.

.

Sep 27, 2011

කිව්වද නහී, නොකිව්වද නහී - Live or Die


ටෙනියගේ ෆිල්ම් ආවම මම තනියෙන් හරි බලනවාය. හැමෝම හොඳයි කියනවාය. ආචාර්ය සෝමේත්. මහ ඇදුරු සුනිලුත් බලලාය. පට්ටයි කියනවාය. ගානක් දීලාද දන් නැතිය. එයාලත් ට්‍රෙඩ් එකේ නිසා එහෙම නොවන්නටත් බැරිය. එහෙම තනියෙන් යන්නේ අයවැය අස්පැට් යන නිසාය. පරිපූරක ඇස්තමේන්තු අපිටත් තිබුනනම් සෙට් එකටම යන්නට තිබුනේය. එහෙම යන කොට හරි ජොලිය. පොඩි එකානම් කැමති ඉන්ටවල් එකටය. ඒ අයිස් චොක් එක නිසාය. ජේ ආර් පප්පට පින් සිද්ද වෙන්න සම්බහිය ද මොනවද ඒවත් බැලුවේය. ගොඩක් ඒවා ආවේ සුද්දගේ බාසාවෙන්ය. ඒවා බලලම දේසක්දොරෝහි බාසාවත් ඉගෙන ගත්තේය. ඇඩම්ස් ඒවාද ආවේය. ඒවානම් පට්ටය. අදටත් සමහර් ඒවායේ නම් මතකය. සමන්තා, නිව් ඔලිම්පියා, රියෝ, රූබී, කැපිටල් වෙන් කර තිබුනේ ඒවටමය.

පෝලිම් චැක් කොරන්න පොලෝසියත් එනවාය. 18+ නැති උන්ට අතේ තියෙන පොල්ලෙන් බැටන් දෙන්වාය. අම්මත් මතක් කොරනවාය. උන් එලවලා රාළහාමිලත් පස්සෙ ඉඳන් සෝ එක බලනවාය. එහෙම එකක් බලලා ඉන්ටවල් එකේ එකෙක් චූ කරන්න යන්න කතාකලේය. පිස්සුද බන් අත තිබ්බොත් ගියා කියා අනෙකා කීවේය. මේවා බලන්න එන්නේ කොල්ලන් පමණය. වයස ප්‍රස්නයක් නැත. හැම එකාම කොල්ලන්ය.වැඩි පිරිස කොළඹ අයියලාය. කමීසේ පුටුවේ එල්ලලාය. කකුල ඉස්සරහ සීට් එකේය. එහෙමෙ, ටැමිල් අයියා කෙනෙක්ගේ කරේ කකුල තියලා, ඌ "යාර" කියා ඇසුවේය. යාර... යාර නෙමේ ඩෝ අඩි කියා අලි ගුටි කෙලියක් ගියේය. ජන වාර්ගික වෙන්න කලින් මල් කස්ටියම සේප් කොර ගත්තේය.(යාර කියන්නේ කවුද කියන එකය.) රූබී එකේ නම් නොමිලේ මල් පහසත් ලැබෙනවාය. ඒ ඇත්තන් සෝ බලන්නේ නැත. මල් පූජා කොරනවාය. උඩවළවේ ගිනි තියලා වාගේය. ඒ පින් අපටත් ලැබෙනවාය.

දැන්නම් සම්බහිය එව්වා බලන්නේ නැත. අපිට තියෙන ප්‍රස්න මදිවාට අනික් උන්ගේ ප්‍රස්නත් විඳින්නට වන්නේය. අනෙක හාමිනේට තේරෙන්නේ නැතිය. ගෙදර ඇවිත් සෝ එකම පැහැදිලි කොරලා දිය යුතුය. එවිටනම් තේ රේය. අන්තිමේදී හාමිනේ සෝ එක දෙසරයක්ම බලලාය. සම්බහිය ඒවායෙහි අවසානය දුකය. කොමර්සල් වල එහෙම නැතිය. හැපි එන්ඩින්ය. ජෝක්ස් වැහි වැහැලාය. අපි අපිටම හිනා වෙනවාය. ජෝත් මලේය. මගේ ප්‍රියතමය. ඕනෑම චරිතයක් පලු යන්න දෙනවාය. පුරහඳ කලුවරටත් විසිල් ගහන්න හිතෙනවාය. එතකොටම සම්බහිය බව මතක් වෙනවාය. එව්වාට විසිල් ගහන්නේ නැත. අලවංගු ගිල්ල අය මෙන් එලියට එනවායා. ජහ මනයා බලන්නේත් නැත. නෝනලා මහත්තයලා නරඹන්නේය. කතාව ඇහුවොත් කියන්නට නොදන්නේය. ස්ටේටස් එකට බලනවාය. කොක්ටේල් වල කියනවාය. හොඳ පරිවර්තකයන්ය. කියන්නෙ ඉංගිරිසියෙන්ය. හි ඉස් අ කැන්ඩියන් කියන්නේය. එ කියන්නේ ඒ ඉස්සා නුවරයි කියාය.

දැන් නම් සිංහල සිනමාව කඩා වැටිලායයි කියනවාය. ඒත් තවමත් කරු ගහගෙන බේරන් තියෙනවාය. කොයි මළදානෙත් ඔහොමය. හිටපු ඔක්කොම වගේ පට්ටය. සම හරක් කියන්නේ ඉන්නේ නළුවන් නොව එළුවන් කියාය. අමරසිරි කළන් නම් කියන්නේ දැන් ඉන්නේ බඩු කාරයන් කියාය. එයා එවා නොකලාද කියා අහන්න එකෙක් නැත්තේය.අලුත් සැට් එකෙත් ටැලන්ට් වැහි වැහැලාය. උන් සිනමාවට ආදරේ නැතිය. සිනමාව නැතත් හම්බ කරන්න කොරොම තියෙනවාය. ඒවා, මේවාල කියන්නට බැරිය. එතකොට මේකත් ඇඩම්ස් ඔන්ලි සෝ එකක් වෙනවාය. ඔය ගොසිප් බ්ලොග් බැලුවාම කරුණු කාරණා ඕනෑම ගවයෙකුට තේරෙන්නේය. ගාමිනි, විජේ, ජෝ, ෆ්‍රෙඩී, දොන්, බී ඇස්, ඇන්තනි සී,  ජෝති, ලතා, මාලනී, අනෝජා, මොකා සිටියත් සිහල සිනමාවට විශාලම සේවය කලේ ශෂී විජේන්ද්‍රය. ඒ එයා සිංහල සිනමාවෙන් සමුගත් නිසාය. හැම එකම වගේ, ඇනිබල්ගේ කාළයේ සිනමාවත් වල පල්ලටම ගියේය. ඒ උනාට ඇනිබල් නම් තවමත් රඟපානවාය. පොල් බූරූවන්ට දවස් 14 න් සියල්ල අමතකය. එදා චෞර රැජිනය. මෙදා චන්ඩි රැජිනය. ඒ උනාට ළොක්කා පයිසෙකට මායිම් නොකරනවාය. කලාතුරකින් අලුත් එවුන්ගේ සම්බහිය එවත් කොමර්සල් එවත් එන නිසා යන්තම් වැඩේ ගොඩය. ආන්ඩුවෙනුත් සෝ හදනවාය. ඒවාට බැන්කු ණයත් ලැබෙනවාය. සොයන් රැකියාය. කස්ටිය හම්බ කර ගන්නවාය. ඊළගට මහරජානෝ ලියනවාය. මහින්දාගමන හදනවාය. මහින්ද හිටියනම් දේවානම්පියතිස්ස දැක වහ බොනවාය.

ආන්ඩුව මතක් උනාම කාරනේ මතක් උනාය. කිව්වද නහීය. නොකිව්වද නහීය. හරියට ගෙදර ගියත් තෝ නහී මග හිටියත් තෝ නහී වගේය. මොකෝ, නයා, ගම හාමිනේ කාපු ගමන්, හාමිනේ ගමයා මරනවාය. මිලින්ද මහත්තයා කොළඹට ඉල්ලනවාය. පොරොන්දු දේශපාලනේ නැතයි කියනවාය. ඒත් මක්කදෝ දොඩනවාය. හාන්දුරු කෙනෙක් වගේ නිසා නිකන් දේශනා ගතියකුත් දැනෙනවාය. තරුණයන්ට රැකියා දෙනවාය. ෆිට්නස් සැන්ටර් දමනවාය. පිට්ටනි ස්ටේඩියම් කොරනවාය. සායන මැඩිකල් සෙනටර් කරනවාය.ගෙවල් කඩනවාය. කඩන්නට පෙර ෆැලැට් දෙනවාය ලැටුත් දෙනවාය. අරක දෙනවාය මේක දෙනවාය. මේ පොරොන්දු නෙමේය. වෙන මක්ක හරිය. වල් කොල්ලෙක් කිව්වේ ලැට් එකේ කක්කා කොරන්න ඉස්සෙල්ල කන්න එපැය කියාය. ඒ කොල්ලා දැන් මිලින්ද මහත්තයා පස්සේය. උන්නැහෙත් අරන් වතුවලට යනවාය. කොල්ලට කන්න ලැබෙනවාය. බොන්නත් ලැබෙනවාය. කක්කත් කරනවාය. මදුරුවෝ මරණ එකෙක් ටැට්ටර් සාදුගෙන් වත් නැතිය. එහෙම් එකෙකුට මම නම් මනාපය. රතිඤ්ඤා වලට බයේ මදුරුවෝත් නෑ වාගේය. උන් නම් ඝෝඨා මහතාටත් බය නැතිය.

ඌ අන් පියෙන් අලියෙක් දමලාය. තනි අලියෙක් වගේය නොමබරෙත් එකය. අලි මුදලාලිත් අලියෙක්ම දමලාය. මේ අලියා දිනුවත් දිනුම්ය. පැරදුනත් දිණුම්ය. මොකෝ අලි මුදලාලි පවෆුල්ය. චන්ද මැෂිමත් මුදලාලි ළඟය. කම්පියුටර් ප්‍රෝග්‍රැමස්ලාත් සිටීය. සිරිකොත අනාථාගාරෙත් අලි එහෙ මෙහෙ යනවාය. නාබර උන්ට මද කිපිලාය. ගාල කඩන් ගිහිල්ලාය. ඡන්දෙන් පස්සෙ කස්ටියකට පින්නවල යන්න වෙන සයිස්ය. එහෙ යන්න ඕනෑ නැතිය. අලි මුදලාලි පැනලා ගන්නවාය. අලි එකතුකිරීම මුදලාලිගේ විනෝදාන්සයය.. සීනූවේ ගෙඩිය හැලිලාය. කස්ටියක් දැකැත්තෙන් කපනවාය. කස්ටියක් මිටියෙන් කොටනවාය. කස්ටියක් දිය රෙද්දෙන් බෙල්ල කපනවාය. ටෙලියක් නෙමේය වලියක් වගේය. සන්වාදයක්ද මොකක්දය. කිව්වද නහීය, නොකිව්වද නහීය..

ඒ වගත් මෙසේය.......

50 comments:

  1. මෙව්වට ​කමෙන්ට් දාලත් බැරිය නොදාත් බැරිය. අයියා මිත්තරයා නිසා මුකුත් නොකියා ඉමි. කිව්වොත් අර ටිකම... නොකිව්වත් ඒ ටිකමය.

    ReplyDelete
  2. //අමරසිරි කළන් නම් කියන්නේ දැන් ඉන්නේ බඩු කාරයන් කියාය.//
    ඒකල නිවාසිපුරේ පැත්තෙ ගියානං කලංගේ වැඩද හොඳහැටි බලාගත හැකිය.

    ReplyDelete
  3. @ ප්‍රසන්න
    එහෙම කියලා හරියන්නෙ නැතිය. කියන එක රජාට උවත් කිව යුතුය. එහෙම නොකියන එකත් හොඳය. කිවවද නහීය. නොකිව්වවද නහීය.

    ReplyDelete
  4. @ ඕනයා
    නොකියා කිව්වේ ඒකය. උනුත් එකය. මුනුත් එකය. සිනමාවට කෙළවෙලාය. නළුවෝ රජවෙලාය.

    ReplyDelete
  5. "උඩවළවේ ගිනි තියලා වාගේය. ඒ පින් අපටත් ලැබෙනවාය."

    :-D

    කවි කඳුර මතක් උනා

    ReplyDelete
  6. @ ම
    ඔහෙගේ නමේ ඊළග අකුර "ල්" යන්නද...?

    ReplyDelete
  7. //සිහල සිනමාවට විශාලම සේවය කලේ ශෂී විජේන්ද්‍රය. ඒ එයා සිංහල සිනමාවෙන් සමුගත් නිසාය.//
    ෆට්ටය!

    ReplyDelete
  8. නියමයිනෙ. මෙන්න පෝස්ට්. මට නම් හිතාගන්න බැහැ. මේක මෙච්චර ලස්සනට සම්බන්ධ කලේ කොහොමද කියලා. අනේ අපි පව් නේද???????

    ReplyDelete
  9. @ රාජ්
    ඒ නිසා ගෞරවයට ලක් කළ යුතුය..

    ReplyDelete
  10. @ වෙද මහත්තයා
    මෙව්වාට ඔහේලාත් වග කිව යුතුය. සිහල බේත් වල බලේය. එකක් ගැහුවාම. ගඟ වගේ එනවාය.

    ReplyDelete
  11. /*මොකා සිටියත් සිහල සිනමාවට විශාලම සේවය කලේ ශෂී විජේන්ද්‍රය. ඒ එයා සිංහල සිනමාවෙන් සමුගත් නිසාය*/

    පංකාදු පහයි! රංජෝන් රමණ-යකා අයියටත් කවදහරි දවසක ඊට වඩා සේවයක් කරන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  12. දැන් අයියා කිව්වද නහී, නොකිව්වද නහී බැලුවය

    ReplyDelete
  13. @ ප්‍රමෝද්ය
    මම නම් ඌට මනාපය. මක්කා හරි කොරන්නේය. වන් ෂොට්ය. හතර වටේටම වනන්නේය. ඌට වදින්නේ නැතිය. රම්බෝ වගේය. දිල්කා එක්ක පැටලෙන්න ගොස් ලොක්කා එකක් දුන්නේය. වන් ෂොට් නොක වුට් උනේය. දැන් නෝ කතාය. හීරෝ කැළනියේ නීරෝ සමගය.

    ReplyDelete
  14. @ චම්මා
    බලන්න දෙයක් නැතිය. නොබලා කිව හැකිය. වටිනාකම එයය. ගිහින් බලපන් පට්ට.

    ReplyDelete
  15. එකට එකක් සම්බන්ද උන හැටි පට්ටයි.. අර කිවුවත් වගේ සිංහල බේත් තමා බේත්.. කී බෝඩ කඩතෑකි...

    ඉස්සර අපේ ගෙවල් පැත්තේ නාකි කැහැටු බැල්ලියෙක් ඉදියා.. කොහෙන් හරි පොලිතින්මයි හොයාගෙන කන්නෙ.. පස්සෙ කාපුව දාන්න ගියාම බඩු එන්නෙ නෑ.. එල්ලෙනවා..ඉතිං ඌ පුක බිම අතුල්ලනවා පැන පැන යනවා හොල්ලනව ගස්සනව පද්දනවා.. හෙන ගේමක් දෙනවා බෙට්ට දාගන්න.. අන්න ඒවෙලාවට මට ශෂී විජේන්ද්‍රගේ නැටුම් මතක් වෙනවා... පුල් ආතල්.. පිස්සු බම්ප් වෙනවා...

    ReplyDelete
  16. මෙව්වට කොමෙන්ට් දැම්මත් නහී ය.
    නොදැම්මත් නහී ය.

    ReplyDelete
  17. ඉන්ටවල් එකේ එන අයිස් චොක් එක නම් මටත් තාම මතකයි...

    මොනා වුනත් කලින් කමෙන්ටුවක තිබ්බ වගේ ශශීට වඩා සේවයක් කරන්න පුළුවන් රංජට...

    සමහර සම්භ්‍යාව්‍ය පිලුම් තේරෙන්නෙ නැත... ඒව හොඳ නරකද නම් ‍දන්නෙ නැත... කොමඩි නොවන හොඳ ෆිල්ම් බලන විට හිනා යනවාය... ඒත් කොමඩි බලන විට ඇඩෙනවාය.. බඩද ජර බර ගානවාය...

    ස්ටෝරි කියන ඒව බලන විට කලින් බැලු වෙන රටක ෆිල්ම් මතක් වෙනවාය.. මොකක්දෝ පිනකට චාර්ලිස් එන්ජල්ට කලින් සුර දූතියෝ ෆිල්ම් එක ආවාය (සුර දූතියෝ ඇක්ෂන්ය)...

    මෙතනින් එහාට කිව්ද නහී නොකිව්වද නහී බැවින් කමෙන්ටුව නතර කරනවාය....

    ReplyDelete
  18. මාතලන් අය්යත් මේ වගේය. මම් කොමෙන්ට් දැම්මත් බනිනවාය.
    …නොදැ…ම්මත් බනිනවාය.…මොකද දැ…න් මේ පැත්තේ නො එන්නේ කියා අසනවාය.
    …මේකේ ඉන්න අනිත් අය්යලත් ඒ වගේය .
    …සශී විජේඳ්‍ර වගේ මටත් සේවයක් කරන්න හිතෙනවාය.

    ReplyDelete
  19. අනේ මන් දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ මොනවා කියන්නද කියලා

    ReplyDelete
  20. @ පොඩි මෑන්
    සිනාසී පන ගියේය. පට්ටම කතාවකි. අපුරූ ලියමනකි. ඔය ජාතියේ තව එකෙක් සිටියේය. ඔයිට හපන්ය. වෙනින් කවුරුවත් නොවේය. ලෙනින් මොරායස්ද නොවේය. සනත් ගුනතිලකය. නැට්ට කන්න හදන බල්ලා වගේමය. සම්බහිය ඩිරැක්ටර්ලාට පින්සිදු වෙන්න. නැටුමනම් නැවතුනේය. ඒ උනාට රැජින සමගත් වෙන නැටුමක් නැටුවේය. තාමත් එහෙමෙමය. ලගින් ගියොත් ඇහැක් නැතිය.

    ReplyDelete
  21. @ සාතන්
    සහතික ඇත්තය. ගාමනීද එහෙමය. සමහර කොමඩි බලන කොට පැම්බර් එකක් ඇඳන් යාම සුදුසුය. නොදැනිම බඩ යනවාය. පඩ යන්නටත් කලින් යනවාය. ඒ තරම් චොරය. තව එකෙක් අරන් යා යුතුමය. ඒ කිචි යවපන් කියන්නටය.

    ReplyDelete
  22. @ හිම්හානී
    අනේ පනේ එහෙම නම් කොරන්නට එපාය. දෙමව්පියන් දැක්කා වාගේය. දුක තමන්ගේම එකක් පටන් නොගන්නා එකය. ඒ පටන්ගත්තත්. මේ පැත්තේ ආ යුතුය. නැතත් ආ යුතුමය.

    ReplyDelete
  23. @ ලොකු ජෝන්
    කිව්වත් නහීය. නොකිව්වත් නහීය.

    ReplyDelete
  24. @ චාමී
    සමාවන්ට ඕනෑය. මිස් උනාය. ඇත්තය. දැම්මත් නහීය . නොදැම්මත් නහීය.

    ReplyDelete
  25. අනේ මන්දාය....හිනා යන්නට හදන නිසා ඉවසනවාය...හික්ස්...ඔන්න පැන්න...

    ශෂී අඬනවාත් රන්ජන් ගුටි කෙලිනවාත් බලන්න දිල් කැමතිය...ඔක්කොමටම වඩා සද්දන් පිචර් බලන්න ඕනෑ නිසා හෝල් වල පිචර් බලන්න කැමතිය

    ReplyDelete
  26. @ දිල්
    එහෙනම් දිල් මේ සෝ එක බලන්නම ඕනෑය.

    ReplyDelete
  27. මම නම් ඔය චිත්තර පටි බලන්න ගියාට බලන්නෙ කලාතුරකින්ය... ඒ නිසා මොනවා වෙනවාදැයි නොදනීය...

    ශසී විජේන්ද්‍ර පරාද කොරන්ට හැකි නළුවන් රොත්තක් පැටව් ගසා ඇතිය... රංජන් අයියාත් ඉන් එකෙකි... උන්දෑ ඔන්න කොන්ඩනියේ හංදුරුවන්ට රගන්න යනවාය... ඒ විතරක් නම් මදැයි.. අපේ ඇමතිතුමා දුටු ගැමුණු ට අදිනා එකනේ වැඩේ...

    ලිපිය නම් සුපිරිය.

    ReplyDelete
  28. @ පිස්සා පලාමල්ල
    ටැන්කූ කිව්වායා. අර වගේ කස්ටිය අතරේ ටැලන්ට් බුවාලත් ඉන්නවාය..

    ReplyDelete
  29. කලන් කාරයා ඒ කාලේ ටේලර් ෂොපක් දාගෙන හිටියෝය. මැඩිකල් සිස්සයෝ කෝට් මහන්නට දුන් ඇඩ්වාන්ස් ද නැත. කෝට් ද නැත. දැන් සිස්සයෝ ස්පැෂලිස්ට් ලා ය. කලන් තාම රඟපායි!

    ReplyDelete
  30. කිව්වද නහි..... නොකිවද නහි....
    හිකිස් එහෙම ශේප් වෙමි

    ReplyDelete
  31. මාතලන්ගේ බ්ලොග් එකට දැන් මම සුපර් ලයික් ..!

    බට් මචන් අපේ ගමේ සිනමා හලක් නැත !

    ReplyDelete
  32. @ කතන්දර
    ඒ උනාට කතා කොරන්නේ, නිවනට ඔන්න මෙන්න වගේය. ඔය ක්ෂේත්‍රය අය පොලු තියන්නට කොහොමත් දස්සය. පොලු බැස්සීමටත් එසේමැය.

    ReplyDelete
  33. @ සඳරූ
    තැන්කූ වෙනවාය. කොළඹ ආපු වෙලවක සෝ එකකුත් බලාගෙන ගිය හැකිය.

    ReplyDelete
  34. එළ කිරිස්. පිස්සු හැදෙනවාය. එකක් ගැන විතරක් කියන්නට බැරිය. මරේ මරු කතා පිරිලාය. තාම හිනායනවාය. ඇඩන්ස් ඔන්ලි බලන්න ගියේ සරම ඇදලාය. නැත්නම් දහඅට නැති බව අහුවෙනවාය. එක දිගට ඇඩන්ස් ඔන්ලි දමලා ටෙන් කොමාන්ඩ්මන්ඩ්ස් දමලා තිබුනාය. එදා නම් මල ඉහටත් උඩින් පැන්නේය. මාවතගම පැත්තේ හෝල් එකක් තිබුනේය. එහි බයිස්කොප් පෙන්නන්නේ සෙනසුරාදා ඉරිදා විතරය. අනිත් දවස්වලට කපල්ස්වලට දෙනවාය. වොචර් අංකල් සම්තින් සමගින්ම ඩබල් එක්ස් බලනවාය. දැන් එහෙමද දන්නේ නැතිය.

    ReplyDelete
  35. මේක බලපුවාම මක්කා කියන්නද කියා හිතා ගන්න අමාරුය . . .
    අඬන්න ද හිනාවෙන්නද කිය හිත සිතා ඔලුව කස කසා සිටින්නේය . . .
    මාතලන්ගේ කතා හැමදා වගේ මැක්සාය . . . පට්ටය . . . අපිට අපිම ගැන දුක හිතෙනවාය . . .

    ReplyDelete
  36. @ තිසර
    ඔය කියන ජාතීයේ එකක් අපේ ගමෙත් තිබුනේය. නම මුවිටෝන්ය. ගම දළුගමය. දැන් මම හිතන්නේ නැත. හොඳ සිංහල සෝ පෙන්නූ අසෝකා. සෙයිස්තාන්. ක්‍රවුනුත් නැත්තේය. ගාමිනී ජාති ආලයෙන් ගිනි බත් විනිය. හෝල් විතරක් නෙමෙය. පිටපතුත් ගින්නෙන් විනාස විය. ගිනි තියන්නට තිබුනේ දැන් යන ඒවාය. දස පනත මතක් කළාට් පින්ය. සෑම දර්ශනයක්ම තවමත් මතකය. මම හිතන්නේ 10-12 ස් ගමනක්ම බැලුවාය.

    ReplyDelete
  37. @ දුකා
    දුකාට දුක හිතෙන එක සාධාරණය. නමත් දුක නිසාය. සමහර ඒවා මතක් වෙන කොට මටත් ඇඬෙන්නේය.

    ReplyDelete
  38. රූබි එකේ ගැලරි පෝළිමේ නොමිලේ සිගරට් දුම බොමින් බාබේරියන් කුවීන් බැලුමට වේලුන හැටිද, ඔලිම්පියාවේ යකඩ කූඩුවේ හිරවී සිට ගොස බර්ත් බැලූ හැටිද සිහිඋනේය.
    ඒ උනාට දැන් හමුදාව සාකුවේ දාගෙන අය්යාගේ හය්ය අරන් කඩ කඩන උන්ට ඔය මුකුත් නැතිව පුංචි බොරැල්ලේ බොධිය කුඩුකල හෝ පිටකොටු කඩ කඩා වර්ල් මාර්කැට්ටුව අළුතින් හැදූ මොංගල්ලා තරම් නම් දැනෙන යමක් කොරන්නට හැකි උනාදැයි සිතේ!

    ඔය ඔක්කොමත් හරියිඅ. අන්න ආචාරිය උපුල් ජයසිංහ පින්වතා මෙගා ගැන මරු ලිපියක් ගිය ඉරිදා ලක්බිමේ දමලාය. බඩ ගින්නේ සිට බලන්නේ නම් බඩ යාම අඩු කොර ගත හැකි වෙනා නොඅනුමානය.

    ReplyDelete
  39. මටත් මොලේ කොලොප්පන් උනාය.

    ReplyDelete
  40. @ ඉන්දික උපශාන්ත
    ඒ ලිපිය නම් දැක්කේ නැතිය. හොයා ගෙන බැලිය යුතුය.

    ReplyDelete
  41. @ පොත් ගුල්ලා
    මේ වෙන එව්වාවල හැටියට එහෙම නොවුනානම් පුදුමය.

    ReplyDelete
  42. මේකට මම කමෙන්ටුවක් ලිව්වා නේ , ඒක පෝස්ට් නොකර කන්වර්ටරේ පිටින්ම මකබාවලද කොහෙද

    සරලවම කියනව නම් පට්ට !!

    ReplyDelete
  43. @ බුවා
    මටත් ඔය ලෙඩේ වෙනවාය. කොමෙන්ට් නොකල බව පස්සේ මතක් වෙනවාය. ටැන්කූ වෙනවාය.

    ReplyDelete
  44. කියෙව්වේය. ෆුල් ජොලියක් ගියේය.

    ReplyDelete
  45. @ ඔබ්සර්වර්
    එහෙනම් ඒ ඇතිය.

    ReplyDelete
  46. ලෙසටම ලියා ඇත්තේය!අපේ පැත්තේත් ඇඩම්ස් ඔන්ල්ය් එකක් ඇත්තේය..අපේ උන් තදියම නිසා ඉක්මනින් වැඩේ අහවර කොරගෙන නින්දට වැටෙන්නේය!පසුව ඉන්ට්‍රවල් එකේ නැගිටලා එන්නෝය!

    ReplyDelete
  47. මට හිනහත් යන්නේය, ඇඬෙන්නේය, දුකත් හිතෙන්නේය, ආතල් එකකුත් යන්නේය....
    පිස්සු හැදීගෙන එනවද කොහෙදෝ !!!
    දැන් ඉන්න එවුන් දැක්කහම සශි විජේන්ද්‍ර කොච්චර හොඳයිද කියල හිතෙනව. ඇත්තමයි. බොරැල්ල පැත්තෙ රෑට රවුමක් ගැහැවොත් ඔයිට වඩා හොඳ කට්ටිය හොයාගන්ඩ පුලුවන් මං හිතන්නෙ.

    කලං මොනව කොලත් කැමරාව ඉස්සරහට ආවට පස්සෙ රඟපාන එකවත් කලානෙ. දැන් ඉන්න අයියල(?) නොකරන්නෙම ඒක.

    ReplyDelete
  48. @ සබිත්
    හෙහ්...හෙහ්... එතකොට චූ කරන්න යන්න ඕනත් නෑනේ..

    ReplyDelete
  49. @ චමිල
    ඇත්තක් නැත්තෙමත් නෑ...

    ReplyDelete
  50. සම්භාව්‍ය මට කවදත් නොතේරේය.දැන් චිත්‍රපටි බැලු කාලයක් මතකයේ නැත්තේය.

    දේශපාඥයින් රඟනවා මදිවට ඔවුන්ගේ නෝනාවරුන්ද රඟනවාය.

    රඟපාන්නන් බොහෝය නරඹන්නන් හිඟය...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න