.

.

Sep 30, 2012

සිහිනය මිය යාම - Dead Dreams



මගේ ඥාති පුත්‍රයෙක්, පවුලේ එකම දරුවා. මේ දරුවා ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය චරිතයක්, පාසල් සමයෙත් ප්‍රසිද්ධ පාසලක ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් මේ දරුවට "අසීමිත නිදහසක්" දීලා තිබුනා. ඔහු දුම් පානය කරණවා, මත්පැන් බොනවා, ගංජත් බොනවා, (මමත් මේ සියළු දේ කරණවා සීමාවක් ඇතුව හා පරිසරයට අනුකූලව) ආශ්‍රය කළේ නරක මිතුරන්, නිතරම ගෙදරින් පිට සිටියේ. නමුත් මේ දේවල් ඒ දෙමව්පියන්ට ළොකු දේවල් උනා, . අහිංසක නිහතමානි දරුවකු උනත් ඔහුත්, දෙමව්පියනුත් මේ කාරණය උඩ පවුලෙන් දුරස් උනා. එයා ක්‍රීඩාවෙන් රජ වෙයි කියල හීන දැකලා ඒ සෑම දෙයටම ඉඩ දුන්නා. නමුත් නරක ආශ්‍රයත්, පුරුදුත් නිසා ජාතික කන්ඩායම මෙන්ම, ක්ලබ් ක්‍රිකටුත් සෑහෙන මෙයාගෙන් දුරස් උනා...

Sep 27, 2012

පහේ ශිෂ්‍යත්වයේ හෙළුව - Grade 5 Bulling



පහේ සිස්සත්තේ රිසාල්ට් ආවේය. මේකටත් කුණු ජෙප්පො ලෙඩක් ඇද්දේය. අනිතීමෙදි, කටයි පුකයි වහගෙන නිකන් සිටියේය. ගම්වල කෙල්ලෝ කොල්ලෝ ඉහලින්ම පාස් වෙලාය. දැන් ඉතින් මැරතන් දුවපු අම්මලා අඬනවාය. සම හරක් පාස් උන සන්තෝසෙටය, සම හරක් ඉහලින් පාස් උන නිසාය. ළකුණු මදියි කියලාය, සම හරක්, අනිත් උන්ට ලකුනු ගාන කියන්න බැරුවය. පාස් උනත්, ෆේල් උනත්, විභාගෙට ලියපු උන්ට මාර ආතල්ය. ඒ මොකෝ, අවුරුද්දක් දෙකක් රේස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන් නිසාය. එහෙම ඉඳලා හරියන්නේ නැතිය. ඊළඟට සාපෙට ලේස්ති වෙන්න වෙනවාය. මේකනම් මාර කරුමයක්ය කියලා පොඩි උන් හිතනවා ඇතිය. උන්ට ළමා කාළයක් ඇත්තේම් නැතිය. පාස් උන උන් කතාකරන්නේ කිරි දරුවෝ වගේ නෙමේය. මහ උන් වගේය. සමහර විට මුන් පවුල් සැලසුම් ක්‍රම පවා දන්නවා ඇතිය. අපේ නෑවෙන දරුවෙක් විභාගේ ලියලා ගෙදර ආවම, විභාගේ ලෙසිදයි ඇහුවම, අම්මට කියලා තියෙන්නේ. "අනේ මගෙ බුදු අම්මේ", මට දැන්වත් ටිකක් නිදා ගන්න දෙන්න කියාය. මේ දරුවාගේ පීඩනය එතනින්ම පේනවාය. (ඒ දරුවා ඉහලින්ම සමත් වෙලාය)

Sep 26, 2012

අපේ ගම (අළුත් ගම) - My Home Town (Global Village)


ගොඩ මඩ දෙකම සරුසාරය ඵල          බරය
කටුරොද ගම්මාන තරමක පිටි             සරය
එගම මැදින් ගලනා ගඟ මන               හරය
කඩ මන්ඩිය පිහිටියේ ඒ ගම කෙල      වරය

මේ, "කේයස්" එහෙම නැත්නම්, "සාගර පළන්සූරිය" කවියාගේ, රටම දන්න කවියක්. එහෙම කවි ලියන්න පෙර පින් තියෙන්න ඕන. එවන් උතුමන් අමරණීයයි කියන්නේ, ඒ නිසයි. මට මතකයි පොඩි කාළේ මේ කවිය තිබුන "සුදෝසුදු" පොතේ හරි, වෙනත් පොතක හරි, අපේ හිතේ මැවෙන පින්තූරය, එහෙමම ච්ත්‍රයට නගා තිබුන බවත්. සාමාන්‍යයෙන් මම ළිපියක් ලියන්න ඉස්සෙල්ල, ගූගල් සෙවීමේ යන්ත්‍රයෙන් සොයා බලනවා ඒ ගැන කවුරුන් හෝ කළින් ලියලා තියෙනවද කියලා. එහෙම බැලුවම අපේ "බින්දි" නෝනාගේ, බොහොම අගේ ඇති කවි පන්තියක් ජාලේ තිලා හම්බ උනා. ඒක (මෙතනින් බලන්න)කො. මම ඉතින් ලියන්නේ වෙන ආරක කවි නිසා ඒකට ඒ නෝනා තරහා වෙන එකක් නෑ.

Sep 25, 2012

බූරූවෝ හා සඵල අනාවැකි - Political Donkeys & Real Fortune Teller

This is not Berty. This is a baby.

එළුවගෙ මොකක්ද එක වැටනම් බලගෙන උන්න විපක්ෂයේ කොටළු රැලටයි. හීන් ආතල් එකක් ගන්න බලාගෙන ඉන්න ජඩ මාද්දියවෙදින්ඩයි, සන්ධානෙම, කර අඹපු උන්ටයි, ලොක්කා ගෙදෙට්ටම එන්න කියලා බඩ කට පිරෙන්නම, එළු බෙටි විද්දේය. මට දුක, මුන් එකෙකුටවත්, වෙන්නේ මේකයි කියා තේරුම් ගන්නට, අබ ඇටයක් මොලයක් නැති එකය. ලොක්කත් එක්ක ඡන්ද කිරිල්ල එයා විපස්සේ ඉන්න කාලෙත් අමාරු වැඩක් කියා දන්නෝ දනිතිය. එහෙව් එකා සක්විති රජා උන් කල්හී තවත් කවර කතාද. ඉස්සෙලම ජෙප්පොයි, අලියි, සන්ධානෙම උනුයි, හකීම් දිහා කට ඇරගෙන බලන් ඉඳ, පස්සේ හකීම් ගේ අම්මා නැති කලේය. ඊට පස්සේ, බර්ටි 120 ක් එක්ක ගෙදර යනකන්, කට කන අයාගෙන බලාගෙන උන්නේය. ඔය මළදාන වෙන විදියටම මාතලන් කලින්ම කීවේය.

Sep 23, 2012

පොත් මේලා 2012 (16+) - Book Carnival 2012 (13+)

 
විරිඳුවෙ තාලයට ගයා..
සැනසී, නැලවෙන්න මෙයා..

මලා....., දැන් ඉන්න උන් විරිඳු දන්නවය, මෙන්න මේවටයි විරිඳු කියන්නේ.

Sep 22, 2012

ප්‍රසිද්ධ ගායිකා ඇඩේල් (Adele) පුනරුත්පත්තියක්ද....? - Reborn Adele

Adele

(කලින් පෝස්ට් එකේ කවියට උත්තරේ ඒකේ පහලම කොමෙන්ට් එකක් විදියට දාලා ඇති.)

මාතලන් සංගීතයට බොහොම ආදරෙයි. කාළයක් මම "සංගීතා" නමින්, බ්ලොග් එකකුත් කරගෙන ගියා. දැන් නම් ඒක අප්ඩේට් වෙන්නේ නෑ. මේකෙන් පස්සේ එ ගැන හිතලා බලන්න ඕන. මගේ රස වින්දනයට, බේදයක් නෑ. කලින් ළිපි කියවපු අය ඒ ගැන දන්නවත් ඇති. සංගීතය රස විඳින්න, භාෂාව ප්‍රශ්ණයක් කර ගන්නත් අවශ්‍ය නෑ. ඒ නිසා මම කොයි රටට ගියත්, ඒ රටේ ගීත වලට ආදරය කරන්න පටන් ගන්නවා. ගීත වලට විතරක් නෙමෙයි, ආහාර වලටත්. තව දෙයක් තමයි, එදා තිබුන ඒවා අද නෑ කියන එක. ඒක නම් පුහු මතයක්. එහෙම කියන අය මම නම් දකින්නේ, අළුත් වෙන්න අකමැති මිනිසුන් හැටියට. කවදත් සමාජයේ හොඳ දේ වගේම, නරක දේත් තියෙනවා. එදා පලු යන්න බැනුම් අහපු ජෝති අද හැමෝටම හොඳ වෙලා. මොකද ඒ කාළේ ගැන කතා කරන්න ඉන්නේ ජෝති විතරයි. ජෝති මරන් කන්න හදපු උන් උඩ ගියේ, ජෝතීට ආදරේ කරපු උන්, කනත්තේ තාප්පෙත් පෙරලපු දවසේ. ඔන්න ඕකයි ඔය ප්‍රබුද්ධ කියන අයගේ නම් තත්වේ.

Sep 19, 2012

සභාපතිගේ ගෑල්ලමයි තුන් දෙනා (18+) - Chairman's Angels (18+)



මේ කියන්නට යන්නේ කයි කතන්දරයක්ය. අතකසයේ සභාපති... හුටා දැන් අහයිනේ අත කසේ කියන්නේ මොකක්ද කියලා. අ.ත.ක.ස.ය. අගනුවර තරුණ කවි සමාජය කියන එක. තරුණ කිව්වට ඉන්න ඔක්කෝම නාකි පොරවල්. ඒයාලා හරි දස්සයි හිටගෙන කවි කියන්න (ආ... හිටිවන කවිද.. මම හිතුවේ හිටගෙන කින නිසා හිටගෙන කවි කියලා). හිටපු ගමන් තියෙනවා එයාලගේ කවි සමුළු, සැමරුම් වගේ ඒව්වා. එවට සූ ගාලා සෙනග 20-30 එනවා. ඉස්සරම බොහෝම ජනප්‍රිය වෙලා තිබුන මේ කවි මඩු වලට කෙල වෙලා යන්න ඇත්තේ එකම ජාතියේ කවි කියන නිසයි, නවකයන්ට අත හිත නොදීපූ නිසයි වෙන්න ඕන. අපේ උන්ට ලෙඩක් තියෙනවනේ හැමදාම පොර වෙලා ඉන්න ඕන. ඉතින් අද ඒක ෆොන්සේකා මහත්තයගේ රැස්සීම් වගේ තමයි. සද්දේ තිබුනට සෙනග නෑ. ඒත් වාද බයිලා වලට අදත් සෙනග පිරෙනවා. එ තොටළඟ සුමනෙලා අලුත් උන්ට අත හිත දීපු නිසා. මගේ ප්‍රියතම වාද බයිලා කාරයා තමයි "ඒ..සිරි", මොකද හැමදාම එකම කියන්නේ නැතුව අලුත් අලුත් ඒවා කියන නිසා.

Sep 18, 2012

කොටස් වෙළද පොළ මාෆීයාව - CSE Manipulators



මේ දවස්වල, අපේ කොටස් වෙළඳ පොළ, නිකන් දෙල්කඳ පොළවගේ.. සූ ගාලා සෙනග. ඒ මොකෝ කොටස් අම්බානක නැගලා. සමහර ෂෙයාස් 400% විතර ඉහළ ගිහින්.  නියාමන කොමිසමේ හිටපු දේශද්‍රෝහියා එලෙව්වයින් පස්සේ තමයි මේ නැගිල්ල. ඔය කාළකන්නි යක්කු ඉන්න තැනකට හරියන්නේ නෑ. එලෙව්ව එකමයි හොඳ. ඌයි මායි දන්න ඉකොනමි. අපේ ඉකොනමි එක සුපිරි. ඒකට දාලා ඉන්නේ ළෝක බැකුවට උනත් උපදෙස් දෙන්න පුළුවන් උන්. ආර්ථික වර්ධන වේගයත් සුපර් සොනික් වලටත් එහා. මට බය වේගේ වැඩිවෙලා, ඇක්සිඩොන්ට් එකක්වත් කොරගනීද කියලා. 

මේක ඇවිත් ළෝකේ තියෙන හොඳම ඒවලින් තුන් වෙනි එක. හෙට අනිද්දම පළවෙනි එක වෙනවා.. ආයේ නෝ ටූ වර්ඩස්. නිව් යෝක් එක්ස්චේන්ජ් එක බංකොලොත් ලූ, "ඩව් ජෝන්ස්", "නිකේයි", අරව මේවා චිකේයි.. කියලා, කට්ටිය ෆ්ලයිට් බුක් කරනවලු, කොලම්ඹු එන්න. ඔහේලා ගාවත් කීයක් හරි තියෙනවනම්, නොකා නොබී හරි ෂෙයාර්ස් ටිකක් අරන් තියන්න...නැත්තං බටහිර කුමත්‍රණකාරයෝ ඔක්කොම ටික අරගෙන කියලා, පස්සෙන් පහු මට දොස් කියනව එහෙම නෙමෙයි ඕන්....

Sep 16, 2012

නීචකුල වශී ගුරුකම් (16+) - Healing Doctor (16+)


සියල්ල අභිබවා කරන
අති ප්‍රබල නීචකුල වශී ගුරුකම්


කොල්ලන්ට

කොයිතරම් ට්‍රයි කලත්
නොම්මරේ ඉල්ලුවත්
හිඟන්නෙක් සේ දුකින්
ආදරේ ඉල්ලුවත්

Sep 15, 2012

තගා බයිලා - Thugs Baila



මුලසුන බයිලා චක්‍රවර්ති

ආ යෙත් වලියක් දාගෙන මාලක සිල්වා
වාද බයිල කියමුද බුදු පානක් දල්වා
එතකොට,  වාද බයිල කියමුද බුදු පානක් දල්වා
එලිසම රැකලා, නොම මගේ කලිසම ගලවා

Sep 13, 2012

බන්ඩා ආශ්චර්යේ බලන්න කොළඹ එයි - Yaman Bando Colomba Balanna

පිටකොටුවේ ආශ්චර්යය
බන්ඩා කොළඹ යන්නේ කළාතුරකින්ය ඒ උනාට හින්නි එකා කාළේ, එඩී ජයමාන්න මහත්තයා "කොළොම් පුරේ ශ්‍රියා" ගැන කියපු සිංදුව අහපු දවසෙ ඉඳලා, කොළඹ බලන්න ආසාවෙන් හිටියේය. හංදියේ මුදලාලි කොළඹ ගැන කියන කතා අසා, බන්ඩා දිවිය ළෝකේ හිතෙන් මවා ගත්තේය. බන්ඩාටත් ආසාව තිබුනේ මුදලාලි කෙනෙක් වෙන්නය. ඉතින් බන්ඩා ගෙදරින් පැනලා කොළඹ ආවේය. කාළයාගේ ඇවෑමෙන්, බන්ඩාත් පොඩි මුදලාලි කෙනෙක් උනේය. කොළඹට ටිකක් ඈතින් ගෙයකුත් හදාගෙන, පවුල් පන්සල් වෙලා දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන්ය. ඒත් මහ බැංකුවේ කබ්රාල් ළොකු මහත්තයා, ආශ්චර්යේ බලන්න කොළඹ එන්න කියලා බන්ඩාට ලියුමක් එවා තිබුනේය. ඒ නිසා බන්ඩා සයිමාත් එක්කම උදේ පාන්දර කොළඹ එන බස් එකකට ගොඩ උනේය.

Sep 12, 2012

Z, O/L, A/L, M Sc, MBBS, PhD, BSc, BA, etc..SB & IRC Hon.


හෙඩින් එක දැක්කාම, කතන්දරේ හිතා ගත්ත හැකිය. එනම් ලියන්නට යන්නේ, අජ්ජාපනය ගැනය. දැන් හැම එකාම ලියන්නේ අජ්ජාපනය ගැනය. මාතලන්ද මේ මළදානේ ගැන එදා ඉඳන් ලියනවාය. ඒ අපේ ගුරුවරු අපට කියා දුන්න දේය. ඒ කියන්නෙ, කොන්ද කෙලින් තියාගෙන කතා කරන හැටි, ලියන කියන හැටිය. ඒ ගුරුවරු නිවන් දකින්න ඕනෑය. අද එහෙම උන් ඉන්නවාද කියා මම දන්නේ නැතිය. ඉන්නත් බැරිය. මොකෝ එයාලට ඕවා උගන්නන්න වෙලාවක් නැතිය. සයිඩ් බිස්නස් තියෙනවාය. හැම දේටම මිලක් තියෙන සමාජයක උන්ටත් ආඩ පාලී කියන්නට බැරිය.

Sep 10, 2012

සුරතාන්තය යනු කුමක්ද ? (16+) - What is an Orgasm ? (16+)

 
නවීන ළෝකයේ විලාසිතවලට හා සිරිත් විරිත් වලට ලැදි, බොහෝ තරුණ ගැහැණු ළමයින්ට, ආදරය (Love), ප්‍රේමය (Romance), ලිංගික (Sex)ගැටළු පමණක් නොව මෛථූනය (Sexual Intercourse) පිළිබඳවත් ගැටළු බොහෝයි. මේ අතිශය සංවේදී මාතෘකා පිළිබඳ, ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය මාතලන් කරණු ළබන පැහැදිලි කිරීමකි. ඔබගේ පහසුව සඳහා එම ගැටළු ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

Sep 9, 2012

ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before



ඉහත ඡායාරූපයේ පළවනුයේ මාතලන් විසින්, දේශපාළන විජ්ජාව පිළිබඳ මහාචාර්ය පදවිය අතිගරු ජනාධිපති තුමාට පිළිගැන්වූ අවස්ථාවයි. එසේ පිරිනැමීමට හේතූ පාඨ පහත දක්වමි.

Sep 8, 2012

මිනිසාගේ ළඟම නෑයා කවුරුන්ද ? - Closest relatives to Humans


මිනිසාගේ ළඟම නෑයා කවුද යන්න පිළිබඳව නොයෙකුත් මති මතාන්තර තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ බොනෝබෝ (Bonobo) තමයි ළඟම නෑයා කියලා. එහෙම කිව්වා කියලා දෙයක් පිලිගන්න නරකයි ඒ දේ ඇත්තද නැත්තද කියලා අපි හොයලා බලන්න ඕන. ඒ නිසා තමයි මාතලන් තීරණය කළේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න. ඉතා වෙහෙස මහන්සියෙන්, මුළු ළෝකය පුරා සැරි සරලා, එස් බී මාමාගෙන් පර්යේෂණ දීමණාවකුත් ලබාගෙන, දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂනයේ ප්‍රථිපල මම සොයාගෙන ටික කලක්. නමුත් ඔබත් එය දැන ගැනිම හොඳයි කියලා හිතුනා.

පුළුවන්නම් කියන්න බලන්න මිනිසාගේ ළඟම නෑයා කව්ද කියලා....?

Sep 6, 2012

පූසෝ සෙල්ලම (16+) - Pussy Games (16+)


රු. 9000.00 ක බිලක් මීට අවුරුදු 4 -5 කට පෙර අපේ නිවසේ දුරකථනය සඳහා ආවේය. ඊට පෙරත් 4000 ත් 5000 ත් අතර බිල් ආපු බව දැනගත්තේ හාමිනේ මේ 9000 කතාව කියපු නිසාය. ඒ කාළේ මම වැඩ කොරපු කොම්පැනියේ බිලවත් එච්චර උනේ නැතිය. සොයා බැලුවාම දැනගන්න ලැබුනේ අපේ ආදරණීය නැන්දම්මා එයාගේ පවුලේ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගොස් තිබුනේ නිවසේ දුරකථනය හරහා බවය. වේයෝ වගේ නෑයෝ කර තිබුනේ නැන්දම්මාට කෝල් කර ඒ පැත්තට ගන්නෙයි කියන එකය. ඉතින් කුඹුරු කෙටීම්. ගොයම් කැපීම්, සීට්ටු දැමීම්, කුළඟන සමිති රැස්වීම්. මාළු ඇඹුල් තියාල් දැමීම්, ගොඩ වෙදකම් යනාදි අටමගල් ඔක්කෝම කර තියෙන්නේ කෝල් එකෙන්ය.

Sep 5, 2012

ආදරණීය ජයලලිතා වෙත, - To Dearest Jayalalitha,


D. මාතලන්
කොළොම්පූර්,
ඊලන්කයි.
05-09-2012
බුදු සරණයි !

මා ආදරණීය ජෙයලලිතා අක්කා වෙත,

අක්කා කියා ඇමතුවාට අමනාපයක් නැතයි සිතමි. අපේ මාලනිට, රවින්ද්‍රට, රෙක්ස්ලාටත්, අවුරුදු 10-15 අය කියන්නේත් අයියේ අක්කේ කියාය.කොටින්ම රනිල් අයියා, එයාගේ මුණුබුරාල වගේ උන්ට කතා කරන්නේත් නංගි මල්ලි කියාය. රවින්ද්‍ර අයියාගේ නම් මූන කචල් උනාට කොන්ඩේ තවමත් කලුය. මාලනි අක්කා නම් ඔයා වගේමය. ඔයා නම් ෆිගර් කොන්චස් නැති උනාට මාලනී නම් එහෙම නැතිය. ගීතා අක්කාත් තවම එක එක රඟපැම් කොරනවාය. එයාගේ අළුත්ම සෝ එක "ගෝනී අරන් කඩේ යාම" බොක්ස් ඔෆීස් ගැහුවේ නැතිය. ඔය ඔක්කෝටම වඩා අපි අක්කාගේ සෝ වලට කැමතිය. MGR අයියා එක්ක නටපු නැටුම් මතක් වෙනකොට ඇඬෙනවාය.

Sep 3, 2012

බිලි පූජාව කල් දැම්මේ ඇයි...? - Mutton Festival Postponed


පූසාරි කිව්වේ ජයලලිතා කිව්වත් නවත්තන්නේ නෑ කපන එක කපනවාමයි කියාය. ඒ උනාට ලොක්කා කිව්වොත් නම් කපන්නේ නෑ කියාය. පූසාරි එහෙම කිව්වේ ලොක්කා මුකුත් නොකරත්, උසාවියට, පොලීසියේ මාධ්‍ය ප්‍රකාෂකට පමණක් නොව ලොක්කටත් හොරා ජඩ මාද්දියවේදීන් එක්ක ආචාරියා ඇවිත් ගේමක් අදින්න ඉඩ ඇති නිසාය. ඒ නිසා ගේම් එක යට ගියත් පූසාරි කියන්නේ ධාතු ඉන්දියාවට වඩම්මපු ගමන් එළුවෝ "මට්න්" කොරනවාමයි කියාය. ඒ කියන්නේ ලොක්කා සමහර වෙලාවට එහෙම කිව්වාදත් දන්නේ නැතිය.

Sep 2, 2012

සොයාගෙන කියවන්න - සාහිත්‍ය මාසයේ පොත් ගැන පළමු ළිපිය - Books to read



සැප්තැම්බර් මාසේ කියන්නේ සිරි ලංකාවේ සාහිත්‍ය මාසේ. මේක නැගලා යන්නේ පොත් ප්‍රදර්ශනේ නිසා. එක එක සෙල්ලම් ගොඩක් අස්සේ, හොඳ පොතක් අඩුවට හොයාගන්නත් මේක මහඟු අවස්ථාවක්. පොත් පත් වලට ආදරේ කොරන අය මේ අවස්ථාව එනකල් බලාගෙන ඉන්නේ දින ගැන ගැන. පොත් හතක් අටක් දැනටත් ලියා දාලා, එතකොට මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා ඉන්න අපේ කතන්දර මහත්තයා පොත් ප්‍රදර්ශනේදි ගන්න ඕන පොත් මොනවද කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. ඉතින් එයාට තෝරගන්න මම දන්න පොත් ටිකක් එයාගේ පෝස්ට් එකේ දැම්මා. මේ පහළ තියෙන්නේ ඒ පොත්. ඔයාලා දන්න තවත් පොත් තියෙනවනම් කොමෙන්ට් වලට දාන්න. මොකද ඒක පොත් කියවන අයටත්, පොත් ප්‍රකාශනය කරන අයටත් පොත් දාන අයටත් ළොකු සේවයක් වේවී.