියන් දේශපාළණයට පැමිනීම, සිරි ලංකාවේ උත්තම පුරුෂයන්ගේ, මොළ කටු දෙදරා ගිය කාරණයක් විය. සම හරක් කීවේ දුලීකා මරපණ වැනි ප්‍රබුද්ධ නිලියන් පැමිනියත්, දෙකයි පනහේ නිලියන් පැමිනීම, රටේ පරිහානියට හේතුවක් බවයි. නිලියන් ගැන හොඳින් දන්නා අය, ඔය මොන කැටගරියේ හිට්යත්, කොරන්නේ රඟපෑමක්ය යන දේ, මේ හාල් පාරුවන්ට තේරෙන්නේ නැතිය. ප්‍රසිද්දියේ එසේ පැවසුවද, අසු හාරදාහක් වූ ටෙලි නාට්ටි ඔක්කෝම බලන්නේත් මුන්දලාමය. මේ කතා හරියට අර ගොන් ඇමතියෙක් ඊයේ පෙරේදා කියාපු කතාව වගේය.

Feb 8, 2014

දිව දාන කතාවක් (23+) - Another Tongue Story


මුද්දර ගැන කතාවක් ලියාපු වෙලේ, "දිව" ගැනත් සාස්ත්‍රීය විග්ගරහයක් ලියපු නිසා, මෙතනත් නැවත ඒ සාර සන්ගරහය ලියන්න යන්නේ නැතිය. ඕන එකෙක් ඉන්නවානම් මේන් මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්ය. "කකා" ගේ, යකා කතාවත්, "මහා හළු හින්ගලයගේ", "කනේ කතාවත්" නිසා, මේ කතාව ලියලා දාන්න ඕනා කියලාම හිතුනාය.

ප: ලි: - මේ ගැන ඊයේ රෑ මිස්ටර් අන්ඩර් රයිටර්ද ලියලා තියෙනවාය. ඒක දැක්කේ ඌ කිව්වායින් පස්සේය.

Feb 5, 2014

එජාපයේ අලි බෙටි... - Elephant Dung


මණ්ඩලේ ෆුල් කචල්ය. නාම යෝජනා කමිටුවත් එසේමය. නාම යෝජනා කමිටුවේ සෙලෙක්සොන් එකකට, ලොක්කාට කෙලින්න යන්නේ, මණ්ඩලේට මුකුත් කොරන්න බැරුව, ලොක්කාගේ තීරණේ අවසාන තීරනේද කියා, පොඩි සැකයක් හිතට එන්නේය. ඒත් එහෙම කෙස් එකක්මත් නොවේ කියා හිතෙන්නේ, රවියාටත් මලේ හොඳම එකෙන් පැන, තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙච්චි නිසාය. මට පේන්නේ රවී කියනා ආකාරයට පක්ෂේ කන්නේ, වෙනින් කවුරුවත් නොව පිස්සු අත්තනායක කියලාය.

Feb 4, 2014

කෑගල්ලේ නිදහස - Independence Day at Kegalle


සමරුවා නිදහසක්,
නිදහස තියෙනා එවුන්,
මුලු සතර කෝරලෙම,
සිව් දිගින් අහුරගෙන.

Feb 3, 2014

හිට් කවුන්ටරේ - Hit Counter


බ්ලොග් ලියනා උන්ට එල්ලා ගන්නත්, අනෙක් උන්ගේ ඒවාට ඊරිසියා කොරන්නත්, ඒක එල්ලාගෙන ඇදගෙන නාන්නත් වන එක ගැන. බොග පිළිබඳ මහාචාරය පදවියක් උසුලන, මහාචාරය මාතලන් විසින් කරනු ලබන විසේස විමර්සොනයක්, දැන් පැම්පස් සින්ඩියේ ඔහුගේ අළුත්ම පාඩමෙන් ඉදිරිපත් කොර ඇත..

බිය නොවන්න සියල්ල නොමිලේ.. ගොම්මන්පිල මෙන් සුපියල් 100 ක් බැංකු පොතට දාන්න කියන්නේ නැත... සම්පූර්ණයෙන් නොමිලේ.. 

සිංහල බොගක් දැමීම මුල සිටම ඉතා සරළව ඉගැන්වේ..

(හැඩට වැඩට බොගක් දැමීම..)


කියවන්න මෙතනින්.. ළෝකප්‍රකට පැම්පස් සින්ඩියෙන්...

Feb 2, 2014

අනුර කුමාර දිසානායක.. සුභ ගමන්..!!! - Anura, Wish you all the Success...!!!


ජෙප්පන්ගේ නායකයා ලෙස, අනුර කුමාර දිසානායක පත්වී ඇත. රූපවාහින් පත්තර වැඩ සටහන් වලින් විමසු අවස්ථාවෙදි, හතර වරම් කීවේ.. එයාලාගේ, කාටවත්ම නොතේරෙන..., එහෙත් ඕනා එකෙකුට තේරෙන වචන සැට් එකෙන්, වෙන වෙන කතාවන්ය. ඒ කියනා කොට, මෙයා තමයි ඊළඟ ලීඩර් කියා ඕන හරකෙකුට තේරෙනවාය. කෙසේ වෙතත්, පක්ෂ නායකත්වයකට තරුණ, එඩිතර, නිර්භීත, ජව සම්පන්න, නායකයකු පත්වීම, අප කුමන පක්ෂයට ඡන්දය භාවිතා කලත් රටට යහපත් දෙයක්ය.