.

.

Apr 30, 2010

දෙවියන් වහන්සේ ........


මේක මගෙ යලුවෙක්ගෙන් ලැබුන ඊ-මේල් එකක්

ව්දේශ චාරිකාව නිමවා පැමිනි පාප් වහන්සේ තවමත් වාහනයට ගොඩ නොවූ බැවින් රියදුරු තැන, ඉතා බැගැපතව විමසා සිටියේ....

සමාවෙන්න ස්වාමීනි, ඔබ වහන්සේ වාහනයට ගොඩවුනානම් අපිට යන්න පුලුවන්....

ඔයාට කියන්න මම කාදිනල් වුනාට පස්සෙ වාහනයක් එලවන්නම බැරි උනා, අද වාහනේ එලවන්නෙ මං...

ස.. සමාවෙන්න ස්වාමීනි, ඒකනම් කීයටවත් කරන්න දෙන්න බෑ.. ඔබවහන්සේට යම් අනතුරක් වුනොත් හෙම මං විනාසයි... මගෙ රස්සාවත් නැතිවෙයි ....

කවුද ඉතින් කියන්න යන්නෙ.. එලෙව්වෙ මං කියල ... මේක දන්නෙ ඔයයි මමයි විතරනේ .....

ඉතාමත් අමාරුවෙන් රියදුරු තැන පිටුපස ආසනයට දැමූ පාප් වහන්සේ, ලෑල්ලටම පාගන්න ව්ය.

අනේ.. හෙමින් යමු ස්වාමිනි.... යැයි පැවසුවද පොලිස් සයිරන් හඬ ඇසෙන තෙක්ම තවත් වේගය වැඩි උනා මිස අඩු වුනේ නැත...

අනේ දෙවියනේ !!! මගේ රස්සාවයි .. ලයිසන් එකයි දෙකම ඉවරයි.. යැයි රියදුරු තැනට ඉබේටම කියවිනි .......

පාප් වහන්සේ විසින් අඳුරු වීදුරුව පහත් කරන ලදුව.... රාලහාමිගෙ ඇස් උඩගොස්, ඉහින් කනින් දාඩිය දමන්නට විය.... වචනයක් වත් කතා නොකල ඔහු, යතුරු පැදිය වෙත ගොස් වෝකි ටෝකියෝව අතට ගත්තේය ......

මට ලොක්කව දෙන්න....... ආ සර්, සර් 100 ට නෙමෙයි 200 ට ගියපු වාහනයක් අහුවුනා.........

ඉතිං.. මට මොනවද කියන්නෙ යකෝ.... දඩ කොලයක් ලියල දියං .....

මං හිතන්නෙ අපිට ඒක කරන්න බෑ සර්.. ඉතාම වැදගත් කෙනෙක් ඒකේ යන්නෙ....

කවුද? .... නගරාධිපතිද? ....

නෑ සර්... ඊට වැඩියෙ ලොක්කෙක් .....

එහෙනං?.... ඇමති කෙනෙක්ද? ....

නෑ සර්... ඊටත් වැඩියෙ ලොක්කෙක් .....

අගමැතිවත්ද යකෝ? ......

නෑ සර්.. ඊ ..ඊ.. ඊ.. ඊටත් වඩා ලොක්කෙක් සර් .

එහෙනං මොකාද යකෝ දෙවියන් වහන්සෙද?.....

සර්.... ඔ ඔ ඔ ඔව් ඔව් සර්.......

මොකා !!! ... කොහොමද යකෝ තෝ එහෙම කියන්නේ? .....

ඩ්‍ර.. ඩ්‍ර.. ඩ්‍රයිවි කරන්නෙ, පාප් වහන්සේ.. ස ස සර්...........

Apr 29, 2010

සරත්.. ලට මොකද වුනේ? ....

"හතර දෙනාම සූරයෝ"....

සිරි ලංකාවේ ඉතාමත් ජනප්‍රිය චරිත හතරක්...

හතර දෙනාම සරත්ල...

හතර දෙනාටම මෑත කාලේ එච්චරම හොද නෑ....

ජෙනරාල් සරත් රජකමට සටන් කරල හොට බිම ඇනගෙන යන්තං රාජ සභාවට පත්වුනත්, රජතුමා විසින් නාවික හමුදා පුහුණුව පිනිස මූලස්ථානයටම යොමුකරල තියෙන්නෙ.

CJ සරතුත් සැහෙන කාලෙක පටන් රජකමට සිහින දකිමින් ඉඳල, කාගේ හරි නැට්ටෙ එල්ලිල රජ මැදුරෙ මොකක් හරි නිලයකට පැනගන්න බැලුවත් අද ධර්ම දේශනාවකටවත් හොයාගන්න නෑ.

ජෙනරාල්ට කෙලපු හැට් මතක් කරල අඬල වැලපිල රාජ අනුහස් ලිස්ට් එකෙන් ගොඩ එන්න ගියත්, සරත් කෝන්ගහගේ ටත් කෙලවෙලාම ගියා.

රජතුමාගෙ අනුහසත් මට කිය කියා, කන්ද උඩරට බුද්ධිමත් ජනතාවගෙ (හික්.. හික්.. බුද්ධිමත් කියන කොටම මට හිනා යනව ඕයි.) වැඩිම මනාපයෙන් රාජ සභාවට පත් වූ අහිංසකම අහිංසක මහින්දානන්ද උප ඇමතිතුමාටත් කෙලල (මහින්දානන්ද් තුමා විසින් ජයකෙහෙලිය සහ SB තුමාලන්ටත් "මුක පූට්ටූ" වෙන්නම දෙන ලද්දාහුය.. . . ) උඩරට රාජධානියෙ යුව රජු වෙන්න ගියත්.. අයියගෙ පුතාටත් වඩා අඩු මනාපයෙන්, රාජ සභාවට යන්තමින් ගොඩවූ සරත් අමුණුගම අනිත් කෙනා.

විශේෂ - මෙයාලගෙ නෝනලටත් එච්චරම හොද නෑ, දෙන්නෙක් රාජ සභාවට එන්න හැදුවත් ඒ දෙන්නටත්, බඩුම තමයි.....

අවවාදය - ඔබත් "සරත්" කෙනෙක් නම් ජනාධිපති උපසේන ජෝතිර්වේදී චන්ද්‍රසිරි බන්ඩාර බැහැදැක අවවාද සහ පිලිවෙත් ගැන උපදෙස් ලබාගන්න.

ආදර්ශය - බබාට නම් තැබීමේදී "සරත්" යන නම යෙදීමෙන් වලකින්න.... (මහින්ද, නාමල් වැනි ලස්සන නමක් යොදන්න.)

ඒ වගටත් මෙසේය ........

ඕල්කොට් මාවත - Olcott Mawatha



A380 මිහින් ලංකා ගුවන් යානය මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට ගොඩබස්වන ලදි. යානයේ වැඩිපුරම පැම්ණියේ විදේශකයින් වූ අතර බොහෝ රුසියානු සහ තායිලන්ත අඟනුන් ඒ අතර විය. මාගේ ඇස් අදහා ගැනීමට නොහැකි විය. ඩුබායි ගුවන් තොටුපොල මොන මලදානයක්දැයි සිතිනි. පිටතට ගොස් ගුවනේ දුටු දර්ශනීය වටා පිටාව බලා ගැනීමට සිත් වූවද ගමනාන්තය කොළඹ වූ බැවින් ඩොමෙස්ටික් ෆ්ලයිට් එක පැමිනෙන තුරු ගුවන් තොටුපොලේ සිටි මට දැනගැනීමට ලැබුනේ සෑම විනාඩි 20 කට වරක් ගුවන් යානයක් පැමීනීම හෝ පිටත්වීම වන බවත් මෙය ඉතා කාර්යය බහුල බැවින් ලොව විශාලතම ගුවන් තොටුපොල ඉරණමඩු වල ඉඳිවන බවත්ය.

කටුනායක පරිසරය ඒ අකාරයෙන්ම වූ අතර මත්තලට සාපේක්ෂව පාලු ස්වභාවයක් ඉසීලීය. විස්කි බෝතලයක් මිලදී ගැනීමට ඩ්යුටි ෆ්‍රී වෙත ගියද, දැන් ලොව ඕනෑම මත් පැන් වර්ගයක් ඕනෑම වෙළඳ සැලකින් මිලදී ගැනීමට හැකි බවත්, ඒ සඳහා කලයුතු වන්නේ රුපියල් 10,000 ගෙවා වර්ෂයක් සඳහා සළාක පතක් ලබා ගැනීම පමණක් බවත් සඳහන් කරන ලදි. සළාක ක්‍රමය වැරදි වැඩක් නොවේදැයි විමසන ලදුව ඔහු පැවසුවේ මුලින් බලපත්‍රයක් නිකුත් කලද එය අයුතු ආකාරයෙන් භාවිතා කරන ලදුව නව ක්‍රමය හදුන්වා දුන් බවයි.

ගුවන් තොටුපලෙන් පිටත දිවයිනේ ප්‍රධාන නගර කරා අධි සුකෝපභෝගී බස් රථ වූ අතර කොළඹ බලා එන බසයකට ගොඩවීම්. රථය ගමන් කලේ අධි වේගී මාර්ගයේ වූ අතර එහිදි මට දැනුනේ සියලූම බස් රථ මේ ආකාරයේම බවයි. කොළඹ කරා වේගයෙන් ඇදුනු බසයේදී මා දුටුවේ මෙට්‍රෝ මාර්ගයක් ඉඳිවන ආකාරයයි. එමෙන්ම සියනෑ සිලිකන් සිටි යනුවෙන් සඳහන් මාර්ග පුවරු දුටු මගෙ සිත පිනා ගීයේය. විනාඩි 20 කින් බස් රථය කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලේ 3 වන මහලට ලඟා විය. මගෙ ඇස් මටම අදහාගත නොහැකි විය.

විදුලි සෝපනයෙන් පළමු මහලට පැමින අවට සිරි නරබා ගෙදර යා යුතුයැයි සිතා ඕල්කොට් මාවතට පිවිසියෙමි. මධ්‍යම බස් නැවතුම් පොලේ පළමු මහල ලොව ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන අලෙවි කරන ෂෝ රූම්, බැංකු ශාඛා, ඩොලාර් චේන්ජ් වලින් යුක්ත විය. සුදු පැහැති සුපිරි කුලී රථ පිටත ගාල් කර තිබිනි. මැනිං මාර්කට් පිහිටි භුමිය අහස සිබින ගොඩනැගිලි 6 පමණ විය. ඒවායෙහි අපේ පරණ දුරකථන සේවා සමාගම් මෙන්ම ලොව සුපතල ටෙලිකොම් සමාගම්, දුරකථන නිෂ්පාදන අලෙවි සැල්, ඉලෙක්ට්‍රොනික සමාගම් කොම්පියුටර් සමාගම් පිරි ඉලෙක්ට්‍රොනික් ට්‍රේඩ් සෙන්ටර් එකක් විය. බොහො විදේශිකයින්ගෙන් මේවා පිරි ඉතිරි තිබින.

බෝධිය එසෙම වූ අතර එහි පිටුපසින් ලෝක බොදු සමුළු ගොඩනැගිල්ල අහස් කුස අරා සිටි අතර ලොව සියලුම නිකායන් වල ශාඛා එහි ඇතී බවත් ඕනෑම ආකාරයක සේවා සපයන බවත් පිටත පිහිටි ඇඩ්වර්ටයිසින් බෝඩ් වල සඳහන් විය. සියළුම හරස් වීදී පෙනෙන්නට නොවු අතර ස්ටේසමේ ඉදිරිපස දක්වාම අහස සිබින ශොපින් මෝල් සහ සුපිරි නිවාස සංකීර්න විය. ඒවාහි ෂෝ රූම් අතර ලොව සුපතල ඇඳුම්, යට ඇඳුම්, සපත්තු හා ලොව සුපතල රෙස්ටුරන්ට්ද විය. මේ අතරින් මා සිත් ගත්තෙ ලොව විශාලතම පොත් ප්‍රදර්ශනාගාරයයි. එහි පළමු මහල සහ දෙවන මහල ගුණසේන සමාගම සඳහා උපහාරයක් ලෙස වෙන්කර තිබිනි.

දූම්-රිය ස්ථානය ගුවන් තොටුපලක් මෙන් වූ අතර එහි පිටුපසින් බේරේ වැව වටා ඉඳිවූ තරු පන්තියේ හෝටල් දිස් විය. දූම්-රිය ස්ථානය ඉදිරිපස කිසිවකුටත් අවහිරයක් නොවන පරිදි කොළඹ ප්‍රධාන මෙට්‍රෝ තොටුපල ඉඳිවෙමින් තිබිනි.

නැවතත් දිනෙක පැමින මෙසිරි නරබන අටියෙන් මධ්‍යම බස් නැවතුම කරා ඔටෝ මැටික් පේමන්ට් එක දිගේ පැම්නෙන් විට නීලගිරි යනුවෙන් ඉංගිරිසියෙන් සඳහන් රෙස්ට්ටුරන්ට් එකක් දුටුවෙන්, ස්වයං සේවා මගින් ලබාගත් ෆලුඩා එකක රස බලන අතර මහත්මයෙක් සමග කතාවට වැටුනෙමි.

මේවයෙ තිබිච්ච කඩ, මාටිස් ලේන් එකේ ගෙවල් වලට එහෙම මොකද උනේ....

ඒ අය ඔක්කොටොම මේ අලුත් බිල්ඩින් වල කඩ සාප්පු ලැබුන ...

එතකොට අර පේමන්ට් එකේ වෙලඳම් කල අහිංසකම අහිංසක මිනිස්සු ...

එයාල ගැන හරි විස්තරයක් නම් දන්නෙ නැ. සමහර අය හම්බ ඉන්නව කියල ආරංචියි .....

පව් නේද? ....

නෑ, මොකද එ'වට ලයිට් වතුර තිබ්බත් අනවසර ඉඳිකිරීම්නේ ......

ඒකත් ඇත්ත ඒත් මව්ලානා මහත්තය ඒකට විරුද්දව හෙන සද්දයක් දැම්ම නේද? .....

එදාම රෑ සුදු වැන් දෙකක් මවුලානා මහත්තයලගෙ ගෙවල් වටේ කැරකිල තියෙනව. පහුවදා කොටුව ස්ටේසම ඉස්සරහ ලොකු විරෝධතා ව්‍යාපාරයක් තිබ්බ 80 ජූලී වර්ජකයො එතුමට විරුද්ධව .....

ඔහුට ස්තූති කොට නැවතත් බස් නැවතුම කරා පැම්නෙද්දි හොදින් ෂෝ රූම් එකක නේම් බෝඩ් එක් බැලු මට දිස්වූයේ මේ මාවත ඝොඨාභය රාජපක්ෂ මාවත ලෙස නම් කර ඇති බව‍යි.

බස් නැවතුම් පොලේදි තද චූ බරක් පැමිනියෙන් රු. 50/= ගෙවා වායු සමීකරණය කරන ලද ලක්ශරි ටොයිලට් එකේ චූ කර බස් රථයට ගොඩවී අසුන් ගත්තා පමණි කවුදෝ මගේ උරෙන් අල්ලා මා සොලවන ලදි.

මොකක්ද ඕයි හැමදාම අයිස් පෙට්ටියට හුජ්ජ කරන්නෙ ...
කන පැලෙන්න බීල ආන්ඩුවට බැන බැන නිදාගන්න යනව ...
ගිහිල්ල රනිල්ලයි ගෙදර නීදාගන්නව....
නැත්තං ගීහින් දොස්තර කෙනෙක් හම්බ වෙනව. ....

නොදොමකින් මේ ගෑනී.... මගේ ආතල් එක කෑව....

පන්ච බල කේන්ද්‍රයද මොකක්ද එක .......



Apr 28, 2010

කාටූන් ... Droophy and Dripple


වයසක පොරක් උනත් තවමත් මගේ ප්‍රියතම විනෝදාශයක් තමයි කාටුන් බලන එක. (වැඩියෙන් කැමති වැඩිහිටි චිත්‍රපට බලන්න.) හඬ කවපු කාටුන් මුලින්ම ආ දවස්වල පෙන්නපු "දොස්තර හොඳ හිත", "හා හා හරි හාවා" එහෙම මතක ඇතිනෙ. ටයිටස් මහත්තයගෙ කාටුන් අතරින් වඩාත්ම සිත් ගත්ත එක තමයි "පිස්සු පූසා". ඒකෙ හිටපු ලොක්කා, ඤාව්ව, පුරු පුරු, මස් කට්ටා එහෙම කවමදාවත් අමතක වෙන්නෙ නැහැ.

ඊට පස්සෙ ඉතාමත් ජනප්‍රිය වෙච්ච එකක් තමයි. "සූර පප්පා" මේක පොඩි කාලෙ හිටන් අපි කියවපු බලපු "ඇස්ටරික්ස්" (Asterix) කාටුන් එකට දෙබස් කැවීමක්. හඬ කැවීම් ක්ශේෂ්ත්‍රයෙ පෙරලියක් කලා මේ කාටුන් එක. සිරස කරපු ලොකුම පෙරලියක් තමයි ඒක. අපේ රටේ ලොකු පොඩි සියලු දෙනා අතරම වයස් බෙදයක් නැතුව ජනප්‍රිය වුනා. මුල් කාලයෙ විකාශනය වූ දූ දරුවෝ, කෝපි කඩේ, ඇල්ල ලඟ වලව්ව වගෙ නොවරදවාම බලන්න පුරුදු වුනා.

සූර පප්ප, ජිම් පප්ප චරිත අදටත් බොහොම ජනප්‍රියයි. ජිම් පප්පගෙ හඩ අනුකරනය කරන්න ට්‍රයි කලා සැවොම. "කැලේ මැද ගමක් තියෙනවා..... එහෙ පප්පල රෑනක් ඉන්නවා....." කියන ගීතය සංගීත ප්‍රසංගවල හැම සංගීත කන්ඩායක්ම අනිවාර්යයෙන් ගායනා කරන හිට් එකක් වූනා. මගේ ජනප්‍රියම චරිතය වුනේ ගමේ ගායකයා. එයාට සිංදු කියන්න දෙන්නෙම නෑ කවදාවත්. නියම වොයිස් එක. අර විරිඳු බන කැසට් වල විරිඳුවට පෙර කරන පූර්විකාව වගේ එකක් කාටුන් එක පටන් ගන්න පෙර යනව, ඒකත් බොහෝ සෙයින් ජනප්‍රිය වුනා.

මේ සියල්ල මතක් වුනේ දැන් විකශනය වන කාටුන් චරිත තුනක් ගැන කියන්න. ඒකත් යන්නෙ ජනප්‍රිය සිරස චැනල් එකේමයි. හවස 5.30 ත් 6.00 ත් අතර යන "ටොම් ඇන්ඩ් ජෙරී" (Tom and Jerry) වැඩසටහන අතරෙ යන එක් කාටුන් එකක්. මෙයත් බොහෝ සෙයින් ජනප්‍රිය "ඩ්‍රූෆී" (DROOPY) කියන චරිතය තියෙන කාටූන් එක. මේකෙ චරිත තුන තමයි ඩෲෆී (Droopy), ඩ්‍රිපල් (D ripple) සහ මැක් වුල්ෆ් (Mac Wolf). මගේ ප්‍රියතම චරිතය තමයි මැක් වුල්ෆ් කියන නරියා.

ඌගෙ වොයිස් එක මරු, ඊට අමතරව පිටපත ගැන, එයාගෙ දෙබස් ගැන, අධ්‍යක්ෂක ගැන එහෙමත් කතාකරනව. ආසම කරන දෙබසක් තමයි "මට කේන්ති යනව" කියන කෑල්ල. ඩෘෆී සහ ඩ්‍රිප්ල් කතා කරන විලාසයත් මාර ලස්සනයි. විස්තර කරන්න වචන නැහැ. අපේ රටේ එක්තරා ප්‍රදේශයක ජනයා කතා කරන්නෙ මේ දෙන්න කතා කරන ස්ටයිල් එකට. මට ඒක ගොඩක් දැනෙන්නෙ කොන්ඩෙ කපන බාබර් අයියත් කතා කරන්නෙ ඒ උරුවටමයි. ඒ නිසා කොන්ඩෙ කපන වෙලාවට මාර ආතල් එකක් ගන්නේ. නිවාඩු දාලා හරි එක දවසක් බලන්න. පට්ට ආතල්........

කැබිනට් මණ්ඩලය


ඉහලින් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ ප්‍රථම කැබිනට් එක..

  1. D.S. සේනානායක (මිරිගම) - අගමැති/ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු
  2. S.W.R.D බන්ඩාරනායක (අත්තනගල්ල) - සොඛ්‍ය, පලාත් පාලන
  3. Sir. ඔලිවර් ගුණතිලක (සෙනෙට් සභික) - ස්වදේශ කටයුතු, අඩු පහසු ප්‍රදේශ සංවර්ධන
  4. J.L. කොතලාවල (දොඩම්ගස්ලන්ද) - ගමනා ගමන, වැඩ
  5. T.B. ඡයා (මැද කොළඹ) - කම්කරු, සමාජ සේවා
  6. L.A. රාජපක්ෂ (සෙනෙට් සභික) - අධිකරණ
  7. ජොර්ජ් E. ද සිල්වා (නුවර) - කර්මාන්ත සහ ධීවර
  8. C. සුන්දරලින්ගම් (වවුනියා) - වෙළඳ සහ වානිජ
  9. J.R. ජයවර්ධන (කැලණිය) - මුදල්
  10. C. සිත්තම්පලම් (මන්නාරම) - තැපැල් හා විදුලි සන්දේශ
  11. ඩඩ්ලි සේනානායක (දැදිගම) - කෘෂිකර්ම හා ඉඩම්
  12. මේජර් E.A. නුගවෙල (කඩුගන්නාව) - අධ්‍යාපන
  13. A. රත්නායක (වත්තෙගම) - ආහාර හා සමුපාකාර
  14. R.S.S. ගුනවර්ධන (ගම්පොල) - කාර්ය බාරයක් නොමැති ඇමති
ඉලක්කම් වලින්ම සදහන් කලේ කී දෙනාද ඉන්නෙ කියල බලාගන්න. 14 දෙනයි ඉදල තියෙන්නේ. මේ මහත්වරු අදටත් මතක තියෙන්නෙ රජ වැඩකාරයො නිසා තමයි. මේ කාලේ රට කාටවත් ණයත් නැහැ. ඒත් පොඩි පොඩි කචල් නැත්තෙම නැත්තෙත් නැහැ. සේනානායක සමාගමක් එහෙම පේන්න තියෙනව. අර කාලයක් හිටිය වගේ වැඩක් නැති ඇමති කෙනෙකුත් ඉඳල තියෙනව. නියම ගාම්භිර බවකුත් ලංවෙන්න බය ගතියකුත් තියෙනව නේද?

පහලින් ඉන්නෙ 1994 සිට මේ රට කාපු සෙට් එක. මේ සැරෙත් ශෆල් කරල දීල තියෙන්නෙ බාල කොල ටිකම තමයි. මම හිතුවෙ අලුත් පැක් එකක් එක්ක වාසි කොල ටිකක් ජනතාවට ලැබෙයි කියල. රජතුමත් අපිට වැඩියෙන් ඒ පිළිබදව දන්න නිසා හොඳ කොල ඔක්කොම වගේ සමාගමට සහ උන්වන්සේටම බෙදාගෙන.

අලුත් කැබිනට් මණ්ඩලයේ පින්තුර දාන්න පත්තරවලත් ඉඩ මදි. මේකත් පරන කාටුන් එකක් ඔය එල්ලිල ඉන්නෙ මේ පාරත් අන්තිමට නගින්න ඉන්න තොන්ඩමන් මහත්තය.

දෙසැම්බර් වලදිවත් තරුන්යන්ට හෙටක් බලාපොරොත්තුවෙන් ඉමු.

බය නැතුව පරණ සෙට් එක විසි කරල අලුත් එවුන්ට දීල ට්‍රයි එකක් දාමු මහරජානනි.

Apr 27, 2010

විසිල් ගහන කෙල්ල (Derana Dream Star)

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 2, ඩ්‍රීම් ස්ටාර් උනේ උපේකා නිර්මානී. මෙයා ගැන ආර්ටිකල් එකක් තිබුන w3lanka.com එකේ. මේ කෙලි පැටියට ලංකාවේ හැමෝම ආදරේ කරනව මම හිතන්නෙ.

එක එක රියැලටි ෂෝ වලින් බිහි වෙච්ච ස්ටාර්ස්ල (තරු ) අතරින් ටැලන්ටඩ්ම ස්ටාර් තමයි මේ කෙල්ල. පුදුම කටහඩක් තියෙන්නේ. හයි පිච් ලෝ පිච් මොකේ ගායනා කලත් ඇට්ටි හැලෙන්නම දෙනව.

මම වඩාත්ම කැමති මේ කෙල්ලගෙ තියෙන ළමා ගතියයි නිහතමානී කමටයි. අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයෙන් ඒක පැහැදිලිවම පේනව. දිනපු වෙලාවේ තියපු හූව ඒ වයසෙ කෙල්ලෙක්ගෙ බොක්කෙන්ම ආව හැගීම කියල මට හිතෙන්නෙ. ඊට පස්සෙ දවසෙ අද දෙරණ නිව්ස් වලට ඇවිල්ලත් කතා කලේ අවංකවමයි. (අනේ දෙරණෙ නිව්ස් කියන කොල්ලන්ගෙ කිට් එක චේන්ජ් කරන්න කියන්නකො. වස කැත කෝට් එකක් අදින්නෙ. එක්කො කෝට් එක මාරු කරන්න නැත්නම් පාජා කිට් එක ඇඳල කියන්න. චැනල් එකේ නම "දෙරණ" නිසා)

දෙවනිය තුන්වෙනිය ආපු අයත් ටැලන්ටඩ් නමුත් මේ බට්ටි ඊට වඩා ගව් ගනනක් ඉස්සරයින් ඉන්නෙ. අනිත් එක දෙවනියට ආපූ කොලු පැටිය රණවිරුවො විකුනල ඒකෙන් ගොඩ එන්න බැලුවෙ. හැබයි පුතේ ලොකුම රණවිරුවත් හිරේ දාලා ඉන්න වෙලාවෙ රණවිරු කොන්සෙප්ට් හරියන්නෙ නැහැ අදට.

ඇත්තම කියනවනම් මම මේ කෙල්ලට එක SMS එකක්වත් දැම්මෙ නෑ. අපේ ගෙදර කෙනා නම් සැහෙන්න දැම්ම. කෙල්ලො කෙල්ලෙකුට SMS දාපු එකත් ලොකු දෙයක්. මේ බට්ටිගෙ ඇස් දෙකටයි ශරීරයේ හැඩයටයි හුරුබුහුටි කමටයි ලිංග බේදයක් නැතුව ලෝභ නැතුව හැමෝම ආදරය කලා. දැන් තියෙන වටය තමයි දුවේ අමාරුම වටය. ඉගෙනීම කඩාකප්පල් කර ගන්නෙ නැතුව ගායන ලොවේ ඉදිරියටම යන්න සියලු ශක්තිය සහ ධෛර්යය (වචනෙ වැරදියි මයෙ හිතේ) ලැබේවා !!!

අනිවාර්‍‍යයෙන්ම ඔයා ලංකාවෙ නොම්බර එකේ ගායිකාවක් වෙනව වෙනවාමයි...

විමල් මෙතඩ්ස්



මෙයාගේ මෙතඩ්ස් වගෙ පෙනුනට මේව අපේ මහත්හොරු මීට පෙරත් කරපු නාටකම තමයි. ඉතිහාසය රීපීට් වෙනව කියල කියමනකුත් තියෙන බව අමතක කරන්න නරකයි

එ වගේම සහෝගෙ සමහර නාට්ටි චොර වෙච්ච වෙලාවල් නැතුවාද නොවේ. මතකනේ මුසම්මීල් නාටකය. එතකොට පිටරටින් කොපි කරණ ඒවට විදේශිය කුමන්ත්‍රණ කියල සදහන් කරන්නත් පුලුවන්.

මේන් යකෝ මේ යකා වැඩ බාරගන්න ආවේ නැතැ නෝනයි, කොල්ලයි, කෙල්ලයි, මල්ලියි, බාප්පයි, නැන්දයි, මාමයි, පන්සලේ හාමුදුරුවොයි නෑයොයි යාලුවොයි හැත්ත බුරුත්ත ඔක්කොම එක්ක.

මේ ගැන එතුමාගෙන් ඇහැව්වම එතුමා කිව්වෙ "ඇයි මලහත්තිලව්වෙ උඹ මට කියන්නෙ මට උදව් කරපු උන් අමතක කරල මේ වගෙ ආශ්චර්යමත් මොහොතකට සහභාගි වෙන්නද?" කියල.

ඒත් අර නාට්ටියේ නාගත්තු ප්‍රධාන නලුව මුසම්මිල් මහත්තයයි අචල ජාගොඩ හිටපු ඇමති තුමා එහෙම දකින්න හිටියෙ නෑ. ජාගොඩ මහත්තයනම් SLFP එකට බාගන්න යනව කියල කට කතාවක් යනව. කොහොමත් අපේ මහරජ තුමා ඒ වැඩේට හරි දස්සය. නන්දන ගුණතිලක මහත්තයට වෙච්ච දේ බලන්නකො.

පරණ සහෝ කෙනෙක් නිසා මම හිතුව ඩලස් ලොක්ක වගේ වැඩේ පටන් ගනීවි කියල. ඒ උනාට මනුස්සයෙක් රස්සාවක් කරන්නෙ පවුල පන්සල රකින්න කියල කියමනකුත් තියෙනවනෙ. මේ ආපු සියලු දෙනාටම අමාත්‍යයන්සෙ හොද රැකියා අවස්ථා ලැබේවි. ආ මට අමතක උනා බල්ලත්, සොරි... සොරි... ශශී මැඩම්ගෙ ඩොගිත් ආවද දන්නෙ නෑ.

මින් පස්සෙ මම අළුත් රැකියාවකට යන කොට භාරගැනිමේ ලිපිය ලබා ගන්න යන්නෙ අපේ නෑයොයි යාළුවොයි කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක. එදාට වැඩ නෑ ආගමික කටයුතු සහ සංග්‍රහ පමණයි.
ආසියාවේ ආශ්චර්යය ආරම්භය .......
ඔහොම යං ඔහොම යං..........

ඩලස්ට මල් මිටක් (මල් මිට හාමිනේට දෙන්න)


අපි සියලු දෙනාම දේශපාලන සත්වයෝ නිසාවෙන් ඒ ගෑන කොහොමත් ලියන්න හිතාගෙන ඉන්නෙ. අනිත් පිස්සො ටික නැකත් බල බල පවුල් පිටින් ගිහින් ඇමතිකමේ දිවුරුම් දෙන කොට මෙයා කෙලින්ම ගිහිල්ල වැඩත් පටන් අරගෙන. 94 ඉදල මෙලොව දෙයක් කරපු නැති අය තමය් මේ සියලුම දේවල් කලේ. ඩලස් ඇතුලුව සියලු දෙනාගැනම කිසිම විස්වාශයක් නැතත් විමල්, බැසිල් සහ චම්පික කිසියම් දෙයක් කරයි කියන පුංචි අමුම අමු ගොන් සිතුවිල්ලකුත් සිතේ තියෙනව. (රටට නැතත් එයාලටවත් යමක් කමක් කර ගනීවි නේ) ......"මට පෙර රට"....... අපට "සුභ අනාගතයක්"......... වේවා !!!

කතන්දරට පින්


බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් පෙරුම් පුර පුර හිටියෙ. එ උනාට ක්‍රමය නොදන්න කමින් හිටියෙ. කතන්දර මල්ලි තමයි සියලුම විස්තර ලබා ගන්න්න පුලුවන් මෙන්න මෙතන http://www.sinhalabloggers.com/ කොටන්න කියල එව්වෙ. ඉතින් මල්ලි ඔයට ගොඩක් පින්. (අපේ ක්‍රමයට තෑන්ක්ස් කරන්නෙ එහෙමයි )