.

.

Jan 30, 2014

කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳා.........යි (23+) - Why Banana is Better than Men (13+)


* කාන්තාවන්ට පමණයි...

කෙසෙල්ගෙඩි වල ගුණ අගුණ තියෙන මේල් හැමදාම එනවාය.  ඒවා වලත්, කළු තිත් තියෙන එක වඩා හොඳයි කියා ඊයේ පෙරේදා එකක් ආවේය. කෙසෙල්, එහෙම නැත්නම් බනානා වල විටමින් බී හා සී ද, යකඩද, පොටෑසියම්ද තවත් බොහෝ සංඝටක තියෙනවාය. ප්‍රෝටින් අධික ආහාරයක් නිසා ක්‍රීඩාවේ යෙදෙන කස්ටියත්, බනානා ඇදලා ඇරිනවා ඔයාලා අනන්තවත් දැකලා ඇතිය.

Jan 29, 2014

යට ඇඳුම හා ෂොපින් යාම (16+) - Under Pants and Shopping


ජොකෙක් ඇන්දාට, බෝල් ජොයින්ට් හරියට සෙට් වෙන්නේ නැති එකත්, සැට් එක හරියට සැට් වෙන්නේ නැති එකත්, ගොඩාක් දෙනෙක්ට තියෙනා ලෙඩක්ය. ඇට කුට්ටම සමහර වෙලාවට එලියට එනවාය. එහෙම ඇවිල්ලා, ජොකාගේ වාටියට කැපෙන් කොට දැනෙනා සනීපේ, කියලා වැඩක් නැතිය. ඒකට ගැලපෙනම් ජොකා "බොක්සර් ෂෝට්ය". ජොක්කු ගැන සවිස්තරාත්මක සාශ්ත්‍රීය ළිපියක් මහාචාර්ය මාතලන් විසින් කළකට පෙර ලියනා ලද්දේය. කැමති එකෙකුට ඒක මෙතනින් බලා ගන්නට පුළුවන්ය.

Jan 28, 2014

සිරිසේනගේ විරිඳු සුරල්...


අපේ සවුක්ක ඇමති තුමා විශ්‍රාම ගියාම විරිඳු කියලා කීයක් හරි හොයාගන්නලු ඉන්නේ.. ඒ කියන්නේ තාම හම්බ කරලා මදි ඇති. හරි පවු.. මාර දුකයි. කොහොමත් ලොක්කා විශ්‍රාම යවන්න ඉස්සෙල්ලා විශ්‍රාම ගියා නම් බම්බුව කෙසේ වෙතත් නම්බුව වත් බේර ගන්න ඇහැක් වෙයි.

එතුමා විශ්‍රාම ගියාම කියන්න පුළුවන් විරිඳු ටිකක් මාත් ලිව්වා..

පළමුව වැඳ ගෙන අවසර, සම්මා සම්බුදු රදුන්ට..
දෙවනුව මං වැන්දා ඕ...න්, දෙකට නැමිලා සද්ධර්මෙට..
අපේ එවුන් එකතු වෙලා.., ඇට මිරිකපු සඝ සරණෙට..
වැද අවසර අරගෙන මම, ගයමි විරිඳු බයිලාවට

ගයමි විරිඳු බයිලාවට //

Jan 26, 2014

ගෑණුන්ට බය පිරිමි (නිලියන්ගේ ආගමනය) - Gynophobia


*** පොඩි උන් කියවන්න එපා....

මේ පාරත් සුපුරුදු පරිදිම, නෑදෑ හැත්ත බුරුත්තම මනාපේ ඉල්ලන්න එනවාය. ඒ අව් අස්සේ නළු නිළියෝද ගේමට බැහැලාය. හිරුනිකාත් ගේමට ඇවිල්ලාය. අපේ උන්ට නළුවෝ හා ගායකයෝ ආවාට අවුලක් ඇත්තේ නැතිය. ඒත් හිරුනිකාලා, නිළියෝ හා ගායිකාවෝ එන එකට, පොලු කෙලින් කරාගත් නෂ්ඨ කාම කාරයෝ ෆේස්බුක් පුරවනවාය. කාටුන් කාරයෝ කාටුන් අඳිනවාය. පුවක් පත් කත්තුරුලා කත්තුරු වාක්කි ලියනවාය. වයර්ලස් එකෙයි, මෝඩ පෙට්ටියෙයි, එනවුන්සර්ලා කින්ඩිය දානවාය. මේ ඔක්කෝම පිරිමිය. තවම එක කාන්තාවක්වත් මේවාට විරුද්ධ වෙලා නැතිය. එහෙම විරුද්ධ වෙන උන් ඉන්නවා නම් උන් කාන්තවන් නොව පට්ටි එළදෙනුන්ය.

Jan 24, 2014

බොගග් දාන හැටි... - How to start a Blog






ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්ය සිරෝමනි, සම්මාණ ලද..

මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..

"බොග දැමිමේ පන්තිය..."

පන්ති ආරම්භ කලා..!!!

බොගක් දමන්නේ කෙසේද...?

තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...

අති සාර්ථක දෙවන පන්තිය..

දැන් පැවැත්වේ..

ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..

"පැම්පස් සින්ඩියේ".>>>.
-x-

Jan 22, 2014

ජල විදුලි බලාගාර - Hydro Power Plants

 
අද උදෑසනම දුරකථනය නාද වන්නට විය. ඉතා දිගු සංචාරයක් නිමා කොට සුවබර නින්දක් බලා පොරොත්තුවෙන් නිදාගැනීමට ගිය බැවින්, දුරකථනය නාද වීම මා බොහෝ සෙයින් ආවේගශිලී වූ කාරනයක්ම විය. එසේ වුවද මා වැනි දැන උගත් පුදගලයකුගෙන උපදෙස් බලාපොරොත්තුව බොහෝ මැති ඇමතිවරුන් පවා මා අමතන හේතුවෙන්, කේන්තිය යටපත් කොට ගෙන, දුරක්ථනය දෙස දෑස යොමු කලෙමි. එය නම සඳහන් නොවූ අළුත්ම දුරකථන අංකයක් වීම හේතුවෙන්. කොල පැහැති බොත්තම ඔබා, ආයුබෝවන් කීවෙමි.

Jan 15, 2014

ඔපරේෂන් සුදු කැස්බෑවා - Missing Turtle



සුදු කැස්බෑවා කෙළබෑවා කියා පත්තර වල, ටී වී වල හැම එකාම කප්පරක් ඒවා ඇද බෑවාය. අමල් පෙරේරා කිව්වේ කැස්බෑවාට ගානක් කිව්වාට, ඌව මකබෑවා වැඩේට එයාගේ සම්බන්දයක් නැතෙයි කියාය. සම හරක් පඩත්තල වේස කොල්ලෝ කිව්වේ, මුජිත විනි, කැස්බෑවාට ගෙම දුන්නා කියාය. අන්තීමේදි, කැස්බෑවා, අයිතිකාරයාගේ දුවගේ ගෙදර ඉඳලා හම්බ උනා කියා, කවදත් සත්‍යම පමණක් කියනා පොලිස් ප්‍රකාසොක මහතා දෙසාබෑවාය.

Jan 12, 2014

බ්ලොග් කියන්නේ මොනවද..? - What is Blogging?



මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.

බ්ලොග් කියන්නේ ඒකටය. ඕන එකෙකුට ඕන දෙයක් ලියාගන්න කියා, බලා ඉන්නා එකටය. ආන්ඩුවේ මාද්දිය වාරණ ගැන පඬි ටෝක් දෙන උන් පවා, මේ නිදහස් පුරවැසි මාධ්‍යකරණයට වාරණ දාන්න යන්නේ, උන් ආන්ඩුවටත් වඩා පවර්ෆුල් කියලා හිතලාය. ඒ පෙන්වන්නේ "පවර් ෆුල්" කම නොව, තමන්ගේ "බ්ලඩි ෆූල්" බව කියා නොදන්නා එකට, අපට කොරන්නට දෙයක් නැතිය.

Jan 11, 2014

ජාතික වීරයෝ හා යුධ අපරාධකාරයෝ - National Heroes or War Criminals


අවුරුදු අටක කාලයක් කෝමවක නිදා සිටී, "ආරියෙල් ෂැරෝන්", සදාතනික නින්දක සැතපීමට වරම් ලබා ඇත. ඔහු කෝමා තත්වයකට පත් වූයේ, අගමැති දූරයෙහි සිටිනා කාලයේය. (අපේ කෙනාත් කොමා තත්වයෙන් සිටිනවාදැයි කීමට තරම් වෛද්‍ය දැණීමක් නොමැතිවීම ගැන, මා කනගාටුවෙමි.) ආරියෙල් යනු හීබෲ භාෂාවෙන් සිංහයාට කියනා නමයි. ඇත්තටම ආරියෙල් සිංහයෙක්ම විය. ඔහුගේ ශරීර ප්‍රමාණයෙන්ද, ගැඹුරු කටහඬින්ද, ඔහුගේ ක්‍රියාදාමයන්ගෙන්ද ඔහු නියම සිංහයෙක්ම විය.

Jan 9, 2014

"දිනමිණ" පත්තරෙත් විනාසයි - End of the "Dinamina" News Paper


ටපලා ටපලා, සෝමවාහිණියේ "මුල් පිටුව" කියවපු සභාපති තුමා, පත්තර මහගෙදරට ගොඩ උනේ, මල පැනලාය. පැනිල්ල කොච්චරද කියනවා නම්, ලේක් හවුස් එකෙන්, මල් පත්තර දහයක් විතර ගහගන්න පුළුවන් සයිස් එකටම, මල, හොඳ එකෙන්ම පැනලා තිබුනේය.

වෙනදාට, කාටුන් වලින් කස්ටියටම කින්ඩියක් දමා, මල් කුමාරයා වාගේ කන්තෝරුවට ගොඩ වෙන සභාපති තුමා, මල පැනලා ඉන්නවා දැකපු ඔක්කෝම උන්, "ගුඩ් මෝනින් සෑර්...." ගෑම පැත්තක තබා, හෙමිහිට මාරුවෙලා ගියේ, ජනාධිපති තුමා මල පැන්න වෙලාවට, ඇමතිලා තම තමන්ගේ ආසනේටම ගිහිල්ලා නවතිනවා වාගේය.

Jan 6, 2014

රත්තරන් - Gold


හිච්චි එකා සංදියේ, සම හරක් උන්, මී හරකා, ගොනා, බූරූවා, වසවර්ති මාරයා, අරකා මේකා කිව්වාට, අපේ අම්මාට මාව "සත්තරන් පුතා" උනේය. අපේ අම්මාට වගේම හැම අම්මාටමත් එහෙමය. ඒ වගෙම හැම පුතා දුවාටත්, එයාලාගේ අම්මා "සත්තරන් අම්මා"ය. ඔය අතරේ, පිත්තල තඹ පුත්තු දූරූ වගේම, අම්මලාත් නොමැත්තේද නොවේ.