.

.

Oct 23, 2012

කාන්තාවන් හා යහන්ගත වීම - Woman in bed


නිදාගන්නවා කියන එක මනුෂ්‍ය ජීවීතේට අත්‍යාවශ්‍යම දෙයක්. අඩුම ගානේ පැය අටකවත් සැපදායක නින්දක් තියෙන්න ඕන කියන එක තමයි වෛද්‍ය මතය. ඒත් ඉතින් මේ ළෝකෙට අළුතෙන් දෙයක් එක් කල අය බොහොම අඩු නින්දක් ලබපු අය. ඒ අය නිදාගෙන තියෙන්නේ පැය දෙක තුනක් තමයි. අළුතෙන්ම හොයාගෙන තියෙන දෙයක් තමයි දවල් කෑමෙන් පස්සේ කුකුල් නින්දක් (නැප්) දාන එකෙන් නව ශක්තියක් ලැබෙනවයි කියන එක. ඒ නිසා දියුණු රට වල ඒ සඳහා පහසුකම් පවා සපයලා තියෙනවා. අපේ රටේ නම් රජයේ සේවයේ මේ සඳහා පහසුකම් සලසලා ගොඩක් කල්. ඒක අපේ රට මෙතරම් දියුණු රටක් බවට පත්වෙන්න බොහෝ සෙයින් ඉවහල් උනා. රට හදන්න ආපු ජනතා නියෝජිතයොත් පාර්ලිමේන්තුවේ කට ඇරගෙන නිදාගන්නේ ඒ හේතුවෙන්. මේ මෑතකදිම පොලිසීයේ ලොක්කෝ දෙන්නේකුත් එහෙම නිදාගෙන ඉඳලා පොලිස්පතිතුමාගේ ගෞරවයටත් පාත්‍ර උනා.

තනියෙන් නිදාගන්නවට වඩා තව කෙනෙක් එක්ක නිදා ගන්න තියෙනවනම් බොහොම අගෙයි කියලා හිතන කාළයකුත් තියෙනවා. පොඩි කාළේ ඉඳන් අම්මා ගාව නිදාගන්නවා. ඊළඟට සහෝදර සහෝදරියොත් එක්ක. ඊට පස්සේ කොට්ට එක්ක. ඔන්න එක කාළයක් එනවා තනියෙන් නිදා ගන්න ඕන. මොකෝ රාත්‍රියට එක එක අය තනියට එන නිසා. ගෑල්ලමයිනම් ටෙඩීලා තුරුලු කරන් නිදාගන්නවා. කොල්ලෝ කොට්ටයක් තුරුළු කර ගන්නවා. ඊට පස්සේ දෙන්න එකතුවෙලා එක්කෙනෙක් වගේ නිදාගන්නවා. දිගටම එහෙම නිදාගන්න හිතාගෙන උන්නට, අළුත් සාමාජිකයෝ ඇවිත් වැඩේ අවුල් කරනවා. ඊට පස්සේ ඉතින්, "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා" කිය කිය හූල්ල හූල්ල හොරගල් අහුලනවා පොඩියක් එකට නිදාගන්න.

ඔහොම නිදාගෙන පොඩි එකෙකුට එහෙම මාට්ටු උනොත් ප්‍රශ්ණ කෝටියයි. එහෙම බැලුවම එයාලා අපේ මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කරනවා. මේ නිසා අපේ කලින් සංස්කෘතියත් වෙනස් උන තැන් බොහොම තියෙනවා. ඒත් මම නම් අපේ චයිල්ඩ් සෝල්ජර්ට දිණුම දීලා තියෙන්නේ. (එයාගේ විදුහල්පති කර්නල්) නිකන් මාෂල් ලෝ වෙන්න ඕන නැහැනේ. ඉස්සර දැන් වගේ වනචර විදියට අහන්නේ නැතුව. "මට ඔයත් එක්ක නිදා ගන්න ආසයි" කියලා තමයි කිව්වේ. ඉතින් එහෙම ඇහුවහම "නිදාගන්න විතරයි ඔන්න. වෙන ඒවානම් බෑ.." කියපු අයත් ඕන තරම් ඉන්නවා. එහෙම කිව්වට. "කෝ... ඔයා නිදාගත්තා විතරයිනේ.." කියන අයත් නැතුවම නෙමෙයි. එතකොට නිදාගන්නවා කියන්නේ නැගිටල ඉන්න එකද. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද කියලත් හිතෙන වෙලාවල් නැතුවම නොවෙයි.

නින්ද ගැන ඉතින් පොතක් උනත් ලියන්න පුළුවන්. විශේෂයෙන් මේ පෝස්ට් එක ලිව්වේ ගෑල්ලමයි එක්ක නිදාගන්න එක ගැන කියන්න. ඔය ගෙදර ළමයත් එක්ක නිදාගන්න වෙලාවට, සමහර ගෙදර ළමයි සීලීමේ රෙපයාර් ගැන කතා කොරන හින්දා වෙන්න ඕන අපේ අය අතීතයේ ඉඳන් ලාම්පුව නිවලා නිදාගන්න යන්නේ. ඒ උනාට මගේ යාලුවෙක් නම් කිව්වේ උගේ කැත පේන නිසා එහෙම කරනවා කියලා. තව එකෙක් කිව්වේ නෝනා කැත නිසා එහෙම කොරනවා කියලා. කොහොම හරි ඉටිපන්දම් එලියක් හරි තියෙනවනම් මනුෂ්‍ය ශරීරය කොතරම් ආශ්චර්ය දෙයක්ද කියලා ඒ වෙලාවට පේනවා. ඒකෙත් පුදුම කලාත්මක හැඟීම් සමග අමුතුම රසයක් ලැබෙන දෙයක්. එහෙම තමන්ගේ ගෑනිගේ ඇඟවත් දැක්කේ නැතු උන් වෙන්න ඕන ඔය රූබී එකේ රියෝ එකේ පෝලිම්වල වේලෙන මැද වයසේ උන්.. එහෙම අකමැතිමනම් ඉතින් මට කොරන්න දෙයක් නෑ.

මෙහෙම නින්ද ගැන කතා කරද්දි මට පරණ ඊ මෙල් එකක් මතක් උනා ඒක තමයි මේ පහළ තියෙන්නේ.. මෙතන තියෙන්නේ ගෑල්ලමයි එක්ක නිදාගන්න එහෙම නැතිනම් යහන්ගත වන එක ගැන සමීක්ෂනයකින් ගත් තොරතුරු..

අවුරුදු   8 - ඔබ ඇයව ඇඳට ගෙන ගොස් ඇයට කතාවක් කියයි
අවුරුදු 18 - ඔබ ඇයට කතාවක් කියා ඇයව ඇඳට ගෙන යයි
අවුරුදු 28 - ඇයව ඇඳට ගෙන යාමට කතා කීම අවශ්‍ය නොවේ
අවුරුදු 38 - ඇය ඔබට කතාවක් කියා ඔබව ඇඳට රැගෙන යයි
අවුරුදු 48 - ඇඳට යාම මග හැරීමට ඔබ ඇයට කතාවක් කියයි
අවුරුදු 58 - ඇයගේ කතා මග හැරීමට ඔබ ඇඳට යයි
අවුරුදු 68 - ඔබ ඇය ඇඳට ගෙන ගියහොත් කතාවක අවසානය එය විය හැක..!!!

කොහොමත් අවදි උනත් නිදාගත්තා වගේ ඉන්න නිසා වෙන්න ඕන.. අර සිංදුවක් තියෙන්නේ..

අවදිවන්න... අවදිවන්න.. දීප්තීමත් දිනකි උදාවෙලා තියෙන්නේ..
සිතනවාට වඩා සොඳුරු විනෝද බර ළෝකෙක අපි ජීවත් වන්නේ..

79 comments:

  1. හපෝයි! :පී මම තම පොඩි ළමයෙක්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ළොකු ළමයෙක් උනයින් පස්සෙ එන්නකො බබෝ...

      Delete
  2. "අවුරුදු 68 - ඔබ ඇය ඇඳට ගෙන ගියහොත් කතාවක අවසානය එය විය හැක..!!!"

    ඔය වයසත් අවුල් නොවුන අය ඉන්නවනේ. :)
    Ex : Elizabeth Taylor

    ඒ වයසේ අයගේ විහිළු කතාවක් තියෙනවා. ලින්ක් එක දැම්මට අවුලක් නෑනේ?

    http://ishangesatahan.blogspot.com/2012/10/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. 68 ත් වයසක්ද නංගි කිව්වලු..

      Delete
  3. නිදා ගැනීම සහ බුදිය ගැනීම කියන්නෙ දෙකක් නේද මහාචාර්ය මාතලන් තුමා...අන්න ඒ පිළිබද ව්‍යක්ත විග්‍ර‍හයක් ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. බුදිමත ගැන, නලින් චන්දිමා ලියන 'සිත්ආර' කියන බ්ලොග් එකේ පෝස්ට් එකක් තිබුනා.

      Delete
    2. කෑම බුදීම නිසා ඇතිවෙන නිදිමත බුදිමත වේ කියලයි මං අහලා තියෙන්නේ!

      Delete
    3. කොහෙද ඉතින් විග්ගරහ කොරන්නේ ඔය ලියලා තියෙන්නේ දොස්තර මහත්තයා...

      Delete
  4. කාලය මැව් වෙනසක අරුමේ...

    ReplyDelete
    Replies
    1. කළබල වෙන්න ඕන නෑ... බෙහෙත් තියෙනවා..

      Delete
  5. කොටින්ම ගෑල්ලමය එක්ක 'ඇඳට යන්න' ඇඳක් ඕනෙත් නෑ... පුටු උඩ, මේස උඩ, කාපට් උඩ, නාන කාමරයේ, කාර් එකේ පමණක් නොව ඇන්ද උස සෙමි-ලක්ෂරි බස් වලද ඇඳට යන්න බැරි කමක් නැත.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ඔය කොතන උනත් අවුලක් නෑ..

      Delete
  6. හෝල් දෙකටත් මඩ ගහල ශේප් එකේම නේද ?

    මම මේ කල්පනා කලේ කතාවයි නින්දයි අතර තියෙන සම්බන්දතාවය කොච්චර නම් අපුරුද කියලා

    ReplyDelete
    Replies
    1. මඩක් නෙමෙයි නේ නොමිලේ ඇඩ් එකක්...

      Delete
  7. //අපේ රටේ නම් රජයේ සේවයේ මේ සඳහා පහසුකම් සලසලා ගොඩක් කල්.// රාජ් නම් නොදකීවා..

    නින්ද හිතන තරම් සරල නැහැ නේද බං ?

    ReplyDelete
    Replies
    1. අපි සැලෙයි ඕවට!

      Delete
    2. රාජ්ලා සැලෙන්නේ නෑ ඕවට.. කොයිදේද බන් සරළ

      Delete
  8. යහන් ගත වීම ප්‍රභල ප්‍රශ්නයක් තමා.. අප්පේ මේ වයස අර චාටර් එකට අනුව 28 ක් විතර උනානං. හ්හ්..හු..

    ReplyDelete
  9. නිදාගන්න නිදිමත හැදෙනකම් හිටියොත් නිදාගන්න වෙන්නෙ නෑ....ඒකෙත් හැටි...:D :D

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සෙල්ලා නිදා ගන්න ඕන මතක ඇතුව

      Delete
  10. එතකොට අර දෙන්න දෙපැත්තට ඔළුව දාල නිදා ගන්නෙ තරහ වුනාම නේද මාතලන් අයියෙ ? (නිකන් 69 වගේ)

    ReplyDelete
  11. ඒ කියන්නෙ ඇඳට යන්න වෙනවට උඹ නෝනට කතා කියන කාලෙ?

    ReplyDelete
    Replies
    1. ෂ්... කෑ ගහන්න එපා... අනිත් අයට ඇහෙයි...

      Delete
  12. මාතලන්ටත් අනිත්‍ය ගැන වැටහිලා වගේ

    ReplyDelete
    Replies
    1. පිස්සු ඒකනම් වෙන එකක් නෑ කවදාවත්.. මම ඕමාර් කයියාම් අදහන කෙනෙක්

      Delete
  13. ඉටිපන්දමක් මදි බන් අයියෙ... ඉටිපන්දම් දෙකක් ඕන ඇඳ දෙපැත්තෙන් ගහන්න :)

    ReplyDelete
    Replies
    1. ඉටි පන්දම් කිරි වැකිරි වැකිරි

      Delete
  14. //අවුරුදු 8 - ඔබ ඇයව ඇඳට ගෙන ගොස් ඇයට කතාවක් කියයි
    අවුරුදු 18 - ඔබ ඇයට කතාවක් කියා ඇයව ඇඳට ගෙන යයි
    අවුරුදු 28 - ඇයව ඇඳට ගෙන යාමට කතා කීම අවශ්‍ය නොවේ
    අවුරුදු 38 - ඇය ඔබට කතාවක් කියා ඔබව ඇඳට රැගෙන යයි
    අවුරුදු 48 - ඇඳට යාම මග හැරීමට ඔබ ඇයට කතාවක් කියයි
    අවුරුදු 58 - ඇයගේ කතා මග හැරීමට ඔබ ඇඳට යයි
    අවුරුදු 68 - ඔබ ඇය ඇඳට ගෙන ගියහොත් කතාවක අවසානය එය විය හැක..!!!//

    මෙන්න මේවනේ ඕයි රුවන් වැකි!

    ReplyDelete
    Replies
    1. සිරාවට මචන්.. :)

      Delete
    2. රාමු කරලා එල්ලුවත් පාඩු නෑ...

      Delete
  15. සීගිරිය ගැන ලිව්වා.. ගැහුවා හෙන... මේ පාර කඩං වැටෙයි වගේ ඇඳ...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පැදුර තියෙනවනේ... හික්ස්

      Delete
  16. ලයිට් නිව්වම කෝකත් එකයි කියලා මොකද්දෝ දෙමළ චිත්රපටියක තිබුණ.

    ReplyDelete
    Replies
    1. හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
      කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
      ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
      කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට

      ඕක කිව්වෙ හිටිවන කවි මඬුවක.

      Delete
    2. ඔය රාජ් කියලා තියෙන්නේ කවියෙන්ම..

      තව එකක් තියෙනවා

      බැලුවම් එකයි කොයි XXXX XXලා කියලා

      Delete
  17. ඔය අන්තිම කෑල්ල නම් ඊමේලයකින් ආවා අනේ.
    ඔයිට නරකද නිදා නොගෙන හිටියාම...:D

    ReplyDelete
    Replies
    1. බැන්දයින් පස්සෙ නම් ටික කාළයක් නිදා ගන්න වෙන්නේ නෑ තමයි

      Delete
  18. 48 න් පස්සේ පැදුරට යන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න දෙයක් ඉගෙන ගන්න මිනිස්සු...

      Delete
  19. ඇඳට යාමත් පුදුම ගැටලුවක් තමා මලේ.ලොකු මහත් වු දරුවො ඉන්න කොට ඒක ඊටත් වඩා ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. දීග ගියත් හරි යන්නෙ නෑ. ඒ පාර මුනුබුරු පුරු පුරු එනවනේ..

      Delete
  20. මේකටත් මොනා හරි කිව්වොත් අරැන් ටික මාව කන්න හදනවා... ඒක නිසා මුකුත් කියන්නේ නෑ..... හි හි...

    ReplyDelete
    Replies
    1. මොනව නොකිව්වත් වැඩේ ඇත්ත..

      Delete
    2. ඔන්න ඔහේ කියලා දාන්න අනේ.. උන් ඔයාව කනවැයි කියලයි...

      Delete
  21. ශා මෙහෙම කියුවම මතක් උනේ ඉස්සර මම හිටපු කන්තොරුවක කෙනෙක් උන්නා ලන්ච් අවර් එකේ යහන් ගතවෙන්න යන

    ReplyDelete
  22. **ඔහොම නිදාගෙන පොඩි එකෙකුට එහෙම මාට්ටු උනොත් ප්‍රශ්ණ කෝටියයි.**

    අපිත් එක්ක වැඩ කරපු එකෙක්ගේ පොඩි එකෙක් මහ රෑ ජාමේ නැගිටලා උගෙනුයි ගෑණිගෙනුයි ඇහුවලු "මොකෝ මේ දෙන්නා මහ රෑ ජාමේ ඇහැරගෙන කරන්නේ... ඇඟේ ඇඳුමුත් නෑ.. අරහෙ බල්ලොත් බුරනවා.. මොකද නින්ද යන්නේ නැද්ද" කියලා... කොහොමද සනීපේ....

    **අවුරුදු 68 - ඔබ ඇය ඇඳට ගෙන ගියහොත් කතාවක අවසානය එය විය හැක..**

    ඔය වයසේ අන්කල් කෙනෙක් අමාරුවෙන් ආච්චිව ඇඳට ගෙනිහින් යහන් ගත් වෙච්ච දවසක ආච්චි ඇයගේ දුර්වල හඬින් මෙහෙම ඇහුවලු....

    "මොකක්ද දරුවන්ගේ තාත්තේ මේ දෙකක් යන්නේ..."

    අන්කල් මෙහෙම උත්තරයක්ලු දුන්නේ....

    "තියෙන එක තමයි නෝනේ මේ දෙකට නැමිලා යන්නේ..."

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව.. අහල තිබුනට මතකය අලුත් උනා...

      Delete
  23. අපි නොදන්න යහන් ගතවීම !!!!! .....
    අවුරුදු 58
    අවුරුදු 68 ගැන කියනව නම් ..... ඇදේ කොට්ට දෙකක් ‍තියෙන්නේ ඒ නිසා තමයි .... ( එකක් මූණ වහන්නලු ඈ .... :D :D )

    ReplyDelete
    Replies
    1. මට තව කතාවක් මතක් උනා ඒක සැර වැඩියි....

      Delete
  24. තනියම නින්ද ආහාර වලටත් වඩා දැඩි උවමනාවක්. තමන් ආදරය කරන අය හා නිතර යහන්ගත වීම ජීවිතයට සතුට හා නිරෝගීබව එකතු කර ආයුෂ දීර්ඝ කරන්නක්.

    නින්ද යනු ඒ ඒ පුද්ගලයා අනුව අඩු හා වැඩියෙන් උවමනා විදියට සිරුර ඕනෑ යැයි කියන්නක්. ඒත් ලෝකයේ සත්තුන්ට හා අත දරුවන්ට විතරයි polyphasic නින්දෙන් වාසි. මිනිසාට අවශ්‍ය monophasic හෝ biphasic නින්ද නැතිව නිරෝගී මනසක් වඩන්නට හෝ අලුත් දෙයක් හිතන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

    ඉතින් //මේ ළෝකෙට අළුතෙන් දෙයක් එක් කල අය බොහොම අඩු නින්දක් ලබපු අය. ඒ අය නිදාගෙන තියෙන්නේ පැය දෙක තුනක් තමයි.// යන්න මිථ්‍යාවක්. Dr Claudio Stampi විසින් polyphasic නින්ද ගැන කියාදුන්නෙ ගිනිනිවන හමුදාවේ, යුද හමුදාවේ සහ හදිසි අනතුරු අංශවල වැඩ කරන අයට කෙටි නින්ද ලැබෙද්දී වඩා කාර්යක්ෂම බවක් හදාගන්නෙ කොහොමද කියා පහදන්නට. ඔහු කියාදුන් එය සාමාන්‍ය අයට හෝ නිර්මාණශීලීත්වය වැඩි කරන ක්‍රමවේදයක් යැයි පැතිර යාම ඔහු කියාදුන්න විකෘති වීමක් පමණයි.

    ඩාවින්චි, නැපෝලියන්, එඩිසන්, චර්චිල්, බිල් ක්ලින්ටන් :) නින්ද අඩුවෙන් ලබාගත් අය කිව්වට ඔවුන් නිදාගත් කාලයන් ගැන සොයාබලද්දී දැනගන්නට ලැබී ඇත්තේ ඔවුන් හැම රාත්‍රියක දී ම මුළු රාත්‍රියක් නිදා නොගත්තාට වැඩි වශයෙන් දිනපතා පැය පහක් හයක් නින්ද ලැබූ අය බවයි.

    මාතලන් කියන විදියටම වඩා වැදගත් අර අවදිවුනත් නිදාගෙන ඉන්නවා වගේ අයට කියන සිංදුව තමයි!!! ලංකාවේ හැමදාම වගේ උදේට ගුවන් විදුලියෙන් අසා තිබුණු සිංදුවක්නෙ ... මාතලන්ගෙ අර්ථයෙන් තමයි මාත් සිංදුව බාරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මම ඕක ලියපු තැනම වරහන් ඇතුලේ දාන්න හිටියේ. එයාලා කිව්වට කව්ද දන්නේ ඇත්තද කියලා....

      බලාගෙන ගියහම වැඩේ ඇත්තනේ. කට කපලා නිදාගෙන කස්ටිය. ජේ ආර් පප්පයි ප්‍රේමදාස උන්නැහෙත් දවල්ට පොඩි නැප් එකක් දැම්මලු. ඒත් කවුද දන්නේ අනේ.. නැප් එකක්ද.. එහෙම නැත්නම් කට කපලා නිදා ගත්තද කියලා..

      බලාගෙන ගියාම මේක මාර ළෝකයක්නේ...

      Delete
  25. ඇත්ත ඇත්ත... කතාව ඇත්ත :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරි ලියනවා හරි අඩුයි

      Delete
  26. මේවා කියෙව්වම නිදාගන්නත් ආස හිතෙනවා

    ReplyDelete
    Replies
    1. දවල්ට නිදා ගැනීම අගුණ බව සලකන්න..

      Delete
  27. අන්න උඹ සීගිරිය ගැන කිව්වා විතරයි සිංහපාදෙට බඩු බනිස්.

    උඹේ පරිවර්තන නම් එල කියලා නොකිව්වොත් කුහක කමක්. මමත් ඕය ඊමේල් එක කියවලා තියෙනවා, නමුත් උඹ ලෙසටම වැඩේ දීලා තියෙනවා.

    ඇත්තෙන්ම මාතලන්, ඔය වැඩේට නිදාගන්නවා කියන වචනෙට වඩා යහන් ගත වෙනවා කියන එක නියමෙට ගැලපෙනවා නේ? නිදාගන්නවා කියන්නෙ නිදා ගන්නවට නේනනං.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට සිංහ පාදෙට ගැහුවේ..

      යහන් ගතවීම කියන කොට වැදගත් නේ...

      Delete
  28. නාඩි වැටෙනවානම් ඕනෑම එකක් කියනවනේ.නැද්ද?

    ReplyDelete
    Replies
    1. හති දානවනම් දර කොටයක් උනත් අවුලක් නෑ කිව්වලු

      Delete
  29. හුටා....එතකොට මට වෙච්ච වෙන දේවල් ඔක්කොම වගේ මාතලාට ත් වෙලා. ඒ කියන්නේ තව ගොඩක් එවුන්ට වෙනවා වගේ. තව ක්‍රියේටිව් ක්‍රම හොයා ගන්න වෙනවා පොඩි එකාව ඉක්මනට නිදි කරවන්නයි, අපි නිදා නොගෙන ඉන්නයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම අමාරුවෙන් තමයි සටන් ජයගන්නේ.. බාධා බොහෝමයි

      Delete
  30. නියමෙට ලියා ඇත

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලිව්වහම එහෙම හිතෙනව... හිකිස්...

      Delete
  31. //අවුරුදු 48 - ඇඳට යාම මග හැරීමට ඔබ ඇයට කතාවක් කියයි// ???????

    ReplyDelete
  32. "අවුරුදු 68 - ඔබ ඇය ඇඳට ගෙන ගියහොත් කතාවක අවසානය එය විය හැක..!!!" අයියෝ තමයි ඊට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ.. මගේ ඊළඟ පෝස්ට් එක බලන්න....

      Delete
  33. That is life. You are born as a child and die as an old man or woman.You have to do all you need during that short period of time!

    ReplyDelete
  34. //"පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා"// ඔව්ව කලින්ම හිතන්න ඕන දේවල්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න