.

.

Nov 3, 2011

බාල අපරාධ - Child Abuse


බාල පැස්ටෝල් ගෙනාවාම සැඩ් ඔල ටැන්කිවල වතුර තිබෙනවායි කියපු මහත්තයා කාළයක් ඇඩුකේසන් එක කෑවෝය. බාලා පැස්ටොල් ගසා අන්ජින් ඔලට කෙලියා වගේම, ජාතියේ ඇන්ජින් ඔලටත් කෙලියේය. රෙපයාර් කොරන්න දුන්නේ ඊට හපන් පොරක්ටය. ජාතීයේ අධ්‍යාපනය, කඩේ අධ්‍යාපනය කොරන එකෙක්ට දුන්නෝය. ආර්ථික විසේසග්නයෙක්ය. විපස්සේ ඉන්න කොට විවෘත ආර්තිකේ හොඳයිය. ලොක්කා ගාවට ගියාම ඒ ආර්තිකේ හොඳයිය. විසේසග්න නිසා ආර්තිකේ දුන්නේය. විපස්සේ ඉන්න කොට කිව්වේ බඩු වැඩි කොරන්න ආන්ඩු ඕනැද කියාය. පස්සේ කිව්වේ බඩු අඩු කොරන්න වයිමටත් බැරිය කියාය. පස්සේ ලොක්කා ඒක වයිමට දුන්නේය. 

වැඩ බැරිය. ජෝක්ස් වලට නම් මරුය. ෆිල්ම් වල ඇක්ට් කොලානම් ෆිල්ම් වල ඉන්න බන්දුට ඇඩ්ඩසුත් නැති වෙනවාය. එයා ජෝක්ස් දාන කොට ඊට වැඩියෙ ජෝක්ස් නිළධාරින් දෙනවාය. විභාග කොමසාරිස් උන්නැහේ ළඟදි නියම ටෝකක් දීලාය. රූපවතීලා රස කතා වලට දානවාය. බාල අපරාධ කොලා කියනවාය. දැන් තියෙන්නෙ නඩුවක් දාලා හිරේ අරින්නය. මොකෝ ඒවා කොරන උන් ඉන්නේ හිර ගෙවල් ඔලය. මේකත් මේ පින් බර බූමීයේ ට්‍රැන්ඩ් එකක් වෙලාය. මැටි ඇමැටිලාත් කියන්නේ ඔය කතාවමය. කොරන්ට හම්බ උනේ නෑ කියනවාය.

ක්‍රොමේට බනිනවාය. යනකොට පව් සමා කොරනවාය. වැරදි බව දැන දැනත් ඒකම කොරනවාය. ඊළඟට එන එකා උන්න එකාට බනිනවාය. සුද්ද දීපූ සිලබස් එක තවම ගෙනියනවාය. සුද්දා හඳටත් ගිහින් වෙන ලෝකෙක පදින්චියට යන්න හොයනවාය. අපි තාම පරණ පීල්ලෙම දුවනවාය. පීලී ගලවලා කරත්තෙන් යන්න ගේමක් දෙනවාය. පයිසෙකට වැඩක් නැති සැටිපිකෙට් පයිල් එකක් තියාගෙන රස්සා නැතුව උපවාස කොරනවාය. රස්සාවල් ඔලට උගන්නනේ නැතිය. ඒ කොලිපිකේසොන් ගෙවලා ගන්න ඕනය.තියෙන එකා මොන මළදානයක් හරි කොරලා ගොඩ යනවාය. බැරි එකා තියෙන එකාගේ ඇඟ ආරස්ස කොරනවාය, මංකොල්ල කනවාය, රේප් කොරනවාය, රස්තියාදු ගහනවාය, කුඩු ගහනවාය, කුළියට මිනී මරණවාය..
.
ගනන් බැරි එකාටත් ගනන්ම උගන්නනවාය. මැටි වැඩ, යකඩ වැඩ, මෝට මිකැනිසන්, ටෙක්නිකල් වැඩ නැත්තේමය. ඒවා 6 ඉඳන් ඉගැන්නුවානම් අපේ උනුත් රොබෝලා හදනවාය. හැදිල්ල කෙසේ වෙතත්. කැම්පස් එකෙනුත් එලියට එන්නේ රොබෝ ගිරවෙක්ය. ඌ ලයිට් බිලක් ගෙවන්නවත් නොදන්නේය. ලයිට් බිලත් අරන් ටෙලිකොම් එකට යනවාය. තරුණයන්ට තියෙන සභාවෙත් ඔය ටිකමය. ඔක්කොම තියෙද්දී ලව් කොරන්න පාක් එකක් හදනවාය. පත්තරෙන් නම් සුර පුරයක් මැව්වේය. වැඩේ බාර දුන්නාම බයිලා ගසනවාය. පොඩි උන්ට ආදර ආඩම්බරකාර තාත්තාටවත් පෙනියන්ය. ඒ වගත් මෙසේය.....

-0-


ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"
කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්
කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ
"බාල අපරාධ" වල යෙදුනේ ප්‍රසිද්ධීයේ

මරණ මංචකේ පින් පොත පෙරළනා විට
කරපු පිනක් නැත තනිකර පවු මිසක
සා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේ
අරන් අපායෙම පලයන් උඹ මුත්තේ

එහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වා
ඒ උනාට එව්වා සිම්පල් වේවා..!!!
කනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයි
කොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ

.o0O0o.

17 comments:

  1. මේ ලියවිල්ල නම් ඉගෙනගන්ට වටිනවා....:D

    ReplyDelete
  2. "විකෘති" වේදිකා නාට්‍යය මතක් වෙනවාය. ඒක වලේ පෙන්නුවත් ඒකේ එවුන්ටත් තේරුණේ නැතිය. දන්නා තරමට ජාතික භාෂාව හිංගල කොරන්නට ගොස් හා හා පුරා අධ්‍යාපනයට කෙළියේය. ඒ හින්දාම තාම අපි ස්පොකං ඉංගිලිෂ් කලාස් වලය. ඉංදියාවේ ගොබිලෝ කම්පියුටර් පෝර්ගරෑම් ලියද්දි අපි බකන් නිලා‍ගෙන සින්නෝය.

    කරමේ වෙනස් කරන්නට ඔනෑය. ලියන කරමය නොවේය. කරන කරමයය.

    ReplyDelete
  3. ඔබත් නියම මාතෘකා වලට තමයි එන්නේ. මම දැකපු ඔබගේ ඉතාම වටිනා ලිපියක්. මේ අසුන්ගත අධ්‍යාපන ක්‍රමය තිබෙනතාක් අප රටට දායාද කරන්නේ, ලෙඩ්ඩු, වැඩක් බැරි අබ්බගාතයෝ, මෙහෙම ගියොත් කවදා හරි අවු 1000 විතර යනකොට ඔලුව අති විශාල කඳ, බඩ, සුවිශාල , කෝටු වැනි අතපය ඇති පරම්පරාවක් තමයි බිහි වෙන්නේ. මේ මිනිස්සු කවදා අපේ දරුවන්ට යහපතක් කරයිද? මගේ ලමයාට නම් මේ සන්තෑසිය වෙන්නේ නැහැ. අනේ මගේ රටේ අනිත් ලමයි ටික????

    ReplyDelete
  4. ජනප්‍රියම නළුවා හෝ නිළිය එහෙම නැත්තං දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකය තමංගෙ ජනතා නියෝජිතය විදියට වැඩිම මනාපෙං තෝරගන්න තරං "බුද්ධිමත්" ජනතාවක් සිටින රටක මේව වෙනඑක කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  5. කවි ටික නම් මරු අයියේ

    ReplyDelete
  6. මේවා කාට කියන්නද,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

    ReplyDelete
  7. ජීවිතේට හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ, ඔක්කොටම කලිං ඔලුව ෂුවර් එකටම තියනවද කියලා බලලා ඕන මුන්ව පාර්ලිමේන්තුවට යවන්න .........

    ReplyDelete
  8. @ පොඩි කුමාරිහාමී
    ඇයි ඔහේගේ ලිවිල්ල. කියලා වැඩක් නැත.

    ReplyDelete
  9. @ තිසර
    කොරන කොරොමේ නාගන්න බවක් පෙනෙනවාය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය..

    ReplyDelete
  10. @ වෙද මහත්තයා
    ඉස්සෙල්ලා දෙමව්පියන් පාසල යැවිය යුතුය. වැඩි පිරිස් රේස් එකක් පස්සේ දුවනවාය. පොඩි උන් මැරෙණවාය.

    ReplyDelete
  11. @ රාජ්
    සමහර විට අවශ්‍යතාවය ඉතුරු ටිකත් "බුද්ධිමත්" කිරීමක් විය හැකිය. මහ බන්ඩාරණායකයා කලෙත් මෙයමය. "ජනතාව බුද්ධිමත්" වූ තරමට වැඩේ ලේසිය.

    ReplyDelete
  12. @ ප්‍රසන්න86කේ
    ස්තූතියි මාළු පැටියෝ..

    ReplyDelete
  13. @ නලීන් - සමනලුන්ට.....
    එහෙම කියලා හරියන්නේ නැතිය..

    ReplyDelete
  14. @ පන්සල් හන්දිය
    මගේ බොගේ දකුණු අත පැත්තේ කියවන්න තියෙන එක කියවන්න..

    ReplyDelete
  15. @මාතලන්,
    සහතික ඇත්ත බං ......

    ReplyDelete
  16. මං මේ ගැන සබීත්ගේ බ්ලොගයේත් කොමෙන්ටුවක් දැම්මා. ඔය ලොකු ලොක්කන්ට පෙර කළ වැරදි මතක් වෙන්නේ පැන්සොන් යන්ට කිට්ටුවෙනකොට නැත්නම් ගියාට පස්සේ. ඒකත් අවංක චේතනාවෙන් කරනවාද කියලා කවුද දන්නේ. පේන්නැද්ද එක ලොක්කෙක් ඉන්නකන් හතරවරං කෙලලා දැන් පැන්සොන් ගියාට පස්සේ පොර ටෝක් දෙන හැටි. මුං ඉන්නකං මේ රට අනාතයි.

    ReplyDelete
  17. ඒ වුනාට අපි කියන්නෙ ආතල් සිංදුනෙ.
    'ලෝකෙන් උතුම් රට'
    'ධාන්‍ය ධනය පිරි'
    'දේශ දීප ජය ගත්තා'
    ඔය කියන්නෙ වෙන රටක් ගැනද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න